
අපි හැමෝම පොඩි කාලේ ඉඳන් ආස කරන කතා මාලාවක් තමයි Jeff Kinny රචනා කරපු Diary of a Wimpy Kid කියන්නෙ😍
ඔන්න මේ කතා මාලාවට ආස අය වෙනුවෙන් අලුත්ම ඇනිමේටඩ් මූවි එකක් විදිහට මේ කතාව දෙසැම්බර් 3වෙනිදා Desney+ එකෙන් රිලීස් වෙනවා.♥️ ඉතින් මේ ෆිල්ම් එකට සමගාමීව Abrams ලා Diary Of a Wimpy Kid එකේ ස්පෙශල් එඩිශන් එකක් නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා.මේකෙන් ෆිල්ම් එකේ ඉන්න Greg සහ Rowley දෙන්නගෙ First Look එක බලාගන්න පුළුවන්.මේ ස්පෙශල් එඩිශන් එක නොවැම්බර් 23 වෙනිදා රටවල් 16ක නිකුත් වෙනවා 😍
Greg Heffley කියන්නෙ කෙට්ටු ළමයෙක්.ඒත් එයා හරිම අධිෂ්ඨානශීලී කෙනෙක්.එයාට ප්‍රසිද්ධ වෙන්න,පෝසත් වෙන්න ලොකු ලොකු ප්ලෑන් තියෙනවා.ඒත් ඉතින් මුලින්ම එයා ඉස්කෝලේ බේරිලා ඉන්න ඕන.😂 අනිත් අතට නරකම දේ තමයි එයාගෙ යාලුවා, Rowley කරන හැම දේම මහන්සියක් නැතුව හරියනවා.Greg එයාගෙ ජර්නල් එකේ පිටු පුරවන්න කරන හිනායන විකාර වැඩ වගේම ගොඩක් වෙලාවට වුණ විනාශකාරී දේවල් නිසා ම එයා හරි දේ වෙනුවෙන් පෙනී සිටියම ලැබෙන තෘප්තිය ගැන වගේ ම සහ හොඳ යාලුවෝ අගය කිරීම ගැනයි ඉගෙන ගන්නවා.😍
මේක අධ්‍යක්ෂණය කරන්නේ Swinton Scott ඒ වගේ ම තිර රචනය සහ නිශ්පාදනය කරන්නේ Jeff Kinny.එතකොට මේක හඬ කවන්න Brady Noon, Ethan William Childress සහ Chris Diamanto Poulos වගේ අය දායක වෙලා තියෙනවා.♥️ ඒ වගේ ම Diary of a Wimpy Kid සීරීස් එකේ 16 වෙනි පොත Big Shot කියන ටයිටල් එකෙන් ඔක්තෝබර් 26 ඉඳන් රටවල් 28ක පබ්ලිශ් වෙනවා.😍ඒකට ලොකු මාකටින් සහ පබ්ලිශින් කැම්පේන් එකකින් සපෝට් කරනවා.අලුත්ම ඒ වගේම සමාජ දුරස්ථ භාවය තියාගෙන කරන ඉවෙන්ට් සීරීස් එකක් විදිහට Kinny , “The big shot drive through” ටුවර් එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ ටුවර් ඉවෙන්ට් එකෙන් බිග් ෂොට් ස්ටෝරි එක ඇමරිකාවේ සවුත්ඊස්ට්වල ෆෑන්ස්ලා ළඟට අරන් යාවි.ඒ වගේ ම මේ කැම්පේන් එකට සමාජ ජාලා ක්‍රියාකරුවන්, නැශනල් ඇඩ්වර්ටයිසින්,ඔන්ලයින් ඩිජිටල් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලා, ටීචර්ස්ලා පුස්තාකාලාධිපතිලා එක්ක පාර්ට්නර්ෂිප් තියාගෙන ඒ අයගෙ සපෝර්ට් එකත් එක්ක යන්නෙ 😍

Disney + ෆිල්ම් එකෙන් අලුත් ජෙනරේශන් එකට මේ Wimpy Kid සීරිස් එක හඳුන්වා දෙන එක ගැන තමන් ගොඩක් උද්‍යෝගයෙන් ඉන්න බවත් Greg සහ Rowley සම්පූර්ණයෙන්ම ඇනිමේටඩ් විදිහට දකින එකත් ලොකු විනෝදයක් වේවි කියලා Jeff Kinney කියලා තියෙනවා.ඒ වගේ ම Wimpy World එක සම්පූර්ණයෙන්ම ෆෑන්ස්ලට පෙන්නනකම් ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්න බවත් එයා කියලා තියෙනවා 😍
ඒ වගේ ම ABRAMS ඒකේ සභාපති වගේ ම CEO වෙන Michael Jacobs කියලා තියෙනවා Diary of a Wimpy Kid ඇනිමේටඩ් ෆිල්ම් එකට සමගාමීව නිකුත් වෙන අලුත් කවරය මේ සීරිස් එකේ අලුත් සහ පරණ ෆෑන්ස්ලා දෙගොල්ලොම සමරන්න කරන දෙයක් කියලා 😍

අවුරුදු 15කට විතර කලින් Wimpy Kid පළවෙනි පොත නිකුත් වීම Diary of a Wimpy Kid සීරිස් එක All time best selling middle grade සීරිස් එක කරන්න පුළුවන් වුණ බවත් Greg Heffleyගේ ඇඩ්වෙන්චර්ස් නිසා ලෝකෙ පුරා මිලියන 10ක් විතර ළමයි පොත් කියවන්න යොමු වුණා වගේ ම Desney + ෆිල්ම් එක හරහා දැන් තවත් ළමයි මිලියන ගණනක් මේ පොත් ගැන දැනගනීවි කියලත් එයා කියලා තියෙනවා.♥️ ඊට අමතර ව ඔක්තෝබර්වල නිකුත් වෙන බිග් ශොට් ස්ටෝරි එකත් එක්ක මේක Super Wimpy Season එකක් වෙන්නයි යන්නෙ කියලා එයා කියනවා.😍 ඉතින් දැන් අපිට බලාගෙන ඉන්න තියෙන්නෙ Wimpy season එක පටන් ගන්නකම් තමයි 😍♥️
මුලු story එකම animated series එකක් විදිහට යවනවාද?