You are currently viewing DC FanDome Official Teaser Trailer දෙකක්!
DC Fandome poster CR: DC

DC FanDome Official Teaser Trailer දෙකක්!

DC FanDome. ගීක්ලා නම් මේ නම අහල නොතිබෙන්න විදිහක් නෑ. මාර්වල් DC ඇතුලු හැම ෆෑන්බේස් එකක්ම එනකන් බලන් ඉන්න වසරේ දැවැන්තම Online Event එකක් තමා DC FanDome ඉවෙන්ට් එක. ගිය අවුරුද්දේ පටන් ගත්තු මේ වැඩේ හයිප් නොතිබුණු ෆිල්ම්වලට පවා හයිප් එකක් හදන්න උදවු වුනා.

ඒ විතරක් නෙවේ, රිලීස් වුනු සහ රිලීස් වෙන්න පවතින ෆිල්ම්ස්, සීරීස්, කොමික්ස් වගේ DC සම්බන්ඳ හැම දේකම ට්‍රේලර්ස්, Behind The Scenes ඇතුලු වැදගත් දේවල් ගොඩක් නිකුත් කරන හරිම අපූරු ඉවෙන්ට් එකක්.

ඔන්න ඉතිං මේ වසරේ ඉවෙන්ට් එක ඔක්තෝබර් 16 වෙනිදා ඇමෙරිකාවේ වෙලාවෙන් උදේ 10.30 ට පටන් ගන්නවා.

කොහොම හරි මීට විනාඩි කිහිපයකට කලින් මේ අවුරුද්දේ ඉවෙන්ට් එකේ ටීසර් ට්‍රේලර් නිකුත් වුනා. එකක් නෙවේ… දෙකක්ම!

Main Teaser එකක් සහ කිඩ්ස්ලට වෙනම ටීසර් එකක් විදිහට දෙකක්ම YouTube ඇතුලු අන්තර්ජාල මාධ්‍යවලට නිකුත් කරලා තිබෙනවා. පහළ තියෙන්නේ ඒ ටීසර් ට්‍රේලර් දෙක.

Official Teaser:

පහළ තියෙන්නේ සීරීස් එකේ කැපී පේනම Screeshot ටිකක්.

2022 ලොකුම හයිප් එකක් තියෙන The Batman
DC ලගේ මේ අවුරුද්දේ ඉතාම ආදරයට පත් වුණු James Gunn ගේ The Suicide Squad හි Peacemaker චරිතය ඇසුරෙන් ඒ නමින් එන වෙබ් කතාමාලාවේ ලුක් එකක්
The Batman කියන්නේ 2022 අවුරුද්දේ DC ලගේ වැඩිම හයිප් එකක් තියෙන ෆිල්ම් එකක්. මේ තියෙන්නේ අපේ සුපුරුදු බැට්මොබයිල් එක
DC ලගේ වීඩියෝ ගේම්ස්වලට අලුතින්ම නිකුත් වෙන Gotham Knights ගැනත් ෆැන්ඩම් ඉවෙන්ට් එකෙන් බලාගන්න පුලුවන්
ප්‍රසිද්ධ නළු The Rock රංගනයෙන් එක් වෙන Black Adam චිත්‍රපටය වෙනුවෙනුත් FanDome තුළ වෙන් වෙනවා
Suicide Squad එකත් එක්ක එකතු වෙලා අපේ ආසම වීරයින්ව මරමුද? Suicide Squad අලුත්ම ගේම් එක ගැන දැනගන්න FanDome ඉවෙන්ට් එකත් එක්ක එකතු වෙන්න

DC Kid’s FanDome Trailer

මේ ටීසර් එක family friendly ප්‍රොජෙක්ට්ස් focus කරපු එකක්. කොහොම හරි මේ සෙට් එකම ගැනත් ඔයාලට FanDome එකේදි තොරතුරු දැනගන්න පුලුවන්.

ඉතිං මේ පාරත් DC ලා ලොකුවටම FanDome ඉවෙන්ට් එක කරන්නයි සූදානම් වෙන්නේ.

ටීසර් දෙකෙන් ඔයාලට බලාගන්න පුලුවන් මේ පාර DC ලගේ ඉවෙන්ට් එකේදි කතා බහට ලක්වීමට නියමිත ෆිල්ම්ස්, සීරීස් ටික. ඉතිං මේ ටීසර් දෙකෙන් මේ වෙද්දි ඉවෙන්ට් එක වෙනුවෙන් හොඳ හයිප් එකක් හදලා තියෙන්නේ.

ඉවෙන්ට් එක වෙන දවසේ වැඩි දුර තොරතුරු ඉක්මණින්ම අපේ වෙබ් එකෙන් ඔයාල ගාවට අරන් එන්න අපේ ටීම් එක ලැහැස්ති වෙලා ඉන්නවා. ඉතිං දිගටම වෙබ් එකත් එක්ක එකතු වෙලා ඉන්න. මේ වගේ ලස්සන තොරතුරු සහ අලුත්ම නිව්ස් ඔක්කොම වගේ වෙබ් එකෙන් ඔයාලට අරගෙන එනවා.

ඉතිං Stay Hype. Stay Safe.❤

Admin: Sachintha Benat

Leave a Reply