
DUNE, Denis Villenueveගේ නවතම සිනමා නිර්මාණය දැන්ම ඔහුගේ පෙර නිර්මාණයක් වූ Blade Runner 2049 box office වාර්තා අභියෝග කරමින් සිටියි.
බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් DUNE, Frank Herbertගේ විද්‍යා ප්‍රබන්ධ නවකතාවක් ඇසුරෙන් නිෂ්පාදනය වන මෙවසරේ highly anticipated ෆිල්ම් එකකි.
මෙහි පූර්ව ප්‍රතිචාරවලට අනුව මෙය සිනමා ලෝකයේ විශිෂ්ට නිර්මාණයක් ලෙස දැනටත්, නම් වී ඇත. Denis Villeneuve ගේ Blade Runner 2049 විශිෂ්ට විචාරක ප්‍රතිචාර ලැබුවත්, box office ජය ගැනීමට අසමත් විය. නමුත්, DUNE හට ඇති hype එක හා ශක්තිමත් marketing campaign එක නිසා DUNE විශාල box office ජයක් ද ලබා ගත හැකි බව විශ්වාසයි.

DUNE තවමත් උතුරු ඇමරිකාව ඇතුළු ලෝක වාසීන්ට release කිරීමට නියමිතව ඇත්තේ ඔක්තෝබර් 22 වූවත්, DUNE දැනටමත් ලොව පුරා සීමිත සිනමාහල්වල ප්‍රචාරය වෙමින් තිබෙනවා.
ලොව පුරා market 24ක DUNE දැනටමත් ප්‍රචාරය වන අතර ඉන් 10කම වසංගත සමයේ වාර්තා බිඳ හෙලීමට සමත් වෙමින් සිටියි. මේ වන විට එය ජාත්‍යන්තර box office හි මිලියන 36.8ක ආදායමක් ලබා ගෙන ඇත.
එය Warner bros.ලාගේ බලාපොරතේතුවලටත් වඩා විශාල ආරම්භයක් වේ. 2017 දී Blade Runner 2049 ජාත්‍යන්තර box office හි මිලියන 50.2ක් ඉපයූ අතර එය studioහි බලාපොරොත්තුවලට වඩා අඩු විය. එහි මිලියන 32ක උතුරු ඇමරිකානු ආරම්භයක් තිබුනත් එහි පළමු සති අන්තයේම මිලියන 100ක් ඉපයීමට අසමත් විය. DUNE හට මෙම වාර්තා top කිරීමට තව නොහැකි වුවත්, එය ඒවා top කරනවා නොඅනුමානය.
Denis Villenueveගේ Blade Runner 2049 හි අසාර්ථකත්වයෙන් ඉගෙන ගත් දෑ, DUNE සම්බන්දයෙන් අමතක කර නොමැත. Blade Runner 2049 හි අසාර්ථකත්වයට ප්‍රධාන හේතුවක් ලෙස නම් කෙරුවේ එහි runtime එක වේ.
එය විනාඩි 163 විය, මෙම පැය 3කට ආසන්න කාලය බොහෝ ප්‍රේක්ෂකයින් එය නොබැලීමට හෙතුවක් ලෙස සඳහන් විය. එමගින් DUNEහි runtime එක විනාඩි 155 වන අතර, එහි විශාල වෙනසක් නොතිබුනත් එය ප්‍රේක්ෂකයන් මෙයට තැනක් දීමට පොළඹ විය හැකිය. Blade Runner 2049 හි R-rating එකට විරුද්ධව, DUNE හට ලබා දී ඇති PG-13 rating එක ද මෙම චිත්‍රපටයට පළල් ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. තවත් සාධකයක් නම්, මෙහි marketing කිරීමට පෙළඹුන ආකාරයය. මෙය market කිරීමට වියදම් කිරීමට WBලා ලෝභ වූයේ නැත. අන්තර්ජාලය පුරා Trailers, Ads සහ posters වහිදවා යවමින්, මෙය once in a lifetime event එකක් සහ filmmaking game changer එකක් ලෙස ලේබල් කරමින් ප්‍රේක්ෂකයන් අතර hype එකක් ඇති කිරීමට සමත් විය. අවාසනාවන්ත ලෙස, Blade Runner 2049 හට මෙවැනි marketing support එකක් තිබුනේ නැත.
මුල් ආදායම හොඳට තිබුනත් DUNE, Blade Runner 2049 හි වාර්තා බිඳදමයි ද? DUNE හට ඇල්ලීමට ඇති මුළු මුදල මිලියන 260.5කි(Blade Runner 2049 හි ආදායම). DUNE හි මුල් සාර්ථකත්වය සමගින් මෙය පැන්නීමට පහසු ගාණක් සේ පෙනුනත්, ලොව පුරා සිනමාහල් විශාල ප්‍රමාණයක් වසා තිබීම හෝ audience seats ගනණ අඩු කිරීමත්, HBO maxහි එකවර release කිරීමත් නිසා එහි box office ඉපැයීමට බලපා හැකි සාධක බහුතරයක් ඇත. Blade Runner 2049 පැරදවීමට අවශ්‍ය සාධක බහුතරයක් ඇති අතර, WB දිගටම මෙය cinematic experience එකක් ලෙස market කළහොත් HBO max මගහැර සිනමාහල්වල මෙය නැරඹීමට ප්‍රේක්ෂකයා යොමු විය හැක.

DUNE සාර්ථක වීමට කෙතරම් ගණනක් ඉපයිය යුතු වෙයිද? මෙහි budget එකද මිලියන 165ක් පමණ වන අතර තව screenings, marketing, සහ merchandising සඳහා වැය වූ පිරිවැයත් සමග මිලියන 330-350 ත් අතර ගණනකින් එය සමාන විය හැකි වූවත් ලාබයක් ලැබීමට නම් මිලියන 400- 500 ත් අතර ගණනක් ඉපයීමට සිදු වෙයි. වසංගත සමයේ මෙය විශාල ගණනක් ලෙස පෙනුනත්, DUNEහි ආරම්භයත් සමග එය වසංගත සමයේ වාර්තා බිඳ දැමීමට සමත් වේ යැයි බලාපොරොත්තු විය හැකිය.
DUNEහි sequel එකද මෙම නිර්මාණයේ සාර්ථකත්වය මත රැඳී තිබෙන බව WB දන්වා ඇත. Blade Runner 2049 හි sequel නිර්මාණය නොවුනේ ද එහි අසාර්ථකත්වය නිසාමය.
A post by Damidu Herath.