Guardians of the Galaxy 3 වලදි ඩ්‍රැක්ස් මිය යයිද??

Guardians of the Galaxy ෆිල්ම් සෙට් එකේ තදයා විදිහට හිටපු අපි හැමෝම දන්න ආතල් චරිතයක් තමයි ඩ්‍රැක්ස් කියල කියන්නෙ. ඉතින් මේ ඩ්‍රැක්ස්ගේ චරිතයට පණ පොවන ඩේව් බැටිස්ටා, මේ ලඟකදි ප්‍රකාශ කරල තියනවා ජේම්ස් ගන් විසින් අධ්‍යක්ෂනය කරන Guardians of the Galaxy තුන්වන චිත්‍රපටය MCU ප්‍රොජෙක්ට්ස් වලින් ඔහුගේ අවසාන චිත්‍රපටය වේවි කියලා.
රෙස්ලින් ක්‍රීඩකයෙක් විදිහට හිටපු බැටිස්ටාට පළවෙනි වතාවට රංගන ජීවිතයට එන්න හම්බවෙන්නෙ 2014 දි නිකුත් වෙච්ච Guardians of the Galaxy:Vol 1 චිත්‍රපටයෙන්. ඒවගේම ඒකෙන් MCU එකේ ඉන්න ප්‍රධාන චරිතයක් වුන Drax Destroyer චරිතයට පණ පොවන්න බැටිස්ටාට හිමි වුනා. එතන ඉඳන් ඔහුට MCU ප්‍රොජෙක්ට්ස් කීපයකටම දායකත්වය සපයන්න අවස්ථාව ලැබනවා.
Guardians of the Galaxy:Vol 2
Avengers: Infinity War
Avengers: Endgame

මේ ෆිල්ම්ස් තුන වගේම ඉස්සරහට එන්න තියන,
Thor: Love and Thunder
Guardians of the Galaxy:Vol 3
ෆිල්ම්ස් වලටත් බැටිස්ටා රංගන දායකත්වය ලබා දීලා තියනවා.
මේ වෙනකොට ඉස්සරහට එන්න තියන Denis Villeneuveගේ “Dune” ෆිල්ම් එකේ වැඩත් එක්ක කාර්‍යබහුල වෙලා ඉන්න බැටිස්ටා Dune ෆිල්ම් එක ගැන තියන මාධ්‍ය සාකච්ඡා වට වලදි ඔහුගේ MCU එකෙන් ඉවත් වීම ගැන බොහොම පොඩි කරුණු ටිකක් කතා කරල තියනවා. ෆිල්ම් එකේ තොරතුරු කියන්න බැරි වුනාට ඔහුනම් දශකයකට ආසන්න කාලයක් එකම කාර්‍ය්ය මණ්ඩලයක් සහ ජේම්ස් ගන් අධ්‍යක්ෂවරයා සමඟ වැඩ කිරීම තරමක් තිත්ත වෙලා කියලා කියලයි කියන්නෙ.
“It’s our third film. We’re going to wrap it up. And it’s been a hell of a journey with a few bumps. So I’m looking forward to this, man. My cast and obviously the director, James Gunn, they’re like family to me. This is kind of where my journey started. It’s come full circle and I’m looking forward to wrapping it up. And it’s a bittersweet… I mean, I’ve been doing Guardians since 2013. And, you know, when this comes out, you know, it’ll be in 2023, so that’s a, you know, 10 year journey.”

බැටිස්ටා කියන විදිහට Guardians of the Galaxy:Vol 3 ෆිල්ම් එකේ වැඩ ඉවර වුනාට පස්සෙ ඔහු Drax විදිහට ඉන්න අවසාන ෆිල්ම් එක ඒක වේවිලු. මේ ගැන ජේම්ස් ගන් ද අදහස් දක්වලා තියනවා. Guardians of the Galaxy චිත්‍රපට ත්‍රිත්වයෙන් පස්සෙ ඩ්‍රැක්ස්ගේ කතාව ඉවර කරන එක ඔහුගෙ සැලසුමෙත් තිබුණ දෙයක් කියලයි ජේම්ස් ගන් ද කියන්නෙ. පහු ගිය මාස කීපයෙම මේ ෆිල්ම් සීරීස් එකේ අවසානය ගැන නිෂ්පාදකයකවරු සැරින් සැරේට Teas කරල තිබුනා. ඒ වගේම අඩුම තරමින් චරිත අතරින් එක මරණයක් හෝ දකින්න වෙයි කියල තමයි කියල තිබුනෙ. ඒක හින්දා අපිට කියන්න පුලුවන් Marvel ස්ටුඩියෝ එක බැටිස්ටා හෝ ජේම්ස් ගන් නැතිව ෆ්‍රැන්චයිස් එක දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වුනත් මේ ගාර්ඩියන්ස් ටීම් එකේ වෙනසක් වෙයි කියලා.
Stay safe! & Stay hype!!