You are currently viewing Cobra Kai සිවුවෙනි අදියරේ Release Date නිකුත් වේ…!

Cobra Kai සිවුවෙනි අදියරේ Release Date නිකුත් වේ…!

ඔන්න එහෙනම් කට්ටිය එකනන් බලන් ඉන්න සීරීස් එකක release date එක නිකුත් කරලා. ඔක්කොටම කලින් අද දවස Netflix එක්ක කාලය ගත කරන අයට නම් හුඟක් විශේෂ එකක්. මොකද අද තමා Netflix TUDUM ඉවෙන්ට් එක තිබුණේ.

මේ ඉවෙන්ට් එකේදි අපි ආසාවෙන් බලන් ඉන්න ෆිල්ම්ස්, සීරීස්වල ට්‍රේලර්ස්, ටීසර්ස්, release dates සහ first looks නිකුත් වුණා. ඒ අතර Stranger Things, The Sandman, Extraction 2 වගේම අපි දැන් මේ කතා කරන්න යන Cobra Kai ත් ඇතුලත් වෙනවා.

ඉතිං නෙට්ෆ්ලික්ස්ලා තමන්ගේ ප්‍රසිද්ධම content වලින් එකක් වෙන Cobra Kai sequel එකේ රිලීස් ඩේට්ස් ටීසර් එකක් එක්කම නිකුත් කළා. මේ තියෙන්නෙ ඒ Date Announcement එක.

ඔන්න එහෙනම් Cobra Kai තුන්වෙනි සීසන් එකෙන් 2021 ආරම්ඹ කරපු අයට 2021 එක හතරවෙනි සීසන් එකෙන්ම අවසන් කරන්න පුලුවන්. කොහොම හරි ඔන්න අපිට සීසන් 04 එනකන් අවුරුද්දකට දවසක් අඩුවෙන් වගේ කාලයක් බලන් ඉන්න වුණා.

කොහොම හරි මේ සීසන් එකත් action packed ආතල් කෝටියක් වෙන්න යන්නේ. වෙනද දකින අපේ සෙට් එකත් එක්ක අලුත් අය කිහිප දෙනෙකුත් මේ පාර එකතු වෙලා ඉන්නවා.

විශේෂයෙන්ම ඔරිජිනල් Karate Kid ෆිල්ම්වල විලන් කෙනෙක් වුනු Terry Silver මේ පාර සීසන් එකේ විලන් කෙනෙක් වෙන්න සූදානම්. කොහොම හරි ටෙරී මේ පාර තමන්ගෙ පරණ යාලුවා වුනු ජොනී ක්‍රීස් එක්ක එකතු වෙලා ඩැනියෙල්ටයි ජොනී ලෝරන්ස්ටයි ලොකු අභියෝගයක් කරන්න සූදානමින් ඉන්නේ.

කලින් සීසන් එකේ සිදු වුනු ජොනී- ඩැනියෙල් එකමුතුව මේ සීසන් එකේ තවත් ඉදිරියට රැගෙන යාවි. එකිනෙකාට වෙනස් අදහස් තියෙන, කලින් සතුරු දැන් මිතුරු වුනු මේ හවුල කොහොම සිද්ද වුනත් මේක බලන් ඉන්න එකනම් විනෝදයක් වේවි.

Attack සහ Defense දෙක සටනක් කරන්න අවශ්‍යයි. ඉතිං ජොනී- ඩැනියෙල් දෙන්නම මේක තේරුම් අරන් එකතු වෙලා නැවත වතාවක් Cobra Kai යහපත් ඩෝජෝ එකක් කරන හැටි බලන්න නම් තවත් මාස 03 ක් විතර අපිට බලන් ඉන්න සිද්ද වෙනවා.

ඒ වගේම මේ සීරීස් එක දැනටමත් පස්වෙනි සීසන් එකට renew කරලා තියෙන්නේ. ඒ වගේම මේකෙ creators ලම කිවුවා සීරීස් එක දැන්මම අවසන් වෙන්නෙ නැහැ කියලා. ඒ නිසා තව මුලු කතාවෙන්ම භාගයක් විතර ඉතුරුයි. ඉතිං Cobra Kai Season 04 අනාගතයට මොකක් හෝ ලොකු පදනමක් දමන සීසන් එකක් වෙයි.

ඉතිං තවත් මේ TUDUM event එකේ අලුත්ම news දැනගන්න දිගටම අපේ වෙබ් එකත් එක්ක එකතු වෙලා ඉන්න. තව කතා කරන්න හුඟක් දේවල් තියෙනවා.

#CobraKaiNeverDies

Admin: Sachintha Benat

Leave a Reply