You are currently viewing මාවල් සිනමාවේ කොමික්

මාවල් සිනමාවේ කොමික්

හලෝ Geeks 👋.marvel සමාගම විසින් පොතක් publish කරන්න යන්නේ මේ ඔක්තෝබර් 19 වෙනිදා.(ඇත්තටම ඒක පොත් දෙකක එකතුවක්)මේ පොතේ නම තමා “The Story Of Marvel Studios”.😍 මේක ලියන්න එකතු වෙලා තියෙනවා ලේකඛයො දෙන්නෙක්.එක්කෙනෙක් තමා Tara Bennett.අනිත් කෙනා තමා Paul Terry.මේ දෙන්නම හො‍ඳ ප්‍රසිද්ධ ලේකඛයො දෙන්නෙක්.පොඩි google search පාරක් දාලා බලන්න මේ අය ගැන.(දන්නවනෙ ඉතිං Feige වැඩ 😅🔥)මේකට පෙරවදන එකතු කරන්නේ අපේ Feige ම තමා.පසු වදන එකතු කරන්නේ Robert Downey Jr. (ඔව් ඔව් එයා තමයි.😅❤️)

මේ පොත් කොටස් දෙක පිටු 512 කින් සමන්විත වෙනව වගේම වර්ණ නිදර්ශන 500 කුත් අන්තර්ගත වෙනව.මේ පොත මුද්‍රණය කරන්නේ Abrams Books කියන සමාගම විසින්.

මේ Marvel Cinematic Universe එක කොච්චර විශිෂ්ටද කියන එක Geeks ලා වශයෙන් අපි හැමෝම දන්නවනේ.❤️🔥 ඉතිං මේ Marvel Studios, MCU එක නිර්මාණය කිරීමේ ඉතිහාසය ගැන සඳහන් වෙන එකම හා අවසරලත් කෘතිය වෙන්නේ “The Story Of Marvel Studios”.ඉතිං Marvel Studios වලට මෙච්චර ගමනක් එන්න මෙතරම් සාර්ථක වෙන්න ජීවය දුන්නේ එහි writers,directors,concept artists,vfx artists,cast එක සහ crew එක.

ඉතිං Marvel Studios වල ආරම්භය හා කෙමෙන් කෙමෙන් වර්ධනය වන ආකාරය මෙහි දැක්වෙන්නේ සවිස්තරාත්මක පෞද්ගලික කතාන්දර,ඒ වගේම ආපු අභියෝග බාධක,අරමුණු කරා ළඟාවුණු හැටි මේ පොතේ අන්තර්ගත වෙනවා කියලා තමා සඳහන් වෙන්නේ.ඉතිං මේ ලේකඛයො දෙන්නා විසින් මේ මේ චිත්‍රපට 23 ක සම්පූර්ණ නිෂ්පාදන ඉතිහාසය මෙම පොතේ දක්වලා තියෙනවලු.

ඒ වගේම චිත්‍රපට කිහිපයකින් ආරම්භ වුණු මේක Film Sereis එකක් දක්වා වර්ධනය වුණු හැටිත් ඔවුන් දක්වලා තියෙනවලු.(2008 Iron man චිත්‍රපටයෙ සිට 2019 Avengers:End game දක්වා විස්තර තමා ඇතුළත් වෙන්නේ.)

ඉතිං මේ Bennett සහ Terry මේ පොත ලියන්න කලින් Marvel Studios වල 200 කට අධික producers,MCU Writers & Directors,Concept Artists,Costume Designers,Composers ඒවගේම Visual Effect භාරව ඉඳපු දක්ශයන්ගෙන් සම්මුඛ සාකච්ඡා මගින් තමා මේ පොතට අවශ්‍ය කරුණු එක් රැස් කරගෙන තියෙන්නේ.ඒවගෙම මේ පොතට කලින් Publish කරපු නැති behind the scenes photography & archival production material අන්තර්ගත වෙනවා.ඒ වගේම cast එකේ සහ crew එකේ personal photos සහ මතක සටහන් අන්තර්ගත වෙනවලු.😍🔥

ඉතිං ඔයාට මේ පොත pre-order කරන්න පුලුවන්.
👇
The Story of Marvel Studios: The Making of the Marvel Cinematic Universe https://www.amazon.com/dp/1419732447/ref=cm_sw_r_awdo_navT_g_VSCMHQJWGF8QJX86X0WZ

ඒ වගේම මේ පොත ගැන දාපු වීඩියෝ ක්ලිප් එකත් බලන්න.
👇
https://youtu.be/dBmRPPnrm1s

Leave a Reply