You are currently viewing තාරකා යුද්ධයේ  අලුත් පෙරළිය !

තාරකා යුද්ධයේ අලුත් පෙරළිය !

Star Wars World
Star Wars 11 Films

අපි රසවිඳින නානාප්‍රකාර ෆැන්ටසි ලෝක අතරින් ලංකාවෙ ගොඩක් අයගෙ අවධානය මදි නමුත් ලෝකයේ ගත්තාම තනිකර කල්චර් එකක් දක්වාම වර්ධනය වුන Story එකක් තමයි Star Wars..එහෙම නැතිනම් තාරකා යුද්ධය කියලා කියන්නෙ..✌🙂

විශ්වයම තනිකර එකම ගම්මානයක් බවට පත් වෙලා…ගැලැක්සි සිසාරා, ග්‍රහලෝක තුලින්, ජනපද අතර සිටින ජීවින් එකතුව කාලයත් එක්ක ගලාගෙන ගිය යුද්ධයන් සහ හොඳ නරක අතර ගැටීම අපූරුම විදියට නිරූපනය කරන්නට සමත් fandom එකක් තමයි Star Wars.🙂

ඉතින් මේ වෙනකොට ආව Canon Films 11 ට ලයිව් ඇක්ශන් ස්පින් ඕෆ් සීරිස්, ඇනිමේටඩ් සීරිස් තොගයට අලුතෙන්ම එකතු වෙන්න ඉන්න ස්ටෝරි එකක් ගැන අද කතා කරමු..✌

ඔයාලා තාම Star Wars බලල නැතිනම් ඒ Journey එක මිස් කරගන්න නම් එපා..🙏 Films 11 න් පටන් ගන්න ඒ Adventure එක.

අද සැප්තැම්බර් 22 . කස්ටියම දන්නව ඇති අද Disney + වල ස්ටීම් වෙනව Starwars අලුත්ම ප්‍රොජෙක්ට් එක Starwars : Visions ,Visions ගැන Basically කිව්වොත් මේ සිරිස් එක ස්ටාර්වෝස් Anime perspective එකකින් බැලුවට වෙන සිද්දි ටිකකින් තමා මේක බ්ල්ඩ්අප් වෙන්නෙ ❤. ඒ කියන්නෙ ජැපනීස් කල්චර් එකෙ තියෙන විවිධ Perspective වලින් නිර්මාණය වෙලා හැදෙන Short films 9 කින් මේ සිරිස් එක සමන්විත වෙනව .ඒ වගේම ජපානයේ ප්‍රසිද්ධම ඇනිමේ ස්ටුඩියෝ සෙට් එකක් තමන්ගෙ එයාලගෙ Visions වලට අනුව තමා මේ Short films ටික නිර්මාණය කරන්නෙ . ඒ නිසා ⁣මේක කැනොන් වලට අයිති වෙන්නෙ නැ ගායිස් . ඒ නිසා වෙනම තමා මේ සෙට් එක අපිට කැටගරයිස් කරන්න පුලුවන් වෙන්නෙ.🔍 ඒ නිසා අමුතුම විදියෙ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වෙයි අපිට ❤

⁣දැන් ඔයාල හිතනව ඇති මේ short films ටික එහෙමත් නැත්තම් එපිසොඩ් සෙට් එක සාමාන්‍ය විදියට ම සතියකට එක ගානෙ රිලීස් වෙනවද කියල . නෑ අද එපිසොඩ් සෙට් එකම රිලිස් වෙනව Disney plus වලට . ඒ නිසා සති ගනන් ඉත්තෑවා තියන් බලන් ඉන්නෙ නැතුව අද හෙටම බලල ඉවර කරන්න පුලුවන් ඔයාල ට ❤😂

දැන් අපි එපිසොඩ් ගැන කෙටියෙන් කතා කරමු .

⭕ The Duel : The duel කියන්නෙ පලවෙනි එපිය Visions වල . මේ එපියෙ Jedi ල සහ Sith ල අතර වෙන සිද්දි ටිකක් ගැන තමා කතා කරන්නෙ . හැබැයි ජපානයේ පුරාවෘතයක් පාදක වෙන alternative history එකකින් තමා මේ එපියෙ කතාව සමන්විත වෙන්නෙ ⁣ගායිස් ❤
මේ එපියෙ Production කටයුතු සිදුකරන්නෙ Kamikaze Douga studio එකෙන් . ඒවගේම මේ එපියෙ ස්ටොරිලයින් එක එන්න තියෙන Emma Mieko Candon ගෙ Ronin :A Visions Novel පොතත් එක්ක Directly ම සම්බන්ධ වෙනව.Ronin කියන්නෙ former sith කෙනෙක් ගැලැක්සියෙ තැන තැන සැරිසරන . අපිට මේ ගැන ලොකු ලිපියක් ගෙන්න පුලුවන් වේවි ⁣මෙයාගෙ ස්ටොරිලයින් එක එලියට ආවම❤

⭕Lop and Ochō : Geno Studio වලින් තමා මේ එපියෙ Produce කරන්නෙ .Direct කරන්නෙ Yuki Igarashi විසින්.😶

⭕Tatooine Rhapsody : තුන්වෙනි එපිය තමා මේ එපිය . මම හිතනව අපිට ටැටුයීන් වල උනු සීද්දි ටිකක් බලාගන්න පුලුවන් වේවි කියල Title එකට අනුව. Taku Kimura විසින් Direct කරන මේ එපිය Produce කරන්නෙ Studio Colorido මඟින්.

⭕The Twins : Hiroyuki Imaishi විසින් තමා ගායිස් මේ එපිය Direct කරන්නෙ. Tigger ස්ටුඩියෝ එකෙන් තමා Production කටයුතු කරන්නෙ .❤ ඉතින් අපි මේ එපිය ට්‍රිගර් නොවි බලමු 😉(ඔව් ඕව් ට්‍රිගර් වෙන්නෙපා ගායිස් 😉)

⭕The Elder : මේකෙ ජෙඩායි කෙනෙක් සහ පැඩවාන් කෙනෙක් ගැන ස්ටොරියක් බලා ගන්න පුලුවන් වේවි අපට . Masahiko Otsuka විසින් Direct කරන මේ එපියත් Tigger Production එකක් තමා . 😉

⭕The Village Bride : පට්ට ඈත ප්ලැනට් එකක තියෙන ගමක Wedding Tradition එකක් Observe කරන Fallen Jedi කෙනෙක් සහ Bride විසින් තමන්ගෙ ගම්වැසියන් බේරගන්න කරන Unexpected Choice එකක් පිලිබඳ කතාවක් අපිට මේ එපියෙන් බලා ගන්න පුලුවන් .Hitoshi Haga ඩිරෙක්ට් කරන මේ එපිය Produce කරන්නෙ Kinema Citrus Studio එකෙන් .❤

⭕Akakin : ඇනකින් වලට ලගින් යන Title එකක් නේ 😉. නමුත් එහෙම සීන් එකක් ගැන නෙවෙ ස්ටොරිලයින් එක වෙන්නෙ . ස්ටොරි ලයින් එක ගැන විස්තරයක් හොයාගන්න නම් මට බැරි උනා ගායිස් 🙂. Director වෙන්නෙ Eunyoung Choi . Production Company එක වෙන්නෙ Science Saru 😱

⭕TO-B1: Jedi කෙ⁣නෙක් වෙන එක තමන්ගෙ ජීවිතේ අරමුණක් කරගත්ත Droid කෙනෙක් කමා ගායිස් T0-B1 කියන්නෙ . Imperial Era එකෙ වෙන ස්ටොරියක් අපිට බලාගන්න පුලුවන් වේවි. ඒ වගේම මේ එපියෙ Unidentified Inquisitor කෙනෙක් වත් බලාපොරොත්තු වෙන්න පුලුවන් .මොකද කැරැක්⁣ටර් එකක් විදියට මේ එපියෙ ඉන්නව Unidentified Inquisitor කෙනෙක් . ආහ් ඒ වගේම Abei Gongora විසින් තමා Direct කරන්නෙ. කලින් එපිය වගේම මේකත් Produce කරන්නෙ Science Saru ස්ටුඩියෝ එකෙන්. 😱

⭕The Ninth Jedi :මට මේ එපිය ගැන නම් ලොකු දෙයක් කියන්න නෑ ගායිස් දැනට 🙂 හැබැයි මට හිතෙන විදියට මේක පට්ටම එපියක් වේවි.🙈
Director සහ Writer වෙන්නෙ Kenji Kamiyana .Production IG තමා ප්‍රොඩක්ශන් සිදු කරන්නෙ.අපි බලමු මොන වගේ ස්ටොරිලයින් එකක් බලාගන්න පුලුවන් වෙයිද කියල ❤

එහෙනම් දැන් මම එපිසොඩ් ගැන පොඩි Intro එකක් දුන්න. ඒත් ඔයිට වඩා පට්ට Intresting සහ Unique ස්ටොරියක් බලාගන්න අපිට පුලුවන් වෙවි කියල හිතෙනව .❤🙂 හේතු ටික ⁣ නිසාම අපෙ ඇනිමි ලවර්ස්ල සෙට් එකට මේ සීරිස් එක වෙනම ආතල් එකකින් බලන්නත් , Starwars Fans ලට ත් තමන් මෙච්චර කාලයක් ස්ටාර්වෝස් බලපු ඇසින් නැතුව වෙනින්ම කන්ණාඩි දෙකක් දාල බලනව වගේ අලුත් විශන් එකකින් බලන්නත් හැකියාව ලැබෙයි අද ඉදල . ❤

A post by Pasindu R2D2

Leave a Reply