You are currently viewing 𝕋𝕙𝕖 𝕎𝕚𝕥𝕔𝕙𝕖𝕣 : ℕ𝕚𝕘𝕙𝕥𝕞𝕒𝕣𝕖 𝕠𝕗 𝕥𝕙𝕖 𝕎𝕠𝕝𝕗 𝔼𝕩𝕡𝕝𝕒𝕟𝕒𝕥𝕚𝕠𝕟

𝕋𝕙𝕖 𝕎𝕚𝕥𝕔𝕙𝕖𝕣 : ℕ𝕚𝕘𝕙𝕥𝕞𝕒𝕣𝕖 𝕠𝕗 𝕥𝕙𝕖 𝕎𝕠𝕝𝕗 𝔼𝕩𝕡𝕝𝕒𝕟𝕒𝕥𝕚𝕠𝕟

Spider Man hype එක අස්සේ ගොඩක් අය අඩුවෙන් කතා වුණ ඒත් එනකන් දින ගැන්න දෙයක් ගැන අද කතා කරන්න හිතුවා.😁 ඔව්. ඒ තමයි Witcher Nightmare of the Wolf ඇනිමේශන් මූවි එක ගැන. Witcher fans ලට නම් මේක අමුතුම experience එකක් වුනා. 🔥

ඉතින් Netflix ලාගේ Witcher universe එක තවත් තවත් expand කරන ගමනේ තවත් එක නැවතුමක් තමයි මේ Witcher Nightmare of the Wolf කියන්නේ. 🐺

මේ ඇනිමේශන් මූවි එකේ කියන්නේ නම් අපි දන්න අපේ හිතවතා…. White wolf🐺 witcher එහෙම නැත්නම් Geralt of Rivia ගැන නම් නෙවෙයි.🙅🏻‍♂️ Geralt ගේ father figure එක එහෙම නැත්නම් mentor වුන Vesemir🧔🏻 ගැන. Vesemir ගේ මුළු journey එකම මේ විනාඩි 80ක් පුරාවට අපිට පෙන්නනවා. Vesemir ගැන කිසිම දෙයක් නොදන්න කෙනෙකුට, witchers ලා ගැන කිසිම දෙයක් නොදන්න අයෙකුට උනත් මේක බලන්න පුලුවන් විදියට තමයි කතාව තියෙන්නේ. ✌🏻

කතාව බලපු නැති අයට ස්පොයිල් වෙන්නේ නැති වෙන්න පොඩි explanation එකක් දෙන්න තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. Games ටික ගහපු, Books කියවපු අයටත් මේක අලුත්ම experience එකක් වුනා.🤯 Andrzej Sapkowski ගේ පොත් වලින් based උන මේ witcher universe එකේ vesemir කියන්නේ පැරණිම සහ වැදගත්ම චරිතයක්. මම මුලින් පොත් පැත්තෙන් පොඩි intro එකක් දෙන්නම්. Vesemir ව පොත්වල මුලින්ම mention වෙන්නේ The Voice of Reason කියන short story එකේදි. ඉතින් මේකෙදිත් අපේ white wolf විසින් vesemir ව තමන්ගේ ෆාදර් ෆිග’ එක විදියට වගේ තමයි සලකන්නේ. ඒ වගේම ආපහු අපිට The Sword of Destiny දී vesemir ව මෙන්ශන් වෙනවා. හරියටම අපිට vesmir ව බලාගන්න ලැබෙන්නේ මුලින්ම Blood of the Elves novel එකේදි. මේකෙදි Geralt විසින් Ciri ව Kaer Morhen වෙතට ගෙනල්ලා Vesemir සමඟ පුහුණුවීම ලබාදීම තමයි සිදුවෙන්නේ. කිසිම Witcher කෙනෙක් වයසට යාම නිසා මේ යුනිවර්ස් එකේ මැරිලා නෑ. ඉතින් මේකෙන්ම හිතාගන්න පුලුවන් Vesemir මෙච්චර දීර්ඝකාලයක් හිටියෙ කොහොමද කියලා හිතන්න පුලුවන්. 🧔🏻

ඇත්තටම original novels and short stories ටිකේදී Vesemir ගේ භාවිතය ඉතාම අඩුයි.

ඒත් එක්කම කියන්න හිතුනා Witcher novels කියවන්න කැමති කෙනෙක් ඉන්නවනම් මේ පිලිවෙලට කියවන්න.

📍 The Last Wish
📍 Sword of Destiny
📍 Blood of Elves
📍 The Time of Contempt
📍 Baptism of Fire
📍 The Tower of Swallows
📍 The Lady of the Lake
📍 Season of Storms

මෙතනින් The Last Wish, Sword of Destiny සහ Season of Storms කියන්නේ ප්‍රධාන Witcher saga එකට අයත් නොවන short story novels කිහිපයක්. Witcher සීසන් 1 කට ගොඩක්ම දායක වෙලා තිබුනේ පලවෙනි short story පොත් දෙක. පුලුවන්නම් මේ ටික හොයාගෙන කියවන්න. අපි පොත් ටික ගැන දීර්ඝ review එකක් series එක ලං වුනාම දෙන්නම්.😶

කෙසේ හෝ පොත් කියවලා තිබ්බත් ඒවගේ නොතිබුණු කරුණු එක්ක මේකෙදී netflix විසින් Vesemir ගේ කතාව අපිට ලස්සනට පෙන්වලා දීලා තිබ්බා. Witcher කෙනෙක්ගේ abilities මොනවද, Witcher කෙනෙක් වෙන්නේ කොහොමද, Kaer Morhen එක ගැන, ඒ වගේම Kaer Morhen massacre එක ගැන එහෙම නොදන්න ගොඩක් විස්තර අපිට මේ මුවි එක පුරාවටම ලබා දුන්නා. ❤️

මේකෙදී අපිට තව දැනගන්න පුලුවන් Witcher කෙනෙක්ගේ හැසිරීම, Monster hunting, Kaer Morhen වල Witcher ලගේ පුහුණුව, Vesemir ගේ පෞද්ගලික ජීවිතය, Witcher mutation වගේ ගොඩක් නොදන්න දේවල්.

Witcher universe එකේ expand එකත් එක්ක සීසන් 1 එකට prequel එකක් වශයෙන් බිහිවුන Witcher Nightmare of the Wolf ඇනිමේශන් මූවි එක විසින් යුනිවර්ස් එකේ ගොඩක් තැන් එකිනෙක සම්බන්ධ කලා. ඒ වගේම පුරාවෘත්ත සහ characters build up හොඳම මට්ටමක මේක තිබුනා. අපේ White wolf geralt ගේ mentor ඉතින්, geralt වඩා වැඩි වෙනසක් වෙන්න බෑනේ. තරුණ කාලේ සමාන ගති ලක්ෂණ හොඳට අපිට දකින්න ලැබුනා.

මට පෞද්ගලිකව දකින්න ලැබුනේ අඩුපාඩුවක් විදියට ඉස්සරහට අපිට වැදගත් වෙන්න පුලුවන් චරිත සහ ගැටුම් වගේ දේවල් බොහොමයක් එකට කැටි කරන්න උත්සාහ අරගෙන තියෙන එක(Elves ලා සහ elder races එක්ක තියෙන ගැටුම්). ඊට අමතරව මූවි එකේ storytelling සහ action sequences එහෙම ඉතාමත් හොඳ මට්ටමක තිබුනා.👌🏻

ඒ වගේම Witcher season 2 trailer එකේදි අපිට පෙන්වනවා, Vesemir විසින් Ciri ව පුහුණු කරනවා කියලා. ඉතින් ඒ Hype එක තවත් වැඩි කරන්න nightmare of the wolf මූවි එක සමත් වුනා කියලා මම හිතනවා.

අවසාන වශයෙන් කියන්නේ Witcher Nightmare of the Wolf නරක මූවි එකක් නෙමෙයි, ඒත් මූලිකව identity එකක් එහෙම නැත්නම් වෙනම අනන්‍යතාවක් හදාගනිද්දි පොඩි පොඩි අඩුපාඩු තිබ්බා.😶 විනාඩි 80ක් පුරාවටම fights සහ action වලින් පිරුණු emotional journey එකක් අපිට මේකෙන් ලබාදෙනවා.💕 Witcher fan කෙනෙක් නම් season 2 එන්න කලින් අනිවාර්යයෙන් බලන්නම ඕන මූවි එකක්. හැබැයි මේ මූවි එක නිසාම අලුතෙන් මේ යුනිවර්ස් එකට කට්ටිය එකතු වෙයි කියලා මම හිතන්නේ නෑ. ඉතින් එහෙනම් Witcher universe එකේ රසය විඳින්න. බලන්න👌🏻🔥

Leave a Reply