You are currently viewing අභ්‍යාවකාශයට යන Film Studio ව 🙆

අභ්‍යාවකාශයට යන Film Studio ව 🙆

Space Entertainment Enterprise (S.E.E) නිවෙිදනය කරලා තියෙන විදියට 2024 අවුරුද්ද වෙද්දි TVසහ Film Studio එකක් අභ්‍යාවකාශයේ නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙනවලු😍😍

මේ Studio එක International Space Station (ISS) එකට සම්බන්ධව ඒ අවටින් නිර්මාණය කරන්න සැලසුම් කරල තියෙනවා වගේම ඒ Studio එකට SEE 1 කියන නමත්.මේ වෙද්දි යෝජනා වෙලා තියෙනවලු.

මේ Studio එකෙන් Film Production එකට අමතරව Sports පැත්තටත් අවධානය යොමු කරල ඒ සදහත් වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න plan කරලලු තියෙන්නෙ😱🙆

මේ Studio එක.නිර්මාණය කිරීමත් එක්කම Tom Cruise ගෙ මීලඟ space එකට සම්බන්ධ film එක.ගැනත් කතාබහක් ඇති වෙලා තියෙනවා..දැනට ආරංචි වෙන විදියට නම් මේ Studio එකේ වැඩ කටයුතු වලට සහයෝගය දෙන්නෙත් ඒ film එකේ production company එකලු..ඒත් එක්කම Tom Cruise ගෙ ඒ Film එකේ production සිද්ධ කරන්න plan කරලා තියෙන්නෙ අභ්‍යාවකාශයේ මේ කියන ප්‍රදේශයෙලු. 🙆😱😍

ඉතින් ඉස්සරහට කො⁣හොම වෙයිද අභ්‍යාවකාශයේ ඉඳන් film,sports,Musical වැඩසටහන් produce කරලා අපිට බලන්න ලබා දෙන මට්ටමකට පත් වෙයිද…😍

දැනට කියන විදියට නම් මේ studio එකේ වැඩකටයුතු 2024 අවුරුද්දෙ දෙසැම්බර් මාසය වෙනකොට අවසන් කරලා විකාශන කටයුතු ආරම්භ කරන්නලු plan කරලා තියෙන්නෙ. 😍😍❤️

Leave a Reply