Star Trek Universe එක කියන්නෙ බොහොම ලොකු Lore එකක් තියෙන Universe එකක්😎. ඔයලා දන්නවා ඇතිනේ Pop Culture එකේ Star Wars Universe එකත් එක්ක ගොඩක් වෙලාවට සසඳන Universe එක තමා Star Trek Universe එක💞. ඇත්තටම Star Trek කියන්නෙ Star Wars වගේම Universe එකක්ද. ඒකට උත්තරය තමා ඔව් සහ නැහැ🤔.
Star Wars වල වගේම අමුතු අමුතු පිටසක්වල ජීවීන් හිටියත් Star Trek කියන්නෙ Star Wars වගේ Sci fi Fantasy වගේ නොවන Hardcore Sci fi ගනයට වැටෙන දෙයක්💪🏽.
අද අපි කතා කරන්න යන්නේ Star Trek අලුතින් ම බලන්න පටන් ගන්න කෙනෙකුට ඒක කරන්න හොඳම විදිය ගැන😊. 1967 ඉඳන් මේ දක්වා Star Trek Tv Series සහ Films විශාල ගණනාවක් නිකුත් වෙලා තියෙනවා. මේ නිසා අලුතෙන්ම මේ Universe එකට අත ගහන කෙනෙකුට පටන් ගන්නේ කොතනින්ද කියන එක ගැටලුවක් වෙන්න පුලුවන්😐.
👉🏽 අපි මුලින්ම බලමු මේ සීරීස් විකාශනය වුන පිලිවෙල
⛔ Star Trek:Original Series 1967-1969(3 seasons)
⛔ Star Trek:The Next Generation 1987-1994 (7 seasons)
⛔ Star Trek:Deep Space nine 1993-1999 (7 seasons)
⛔ Star Trek:Voyager 1995-2001(7 seasons)
⛔ Star Trek:Enterprise 2001-2005(4 seasons)
⛔ Star Trek:Discovery 2017- Present(3 seasons+)
⛔ Star Trek:Picard 2019- Present(1 season+)
මීට අමතරව,
⛔ Star Trek Animated series 2 ක් විකාශනය වුනා.
⛔ Star Trek The Animated Series 1973-1974
⛔ Star Trek Lower Decks 2020
ඒ වගේම Star Trek: Short Treks 2018-2020 කියන Anthology සීරීස් එකකුත් නිකුත් වුනා. මේක Live Action + Animation සීරීස් එකක්( මේ Episodes කීපයක් අපිට CBS All Access/Paramount Plus Youtube චැනල් එකෙත් බලා ගන්න පුලුවන්)
👉🏽අපි ඊලඟට බලමු Star Trek ෆිල්ම්ස් ටික ගැන.
Star Trek ෆිල්ම්ස් අපිට යුග කීපයක්ට කඩන්න පුලුවන් ඒ තමයි The Original Series films, The Next Generation films සහ Kelvin timeline films🤷♂
The Original Series films
Star Trek original series එකේ කාස්ට් එක රඟපාන ෆිල්ම්ස් සෙට් එක තමයි මේකට අදාල වෙන්නේ.
⛔ Star Trek The Motion Picture (1979)
⛔ Star Trek 2 The Wrath of Khan (1982)
⛔ Star Trek 3 The Search for Spock (1984)
⛔ Star Trek 4 The Voyage Home (1986)
⛔ Star Trek 5 The Final Frontier (1989)
⛔ Star Trek 6 The Undiscovered Country (1991)
TNG films
මේ ෆිල්ම්ස් සෙට් එක ගොඩ නැගෙන්නේ TNG series එකේ කාස්ට් එක වටායි
⛔ Star Trek Generations (1994)
⛔ Star Trek First Contact (1996)
⛔ Star Trek Insurrection (1998)
⛔ Star Trek Nemesis (2002)
Kelvin Timeline
මේ ෆිල්ම්ස් සෙට් එක ගැන කියනවානම් මේක ප්‍රධාන timeline🕚 එකට අදාල නැහැ. 2009 දී ආපු reboot එකකින් තමා මේ සීරීස් එක පටන් ගන්නේ. Original series එකේ ඉන්න Captain James T Kirk, Mr Spock, Bones වගේ චරිත මත පාදක උනත් වෙනම timeline එකක තමා මේ ෆිල්ම් සීරීස් එකේ දේවල් සිද්ධ වෙන්නේ.
⛔ Star Trek (2009)
⛔ Star Trek Into Darkness (2013)
⛔ Star Trek Beyond (2016)
හොඳයි, අපි ඊලඟ යමු අපේ ප්‍රධාන මාතෘකාවට. මොන පිලිවෙලටද මේවා බලන්න ඕනෙ කියන එක. ඇත්තම කියනව නම් මේ watch order එක ටිකක් සංකීර්ණයි🤯. ඒ නිසා මම ක්‍රම කීපයක් යෝජනා කරනවා. ඔයාලට ගැලපෙනවා කියල හිතෙන ඕඩර් එකට ඔයාලා බලන්න පටන් ගන්න🤗.
හොඳම trekkie කෙනෙක් විදියට මම යෝජනා කරන්නේ tv series සහ films ආපු පිලිවෙලට නැරඹීම පටන් ගන්න එක සුදුසුයි කියලා.💯 ඒ කියන්නෙ මුලින්ම The Original Series එක බලන්න පටන් ගන්න. ඊට පස්සෙ ඔයාල Original Series එකට අදාල ෆිල්ම්ස් ටික බලන්න. ඊට පස්සෙ The Next Generation සීරීස් එකයි ඒකට අදාල ෆිල්ම්ස් ටිකයි බලන්න😀. මේ වෙන කොට ඔයා Star Trek Universe එකේ main ම storylines ටික බලලා ඉවරයි. ඊට පස්සෙ Deep Space 9, Voyager සහ The Enterprise කියන සීරීස් ටික බලන්න.🤘ඊට පස්සෙ වෙනසකටත් එක්ක වගේ Kelvin Timeline එකේ ඇවිත් තියෙන ෆිල්ම්ස් 3 බලන්න පුලුවන්. ඊට පස්සෙ ඔයාගෙ අවදානය Star Trek Discovery සහ Picard කියන සීරීස් වලට යොමු කරන්න. ඔයා Animation ඒවට කැමති නම් Star Trek The Animated Series Star සහ Trek Lower Decks කියන සීරීස් දෙකත් බලන්න😀.
මේ මම කිව්වේ Trekkie කෙනෙක් විදියට මම අනුමත කරන Watch order එක👦🏽. ඒත් මම දන්නවා සමහරු 1967 වගේ ආපු සීරීස් එකක් බලන්න එච්චර කැමති නැති බව😒. එහෙම කියලා Star Trek බලන අදහස අතහරින්න එපා. එහෙම අයට හොඳ ක්‍රමයක් මම කියන්නම්,
ගොඩක් වෙලාවට Original Series එක බොහොම පරණ එකක් නිසා ගොඩක් දෙනාට ඒ සීරීස් එක හිතට නොවදින්න පුලුවන් කියලා මම කිව්වනේ. මේක නිසා Star Trek බලන එක නතර කරන්නත් පුලුවන්.ඒ නිසා ඒවගේ අයට මගේ උපදෙස වෙන්නේ Star Trek බලන්න ආරම්භ කරන්න හොඳම සීරීස් එක The Next Generation(TNG)😀. TNG බලලා ඉවර වෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම Star Trek Universe එකට පිස්සු වැටිලා ඉවරයි😍. ඊට පස්සෙ ඔයාලගෙ කැමැත්ත අනුව Original Series එක හෝ DS9 series එක බලන්න. මේ දෙකම බලලා ඉවර උනාට පස්සෙ ඔයාලගෙ කැමැත්ත අනුව Voyager සහ Enterprise කියන සීරීස් දෙක බලන්න. අවසානයේ අලුතින්ම ආපු Discovery සහ Picard සීරීස් දෙක බලන්න පුලුවන්💪🏽.
මේ ක්‍රමයත් හරිම නැත්තම් මම යෝජනා කරන්නේ Modern Star Trek වලට මුලින්ම අත තියලා ඊට පස්සෙ Old Star Trek වලට බහින්න කියලා. ඔයාලා බලනවා ඇති මොනාද මේ Modern සහ Old Star Trek කියන්නෙ කියලා🤔. මන් ඒ ගැනත් කියන්නම්
Modern Star Trek
⛔ Kelvin Timeline Films, Star Trek Discovery, Picard, Lower DecksOld Star Trek
⛔ The Original Series/Films, TNG Series/Films, Voyager, DS9, Enterprise
එහෙනම් ඔයාලට තියෙන්නෙ Kelvin Timeline එකේ Films ටිකෙන් වැඩ පටන් ගන්න😎. ඊට පස්සෙ Picard, Discovery වගේ සීරීස් එකක් බලලා පරණ ඒවට අත තියන්න. හැබැයි Trekkie කෙනෙක් විදියට මම මේ ක්‍රමේ එච්චර ම හොඳයි කියන්නෑ🙃. මොකද Old Star Trek සහ Modern Star Trek අතර ලොකු වෙනසක් තියෙනවා. Star Trek වල නිර්මාතෘ විදියට හඳුන්වන Gene Roddenberry ගෙ Vision එකට වඩා Modern Star Trek වෙනස් කියන එක Trekkiesල කවුරුත් පිලිගන්න දෙයක්🙅🏽♀. ඒක නිසා Star Trek වල නියම essence එක ගන්න නම් පරණ ඒවා මුලින්ම බලන එක හොඳයි කියන එක තමා මගේ අදහස🤗💯.
මම හිතනවා අලුතින් Star Trek බලන්න හිතාගෙන ඉන්න අයට මේ Post එක වැදගත් වෙන්න ඇති කියලා😀. ඒවගේම කියන්න ඕනෙ මේ තියෙන්නෙ මගේ අදහස් විතරයි. මීට වඩා හොඳ ක්‍රමත් තියෙන්න පුලුවන්. Star Trek බලපු අයට පුලුවන් ඒ ක්‍රම යෝජනා කරන්න📝. මගෙ තියෙන එකම ඉල්ලීම තමා Discovery සහ Picard සීරීස් දෙකෙන් Star Trek බලන්න ආරම්භ කරන්න එපා කියන එක🥺.
තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න😃
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ HypeZone youtube channel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone 📽
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
එහෙනම් අපි ඊලඟ පෝස්ට් එකෙන් හමුවෙමු🖐🏽.
Stay Safe Stay Hype and
Also like Mr Spock says Live Long and Prosper 🖖🏼