You are currently viewing ATLA ලෝකයේ අනාගතය ගැන !

ATLA ලෝකයේ අනාගතය ගැන !

Avatar The Last Airbender කියන්නේ ගොඩක් දෙනෙක් මේ වෙනකොට නිකුත් වුනු හොදම Animated series වලින් එකක් කියලා හදුන්වන series එකක්. ATLA කියන්නේ   Michael Dante DiMartino සහ Bryan Konietzko කියන creatorsලා විසින් නිර්මාණය කරපු 2005 -2008 දක්වා Nickelodeon හරහා විකාශය වුනු සීරිස් එකක්.  2020දි ATLA series එක Netflix හරහා විකාශය වීමත් එක්ක ලොකු audience එකකට බලන්න අවස්ථාව ව ලැබුනා වගේම අලුත් fansලත් එකතු වුනා. Series එක කොතරම් ජනප්‍රිය වුනාද කියනවා නම් Netflix Top 10 chart එකේ වැඩිම කාලයක් ඉදපු series එක බවට පත්වෙන්නත් පුලුවන් වෙනවා. මේ වෙනකොට 97%ක  Rotten Tomatoes අගයක් ලබාගෙන තියෙනවා වගේම,  9.2ක IDMb අගයක් ලබාගෙන  Top rated TV show list එකේ 10 වෙනි තැන සහ උඩින්ම ඉන්න Animated series එක බවට පත්වෙන්නත් පුලුවන් වෙලා තියෙනවා. ලේසි නෑනේ!

ඔන්න  Avatar franchise එකේ ඉස්සරට එන්න තියෙන ප්‍රොජෙක්ට් කිහිපයක් ගැන තමයි අද කතා කරන්න යන්නෙ. මොකද මේ වෙනකොට exciting project කිහිපයක්ම දැනට  officially announce කරලා තියෙනවා.

01.Live Action Series – Netflix

ඔන්න මේක තමා දැනට Avatar world එකේ  ලොකුවටම කතාව වෙන project එක.  ‌මේ සිරීස් එක නිර්මානය කරන්නේ Netflixලා. මෙයාලා මේක මුලින්ම announce කරේ 2018දි. ඒ වගේම නෙට්ෆ්ලික්ස් ලා විශේෂයෙන්ම කියපු දෙයක් තමයි මේ සිරීස් එකේ show runnersලා විදියට original animated series එකේ creatorsලා දෙන්න ගන්නවා කියන එක. මොකද කලින් ATLA Live action attempt එක අසාර්තක උන නිසා. (There’s no movie in Ba sing se 😂) අවුරුදු දෙකක් තිස්සෙ pre-production කටයුතු එක්ක ටිකක් under the radar තිබුනු මේ project එක ආයෙ උඩට ආවෙ 2020දි අහන්න ලැබුනු දුක හිතෙන ආරංචියක් එක්ක. ඒ තමා original creatorsලා දෙන්නා මේ සිරීස් එකේ කටයුතු වලින් අයින් වුනා කියන එක. මේ නිසා ෆෑන්ස්ලගෙන් ලොකු backlash එකක් නෙට්ෆ්ලික්ස්ලට ආවා. කලින් film එක අසාර්ථකවෙන්න  Mike and Bryan දෙන්නව ඒකට සම්බන්ධ කරගත්තේ නැති වීමත් හේතු වුනා  කියලා තමයි ගොඩක් දෙනෙක් විශ්වාස කරන්නේ. කොහොම උනත් ඔන්න සිරීස් එකේ වැඩ කටයුතු නම් පටන් අරගෙන තියෙන්නෙ. ඒ වගේම මේ අවුරුද්දෙ අගෝස්තු මාසයේදි සිරීස් එකේ main cast එකත් announce කරා.

Gordon Cormier — Aang

Ian Ousley — Sokka

Dallas Liu — Zuko

Kiawentiio Tarbell — Katara

ඔය විදියට තමයි casting කරලා තියෙන්නේ. Netflix කියන විදියට ATLA series එක තමයි එයලා වැඩිම වියදමක් දරලා produce කරන සිරීස් එක.  දැනට නම් release date එකක් announce කරලා නැහැ . නමුත් 2022 අග භාගයේදී අපිට සිරීස් එක බලාගන්න පුලුවන් වෙයි කියලා තමයි predict කරල තියෙන්නෙ.

02. Projects of Avatar Studios

 Avatar studios කියන්නේ Nickelodeon එකෙන් Avatar content හදන්නම වෙනම වෙන් කරපු studio එකක්. මේ studio එක  පටන් ගත්තේ මේ අවුරුද්දේ බෙවරවාරි මාසයේ. ස්ටුඩියෝ එකේ Co-creative chiefsලා දෙන්නා විදියට   Original Creatorsලා,  Mike and Bryan දෙන්නා කටයුතු කරනවා. Avatar world එක expand වෙන animated shows and movies තමා Avatar studios එකෙන් අපිට බලාගන්න පුලුවන්. දැනට untitled project දෙකක් announce කරලා තියෙනවා.

               A. An Untitled Theatrical Movie

  මේක තමා මුලින්ම රිලීස් වෙන්න තියෙන animated project එක. මේ Film එකට, කලින් සීරීස් දෙකට පාවිච්චි කරපු  2D animation වෙනුවට CGI Animation යොදාගන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම මේක movie theatersවලට රිලීස් කරන්න තමයි එයාලා අදහස්  කරන්නේ.  මේක  movie franchise එකක් විදියට continue කරන්නත් අදහස් කරගෙන ඉන්නවා කියලා තමයි ආරංචි වෙන්නේ.

               B. An Untitled Animated series

 මේ Paramount+ platform එකේ stream කරන්න නිර්මාණය කරන 2D animated series එකක් කියලා තමයි ආරංචි වෙන්නේ. 

මේ projects announce කරත් මේවා අපිට බලාගන්න නම් අවුරුදු කීපයක් යයි කියලා creatorsලා කියලා තියෙනවා.

එයාලා කියන විදියට, දැනට එයාලා මේ studio එකට ඔනේ කරන team එක එකතු කරගන්නවා කියලා තමයි කියන්නේ. මොකද සාර්ථක animation project එකක් කරන්න හොද cohesive team එකක් ඉන්නම ඔනේ.

03. Avatar Legends – Table Top RPG Board Game

මේක තමා අන්තිමට announce කරපු Avatar project එක. ATLA සහ LOK වටා නිර්මාණය වුනු Table top RPG Game එකක් නිර්මාණය කරන්න අගෝස්තු 30 වෙනිදා Magpie Games විසින් Kickstarter campaign එකක් ආරම්භ කරලා තිබුණා.  (Kickstarter campaign කියන්නේ මොකක්හරි projectඒකක් පටන් ගන්න usersලාගෙන් මුදල් එකතු කරන්න නිර්මාණය වුනු වෙබ්සයිට් එකක් ) ඇමරිකන් ඩොලර් 50,000ක් තමා එයලගේ මුල්ම goal එක වුනේ.  Avatar කියන්නේ කොච්චර faithful fan base එකක් ඉන්න franchise එකක්ද කියනවා නම් ඒ $50000 goal එක විනාඩි 16කින් සම්පූර්ණ වෙලා තියෙනවා. මේ campaign එකට නොනවත්වාම මුදල් ලැබිලා තියෙනවා. Kickstarter Web site එකට එයාලගේ website එක හරහා එකතු කරන්න පුලුවන් උපරිම මුදල් ප්‍රමාණය වෙන ඩෙලර් මිලියන 5 සීමාව  වැඩි කරන්නත් සිද්ධ වෙලා තියෙනවා මේ නිසා. දැන්  ඩොලර් මිලියන 9.5ක් ඉකමවලා මුදල් ලැබිලා තියෙනවා

මේ වෙනකොට  official trailer එකකුත් release කරලා තියෙනවා.

2022 පෙබරවාරි මාසයේදී මේ game එක රීලිස් කරන්න Plan කරලා තියෙනවා කියලා තමයි magpie games announce කරලා තියෙන්නේ.

A post by Dilshan Kankanamge.

Leave a Reply