You are currently viewing International Hobbits Day

International Hobbits Day

කට්ටියම සුභ හොබිට් දිනයක් වේවා…!


Lord of The Rings ලෝකයේ fan කෙනෙක් නම් ඉතින් ඔන්න හැමෝම අනිවාර්‍යයෙන්ම Hobbit ල කියන්නෙ කවුද කියන්න දන්නවානෙ.


Gandalf කිව්වා වගේ Hobbits ල කියන්නෙ හරි අපූරුම ජීවින් විශේෂයක්..පෙනුමෙන් කොට..කුලෑටි ජීවින් වගේ පෙනුනාට එයාලාගෙ ලයිෆ් ස්ටයිල් එක ගැන තේරුම් යනකොට තේරෙනවා මේ අය මොන තරම් කුතුහලයක් ගෙන දෙන ජීවිතයකට උරුමකම් කියනවද කියලා.


ඔව් අද එහෙම නැත්තං සැප්තැම්බර් 22 තමා ජාත්‍යන්තර හොබිට් දිනය. මේකට හේතුව තමයි බිල්බෝගෙයි ප්‍රෝඩෝගෙයි උපන්දින දිනය සැප්තැම්බර් 22 දට යෙදිලා තිබීම. නවසීලන්තයේ තියන හොබිටන් ගම්මානයේ මේ උත්සවය හැම අවුරුද්දකම ඉතා ඉහලින් සමරනවා. 


International Hobbits Day එක ප්‍රකාශයට පත් කරේ 1978 දි American Tolkien Society එක විසින්..


හොබිට්ස් ඩේ එක සමරන්නෙ කොහොමද ? 


මේක ෆන් කතාවක්..හොබිට් ලා කියන්නෙ කාලා බීලා ඉන්න අය..ඉතින් ගොඩක් ෆෑන්ස්ලා මේක සමරන්නෙ තමන්ගෙම කෑම වේලක්..පාටියක් දාලා  තමන් වගේම Lord Of The Rings ෆෑන්ස්ලා එක්ක මේ කතාව ගැන කතාවක් දාන ගමන්…ඒ චරිත විදියට ඇඳගෙන විවිධ ගේම්ස් එහෙම කරන ගමන්..


ගොඩක් අය ඒ වගේම…මේ දවසේ..The Hobbit and The Lord Of The Rings ෆිල්ම් සෙට් එකේ..මැරතන් එකක්..එහෙම නැත්තන් මේ දවස තුල ෆිල්ම්ස් සෙට් එක ආයෙම එක දිගට නරඹනවා..වෙලාවක් තියෙනම් ඒකත් නරකම නැති අදහසක්..


නවසීලන්තයේ තියන හොබිටන් ගම්මානය ගැන දන්නෙ නැත්තං අපේ මේ video එක බලන්න


“Even the smallest person can change the course of the future” ~ Professor J.R.R.Tolkie

This Post Has One Comment

  1. dushan

    ftt

Leave a Reply