You are currently viewing USS Enterprise

USS Enterprise

⚡⚡⚡ Star Trek කියපු ගමන් කාටත් මුලින්ම මතක් වෙන දෙයක් තමයි Enterprise කියන්නේ😊. Federation Starfleet එකේ USS Enterprise කියන යානය එගේ තවත් iconic යානා sci fi කල්චර් එකේ තියෙනවා නම් ඒ බොහොම ස්වල්පයයි 🥺🔥. එහෙනම් ගායිස් අපි කතා කරන්න යන්නේ මේ යානය ගැනයි 🚀.
මුලින්ම කියන්න ඕනේ Enterprise කියන නම දැරූ යානා Star Fleet එකේ ඉතිහාසේ තිබුණේ එකක් නෙමේ. ඒ නිසා අද අපි මේ යානාවල ඉතිහාසය හොයලා බලමු.⚡⚡

🛑🛑🛑 Enterprise XCV 330 🛑🛑🛑

මේ යානය තමයි ඇත්තම කියනවා නම් Star Trek: The Original Series එකේ යානය විදියට මුලින්ම යෝජනා වෙලා තිබුණේ. නමුත් විවිධ product decisions නිසා මේ අදහස අතහරිනවා. ඒත් Star Trek Motion Picture සහ Kelvin Universe එකේ Star Trek Into Darkness ෆිල්ම්ස්
වල පසුබිමේ මේවා වල් මොඩල දකින්න පුළුවන්.

🛑🛑🛑 Enterprise NX-01 🛑🛑🛑

මේ යානය තමා Enterprise කියන නම ලැබුණු මුල්ම Star Fleet යානය. ඒ කියන්නේ Enterprise සිරිස් එකේ අපිට දකින්න හම්බෙන යානය. මේකේ විශේෂත්වය තමා පෘථිවියේ Warp Technology එකේ නිර්මාතෘ Zefram Cochrane ගේ මූලිකතවයෙන් ම නිර්මාණය උන යානයක් වීම.

🛑🛑🛑 USS Enterprise NCC 1701 🛑🛑🛑

මේ යානය තමා අපි කව්රුත් දන්න Legendary යානය. ඒ කියන්නේ TOS එකේ James T Kirk, Mr Spock වගේ අපි දන්න චරිත හිටපු යානය. මේ යානය අයිති වෙන්නේ Constitution Class එකට. අවුරුදු 40ක් සේවය කරන මේ යානය Star Trek 3 ෆිල්ම් එකේදි විනාශ වෙනවා බලා ගන්න පුලුවන් අපිට. ඒ වගේම Kelvin එකේදීත් පෙනුමෙන් ටිකක් වෙනස් වුණත් අපිට මේ යානය දකින්න පුළුවන්. Star Trek Beyond ෆිල්ම් එකේදි මේ යානයත් විනාශ වෙනවා දකින්න පුළුවන් අපිට.

🛑🛑🛑 USS Enterprise NCC 1701 A 🛑🛑🛑

කලින් යානය විනාශ වුණාට පස්සේ launch කරපු යානය තමයි මේ. TOS එකේ cast එක හිටපු ඉතුරු ෆිල්ම් තුනේම අපි දැක්කේ මේක. මේ යානය අයිති වෙන්නෙත් Constitution Class එකටම තමයි. ඒ වගේ ම තමයි Kelvin Timeline එකෙත් මේ යානයේ version එකක් අපිට බලා ගන්න පුලුවන් වෙනවා Star Trek Beyond ෆිල්ම් එකේ අන්තිමට. ඒත් ඉතින් ඒ යානය හරියටම බලාගන්න නම් අලුත් ෆිල්ම් එක එනකම් ඉන්න වෙනවා.

🛑🛑🛑 USS Enterprise NCC 1701 B 🛑🛑🛑

Star Trek Generations ෆිල්ම් එකේ අපිට බලාගන්න පුළුවන් වෙන යානය තමයි මේක. මේක අයිති වෙන්නේ Excelsior Class එකට. Constitution Class එකට බොහෝ සමාන කම් තිබුන මේ යානය තමයි Kirk Captain කෙනෙක් විදියට අපි නොදකින පළවෙනි Enterprise යානය.

🛑🛑🛑 USS Enterprise NCC 1701 C 🛑🛑🛑

The Next Generation සිරිස් එකේ එපිසෝඩ් එකකදී අපිට බලාගන්න පුළුවන් වෙන යානයක් තමා මේ. Ambassador Class එකට අයිති වෙන මේ යානය Star Trek ඉතිහාසයේ විශේෂ වැදගත් සිද්ධියකට මුලපුරණ යානයක්.

🛑🛑🛑 USS Enterprise NCC 1701 D 🛑🛑🛑

Star Trek ඉතිහාසයේ තවත් Legendary යානයක් තමා මේ. TNG සිරිස් එකේදි බලාගන්න පුළුවන් වෙන මේ යානය Galaxy Class එකට අයිති වෙන සුපිරි ගණයේ යානයක්. 1701 D කියන්නේ Star Trek ඉතිහාසයට කොච්චර වැදගත් යානයක්ද කියලා ඔයාලට මතක් කරන්න ඕනේ නෑනේ

🛑🛑🛑 USS Enterprise NCC 1701 E 🛑🛑🛑

1701 D ගේ විනාශයෙන් අපිට දකින්න ලැබෙන යානය තමයි මේ. Sovereign Class එකට අයිති වෙන මේ යානය Star Fleet එක සතුව තිබුන ආයුධ සන්නදධම යානා වලින් එකක් විදියට තමයි සැලකුනේ.

🛑🛑🛑 USS Enterprise NCC 1701 F 🛑🛑🛑

මේ යානය නම් අපිට කිසිම සිරිස් එකක හෝ ෆිල්ම් එකක බලා ගන්න පුළුවන් වෙන්නේ නම් නෑ. අපිට මේක දකින්න පුළුවන් වෙන්නේ Star Trek Online ගේම් එකේ. මේ යානය Odyssey Class එකට අයිති කියලා තමා කියවෙන්නේ.

🛑🛑🛑 USS Enterprise NCC 1701 J 🛑🛑🛑

මේ යානය විශේෂ එකක්, ඒ මොකද කියනවා නම් මේක අයිති වෙන්නේ 26 වෙනි ශතවර්ෂයට. දිගින් 3km විතර වෙන Universe Class එකට අයිති වෙන මේ යානය අපිට දකින්න වෙන්නේ ඇතුලතින් සහ Screen එකක දැක්වෙන රූපයක් විතරයි. ඒ Enterprise සිරිස් එකේදි.

⚡⚡⚡අද මං අරන් ආවේ Enterprise යානාවල ඉතිහාසයෙන් පොඩ්ඩක්. Star Trek Universe එක් තවත් විස්තර අරගෙන ආයේ හම්බෙමු.⚡⚡⚡

Leave a Reply