Pop culture එක ඇතුලේ Millennium Falcon යානයට වඩා ප්‍රසිද්ධ තවත් යානා තියෙනවා නම් ඒ බොහොම පොඩ්ඩයි. Star Wars ඉතිහාසයේ නොමැකෙන නමල් තිබ්බ මේ Millennium Falcon යානයේ ඉතිහාසය මොකද්ද, මේ යානය අයිති වෙලා තිබුනේ Han Solo සහ Lando Calrissian විතරද. අපි අද පෝස්ට් එකෙන් කතා කරන්න යන්නෙ ඒ ගැන.එහෙනම් ගායිස් අද අපි මේ Legendary යානය ගැන හොයලා බලමු.
අහ් ඒ වගේම තවත් දෙයක් කියන්න ඕනෙ. මන් කලින් දවසක කිව්ව වගේ අදත් කාලවකවානු ගැන කතා කරද්දි මන් භාවිතා කරන්නෙ BBY(Before Battle of Yarvin) සහ ABY(After Battle of Yarvin) කියන මිමි දෙක.
>>> ඉතිහාසය
Millennium Falcon යානයේ නිර්මාතෘ සමගම වෙන්නෙ Corellian Engineering Corporation(CEC) සමාගමයි. CEC හැඳින්වූනේ මන්දාකිනියේ හොඳම යානා නිපදවූ සමාගම් 3න් එකක් විදියටයි. හාන් සෝලෝගෙ වචනයෙන්ම කියනවා නම් “CEC ships will keep going until it hits something”
Millennium Falcon කියන්නෙ 60 BBY වලදී නිර්මාණය කල YT 3000 සීරිස් එකේ Light Freighter එකක්. Freighter එකක් කියන්නෙ භාණ්ඩ ප්‍රවාහනා යානා වලට වුනත් YT 3000 සීරීස් එකෙ බැලූ බැල්මට භාණ්ඩ ප්‍රවාහන යානයක් විදියට පේන්නෙ නෑ. මේකට හේතුව විදියට සලකන්නෙ මේ යානා භාණ්ඩ තල්ලු කරමින් රැගෙන යන්න සැලසුම් කරපු යානා කාණ්ඩයක් වුන එකයි.
අපි දන්න මේ Legendary YT 3000 යානයේ මුල්ම නම වුනේ Corell’s Pride. ඉදිරිය සේවා කාලය තුල මේකෙ නම Fickle Flyer සහ Meetyl’s Misery වගේ නම් වලට වෙනස් වුනා.
තවත් අවුරුදු 12කට (48 BBY) පස්සෙ Kal Brigger සහ Dova Brigger කියන භාණ්ඩ ජාවාරම් කාරයො දෙන්නා මේ යානය මිලදී ගන්නවා. මොවුන් දෙදෙනා මේ යානය Hardwired ලෙස නම් කරනවා. Kal සහ Dova මරණයෙන් පස්සෙ (44 BBY) මේ යානය අයිතිකරුවන් කීපදෙනෙක් යටතෙ නම් කීපයකට වෙනස් වෙමින් සේවයේ යෙදෙනවා. 29 BBY වලදී Republic Group එකක් මේ යානය මිලදී ගන්නවා. මේ වෙනකොට මේකෙ නම Stellar Envoy. වසර 12ක් Stellar Envoy යානය මේ ගෲප් එක යටතේ වැඩකරනවා.
18 BBY දී පමණ Stellar Envoy විශාල භාණ්ඩ ප්‍රවාහන යානයක් සමග වෙන ගැටුමකින් විනාශ වෙනවා. නැවතත් ප්‍රතිසංස්කරණ කරපු මේ යානය Second Chance කියන නමින් සේවයට පැමිණෙනවා. මේ කාලය තුල Second Chance භාවිතා කරන්නේ ජාවාරම් කටයුතුවලට. මේ ජාවාරම් අතරතුරදී අධිරාජ්‍ය හමුදාව මේ යානය ඔවුන් සතුවට ගත්තත් Rebel Alliance එක මේක යානා අංගනයෙන් පැහැර ගන්නවා. අවසානයේ මේ යානයට අපි කවුරුත් දන්න Millennium Falcon කියන නම ලැබෙනවා. 9 BBY දී යුද්ධ ප්‍රහාරයක් අතර Rebel නියනුවෙක් තමන්ගෙ සේවය පැහැර හරිමින් Millennium Falcon එකත් එක්ක පැනලා යනවා. අවසානයේ මේ නියමුවා යානය දොස්තර කෙනෙකුට මේ යානය තෑගි කරනවා. තවත් අයිතිකරුවන් කීපදෙනෙක් අතරේ හුවමාරු වුන Millennium Falcon යානය අවසානයේ සුප්‍රකට Lando Calrissian අතට පත්වෙනවා. ඒ Sabacc තරඟාවලියක ඔට්ටුවක් ජයග්‍රහණය කිරීමෙන්. Lando ට Millennium Falcon එක අහිමි වෙන්නෙත් මේ වගේම Sabacc තරඟාවලියක දී. ඒ 2 BBY දී විතර. Han Solo සහ Lando අතර තිබ්බ ඒ Sabacc තරඟය සිදු වුනේ කොහොමද කියලා අපි දැක්කානේ Han Solo ෆිල්ම් එකේදී. එතනින් එහාට Millennium Flacon යානය Star Wars ඉතිහාසයට වැදගත් වුනේ කොහොමද කියලා මන් විස්තර කරන්න ඕනෙ නෑනෙ. පලවෙනි Death Star එක විනාශ කිරීමේ ඉඳන් පැල්පටීන්ට එරෙහි අවසන් විශාල යුද්ධය දක්වා Millennium Falcon යානයෙන් සිද්ධවුන සේවය ගැන කියන්න දෙයක් නෑනෙ.
>>> Kessel Run
Millennium Falcon ගැන කතා කරනවා නම් අපිට අමතක කරන්න බැරි දෙයක් තමා Kessel Run එක. Star Wars New Hope ෆිල්ම් එකේදි Millennium Falcon යානය ගැන කියද්දී හාන් කියනවා “It’s the ship that made the Kessel run less than 12 parsec” කියලා. හාන් මෙතනින් අදහස් කලේ Falcon එකේ වේගෙ ගැන අදහසක් දෙන්න. නමුත් මේ වාක්‍ය Star Wars Fandom එකේ විවාදයට ලක්වෙච්ච ප්‍රධාන මාතෘකා අතරින් එකක්. ඒකට හේතුව තමයි Parsec කියන්නෙ දුර මනින ඒකකයක් මිසක් වේගය මනින ඒකකයක් නොවීම.(1 parsec = 3.26 Lighyears) ඒත් Han Solo: A Star Wars Story එකෙන් මේ ප්‍රශ්නය විසඳුවේ Millennium Falcon යානය shortcut එකක් පාවිච්චි කරලා Kessel Run එක 12 parsec වලට අඩුවෙන් කලා කියලයි.
Fun Facts
>Millennium Falcon එකට මේ නම ලබෙන්න හේතුව තමයි Bat Falcon කියන වේගවත් සත්වයා.
>අපි අද දකින Millennium Falcon එකේ design එක නෙමේ original design එක. අපි දකිය යානය design කරලා තියෙන්නෙ සතියක් ඇතුලතලු.
>ඔයාලා Star Trek ෆෑන් කෙනෙක් නම් දන්නවානෙ First Contact ෆිල්ම් එකේ Borg Cube එකත් එක්ක තිබුන සටන. මෙතනට සහභාගි වෙච්ච යානා අතරින් එකක් විදියට Millennium Falcon යානය තත්පර කීපයකට අපිට දකින්න පුලුවන් .
>ඔයාලට මතක ඇති Millennium Falcon යානය Alderaan වලට යන අතර තුරදී Obi-Wa Luke ට Lightsaber එක පාවිච්චි කරන්න උගන්නනවා. එතනදි Luke දාගෙන ඉන්න හෙල්මට් එක අයිති Millennium Falcon එකේ මුල් අයිති කාරයෙක්ටලු.
>යානය නිශ්පාදනය කරපු 60 BBY ඉඳන් Rise of Skywalker දක්වා(40 ABY විතර) කාලය බැලුවහම Millennium Falcon යානය අවුරුදු 100 ක් විතර පරණයි .
Millennium Flacon එකේ Legacy එක ගැන තවත් විස්තර කරන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. ඒ වගේම Millennium Flacon එකේ තවත් වැඩ කිඩ ඉස්සරහට බලා ගන්න ලැබේවා කියල හිතන ගමන් මම අද නතර වෙනවා.
එහෙනම් ගායිස් තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න
ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න
කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ hypezone youtube chanel එකට සෙට් වෙන්න
https://youtube.com/c/HypeZone
අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk
එහෙනම් හැමෝටම May the Force be with you