You are currently viewing Cobra Kai සීසන් පහකින් අවසන් වෙයිද?

Cobra Kai සීසන් පහකින් අවසන් වෙයිද?

2019 වසරේ YouTube Red ස්ට්‍රීමින්ග් සර්විස් එකෙන් ගෙන ආ ඉතා ප්‍රසිද්ද වෙබ් කතා මාලාවක් තමා Cobra Kai කියන්නෙ. 70 දශකයේ සිට පොඩි ළමයින්ගෙ ඉඳන් වැඩිහිටියන් දක්වාම ආදරයට පාත්‍ර වුනු චිත්‍රපට මාලාවක් වෙන The Karate Kid චිත්‍රපටවල Sequel එක ලෙස නිර්මාණය වුනු මේ කතා මාලාව ඉතා ඉහළ ප්‍රේක්ෂක ආදරයක් එක්කම හොඳ විචාරක පැසසුමුත් ලබාගත්තා.

කොහොම හරි YouTube Red ස්ට්‍රීමින්ග් ප්ලැට්ෆොර්ම් එකේ සීරීස් බහුතරයක් කැන්සල් වෙන්න ගත්තේ Cobra Kai කතා මාලාවේ දෙවෙනි අදියර රිලීස් වෙන කාලෙදිමයි. ඉතිං දෙවෙනි අදියරෙන් පස්සෙ නැවත මේ කතා මාලාව ඉදිරියට රැගෙන යාමට YouTube ආයතනයට අදහසක් නොමැති බව පෙනෙන්න තිබුණා. නමුත් ඉමහත් ආදාරයක් දිනාගෙන තිබුණු මේ කතා මාලාව හරි අවසානයක්වත් නොමැතිව නිකරුණේ කැන්සල් වී යාමට මෙහි නිශ්පාදකවරුන්ටවත්, ප්‍රේක්ෂකයින්ටවත් අවශ්‍යය වුණේ නෑ.

ඒ නිසාම මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් හෝ ස්ට්‍රීමින් සර්විස් එකකින් රීනිව් කිරීමට කටයුතු යෙදුණා. එහි ප්‍රථිඵලයක් වශයෙනුයි 2020 වසරෙදි Cobra Kai නෙට්ෆ්ලික්ස් සමඟ එක් වන්නේ. ඒ මේ කතා මාලාව තවත් වැඩිපුර සීසන් 02 ක් දක්වා රීනිව් කරමින්.

Jon Hurwitz

කොහොම හරි කොරෝනා වසංගත තත්ත්වය මැද්දෙ වුනත් මෙහි තුන්වෙනි අදියර මේ වසරේ ජනවාරි 01 වැනිදා රිලීස් වෙනවා. ඉතිං කතා මාලාවට හොඳ අනාගතයක් පෙනෙන්න තිබුණත්, සීරීස් එක සීසන් 05 කට පමණක් රීනිව් වී තිබීම නිසා හැමෝම වගේ කුතුහලෙන් හිටියේ Cobra Kai සීසන් 05 කින් අවසන් වේවිදෝ කියන එක ගැන. හුඟක් විචාරකයින් පවා ප්‍රශ්න කළේ මේ කතා මාලාව මෙච්චර ඉක්මණින් අවසන් වීම සුදුසුයිද කියලා. කොහොම හරි මේ ප්‍රශ්නයට උත්තරයක් පසු ගිය දවසක සීරීස් එකේ Co-Creator කෙනෙක්ගෙන්ම ලැබුණා.

පසුගිය දිනයක Cobra Kai හි Co-creator කෙනෙක් වෙන Jon Hurwitz ට්විටර් සමාජ ජාලයේ ප්‍රේක්ෂකයින් සමග QnA එකකට සම්බන්ඳ වුණා. මෙහිදී Cobra Kai කතා මාලාවේ අනාගතය ගැන ප්‍රේක්ෂකයින් ප්‍රශ්න ගණනාවක් අසන්නට කටයුතු කළා. ඉතිං ඒ විදිහට ප්‍රේක්ෂකයින් “මේ කතා මාලාව සීසන් පහකින් අවසන් වෙනවද” යන ප්‍රශ්නය ජොන්ගෙන් නැගුවා. ඒඛට ජොන් පිළිතුරු දුන්නේ මේ විදිහටයි:

“We are very deep into our Season 5 planning. Several scripts and outlines have been written. And we are definitely writing towards an endgame, which will hopefully be beyond Season 5.”

Jon Hurwitz

(අපි පස්වෙනි අධියරේ සැලසුම් ඉතා ගැඹුරින් සිදු කරමිනුයි ඉන්නේ. පිටපත් කිහිපයක් සහ ආකෘතීන් කිහිපයකුත් මේ වෙද්දි ලියල තියෙන්නේ. කොහොම හරි අපි අවසානයක් කරා මේ කතාව රැගෙන යනවා, ඒ නිසාම බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් අධියර පහකට කතාව සීමා නොවෙන බවට)

කොහොම හරි කතාවේ නිර්මාතෲවරයෙකුගෙන්ම මේ පිළිතුර ලැබුණු නිසා අපිට විශ්වාස කරන්න පුලුවන් සීසන් 05 Cobra Kai හි අවසානය නොවෙන බවට. සමහර විට පෞද්ගලිකව හිතෙන විදිහට මේ කතා මාලාව සීසන් 6-8 ක් අතර ගාණකට දිගහැරෙයි. ඒ කියන්නේ අපිට Cobra Kai එක්ක යන්න තව ලොකු ගමනක් ඉතුරු වෙලා තියෙනවා.

තුන්වෙනි අධියර අවසන් වුනේ සමහර විට ඉතුරු කතාවට ලොකු පදනමක් දාලා වෙන්න පුලුවන්. මොකද අපි අවසානයේදී චිත්‍රපට 03 ක් සහ සීසන් 03 ක් පුරා පුන පුන බලා හිටිය ඩැනියෙල්ගේ සහ ජොනීගේ මිතුරු එක්වීම සිද්ද වුණා. ඒ වගේම තුන්වෙනි සීසන් එක අවසන් වුනේ තවත් ලොකු ක්ලිෆ්හැන්ගර් එකක් ඉතුරු කරමින්.

ඉතිං මේ නිවුස් එක ගැන ඔයාලා මොකද හිතන්නේ? කතා මාලාවේ ඉදිරිය කොහොම දිගහැරේවිද? පහළින් comment කරන්න. මේ වගේ අලුත්ම නිවුස් කියවන්න දිගටම අපේ වෙබ් එකත් එක්ක රැඳිලා ඉන්න. ඉක්මණින්ම නිවුස් එක්කින් හරි ලිපියකින් හරි හමුවෙමු…!

#CobraKaiNeverDies

Admin: Sachintha Benat

Leave a Reply