You are currently viewing Dune අධ්‍යක්ෂක Denis Villeneuve, Marvel film ප්‍රේක්ෂකයන් Zombies කරන බව කියයි.

Dune අධ්‍යක්ෂක Denis Villeneuve, Marvel film ප්‍රේක්ෂකයන් Zombies කරන බව කියයි.

2008 අයන් මෑන් (Iron Man) සමග ඇරඹුනු Marvel Cinematic universe නැතිනම් MCU පසුගිය දශකය තුල විශාල දියුණුවක් ලබා ඇත. හොලිවුඩයේ දැවැන්තම මෙන්ම සාර්ථකම franchise එක බවට පත් වීමට ඔවුන් සමත්විය. එමෙන්ම විශාල box office වාර්ථා තැබූ Avengers Endgame, Avengers infinity war, Captain America civil war මෙන්ම මෑතකදී තිරගත වූ ප්‍රථම ආසියාතික සුපිරි වීර චිත්‍රපටය වන Shang Chi and the legend of the ten rings ද ‍මෙම සිනමා පට අතරට අයත්ය.

මෙම ජනප්‍රියතාව නිසාම විශාල ප්‍රේක්ෂක බලකායක් මෙන්ම එවාට අකමැති පිරිසක් ද බිහි වී තිබේ. මේ සම්බන්දයෙන් හොලිවුඩයේ බොහෝ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු විවිධ අදහස් හා මතවාද ප්‍රකාශ කර තිබෙනවා. ඉන් හොලිවුඩයේ විශිෂ්ට සිනමාකරුවකු වන මාර්ටින් ස්කෝර්සිසි(Martin Scorsese)  මාර්වල් ෆිල්ම් පිළිබද පැවසුවේ “They are not real cinema” ලෙසත් “theme park” යනුවෙන් ය. මින් ප්‍රේක්ෂකයන් අතර සමාජ මාධ්‍ය තුල විශාල මතවාද ඇති වූ අතර මෑතකදී Dune චිත්‍රපටයේ අධ්‍යක්ෂක Denis Villeneuve මේ පිළිබද දැක්වූ අදහසින් සමාජ මාධ්‍ය තුල දැඩි කලබලයක් ඇති වුනි.

ඔහු ද අරයිවල් (Arrival), බ්ලේඩ් රනර් 2049 (Blade runner 2049) වැනි big budget blockbusters නිෂ්පාදනය සහ අධ්‍යක්ෂනයෙන් හොලිවුඩයේ නම දිනා ගත් අතර ඔහු ස්පාඤ්ඤ පත්තරයක් වන El Mundo හා එක් වෙමින් පැවසුවේ.

“Perhaps the problem is that we are in front of too many Marvel movies that are nothing more than a ‘cut and paste’ of others,”

තවදුරටත් අදහස් දැක්වූවේ,

“Perhaps these types of movies have turned us into zombies a bit… But big and expensive movies of great value there are many today.”

මෙම ප්‍රකාශය සම්බන්දයෙන් බොහෝ ප්‍රේක්ෂකයන් මෙන්ම කලාකරුවන්ද විවිධ අදහස් දක්වා තිබුනි. නමුත් මේ සම්බන්දයෙන් ඔහු අදහස් දැක්වූ ප්‍රථම අවස්ථාව ද මෙය නොවේ, මින් පෙරද “මාර්වල් ෆිල්ම් සියල්ල එකම අච්චුවකින් නිම වෙන නිර්මාණ” බවත් “සමහර කලාකරුවන් එයට විවිධ වර්ණ එක් කලත් ඒවා නිපද වෙන්නේ එකම කර්මාන්තශාලාවෙන් ” ලෙසටත් ප්‍රකාශ කර තිබුනි.

විවිධ චෝදනා යෝජනා මැද මාර්වල් ෂැන්ග් චී  මේ දිනවල වසංගත තත්වය අතරේ box office සාර්ථකත්වය ලබමින් සිටියි. Denis Villeneuve ගේ නවතම චිත්‍රපටයවන Dune ද අති සාර්ථක විචාරක ප්‍රතිචාර ලබමින් තිබෙයි.

Leave a Reply