කොහොමද geeks ? ඔන්න විශේෂ දවසක විශේෂ ලිපියක් අරන් ඔයාලා ළඟට ආවා. විශේෂ දවසක්? අද මොකෝ විශේෂ? ඔහොම හිතුනු ටික දෙනෙකුත් ඇතිනේ…
අද දවස ලෝකයෙ ඉන්න හැම කොමික් විතරක් නෙවේ, චිත්‍රපට ප්රේක්ෂකයන්ටත් හුඟක් විශේෂ දවසක්.
අද තමා ලෝක බැට්මෑන් දිනය !

ලෝකයේ එතෙක් මෙතෙක් බිහි වුනු විශිෂ්ටතම කොමික් චරිතය වෙනුවෙන් මේ කොමික් නිර්මාණ ලෝකයට දායාද කරපු DC ආයතනය වාර්ෂිකව දිනයක් වෙන් කරනවා. මේ වැඩේ සිද්ද වෙන්න පටන් ගන්නේ 2014 අවුරුද්දෙ ඉඳන්. ලෝකයේ පළමු බැට්මෑන් දිනය විදිහට සටහන් වෙන්නෙ ජූලි 23. එදා ඉඳන් හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ තුන්වෙනි සෙනසුරාදා දිනය බැට්මෑන්වෙනුවෙන් වෙන් වෙනවා. මෙහෙම දිනයක් වෙන් වෙන එකෙන්ම හිතාගන පුලුවන්නේ කොමික් සහ මේ ගීක් විශ්වයටම මේ එකම එක සාමාන්‍යය චරිතය කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා.
කොහොම හරි 2021 අවුරුද්දෙ Batman දිනය වෙන්නෙ සැප්තැම්බර් 18. ඉතිං අද දවස කොමික් ෆෑන්ස්ලට හුඟාක් විශේෂ දවසක් විදිහට කැලැන්ඩරයේ ළකුණු වෙනවා.
ඉතිං මේ වගේ දවසක බැට්මෑන්ගේ ප්‍රධාන source එක වෙන කොමික්ස් ගැන කතා නොකරොත් ලොකු අඩුවක්නේ. ඉතිං ඒ නිසාම Hype Zone අපි අද ඔයාකට තෑගි කරන්න යන්නේ කියවන්නම ඕන හොඳම බැට්මෑන් කොමික් 05 ක් ගැන.
ඉතිං මේවා රෑන්ක් කරලා තියෙන්නෙ recommend වෙන පිලිවෙලට.
අනික මේ කොමික් 05 ලිස්ට් එකට ඇතුලත් කරනකොට මම සළකා බලපු දේවල් දෙකක් තියෙනවා. එකක් මේ කොමික් කියවන්න වෙන කොමික් කියවලා ඉන්න ඕනෙ නැහැ කියන එක. මොකද ලොකු සීරීස් එකකින් කොමික් Vol. එකක් වෙනමම ගන්නවා නම්,
හුඟක් වෙලාවට ඒ ස්ටෝරි ආර්ක් එකම කියවන්න සිද්ද වෙනවනේ. එහෙම නැතුව කියෙවුවොත් කතාව තේරුම් ගන්න බැරි වෙනවා. ඒත් මේ කොමික් 05 කියවන්න එහෙම අමතර කිසි දෙයක් අවශ්‍යය වෙන්නෙ නෑ. අනිත් දේ තමා මේ කොමික් අපි ප්‍රධාන වශයෙන්
කොමික් අරගන්න getcomics සයිට් එකේ හොයාගන්න පුලුවන්ද කියන එක. හුඟක් අය වෙන තැන්වලින් pdf ෆයිල් එහෙම ඩවුන්ලෝඩ් කරනවනේ. ඒත් කොමික් ඩවුන්ලෝඩ් කරලා ඩිජිටල් විදිහට කියවන කෙනෙක්ට highly recommend කරන්නෙ.
getcomics. ඉතිං ඔය කරුණු දෙකම තියෙන කොමික් 05 ක් තමා මේ අරන් ආවේ. එහෙනම් තවත් වෙලාව නොගෙන අපි වැඩේට බහිමු.
05. Batman: Zero Year

ස්කොට් ස්නයිඩර් කියන්නෙ අපේ කාලයේ ඉන්න හොඳම කොමික් රචකයින්ගෙන් කෙනෙක්. මේ ළඟදි හුඟක් අය පිස්සුවෙන් වගේ කියවපු Death Metal සීරීස් එක ලිවුවෙත් ස්කොට්. ඊට අමතරව New 52 era එකේ කොමික් සීරීස් කිහිපයකටත් ස්කොට් සහභාගි වුනා. ඒ එක කොමික් සීරීස් එකක් තමා Vol. 10 ක් පුරා ඇදුනු ස්කොට්ගේ බැට්මෑන් රන් එක. ඔයා බැට්මෑන්ට කැමති නම්, කොමික් කියවන්න පටන් ගන්න කැමති නම්, කියවන්න ඕනේ ළඟදි ආපු අලුත් සීරීස් එකක් නම් ඔයාට ගැලපෙනම තැන තමා මේ
ස්කොට්ගේ බැට්මෑන් රන් එක. ඉතිං මෙතනදි මම ස්කොට්ගේ කොමික් රන් එකම කියවන්න කියලා මෙන්ශන් නොකරපු හේතුව තමා හුඟක් කට්ටිය එහෙම කිවුවම බයවෙනවා අම්මෝ මේ මුලු රන් එකම කියවන්න ඕනෙද කියලා. ඉතිං එහෙම නොවෙන්න තමා ලිස්ට් එකට Zero Year ඇතුලත් කළේ.
ඇයි Zero Year ම? ඒකට දෙන්න පුලුවන් කෙටිම උත්තරේ “මේ තමා බැට්මෑන්ගේ New 52 ඔරිජින් එක.” ඇත්තටම කිවුවොත් කොට් කොමික් ලියන ක්‍රමේ තමා පොර හුඟක් වෙලාවට අපි දන්න චරිතවල වෙනමම පැති කඩක් පෙන්වන්න උත්සහ කරනවා. ස්කොට් බැට්මෑන් රන් එකටත් කළේ ඒකමයි.
අපි දන්න ඔරිජින් එකට තව රස වැඩි වෙන්න දේවල් එකතු කරලා පට්ටම interesting ස්ටෝරි එකක් ඔරිජින් එකක් විදිහට ෆෑන්ස්ලට ලබා දුන්නා.ඒ විදිහට හරි අපූරුවට ගලපපු හරි ලස්සන කතාවක් වෙනස් විදිහකට රස විඳින්න ඕනෙ නම් Zero Year කියවන්න.
කියවන කට්ටියට උපදෙසක් දුන්නොත්, ඇත්තටම New 52 එකේ ඔරිජින් එක තියෙන්නෙ Vol. 04 සහ Vol. 05 එකේ. කතාව ටිකක් ගිහින් තමා ස්කොට් ඔරිජින් එක අරන් ආවේ. ඉතිං Vol. 01- 03 සහ Vol. 06- 10 යන්නේ මේ කතාවෙ sequel විදිහට. ඉතිං Zero Year කතාව කොටස් දෙකක දිග කතාවක් නිසා Vol. 04 සහ 05 යි දෙකම කියවන්න. අත්දැකීමෙන් කියන්නේ මේ දෙක කියවල ඉවර වුනාම අනිත් සෙට් එක හොයාගෙන කියවන්නේ.

04. Batman: Hush
බහුතරයක් දෙනා බැට්මෑන්ව මනින්නේ ෆිල්ම්වල ඉන්න බැට්මෑන්ලා එක්කනේ. ඉතිං හුඟක් අය වැරැදියට හිතන් ඉන්නවා බැට්මෑන් කොමික්වලත් ඇත්තෙ ඇක්ශන් විතරද කියලා. ඇත්තටම එහෙම නෑ. බැට්මෑන් කොමික් තනිකරම යන්නේ dark theme එකක් වටා ගෙතුණු ඔලුව පැටලෙන අභිරහසක් එක්ක.
ඒ අභිරහස් ගතිය පෙන්වන හොඳම කතාවක් විදිහට Batman: Hush නම් කරන්න පුලුවන්, කතාව එන්නේ 2002 අවුරුද්දේ. කතාව ලියන්නේ Jeph Leob. කොහොම හරි බැට්මෑන් ගැන වැඩිය නොදකින පැත්තක් මේ කොමික් එකෙන් විවර කරනවා. බැට්මෑන් කියන්නෙ හැඟීම් දැනීම් නැති බය පතුරවන සංඛේතයක් විදිහට පෙනුනත් ඇත්තටම බැට්මෑන්ටත් ආදරය කරන්න පුලුවන්. එහෙම ආදරෙයෙ පැටලුනු කෙනෙක් තමා සෙලීනා කයිල් aka. කැට්වුමන්.
හුඟක් කොමික්වලදි වගේම ෆිල්ම්වලත් බැට්මෑන් සහ කැට්වුමන් අතර පැටලවිල්ලක් තියෙනවාමයි. හැබැයි දෙන්නගෙ සම්බන්ඳය කන පිට පෙරලෙන එක අනිවාර්ය දෙයක්. මොකද බැට්මෑන්ගේ සහ කැට්වුමන්ගේ අදහස් එකි නෙකාට වෙනස්. දෙන්නගෙ අරමුණු වෙනස්. කොහොම හරි ඔය වගේ දේවල් එක්ක බැට්මෑන්ට කැට්වුමන් බලපාන විදිහත් මේ කොමික් එකේ ලස්සනට පෙන්වනවා. මේ කොමික් එකත් ලියවුනු හොඳම බැට්මෑන් කොමික් එකක් වෙනවා. විශේෂයෙන්ම මේකෙ ආර්ට්වර්ක් හුඟක් විචාරකයින්ගේ ප්‍රසාදයට පත්වෙලා තියෙනවා. මේකත් අනිවා කියවන්න ඕන කතාවක්.

03. Gotham by Gaslight
තාක්ෂණය එක්ක වැඩ කරන, සුපිරිම ගැජට් වගේම පට්ටම වාහනත් එක්ක නපුරට එරෙහිව සටන් කරන බැට්මෑන්ව අපි ඕන තරම් දැකලා තියෙනවා. ඒත් නිකමට හිතන්නකෝ 19 වෙනි සියවසේ බැට්මෑන් හිටියොත් කොහොම වෙයිද? තාක්ෂණය එච්චර දියුණු නැති කාලෙක බැට්මෑන් හිටියොත්? පැයට කිලෝමීටර් 200 කටත් වඩා වේගයෙන් යන බැට්මොබයිල් එකවත් නැති, අඩුම ගාණේ පරිගණකයක්වත් නැතුව බැට්මෑන් කෙනෙක් බිහිවුනොත්? පිස්සුවක් නේ? අන්න ඒ පිස්සුව 1989 අවුරුද්දෙදි Bryan Augustyn ඇත්තක් කරනවා.
මේ තමා DC තුළ සලකන විදිහට පළමු Elseworlds ස්ටෝරි එක වෙන්නේ. කොහොම හරි කොමික් එක ඉස්සෙලම එනකොට Elseworlds සංකල්පය තාමත් DC තුළට ගෙනැවිත් තිබිල නෑ. අනික මේ කොමික් එක අපි ආසාවෙන් කියවන ශර්ලොක් හෝම්ස් පොත්වල අනුසාරයත් මුසු වෙලා තියෙන නිර්මාණයක්. ඒ මට්ටමේ සුපිරිම රහස් පරික්ෂක කතාවක්.
කොහොම හරි කතාව යන්නෙ 1889 කාලෙදි. සුපුරුදු විදිහට දෙමවුපියන්ගෙ මරණින් පස්සෙ නපුරට එරෙහි වෙන්න හිතාගෙන බැට්මෑන් බවට බෲස් වේන් පත්වෙනවා. හැබැයි මේකෙදි සතුර වෙන්නෙ ජෝකර් එහෙම නම් නෙවේ. Jack The Ripper. පොර ගැන අහල ඇතිනේ. ඉතිං බිහිසුණු මිණී මැරුම් එක්ක බැට්මෑන් අඩු තාක්ෂණයක් තියෙන කාලෙක ඔලුව විකාර වෙන අභිරහසක් විසඳමින්, අපි දන්න කියන චරිත 19 වෙනි සියවසේ ලෝයකය ගොඩනගපු මේ කතාව වෙනස්ම experience එකක් අරන් ඒවි.
02. Batman: The Long Halloween
ආයෙත් ඔන්න සුපිරිම ස්ටෝරියකින් Jeph Leob එනවා Tim Sale ගේ ලස්සන ආර්ට්වර්ක් එක්ක. බැට්මෑන් කොමික්වල තියෙන්න ඕන Detective ගතිය සහ අඳුරු මුහුනුවර උපරිමේටම තියෙන කතාවක් තමා ලෝන්ග් හැලෝවීන් කියන්නේ. මේ කතාව සිද්ද වෙන කාලෙදි බෲස් බැට්මෑන් විදිහට සටන් කරන්න අරන් ටික කාලයයි ගෙවිල තියෙන්නේ. ඒ නිසා මේකෙ ඉන්නෙ ආධුනික බැට්සි කෙනෙක්. මේ කාලෙදි බැට්මෑන්ගේ රෝග් ගැලරිය වැඩිය ලොකුවට නෑ. Costumed Villain ලා අපරාධ රන් කරන Level එකට ඇවිල්ල නෑ මේ කාලෙදි. ඒ වෙනුවට පතාලෙ රජ කරන්නෙ මැරෝනි සහ ෆැල්කෝනි ඉතාලියන් මැර පවුල් දෙක. මේ වැඩ නිසා දෙගොල්ල අතර යුද්ධයක් ඇතිවෙලා තියෙන්නේ.

මේ අතර එක පාරම අභිරහස් ඝාතකයෙක් ෆැල්කෝනිවරුන්ව සහ ඔවුන්ට සම්බන්ඳ අයව මරන්න පටන් ගන්නවා. පොරට නමකුත් හැදෙනවා හොලිඩේ කියලා. මොකද මේ හැම ඝාතනයක්ම සිද්ද වෙන්නේ නිවාඩු කියලා පිලිගන්න දවස්වල. කොහොම හරි මේ වැඩේ ජෝකර්ගෙ අපරාධවලට තිබුණ කීර්ති නාමෙටත් හානි වෙන ලෙවල් එකට එනවා. හරිම කුතුහලේ පිරුණු කතාවක්. එක පිටුවකින් අනිත් පිටුවකට මාරු වෙන වාරයක් පාසා මොකෝ මේ වුනේ කියලා හිතාගන්න බැරි වෙන එක වැඩි වෙන විදිහෙ අභිරහසක්.
ඉතිං අත්දැකීම් අඩු බැට්මෑන් මේ ගැටලුව කොහොම විසඳයිද? කවුද මේ හොලිඩේ? මේ වැඩවලින් අපරාධ නායකින්ට මොනා වෙයිද? මේවට උත්තර හොයාගන්න The Long Halloween කියවන්නම වෙනවා.
එහෙනම් අපි යමු අපේ ලිස්ට් එකේ recommend වැඩිම කොමික් එකට.
01. Batman: The Dark Knight Returns
එතෙක් මෙතෙක් බිහිවුනු හොඳම බැට්මෑන් ස්ටෝරිය මොකද්ද? මේ ප්‍රශ්නෙට දෙන්න පුලුවන් වචන පහ තමා Batman: The Dark Knight Returns. මේක විචාරකයින්ගේ ඉඳන් බහුතරයක් කොමික් පාඨකයින් පවා පිලිගන්න උත්තරයක්.

මේ කොමික් එකේ තරම කියනවා නම් මේක පාදකව බිහි වුණු ඇනිමේශන් චිත්‍රපට 02 පවා IMDB Top 250 වෙත යනවා. නෝලන්ගේ TDKR චිත්‍රපටයටත් මේ කොමික් එකේ සමහර ප්ලොට්ස් යොදාගත්තු බවක් පේන්න තියෙනවා. බැට්මෑන් සම්බන්ඳ නිර්මාණ ගණනාවකට influence එකක් විදිහට මේ කොමික් එක අදටතත් රන් අකුරින් ලියවී තිබෙනවා.
1986 පෙබරවාරි මාසේ තමා කොමික් එක රිලීස් වෙන්නේ. මේක ලියන්නෙ කොමික්වලට අති මහත් සේවයක් කරපු Frank Miller විසින්.
ලිස්ට් එකේ තරුණ බැට්මෑන් කෙනෙක් ඉන්නවා, පරණ කාලෙ බැට්මෑන් කෙනෙක් ඉන්නවා, දැන් මේ කියන්න යන්නෙ මැදි වියේ බැට්මෑන් කෙනෙක් ගැන. The Dark Knight Returns එකේ ඉන්නෙ වයස අවුරුදු 55 ක විශ්‍රාම ගත්ත බෲස් වේන් කෙනෙක්.
කතාවට අනුව බැට්මෑන් රිටයර් වෙන්න ලොකුම හේතුවක් තමා ජේසන් ටොඩ්ගේ කණගාටුදායක මරණය. බැට්මෑන්ගෙ අඩුව කොහොමෙන් හෝ ගෝතම් නගර පුරාම සෙවණැල්ලක් වගේ වහගෙන. The Mutants කියල තමන්වම හඳුන්වා ගන්න කල්ලියක් නගරයෙ පිස්සු නටනවා. ඉතිං මේ කල්ලියෙ වැඩ දැකපු බෲස් තීරණය කරනවා ආපහු වැඩ පටන් ගන්න. ආපහු වැඩට බැහැල පළවෙනි රෑම මුන් සෙට් එකක්ම හොස්පිට්ල් එකට යවල පොර අතේ හිරි ඇරගන්නවා. ඔය අතර බැට්මෑන්ගේ ජන්මාන්තර හතුරො දෙන්නෙකුත් තමන්ගෙ ආගමනය සිද්ද කරනවා.
ඉතිං ඔහොම සිදුවීම් කිහිපයක් වෙලා ෆැන්ස්ලා බලාගෙනම හිටපු සටනකට පාර හැදෙන්නේ. ජනාධිපතිතුමාගෙ අදහසකට අනුව සුපර්මෑන් ගෝතම්වලට එනවා. ඒ බැට්මෑන්ව අත්තඩංගුවට ගන්න අරමුණින්. හිතාගන්න පුලුවන්නෙ වැඩේ කොහොම වෙයිද කියලා.
දෙන්න අතරෙ conflict එක ඔහොම වැඩිවෙනවා. ඉතිං එතෙක් මෙතෙක් බිහිවුනු හොදම බැට්මෑන් කොමික් එක හරියට රස විඳින්න ඉඩ දෙන්න ඕන නිසා මම spoil නොකර මෙතනින් නවත්වනවා.
අවසන් වශයෙන් කියන්න තියෙන්නේ, කොමික් කියන්නේ රසවිඳින්න වෙනස්ම දෙයක්. මේ කොමික් එකක් හරියට තේරුම් ගත්තා කියන්නේ ඒ ඒ චරිතවල philosophy එක හරියට වටහාගත්තා වගේ දෙයක්. අද තමා බැට්මෑන් ඩේ එක. ඉතිං එහෙම දවසක බැට්මෑන්ගෙන්ම කොමික් කියවන්න පටන් ගන්න එක try කරල බලන්න වටිනම දෙයක්.
මේ ලිපිය මම ලියන්න උත්සහ කළේ හුඟක්ම ස්පොයිල් නොකර. මොකද කොමික් එකක් ස්පොයිල් වුනාමත් නිකන් ෆිල්ම් එකක් හෝ සීරීස් එකක් ස්පොයිල් කරා වගේ තමා.
එහෙනම් අදට මම සමුගන්නම්. දිගටම Hype Zone අපේ FB page එක, Youtube Channel එක විතරක් නෙවේ, අපේ අලුත්ම වැඩේ Hype Zone web එකත් එක්කත් දිගටම රැඳිලා එන්න. ලස්සන වැඩ ගොඩාක් ඉදිරියෙදි එන්න තියෙනවා.
Happy Batman Day!
A post by Sachintha Benat.
