චිත්‍රපටයක් නිර්මාණයට අවශ්‍ය වන්නේ නිර්මාණශීලී අදහසක් පමණයි කිවුවොත් ඔබ පිලිගන්නවද?🤷🏻♂️ ඔව්, ඇත්තටම ඉතා පුංචි කාරණාවක් යොදාගෙන වුවත් අති සාර්ථක සිනමා නිර්මාණයක් බිහි කරන්න පුලුවන්. 😉
ගො…..ගො…..ගො….. ගොත ගැසීම🙄🥴
යම් පුද්ගලයෙක් ගේ ගොත ගැසීම සාර්ථක සිනමා නිර්මාණයක් බිහි වීමට තරම් දෙයක් කියලා ඔබ බොහෝ දෙනෙක් හිතන්නේ නෑ. 😏
රජකෙනෙක්?👑 අපෝ ඕන තරම් රජ කතා තියෙනවනෙ? විශේෂත්වය මොකක්ද?🤦🏻♂️
මම ඉහලින් සඳහන් කලා වගේම පුංචි සිද්ධියක් දායක කරගෙන බිහිවුණු සුපිරි ගණයේ චිත්‍රපටයක් ගැන තමයි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නෙ. ඒ තමයි King’s Speech.👑
2010 වසරේ හොඳම චිත්‍රපටය, හොඳම නළුවා ඇතුළු ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන🏆 4ක් මේ විශිෂ්ට සිනමාපටය හිමි කරගන්නවා. ඔව් මම මුලින් කිවුවා වගේම මේ චිත්‍රපටයට දායක වෙන්නේ පුංචිම පුංචි කතාවක්. 👀
මහා බ්‍රිතාන්‍යයේ🇬🇧 හැමෝගෙම Granny…..🤭 ආහ් නෑ නෑ. මහා බ්‍රිතාන්‍යයේ එලිසෙබෙත් රැජිණ ගේ😉 පියා වුණු 6වන ජෝර්ජ් රජතුමාගේ තරුණ කාලයේ කුඩා සිඳුවීමක් අලලා තමයි මේ කතාව දිව යන්නේ.
Tom Hooper කියන අධ්‍යක්ෂවරයාගේ නිර්මාණයක් වුණු මෙහි කතාව දිවයන්නේ හයවන ජෝර්ජ් රජතුමාගේ ගොත ගැසීම වටා. ඔව් ඔව් ඔයා හරියටම ඒක කියෙව්වා.😉 ජෝර්ජ් රජතුමාව ගොඩක් සමීප අය හැඳින්වූයේ බර්ටි කියලා. ඉතින් මේ බර්ටිගේ ගොත ගැසීම නිසා ඔහුට විඳින්න සිදු වුණු පීඩා හා ඒක මැඩපවත්වා රජෙක් ලෙස ලබන්න පුළුවන් ගෞරවය ජනයාගෙන් ලබාගන්න ආකාරය මේ කතාව පුරාවට තිබෙනවා. ලංකාවේ වුණත් දේශපාලකයෙක්ට හොඳට කථන හැකියාවක් තියෙන්න ඕනනේ. ඒක අපි හොඳින්ම දන්නවා.😁 ඉතින් ඒ වගේම තමයි බ්‍රිතාන්‍යයේ වුණත් මුළු රටේම වගේම ඒ වෙද්දී අධිරාජ්‍යයක නායකයෙක් වුණු රජතුමා වුණත් කථන හැකියාව අඩාල නම් ඔහුව සමාජයේ විහිලුවට ලක් වෙනවා. ඒ හේතුවෙන් තමන්ගේ දුර්වලතාවය යටපත් කරගෙන රටේ රජු බවට පත්වන ආකාරය මේ සිනමා පටය තුළින් නිරූපණය කරනවා.👀
හයවන ජෝර්ජ් රජු එහෙම නැත්නම් බර්ටිට මේ තමන්ගේ ගොතය වලක්වාගන්න උදව් කරන්නේ Speech Therapist කෙනෙක් වෙන ලයනල් විසින්. මේ ලයනල් හා බර්ටි අතර සම්බන්ධය අපුරූවට මේ කතාව තුළ ගොඩනගනවා.
King’s speech ගැන කතා කරද්දී අමතක කරන්නම බැරි දෙයක් තමයි මෙහි සිනමාකරණය එහෙම නැත්නම් Cinematography.🎥 අපි චිත්‍රපටයක් බලද්දී ඒවායේ එක එක විදියට රාමු තුළ දර්ශන හැසිරවීම සිදු වෙනවා. කැමරාව තුළින් close up shots, far shots, whole body shots නැත්නම් එක් තැනකට විතරක් රාමු කරන ආදී එක එක අයුරින් සිනමාකරණය සිදු කරනවා.
ඇයි ඉතින් මේ Cinematography මෙච්චර විශේෂ වෙන්නේ? ඇයි එහෙම කෙනෙක්ව රාමු කරන්නේ? ඇයි දුරින් ඒ වගේම ළඟින් කැමරාකරණය කරන්නේ? ඇයි සමහර තැන්වල අවධානය වෙනතකට යොමු කරවන්නේ?🤷🏻♂️
මේ සියල්ලම සිදු කරන්නේ උවමානවෙන්. මේ සියල්ලම සිනමාව තුළ සිදු කරන්නේ එය ප්‍රේක්ෂකයාට හුදු සිනමා නිර්මාණයක් නොවී ගුණාත්මක භාවය තුළින් විශේෂණයක් පෙන්වීමටයි. Quality over quantity.😉❤️
මේ King’s Speech ගැන කතා කරනකොට එහි වැඩි වශයෙන් භාවිත වන රාමුවක් තමයි Unbalanced shots එහෙම නැත්නම් සමබර නොවන රාමු. මේ සමබර නොවන රාමුවල යොදාගන්න හේතුව වෙන්නේ සාම්ප්‍රදායෙන් ඔබ්බ්ට, නීතී රෙගුලාසි බිඳ දමන බව පෙන්වීමට. මේ සමබර නොවන රාමුවලට ආභාසය ලැබෙන්නේ පුනරුද ප්‍රංශයේ චිත්‍ර ශිල්පීන්ගෙන්. ඒ අය බොහෝ දෙනෙක් සාම්ප්‍රදායිකව යමෙක් මධ්‍යව තබා අඳින Portrait සංකල්පයෙන් මිදිලා කිසිවක් වෙත රාමු නොවන යොමු නොවන නිදහස් චිත්‍ර සංකල්පයක් හඳුන්වා දෙනවා. ප්‍රධාන වශයෙන් Edgar Degas, Pierre-Auguste Renoir, Claude Monet ආදී ශිල්පීන් තමයි මේ සම්ප්‍රදාය බිඳදමන්නේ. 🎨🖌️
උදාහරණ ලෙස අපිට මේ කලා නිර්මාණ ගන්න පුලුවන්.
📍 Impression, Sunrise – Monet
📍 Place de la Concorde – Degas
📍 Four Dancers – Degas
📍 October – Jules Bastien-Lepage
📍 The song of the lark – Jules Brenton
අපි සිනමාපටයට හැරුණොත් ලයනල් ගේ නිවසේ බිත්ති, රිජන්ට් පාක් එක වගේ පසුතල එක්ක අපිට මේ සමබර නොවන රාමු දක්නට ලැබෙනවා. මේ unbalanced දර්ශනයන් පෙන්වන්න අපි හේතු බලමු. මේ හේතුවෙන් චිත්‍රපටයට හොඳ සිනමාකරණයක් ලැබුණද?🤔
අපිට ගොඩක් වෙලාවට මේ Unbalanced දර්ශන දකින්න ලැබෙන්නේ බර්ටි එහෙම නැත්නම් හයවන් ජෝර්ජ් රජු👑 ඉන්න දර්ශනවල. ඔහුගේ මනසේ තියෙන අනාරක්ෂිත බව වගේම සැනසිලිදායක නොවන ස්වාභාවය මේ රාමු මඟින් අපිට පෙන්වන්න සැලසුම් කරනවා. බර්ටි, ලයනල්ව මුණ ගැසෙන්න යන විට ලයනල්ගේ නිවසේ බිත්තියට වැඩි අවධානය දී බර්ටිගේ මුහුණ මේ Unbalanced shot එකකින් පෙන්වීම ආදී බොහෝ තැන්වල බර්ටිගේ මේ අනාරක්ෂිත බව පෙන්නුම් කරන්න මෙය යොදා ගෙන තිබෙනවා. ඒත් ලයනල් හැම තිස්සෙම ඉන්නේ ආත්මවිශ්වාසය පෙරදැරිව. ඒ නිසා ලයනල්ගේ දර්ශන සියල්ල ඔහුව රාමුවේ මධ්‍යස්ථව සමමිතිකව තබා රූපරාමු ගත කොට තියෙනවා.🙍🏻♂️
බර්ටි ඔහුටම ගරු කරන්නේ නෑ. ඔහුට අවධානය යොමු කරන්නේ නෑ.💔 ක්‍රමයෙන් මේ අනාරක්ෂිත බව දුරලා අධිරාජ්‍යයට අවශ්‍ය නායකයෙක් වීමට තමන්ගේ ගොතය මැඩපවත්වන ආකාරය සුන්දරව මේ කතාව පුරාවට ගොඩනගනවා. සමහරෙක්ට මේක කම්මැලි සිනමාවක් වෙද්දි සමහරෙක්ට අනර්ඝ වෙන්න පුලුවන්. කෙනාගෙන් කෙනාට රසය වෙනස් වෙනවා. අපි අද බොහෝ දුරට කතා කලේ King’s Speech හි සිනමාකරණය ගැනනේ. බැලුවේ නැත්නම් දැන්ම බලන්න.
නීතී කඩන්න කලින් ඔබ දැනගන්න ඕන නීතී තියෙන්නේ මොකටද කියන වග. ඉන් පසුව ඔබට පුලුවන් අනර්ඝ නිර්මාණයක් සම්ප්‍රදායෙන් ඔබ්බට තනන්න.
එහෙනම් තවත් සිනමා කියවීමකින් හමුවෙමු.
එතෙක් Stay Safe. Stay Hype.❤️✨