You are currently viewing “පාරිභෝකයාට චොක්ලට් අයිස් ක්‍රීම් අවශ්‍ය නිසා සීනි බෝල ඉසින ලඳ චොක්ලට් අයිස් ක්‍රීම් විකිණීමේ න්‍යාය හොලිවුඩ් සිනමාවට ගැලපෙන්නෙ නෑ”

“පාරිභෝකයාට චොක්ලට් අයිස් ක්‍රීම් අවශ්‍ය නිසා සීනි බෝල ඉසින ලඳ චොක්ලට් අයිස් ක්‍රීම් විකිණීමේ න්‍යාය හොලිවුඩ් සිනමාවට ගැලපෙන්නෙ නෑ”

Spider-Man: No Way Home, Doctor Strange: In The Multiverse Of Madness සහ Flash වගේ film වලදි Classic Characters එහෙම නැත්නම් multiverse එක යටතේ පරණ characters නැවතත් Movies වලට යොදා ගැනීම ගැන තමයි මේ විදියට Avengers End Game අධ්‍යක්ෂක Joe Russo අදහස් දක්වලා තියෙන්නෙ..

Infinity War එකේදි Superheros ලගෙන් බාගයක් විතරම මරලා දැම්මට පස්සෙ නැවතත් ඔවුන්ව movies වලදි multiverse concept එක වගේ විවිධ concept යටතෙ ගෙන්වන එක සිනමාවෙ අනාගතයට ප්‍රශ්නයක් වෙනවා කියල තමයි Joe කියන්නෙ.. Marvel විතරක් නෙවේ පොදුවෙ මේ වෙද්දි Marvel, Dc දෙකෙන්ම මේ multiverse concept එක සහ පරණ characters ගෙන්වන එක ගැන තමයි මේ විදියට Joe අදහස් දක්වලා තියෙන්නෙ … Joe කියන්නෙ ප්‍රේක්ෂකයන්ට ඕන දේ විකරක් නෙවේ අලුත් නිර්මාණ කරුවන් අලුත් සහ වෙනස්ම concept යොදාගෙන ප්‍රේක්ෂකයන් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නැති fresh ideas වලින් ප්‍රේක්ෂකාගාරය පුදුම කරන්න ඕනෙ කියලයි..

මිනිස්සු චොක්ලට් අයිස් ක්‍රීම් ඉල්ලනවනම් එක එක විදියට රස ගන්වපු චොක්ලට් අයිස් ක්‍රීම් වෙලඳපලට යවල ලාභ ඉපයීමේ වෙළෙඳ ප්‍රතිපත්තිය සිනමාවට ගැලපෙන්නැති බවත් සිනමාව කියන්නෙ නිර්මාණශීලී ක්⁣ෂේත්‍රයක් නිසා ලාභ ඉපයීමේ පොදු න්‍යායෙන් පිට අලුත් නිර්මාණ වලින් සිනමාව පුදුම කිරීම නිර්මාණකරුවන්ගෙ කාර්යය කියල තමයි Joe Russo වැඩි දුරටත් අදහස් දක්වමින් කියල තියෙන්නෙ …

“The corporate agenda is: Do you like chocolate ice cream? Well here chocolate ice cream with sprinkles, here’s chocolate ice cream with fudge…It’s their job to turn the money printer on,” “It’s the creative’s job to say, ‘Well shit, I don’t know if I want to watch that.’

මේ කියන කතාවෙ වැරැද්දකුත් නෑ නේද.. මේ කියන දේට අදාලව මේ ගතවුණු කාලෙදි අධ්‍යක්ෂකවරු කීපදෙනෙක්ම මේ කරුණු වෙනස් විදියට කියල තිබුනා.. ඇත්තටම හැමවෙලේම ප්‍රේක්ෂකයන්ට දකින්න අවශ්‍ය දේ විතරක් movies වලින් දෙන්න ඕනෙද? ඔයාලගෙ අදහස මොකක්ද?

#SriCOM #JoeRusso

Leave a Reply