Game Of Throneමේ නම අහලා නැති කිසිම geek කෙනෙක් ඉන්න විදිහක් නෑ. ඒ තරමටම අතිශයින්ම ජනප්‍රිය වුනු කතා මාලාවක් තමා Game Of Thrones කියන්නේ. 2011 අප්‍රේල් මාසේ ප්‍රථම වරට HBO තුළින් විකාශය වුනු මේ කතාමාලාව එක්ක මිලියන ගාණක් ප්‍රේක්ෂකයින් බොහොම ඉක්මණින් එක් වුනේ පළවෙනි කොටසේ ඉඳන්මයි.
HBO නාලිකාවෙ අධික වියදමක් දරලා නිශ්පාදනය කරපු මේ කතා මාලාවේ අවසානයනම් එතරම් සාර්ථක වුනේ නැහැ.නමුත් ඔන්න නැවත වතාවක් මේ මනඃකල්පිත ලෝකයේ අපිට සරි සරන්න අවස්තාවක් නුදුරු අනාගතයේදීම ලැබෙනවා.
ඒ නවතම House Of The Dragon කතා මාලාවෙනුයි.මේ කතා මාලාව HBO Max ස්ට්‍රීමින් සර්විස් එකෙන් 2022 වසරේදී රිලීස් වීමට නියමිතයි.
කොහොම හරි මීට සුලු මොහොතකට කලින් කතා මාලාවේ පළවෙනි ටීසර් එක HBO Max YouTube චැනලය ඔස්සේ නිකුත් කළා.ඒ ට්‍රේලර් එක ඔයාලට පහළින් නරඹන්න පුලුවන්.කොහොම හරි ඔන්න අවුරුදු 03 ක වගේ කාලෙකට පස්සේ අපිට ආයෙත් වෙස්ටරෝස්වල සැරිසරන්න අවස්තාවක් උදාවෙනවා.
කතා මාලාව සඳහා දැනටමත් ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදයක් ලැබී තිබෙන බව ටීසර් එකෙන් ඔප්පු වෙනවා.HOTD කතා මාලාව GoT කතා මාලාවේ ප්‍රධානම චරිතයක් වුනු ඩැනේරිස් ටාගේරියන්ගේ මුතුන්මිත්තන්ගේ සිවිල් යුද්ධය පාදක කරගන්නවා.
විශේෂම කාරණාව තමා මේ කතාමාලාවත් ඉතා දැවැන්ත වියදමක් දරා නිර්මාණය කිරීම.ඉතිං මේ වතාවේ මකරුන් පවා තුන්දෙනෙක්ට සීමා නොවී දැකගන්න ලැබේවි.අවුරුදු කිහිපයකට පස්සේ නැවත වතාවක් GoT ප්‍රේක්ෂකයින්ට මෙන්න මේ විදිහට වෙස්ටරෝස්වල උණුසුම විඳගන්න හැකියාව ලැබෙනවා.