You are currently viewing Batman සහ Flash ලාංඡන දෙක එකම ඇදුමට

Batman සහ Flash ලාංඡන දෙක එකම ඇදුමට

        DCහි සුප්‍රසිද්ධ සුපිරි වීරයකු වන Flash ගෙ නවතම look එකක් පසුගිය දින එහි අධ්‍යක්ෂක Andrés Muschietti (It, Mama අධ්‍යක්ෂ) විසින් නිකුත් කර තිබුනි. එහි Michael Keaton ගේ batsuit එක මත ඇදි Flash (Thunderbolt) logo එක දක්නට තිබුනි. මෙම චිත්‍රපටය විවිධ නිර්මාණාත්මක ගැටළු නිසා විටින් විට කල් ගියත් මෙම වසරේ මුල එහි නිෂ්පාදනය ආරම්භ විය. මීට පෙරත් Flash ගෙ නව ඇදුමෙහි ලාංඡනයක ද, Supergirlගෙ ලාංඡනය, Bat logo එකෙහි  රූපයක් ද ඔහු නිකුත් කර තිබුනි.

            මෙම චිත්‍රපටයේ Flash ට රග දක්වන්නේ එස්රා මිලර් (Ezra Miller) වන අතර ඔහු 2017 Justice League නැතිනම් Josstice league හි ප්‍රථම වරට Flashට ජීවය දුන්නේය. මෙම චිත්‍රපටයෙන් Flashpoint කතා මාලාව නිරූපනය කරන අතර 1989 ටිම් බර්ටන්(Tim Burton) ගේ Batman රග දැක් වූ Michael Keaton ද එම චරිතයට නැවත පණ පෙවීමට නියමිතය. සැක් ස්නයිඩර්ගෙ Batman Vs Superman හි Batman නිරූපනය කල Ben Affleck (එම නළුවා හෝ ඔහුගේ stunt double කෙනෙක්) ද මෙම චිත්‍රපටයේ පෙනී සිටීමට නියමිත බව behind the scenes photos තුළින් තහවුරු වී ඇත. තවද DC universe හි ප්‍රථම වරට Supergirl රග දක්වමින් සාෂා කෝල් (Sasha Calle) මින් හදුන්වා දීමට යෙදී තිබේ. මෙය DCEU එකට ඉතා වැදගත් ෆිල්ම් එකක් වන්නේ මින් Multiverse එක හදුන්වා දීමට යෙදී ඇති නිසා වේ. 

            මෙම ප්‍රචාරක පින්තූරයෙන් අදහස් වන්නේ Flash සහ Batman එකම පුද්ගලයෙකු වන බව නම් විය නොහැකි අතර, මින් ඔවුන්ගේ team-up එක නිරූපණය වෙන බව ද මෙම චිත්‍රපටයේ විශාල ප්‍රේක්ෂක අවධානය Batman හට යොමු වී තිබුනත් මෙය Flash හෙවත් Barry Allenගේ කතාව බව සිතිය හැක.  නමුත් එහි Batman ද විශාල role එකක් දරන බව විශ්වාසය.

            Michael Keaton එතෙක් මෙතෙක් හොදම Batman කෙනෙකු ලෙස සළකන අතර ඔහු 1992 Batman returns වලින් පසු නැවත මෙම role එකට පිවිසෙන ප්‍රථම වතාව මෙය වන අතර බොහෝ ප්‍රේක්ෂකයින් ඒ සදහා උද්යෝගශීලී වී ඇත. නමුත් තවම ඔහු  batsuit එකෙහි සිටින දර්ශන කිසිවක් නිකුත් වී නොමැත. 2022 වර්ශයේ නකුත්වන Matt Reevesගෙ BATMAN, Black Adam, Aquaman and the lost Kingdom වැනි චිත්‍රරපට සමග ලබන වසරේ DC තුළින් හොද ෆිල්ම් ටිකක් බලාගන්න පුළුවන්   වේවි. 

Leave a Reply