You are currently viewing Dumbledore ගෙ රහස්

Dumbledore ගෙ රහස්

Wizarding World එකේ අලුත් ම චිත්‍රපටය Fantastic Beasts ; The Secrets of Dumbledore ලෙස නම්කරලා තියෙනවා. ඒ වගේ ම 2022 අප්‍රේල් 15 නිකුත් කරන්නත් WB එක තීරණය කරලා තියෙනවා.

The Secrets of Dumbledore චිත්‍රපටය Fantastic Beasts චිත්‍රපට මාලාවේ තුන් වෙනි එක. දැනට සැලසුම් කරලා තියෙන විදිහට මේ චිත්‍රපට මාලාව චිත්‍රපට පහකින් සමන්විතයි. මේකෙ පළමු චිත්‍රපටය Fantastic Beasts and Where to Find Them කියන නමින් 2016 දීත් දෙවන චිත්‍රපටය Fantastic Beasts ; The Crimes of Grindelwald කියන නමින් 2018 දීත් නිකුත් වුණා.Wizarding World එකේ සම්පූර්ණ චිත්‍රපට ගණන එක්ක බැලුවොත් 2022 නිකුත් වීමට නියමිත චිත්‍රපටය 11 වෙනි එක.

දැනට නිකුත් වූ Fantastic Beasts චිත්‍රපට දෙකේ ම ආදායම සලකා බැලුවොත් ලෝකය පුරා ඩොලර් බිලියන 1.46 ක පමණ ආදායමක් ලබාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ වගේ ම හැරී පොටර් චිත්‍රපට මාලාවෙන් ලබාගත් ඩොලර් බිලියන 7.7 ආදායමත් එකතු කලාම සම්පූර්ණ Wizarding World එකෙන් Global Box Office ආදායම විදිහට ඩොලර් බිලියන 9.2කට ආසන්න ආදායමක් ලැබිලා තිබෙනවා.

මේ චිත්‍රපට මාලාව, Wizarding World එකේ 1920 පමණ සිට 1945 දක්වා කාලය තුළ පැවති Global Wizarding War එක පිළිබඳව නිපදවූවක්. තරුණ කාලයේ ඩම්බල්ඩෝර් තමන්ගේ සමීපතමයෙක් වූ ග්‍රින්ඩල්වෝල්ඩ් සමග ඩෙත්ලි හැලෝස් සොයා යාමටත් “වැඩි යහපත වෙනුවෙන්” සාමාන්‍ය ලෝකය පාලනය කිරීමටත් සැලසුම් කරනවා.පසුකාලීනව ඩම්බල්ඩෝර් තමන්ගේ වරද තේරුම් ගත්තත් ග්‍රින්ඩල්වෝල්ඩ් ඒ අරමුණට යන්න උත්සාහ කරනවා. අවසානයේ දී මායා ඉතිහාසයේ දරුණුතම ද්වන්ධ සටනකින් පස්සේ ඩම්බල්ඩෝර්ට ග්‍රින්ඩල්වෝල්ඩ්ව පරාජය කරන්න හැකිවෙනවෙනවා. Harry Potter කතා මාලාවෙත් කිහිප තැනකම මේ යුද්ධය ගැන සඳහන් වෙනවා.

Wizarding World එකේ දක්ශතම මායාකරුවා විදිහට ඩම්බල්ඩෝ හඳුන්වන්න පුළුවන්. ඒත් අපි හැරී පොටර් කතා මාලාවෙත් දැනට නිකුත් වුණ Fantastic Beasts චිත්‍රපටවලිනුත් ඩම්බල්ඩෝර්ගේ දක්ෂතා හරියට බලාගන්න ලැබුණේ නැහැ.ඒත් The Secrets of Dumbledore චිත්‍රපටයෙන් අපිට ඩම්බල්ඩෝර්ගේ දක්ෂතා හරියට දැකගන්න පුළුවන් වේවි.

Dumbledore විදිහට Jude Law ත් Magizoologist කෙනෙක් වුණ Newt Scamander විදිහට Eddie Redmayne ත් රංගනයෙන් දායකවෙනවා. ඒ වගේ ම මේ කතාවේ Dark Wizard වන Grindelwald විදිහට Mads Mikkelsen දායකවෙනවා. ඒ වගේ ම Dan Fogler , Alison Sudol, Ezra Miller, Callum Turner, Jessica Williams, William Nadylam, Katherine Waterstone වගේ අයවත් මේ චිත්‍රපටයෙන් දැකගන්න පුළුවන්.

කලින් නිකුත් වුණ චිත්‍රපටයේ ග්‍රින්ඩල්වෝල්ඩ්ගේ චරිතය නිරූපනය කළේ Johhny Depp. The Sun Reporter newspaper එකේ පළවුණ ලිපියකට විරුද්ධව ඔහු පැවරූ නඩුවක් පරාද වීම නිසා ඔහුට මේ චිත්‍රපටයෙන් ඉවත්වෙන්න සිදුවුණා. ඒ නිසා ඔහුගේ චරිතය Mads Mikkelsen යොදාගෙන නැවත රූගතකරන්න සිදුවුණ නිසාත් ඒ වගේ ම Covid 19 නිසාත් 2021 නොවැම්බර් 22 නිකුත් වෙන්න තිබුණ මේ චිත්‍රපටය 2022 ජූලි 15 දක්වා කල් දාන්න සිදුවුණා. ඒත් දැන් WB එක තීරණය කරලා තියෙනවා කලින් සැලසුම් කරපු දිනයෙන් මාස තුනක් ඉදිරියට අරන් මේ චිත්‍රපටය 2022 අප්‍රේල් 15 වෙනිදා නිකුත් කිරීමට.

Fantastic Beasts ; The Secrets of Dumbledore චිත්‍රපටයේ අධ්‍යක්ෂණය David Yates විසින් සිදුකරන අතරම JK Rawling රචනා කරන ලද Screen Play ඇසුරින් Jk Rowling සහ Steve Kloves විසින් තිරරචනය සිදුකරනවා.ඒ වගේ ම මේ චිත්‍රපටයේ නිශ්පාදනයට Heyman, Kloves, Lionel, Wigram, Tim Lewis සහ Rowling දායක වෙනවා.

A post by Ayesha Wasala.

This Post Has One Comment

  1. Nisal

    Grindelwald විදිහට Johhny Depp one.
    he is the best.

Leave a Reply to Nisal Cancel reply