You are currently viewing Big News for Gamers

Big News for Gamers

ඔන්න අපේ Gaming වලට interest කොල්ලන්ට කෙල්ලන්ට සුපිරිම News කිහිපයක් අරන් ආවා. ඔයාලා Gaming වල වගේම Marvel වලත් fan කෙනෙක්නම් ඔයාලා දැනටම දන්නවා ඇති.

මෙවර PlayStation Showcase event එකේදී Marvelලට සම්බන්ධ Comic Characters දෙකක් වුන fan favorite, Spider Man සහ Wolverine කියන Characters දෙක පාදක කරගෙන අලුත්ම games දෙකක් announce කරලා තියෙනවා කියලා.

ඉතින් මේ games දෙකම නිර්මාණය කරන්නේ Marvel සහ Sony Interactive Entertainment ආයතනය සමඟ අත්වැල් බැඳගත් Insomniac ආයතනය විසිනුයි. 🔥

ඔයාලට මතක ඇති 2018දී මෙයාලා විසින්ම Playstation 04 සඳහා release කල පලවෙනි Playstation Exclusive Spider Man ගේම් එක සහ 2020දී Spin-off එකක් ලෙස release කල Spider Man – Miles Morales කියන ගේම්ස් දෙක ලබපු සාර්ථකත්වය. ඉතින් ඒ සාර්ථකත්වය නිසාම Spider Man 02 කියන title එක යටතේ පලවෙනි Spider Man ගේම් එකට sequel එකක් නිර්මාණය කිරීමට මොවුන් තීරණය කරනවා. ඉතින් මේ ගේම් එකත් ඔවුන් release කරන්නේ PlayStation Exclusive විදිහට.

ඒ කියන්නේ මෙය release වෙන්නේ PlayStation සදහාම පමණයි (දුක තමා රන්ජනී 😪).

ඒ වගේම ගේම් එක release කරන්න තීරණය කරලා තියෙන්නේ 2023දී. ඉතින් PlayStation Showcase වලදී release උන trailer එකට අනුව මෙම Spider Man 02 ගේම් එකේ අපිට ප්‍රධාන චරිත විදිහට Peter Parker සහ Miles Morales බලාගන්න පුලුවන්. ඒ වගේම main villain විදිහට අපිට Venomව බලා ගන්නත් පුලුවන්. ගේම් එකේ venomට හඬ මගින් දායකත්වය ලබා දෙන Tony Todd ඔහුගේ ට්විටර් account එකේ මේ ගේම් එක ගැන අදහස් පල කර තිබුණා. “2 months or so. Game is massive. That’s why it won’t come out till 2023.”

ඉතින් ඒ අනුව බලද්දී, කලින් ගේම් එකටත් වඩා විශාල map එකක් සහ වැඩිපුර gameplay time එකක් තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. 👌🔥 ඒ වගේම announce කරපු Wolverine ගේම් එකේ release date එක තවම දැනුම් දීලා නෑ. නමුත් හැමෝගෙම අදහස, බොහෝ විට මේ ගේම් එක Spider Man 02 ගේම් එකට පසුව නිකුත් වන බවයි.

ආ…තව සුබ ආරංචියක් තියෙනවා. ඔයාලා ගොඩක් දෙනා දන්නවා ඇතිනේ බොහෝ PlayStation Exclusive ගේම්ස් නිර්මාණය කරන ප්‍රසිද්ධ companies වලින් ඉදිරියෙන්ම සිටින Naughty Dog කියන සමාගම ගැන. ඉතින් ඒ සමාගම විසින් PlayStation වලට විතරක් නිකුත් කල Action – Adventure ගනයේ සුපිරිම ගේම් දෙකක් වෙන Uncharted 4 – A Thief’s End සහ Uncharted – The Lost Legacy ගේම් දෙක ඉදිරියේදී PlayStation 05 සඳහා Graphics වැඩි දියුණු කල Remastered Edition එකකින් නිකුත් කරනවා කියලා ආරංචි වෙනවා.

ඒ වගේම මේ ගේම් දෙකම PC සඳහාද 2022 වර්ෂයේ මුලදී නිකුත් කරන බව තහවුරු කරලා තියෙනවා 😍❤️🔥. ඉතින් PC use කරන ගොඩක් දෙනෙක්ට 2022දී සුපිරිම gaming experience එකක් ගන්න පුලුවන්. 👍

මේ වගේම updates එක්ක නැවතත් ඉක්මනින්ම හමුවෙමු…👊🔥 Stay Safe! & Stay Hype!

A post by Samitha Sandaruwan

Leave a Reply