You are currently viewing Catwoman New Look

Catwoman New Look

2022 වසරේ සිනමාශාලා ආක්‍රමණය කිරීමට සූදානම් දැවැන්තම චිත්‍රපටයක් ලෙස The Batman හඳුන්වන්න පුලුවන්. සුප්‍රකට අධ්‍යක්ෂ මැට් රීව්ස් අතින් අධ්‍යක්ෂණය වන මේ සිනමාපටය Earth 02 තුළ නව බැට්මෑන් කෙනෙක් නිර්මාණය කිරීමට සූදානම් !

චිත්‍රපටයේ casting නිසාම මේ සිනමාපටය ලොකු ප්‍රේක්ෂක අවදානයක් දිනාගන්නට සමත් වුණු බව නම් නොරහසක්. කෙසේ හෝ මේ චිත්‍රපටය නූතන යුගයේ DC ලයිව්- ඇක්ශන් නිර්මාණවලට අලුත් සාර්ථක මුහුණුවරක් එක් කිරීමට සමත් වෙන බව සාමාන්‍ය ප්‍රේක්ෂකයන්ගේ සිට විචාරකයින් දක්වාම විශ්වාස කරනවා. එම සාර්ථකත්ව සැබෑවක් වන බවට ඉඟි ලැබෙන්න ගත්තේ මේ Earth 02 විශ්වයේ බැට්මෑන්ට සම්බන්ඳ වෙබ් සීරීස් දෙකක් පවා නිවේදනය කිරීමෙනුයි.

ඉතිං මේ වෙද්දි අපිට විලන්ස්ලා ගැන තොරතුරු ලැබිල තිබෙන අතර වාරයේදී කොමික්වල ඉඳන්ම චිත්‍රපට දක්වාම නැතුවම බැරි, බැට්මෑන්ට සම්බන්ඳ ප්‍රසිද්ධම anti-hero කෙනෙක්ගේ new look එකක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ඇය වෙන කවුරුත් නෙවේ, අපි හැමෝම ආදරය කරන කැට්වුමන්.

The Batman චිත්‍රපටය තුළ කැට්වුමන් ජීවමාන කිරීමට සූදානම් වන්නේ Zoe Kravitz විසිනුයි. ඇය මීට පෙර Divergent, High Fidelity චිත්‍රපටවල වගේම HBO නාලිකාවේ විකාශය වුණු ප්‍රසිද්ධ Big Little Lies කතා මාලාව තුළිනුත් දැකගන්න පුලුවන්. Zoe ගේ රංගන වෘත්තිය වෙනුවෙන් මේ චිත්‍රපටය ලොකු උදවුවක් කළ හැකි බව විශ්වාස කරන්න පුලුවන්.

කෙසේ හෝ, පසු ගිය දිනක DC FanDome වෙබ් අඩවියෙන් කැට්වුමන්ගේ අලුත් ලුක් එකක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. මෙම ඡායාරූපය තුළ ඇයගේ සම්පූර්ණ costume එක දැක්ගැනීමට නොහැකි වුනත් mask එකේ හොඳ details ටිකක් දැකගන්න පුලුවන්.

මෙම චිත්‍රපටයේ කාලවකවානුව බැට්මෑන්ගේ මුල් කාලයේ සිදුවන නිසා අපට මේ හැම චරිතයකම peak එක දැකගැනීමට නොහැකි වේවි. ඉතිං මේ කාරණය චරිතවල costume වලටත් බලපාන්න පුලුවන්. ඉතිං කැට්වුමන්ගේ මාස්ක් එකත් බැලූ බැල්මට ඒ කාරණය පෙන්නුම් කරනවා. කොමික්වලදි සහ 2012 The Dark Knight Rises වල දකින්නට ලැබුණු ආකාරයේ ඉතා සියුම් ලෙසින් නිම වුනූ මාස්ක් එකක් නෙවෙයි අපිට මේ කැට්වුමන්ගෙන් දකින්න වෙන්නෙ. මෙය රෙදිවලින් සෑදූ සාමාන්‍යය මුහුණු ආවරනය වන මාස්ක් එකක පෙනුමින් යුක්ත වෙනවා. ඉතිං මැට් විසින් මේ පොඩි කාරණයෙන් වුවත් මේ විශ්වයේ ප්‍රායෝගික පැත්ත පෙන්වීමට උත්සහ කළා වෙන්න පුලුවන්.

කොහොම හරි කැට්වුමන්ගේ චරිතය පළමු චිත්‍රපටයට සීමා නොවී ඉදිරි sequel තුළත් තව දුරටත් වර්ධනය වේවි. ඒත් එක්කම බැට්මෑන්ගේ සහ කැට්වුමන්ගේ සබඳතාවයත් පියවරෙන් පියවරට ඉදිරියට යාවි. The Batman පළමු පූර්ව ප්‍රචාරක පටය නිකුත් වී දැන් වසරකටත් වඩා කාලයක් ගත වෙලා. මීළඟ trailer එක අපිට දකින්න ලැබෙන්නේ එළඹෙන මාසයේ නිකුත් වීමට නියමිත DC FanDome ඉවෙන්ට් එකෙන්. මේ ඉවෙන්ට් එකෙන් අපිට කැට්වුමන් ඇතුලු අනිත් සෑම චරිතයක් ගැනම වැඩි දුර තොරතුරු දැකගන්න ලැබේවි.

ඉතිං වැඩි දුර තොරතුරු එනකන් දිගටම රැඳිල ඉන්න අපිත් එක්ක.

Catwoman Actresses

A post by Sachintha Benat.

Leave a Reply