පසුගිය දිනවල හොලිවුඩයේ වැඩිම පුවත් මැවූ තරුවක් තමයි DCEU හි The Flash චරිතයට පන පොවන Ezra Miller.
ඔහුට තිබුණ අයහපත් මානසික තත්ත්වය නිසා විවිද විදිහේ නීතියට පටහැනි දේවල් ගණනාවක් Ezra අතින් සිදුවුණා
මේ දේවල්වලින් Ezra වැඩ කරන ස්ටුඩියෝ ප්‍රොජෙක්ට්ස්වලටත් කැළලක් ඇති වීමෙන් Ezra ව තමන්ගේ ඉදිරි වැඩ කටයුතුවලට සහභාගි කර නොගන්න ස්ටුඩියෝස්වලින් තීරණය කළා ඔබට මතක ඇති.
කොහොම වුණත් මේ දිනවල යම් තාක් දුරට ස්තාවර තත්ත්වයේ ඉන්න Ezra ප්‍රකාශයක් කරමින් තමන්ගේ හැසිරීම්වලට සමාව ඉල්ලලා තිබෙනවා.
“Having recently gone through a time of intense crisis, I now understand that I am suffering complex mental health issues and have begun ongoing treatment.
I want to apologize to everyone that I have alarmed and upset with my past behavior. I am committed to doing the necessary work to get back to a healthy, safe and productive stage in my life.” – Ezra Miller
Ezra කියන විදිහට තමන් ඉන්නේ සංකීර්ණ මානසික ගැටලු තත්ත්වයක බව දැන් ඔහුට අවබෝදයක් තිබෙනවා. ඒ වෙනුවෙන් තමන් උපකාර ලබාගන්න බවත් ඔහු සඳහන් කරනවා.
ඒ වගේම තමන්ගේ හැසිරීම් නිසා කරදරවලට සහ අපහසුතාවයන්ට පත් වූ හැම කෙනෙක්ගෙන්ම Ezra සමාව ඉල්ලනවා. අවශ්‍යය උපකාර ලබාගෙන නැවතත් තමන්ගේ සුපුරුදු සෞඛ්‍යසම්පන්න ජීවිතයට පැමිණෙන බවයි තව දුරටත් ඔහු සඳහන් කළේ.
කොහොම වුනත් තාමත් Ezra Miller ඉන්නේ තීරණාත්මක අවදියක. Ezra ට තමන් කරපු චරිත අහිමි වීමේ අවදානම තාමත් වැඩියි.
ඒත් කියන්නම ඕනේ, Ezra ගේ හැසිරීම් පැත්තකින් තියල බැලුවම මිනිහා සෑහෙන පොටෙන්ශල් එකක් තියෙන චරිතයක්. මේ වගේ වැඩ නිසා ටැලෙන්ට් එක නිකරුණේ නහස්ති වෙන එක ඇත්තටම කණගාටුවට කරුණක්.
ඉතිං දැන්වත් Ezra ට තමන්ගේ තත්ත්වය තේරිලා තිබෙන නිසා ඔහුට ආයෙත් සුපුරුදු ජීවතය එන්න පුලුවන් වේවි කියල හිතමු.
Source: Variety
Admin: Sachintha Benat