You are currently viewing GTA V ඕනවට වැඩිද ?

GTA V ඕනවට වැඩිද ?

ගේමර්ස්ලා මේ වෙනකොට දන්නව ඇති GTA V ලබන 2022 දී Re release වෙනව කියල..

PS5 ඇතුලුව platforms 7කට Different time schedules යටතේ මේ අසම සම නිර්මාණය නැවතත් ලබාදෙන්න Rockstar විසින් දැනටමත් සේරම හදල ඉවරයි..

හැබැයි,මේ අලුත් අාරංචිය ඔවුන් හිතපු තරම් හොඳ ප්‍රතිචාර ලබපු නැති එක ගැන මේ වෙනකොට ගොඩක් අය කතා වෙනව..

දැනට අවුරුදු 7කට උඩදි, Rockstar විසින් නිකුත්කරන ලද GTA V වීඩියෝ ක්‍රීඩාව GTA franchise එක තුල නිර්මාණය උන සුපිරිම මට්ටමේ නිර්මාණය බවට විවාදයක් නෑනෙ..

එදා ඉඳං මේ දක්වා ආව ගමනෙදි අවස්ථාවන් කිහිපයකදි ම Rockstar විසින් මේක rerelease කරනවා..ඇත්තටම ඉතාමත් හොඳ Story mode එකක් සහ නොහිතපු මට්ටමේ multiplayer feature එක නිසා fans ල මේක වටා ගොඩක් එකතු වෙන එක තමයි හේතුව.

ඒත්, ඕනම දේකට සීමාවක් තියෙන්න ඕන කියන මතයේ මේ වෙනකොට ඉන්න GTA fans ල අලුත් එකට ගොඩක් Negative thoughts තමයි දීල තියෙන්නෙ..

ඒක ඇත්ත ඉතිං,මොන විදිහට Graphics up කරත් පොඩි පොඩි EE’s ස් දුන්නත්,Features upgrade කරත්.. ‘GTA V ඉතිං GTA V මනෙ..’ කියන මතය තමයි ලෝකය පුරාම මේ වෙනකොට පැතිරිලා යන්නෙ තවම අලුත් update එකක් මේ කිසිම දෙයක් ගැන Rockstar officially කියල නම් නෑ.

ඒත් Let’s see සමහර විට fans ලගෙ පැත්තට අැහුම්කන් දෙන්නත් පුලුවන් එහෙම නැත්තං මෙච්චර කාලයකට ආව Grossing ම game එක නැවතත් එලියට දාන්නත් පුලුවන් කිසිම වෙනසක් නොකර.

This Post Has 2 Comments

  1. Jeewantha Krishan

    ඕක ඉතින් ෆ්‍රීත් දුන්නනෙ ඒ නිසා කට්ටිය දැන් බලාපොරොත්තු වෙන්නෙ V එකටත් වඩා සුපිරි VI එකක්

  2. Nisal

    ow

Leave a Reply