
අපි හැමෝම එනකන් ආසාවෙන් බලන් ඉන්න DC ඇනිමේශන් චිත්‍රපටයක්නෙ Injustice කියන්නේ. WB ලා නිතරම හරියට කරන් යන දෙයක් තමා එයාලගේ ඇනිමේශන් ඩිවිශන් එක. මෙයාලා DC යුනිවර්ස් එකත් හරි ලස්සනට ඇනිමේශන් යුනිවර් එකකින් හදන් යනවා. ඒ විදිහට ලස්සනට හදාගෙන ඇවිත් ලොකු crossover ඉවෙන්ට් එකක් කරපු Justice League Dark: Apokalyps War එහෙම මතකනේ? මේවගෙ තියෙන්නෙ වෙනම ආතල් එකක් සහ වයිබ් එකක්.✌
ඉතිං ඒ විදිහට මීළඟට WB ඇනිමේශන් නිවසින් ඔයාලා වෙනුවෙන් අරන් එන අලුත්ම ඇනිමේටඩ් ෆිල්ම් එක වෙන Injustice හි Red Band ට්‍රේලර් එකක් නිකුත් වෙලා තියෙනවා.❤
මේ රෙඩ් බෑන්ඩ් ට්‍රේලර් එකක් කියන්නෙ මොකද්ද පැහැදිලි කියල සරලව පැහැදිලි කළොත්, මේ ට්‍රේලර් එක එන්නේ R rated වර්ගීකරණයට අයත් ෆිල්ම් වෙනුවෙන්. ඔව්, Injustice එකත් R rated මූවි එකක් තමා. බලන්න කලින් මතක් කරන්නම්, මේ ට්‍රේලර් එකේ violence එහෙම අන්තර්ගත වෙනවා.😈
හරි එහෙනම් පහළ ට්‍රේලර් එක බලල ඉමුකෝ.👇
ට්‍රේලර් එකෙන් මම උඩ කියපු කාරණය සහතික වුණානේ. R rated නිසාම violence එහෙම සෑහෙන ප්‍රමාණයක් දකින්න ලැබේවි. ඊට අමතරව යම් තාක් දුරකට profanity නිසත් මේ age- rating එක දීල තියෙන්න පුලුවන්.

කොහොම හරි, මේ Injustice ෆිල්ම් එක පාදක වෙන්නේ 2013 ආපු වීඩියෝ ගේම් එකට සහ කොමික් එකට. මේ කොමික් එක ගැන අපේ Amila Shyaman අයියා ලියපු හරි ලස්සන ලිපියක් ඔයාලට මෙතනින් ගිහින් බලන්න පුලුවන්. ඒ ලිපිය කියෙවුවොත් මේ කොමිල් එක මොන විදිහෙ එකක් වේවිද කියලා ඔයාලට දළ අදහසකුත් අරගන්න පුලුවන් වේවි.
චිත්‍රපටය අධ්‍යක්ෂණය වෙන්නේ Matt Peters විසින්. Earnie Altbaker තිර පිටපතෙන් එක් වෙනවා.
ප්‍රධාන චරිතවල හඩ දායකත්වය සඳහා
- Gillian Jakobs
- Anton Mount
- Laura Bailey
- Kevin Pollak
- Justin Hartley
- Yuri Lowenthal
- Janet Varney
- Anika Noni Rose
- Derek Phillips
- Brian T. Deleney
- Brandon Micheal Hall
එක් වෙනවා.
ප්ලොට් එක කොමික් එකේ ප්ලොට් එකට හුඟක් සමානයි. කොමික් එකේ වගේම ජෝකර්ගේ උමතු වැඩක් නිසා සුපර්මෑන්ව evil වෙනවා. Evil ම කිවුවට මුලදි සුපර්මෑන්ට ඕන වෙන්නෙ ජෝකර් නිසා තමන්ට අහිමි වුනු දේවල් වෙන කාටවත් අහිමි නොවෙන්න වග බලාගන්නයි. ඒ වෙනුවෙන් ක්ලාර්ක් තමන්ගෙම විදිහකට ලෝකයෙ යුක්තිය ඉටු කරමින් සාමය පතුරවන්න පටන් ගන්නවා. නමුත් මේකෙන් වෙන්නේ සිස්ටම් එකේ සමබරතාවය අවුල් ගිහින් නැති ප්‍රශ්න ඇති වෙන එක. මේක තේරුම් ගිය බැට්මෑන් සුපීට විරුද්ධ වෙනවා. මේ අරගලය නිසාම ලීග් එකත් දෙකට කැඩෙනවා. ඉතිං සුපර්මෑන් එක පැත්තක ඉඳන් බැට්මෑන්ට එරෙහිව සටන් කරන ගමන් ලෝකය වෙනස් කරන්න උත්සහ කරද්දි අනිත් පසින් බැට්මෑන් තමන්ගෙම ටීම් එකක් හදාගෙන සුපර්මෑන්ව නවත්වන ආකාරය Injustice චිත්‍රපටය තුළ ගලා යාවි කියලා විශ්වාස කරන්න පුලුවන්.

ට්‍රේලර් එක දැක්කම ආර්ට් ස්ටයිල් එක සහ ඇනිමේශන් ස්ටයිල් එක ඉතාමත් ගුණාත්මක තත්ත්වයේ තියෙනවා. විශේෂයෙන්ම කලින් ආපු Man Of Tomorrow සහ Long Halloween ඇනිමේශන් ස්ටයිල් එකට යම්තාක් දුරකට වෙනස් බව බැලූ බැල්මට පෙනෙනවා.
මට හිතෙන විදිහට යම් තාක් දුරකට Invincible සීරීස් එකේ තරම් violence තියෙන්න පුලුවන්. කොමික් එකෙත් අපි ආස කරන චරිත හුඟක් හරි දරුණු විදිහට මියයනවා.
කොමික් එකේ දකින්න ලැබුණු දෙබස් එහෙම් පිටින්ම ෆිල්ම් එකේ ට්‍රේලර් එකේ තිබුණා. ඇත්තටම බැලුවොත් මේ චිත්‍රපටය කොමික් පිටුවලට පන එක් කරලා යලි ලිවීමක් වගේ.
කොමික් එකේ සහ ගේම්වල දකින්න ලැබුණු ප්‍රධාන චරිත ගණනාවක් වගේ supervillains ලා සෙට් එකක්ම දකින්න පුලුවන් වෙයි.
Injustice කියන්නේ කොමික් බුක්ස් කිහිපයක් සහ වීඩියෝ ගේම්ස් 02 ක් දක්වා දිවෙන කතාවක්. ඒ නිසා මේ සම්පූර්ණ ස්ටෝරි ආර්ක් එකම අරන් එන්න එකම එක ෆිල්ම් එකක් මදි. විශේෂයෙන්ම පැය 01 යි මිනිත්තු 30 ක ඇනිමේශන් එකක්. ඉතිං මේ ෆිල්ම් එකෙන් කතාව සම්පූර්ණ වුනේ නැත්තන් අපිට තවත් චිත්‍රපට කිහිපයක්ම බලාගන්න පුලුවන් වේවි. සමහර විට DCAMU එක වගේම වෙනම Injustice Universe එකක් මෙයාලා ගොඩනගනවා වෙන්න පුලුවන්. කොහොම හරි මේ ගැන වැඩි දුර තොරතුරු දැනගන්න වෙන්නේ ඔක්තෝබර් 16 වෙනිදා Fandome ඉවෙන්ට් එකෙන්.
කොහොම හරි මේ චිත්‍රපටය එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්න ඔයාලට ඉතුරු කාලය තුළ කොමික් එක කියවල මේ Universe එක ගැන දැනගන්න පුලුවනි. කරන්න තියෙන්නෙ මම අර උඩ සඳහන් කරපු ලිපිය කියවන එක විතරයි. ෆිල්ම් එක ආවම කොමික් එකෙන් වෙනස් වෙන්නෙ කොහොමද කියලා වගේම Fandome ඉවෙන්ට් එකෙන් මේ ගැන දුන්න වැඩි දුර තොරතුරු මොනවද කියලත් ළඟදිම අපි කතා කරමු. ඒ වෙනකන්…
Stay Hype! Stay Safe!