You are currently viewing King Kong ගැන කතා කරමුද ? ⚡🙏💯

King Kong ගැන කතා කරමුද ? ⚡🙏💯

කොන්ග් ගැන කතා කරනකොට හැම දේකටම කලින් ඔයාලා අපි හැමෝටම මතක් වෙන්නෙ King Kong ෆිල්ම් එක..❤ මතකනේ TRex වලිය ? ❤ අන්තිමට කින්ග් කොන්ග් ව නගරෙට ගෙනත් වෙන වින්නැහිය ? 💔 ඒ අපූරු ෆිල්ම් එකත් මතක් කරගෙන..ඇත්තටම කවුද මෙ කොන්ග් කියන්නෙ කියලා අහු මුලු හාර අවුස්සලා බලමු ? 🌎

ඉතින් මුලින්ම කියන්න ඕනෙ අපි මේ කතාවට එක එක කාල වලදි ආව මූවි රෙෆරන්ස් වගේම..කොමික්/ නවල්ස් වල රෙෆරන්ස් ලබාගන්නවා කියන එක. 🤔

ඒ වගේම අපි මේක බිගිනර් කෙනෙක්ගේ ඉදලාම වැඩේ ගැන හොයන්න පෙළඹෙන එක අරමුණු කරගෙන තමා ලියන්නෙ..🙂 ඒ නිසා මේ ලිපිය බලලා බකන් නිලාගෙන බඩ උලාගෙන ඉන්නෙපා..මේ ෆැන්ඩම් එකට ආසනම් මේ ගැන තව හොයන්න..🤔

කෙලින්ම ඔරිජින් එක පැත්තට බහිමු !..🙏

ඉස්සෙල්ලම අපිට කතා කරන්න වෙන්නෙ Kong ජීවත් වෙන තැන..උපත ලබපු රාජධානිය ගැන…ඒ තමා..ස්කල් අයිලන්ඩ් එක.🔥

ස්කල් අයිලන්ඩ් කොහෙද තියෙන්නෙ කියලනම් හරිම අදහසක් ගන්න අමාරුයි.නමුත් ඉන්දුනීයා පැත්තට වෙන්න දරුණු කුණාටුවලින් වටවෙච්ච මුහුදු ප්‍රදේශයක මේ මිනීඔලු දූපත පිහිටලා තියෙනවා කියලා කියන්න පුලුවන්.😮

මේ දූපතේ තියෙන අමුතුම හැඩය නිසා තමයි මේකට ස්කල් අයිලන්ඩ් කියන නම යෙදිලා තියෙන්නෙ.මොකද නමින් කියවෙන විදියටම මේ දූපත මිනී ඔලුවක හැඩය ගන්නවා.🤔

ස්කල් අයිලන්ඩ්වල ජීවත්වන ග්‍රෝත්‍රික ජනතාව හඳුන්වන්නෙ Iwi කියන නමින්. මේ අය දූපතේ ඉන්න දැවැන්තයෙක්ව දේවත්වයෙන් අදහනවා. ඒ වෙනකවුරුවත් නෙමේ ටයිටනස් කොන්ග්..😮

කොන්ග් කියන්නෙ මේ දූපතේ ඉන්න විවිධාකාර Monsters ලගෙන් මේ දූපත ආරක්ශා කරන කෙනා..කොටින්ම ස්කල් අයිලන්ඩ් වල Guardian..☝

ඉතින් කොන්ග්, ගොඩ්සිලා , Muto ලා..මේ අපි මොන්ස්ටර්වර්ස් එකේ කතා කරන අපූරු ජීවින් ගැන රිසර්ච් කරන ලොකු ආයතනයක් තියෙනවා..🙂 ඒ තමයි මොනාක් එක..☝😮 (මෙයාලා ගැන හෙමීට කතා කරමු වෙනම ලිපියකින් ..)

Monarch එකේ වාර්තා අනුව මේ දූපතේ දැනට ඉන්න එකම දැවැන්ත ගෝරිල්ලා වෙන්නෙ කොන්ග්. හැබැයි මේක හැමදාම ඒවිදියට තිබුනේ නෑ. මීට සෑහෙන කාලයට කලින්, අවුරුදු මිලියන ගානකට විතර කලින් ස්කල් අයිලන්ඩ්වල තත්ත්වය මීට සෑහෙන්න වෙනස්.🙏

ඒකාලෙ ස්කල් අයිලන්ඩ් කියන්නෙ දැවැන්ත කොන්ග්ලගෙ පාරාදීසයක්..අපි දන්න කොන්ග් වගේ තව සෑහෙන්න පිරිසක් මේ භූමිය එයාලගෙ නිවහන කරගෙන ජීවත් වුනා..මේක තමයි එයාලා සතුටින් හිටපු තැන. නමුත් ඒ මෙයාලගෙ කරදර පටන් ගන්නකන් විතරයි.🌎

කොන්ග්ලා බලාපොරොත්තු නොවුන විදියට මේ දූපතට එනවා ආක්‍රමණික විලෝපිකයන් පිරිසක්. Monarch අය මේ විලෝපිකයන්ව හඳුන්වන්නෙ SkullCrawlers ලා විදියට.😮

Skullcrawlers ලගෙ ඔරිජින් එක ගැනනම් අපි දන්න කරුණු තියෙන්නෙ බොහොම පොඩ්ඩයි. මේ අය ඉතාම දරුණු විලෝපිකයො, පරිණාමිකවම මේ අය බිහිවෙලා තියෙන්නෙම දඩයම් කරන්න සහ විනාශය වෙනුවෙන්. ස්කල්ක්‍රෝලර්ස් කොච්චර දරුණුද කියනවනම් ලේ ගැන ඉවක් වැටුනොත් එහෙම ගවු ගානක් යනකන් මුන්ට ඒක ඉව කරන්න හැකියාව තියෙනවා..එච්චරටම මේ අය ලේ පිපාසිතයො.💔

මොනාර්ක් මේ අයට දෙන උපමාවට අනුව කොන්ග් කියන්නෙ ස්කල් අයිලන්ඩ්වල දෙවියා නම් Skullcrawlers තමයි යක්ශයා වෙන්නෙ.⚡

ඉතින් මේ අය සහ කලින් ඉදන්ම ස්කල් අයිලන්ඩ් වල ජීවත්වුන දැවැන්ත කොන්ග්ලා අතර පටන් ගන්නවා දරුණු යුද්ධයක් .ඒ බලය සහ පාලනය වෙනුවෙන්.. ඒවගේම මේක එසේ මෙසේ සටනක් නෙමේ ටයිටන්ලගෙ සටනක්.. සෑහෙන කාලයක් තිස්සෙ මේ සටන ඇදිලා ගිහින් අන්තිමට දූපතේ අයිතිකාරයන්ගෙන් ඉතුරු වෙන්නෙ දෙන්නෙක් විතරයි.. ඒ තමයි දූපතේ ශක්තිවන්තම කොන්ග්ලා දෙන්නා. එක පිරිමි කෙනෙක් සහ ගැහැනු කෙනෙක්. මේ කාලෙ වෙද්දි තමයි Iwi ගෝත්‍රිකයො දූපතට එන්නෙ.🙏

ඉතුරු වුන මේ දෙන්නට ස්කල් අයිලන්ඩ් කියන අපායෙ සර්වයිව් වෙන්නනම් මාරම ගේමක් දෙන්න සිද්ධ වෙනවා. මේ අතරෙ තමයි අපේ Female කොන්ග් ගැබ් ගන්නෙ.. ස්කල්ක්‍රෝලර්ස්ලා පස්සෙන් පන්නද්දි ප්‍රසූතිය වෙනුවෙන් මේ දෙන්නම පලා යනවා කොන්ග්ලාගෙ අන්තිම ආරක්ශිත ස්ථානයට. එතන හඳුවන්නෙ The Bone Yard කියන නමින්.. මේ නමට හේතුවක් තියෙනවා. නමුත් මේක තමයි කොන්ග්ලගෙ නිවහන…🤔

කොන්ග්ලට මේ සටන දිනන්න තියෙන අන්තිම බලාපොරොත්තුවත් අහිමි වුන මොහොතක තමන්ගෙ ඉපදෙන්න ඉන්න දරුවා වෙනුවෙන් මේ දෙන්නා සටන් කරනවා..කොටින්ම මේ දෙන්නාගෙ පුතා, නැත්තන් අපි හැමෝම දන්න කොන්ග්, The King Kong ඉපදෙන තත්පරේ වෙනකන් අම්මයි තාත්තයි සටන අතාරින්නෙ නෑ.🙏

ඉතින් කොන්ග් ඉපදෙන්නෙ යුද්ධයක් මැද, මේක කොමික් ඒකේදි ලස්සනට කියනවා
Kong was born in battle කියලා.. යුද්ධයේදි ඉපදිලා යුද්ධය වෙනුවෙන්ම ජීවත් වුන කෙනෙක් තමයි ටයිටනස් කොන්ග් කියන්නෙ.මෙයාගෙ කතාව කොච්චර දුක්ඛිතද කියනවනම් කොන්ග් තමන් ඉපදුන ලෝකෙ මුලින්ම දකින දේවල් වෙන්නෙත් ලේ, අකුණු සහ ගින්දර, ඒවගේම මරණය.💔

ඔව්.කොන්ග්ට එයාගෙ මුලු ජීවිත කාලෙදිම තමන්ගෙ අම්මගෙ තුරුල්ලෙ ඉන්න ලැබුනෙ විනාඩියකට අඩු කාලයක්..තමන්ගෙ තාත්තා මේ දෙන්නව ආරක්ශා කරන්න Skull Crawlers ලට බිලිවෙන අතරෙ, කොන්ග් ගෙ අම්මා, තමන්ගෙ පැටියව ආරක්ශා කරන්න එයාව ගුහාවක හංගනවා..ඒවගේම ක්‍රෝලර්ස්ලට හොයාගන්න බැරි වෙන්න ගල්වලින් මේක ආවරණය කරනවා..😮

ගුහාවෙ තියෙන පොඩි සිදුරකින් එලිය බලන් ඉන්න පුංචි කොන්ග්, දකින්නෙ මොනවද, ක්‍රෝලර්ස්ලා තමන්ගෙ අම්මාව කෑලි වලට ඉරණ හැටි, තාත්තව මරලා දාන හැටි. මේ වෙලාවෙ කොන්ග්ගේ හිතේ කැකෑරෙන වෛරය, පළිගැනීම, සහ තරහව තමයි අපි දන්න කොන්ග්ව ඒ තත්ත්වෙට ගෙනාවෙ.කාටවත් දෙවෙනි වෙන්නැති දැවැන්තයෙක් විදියට කොන්ග්ව පත්කලේ.. ඒ අනුව මේක තමයි කොන්ග් ගෙ ඉරණම තීරණය වුන මෝමන්ට් එක.🤔

කොන්ග් සෑහෙන වෙලාවක් අඬනවා තමන්ගෙ දෙමව්පියො වෙනුවෙන්. නමුත් තාම පැටියනෙ. මුකුත් කරගන්න බෑ.. හැබැයි මේ ඔක්කොම වෙනස් වෙනවා කොන්ග් ටිකෙන් ටික Growup වෙද්දි, මේ පොඩි එකා අන්තිමට කොච්චර ශක්තිමත් වෙනවද කියනවනම් අර මුලින් හිටපු ගෝරිල්ලා ගෝත්‍රයටම කරන්න බැරි වුන දේ කොන්ග් තනියෙන් කරනවා.🌎

කොටින්ම Skullcrawlers ලව දූපතෙන් අතුගාලාම දාන්න මේ ටයිටන්ට පුලුවන් වෙනවා..ඒකයි කොන්ග් ස්කල් අයිලන්ඩ් වල රජු වෙන්නෙ. නිකන්ම නිකන් රජෙක් නෙමේ මාර කැපකිරීමක් කරපු රජෙක්. ඒවගේම ගොඩ්සිලාට චැලෙන්ජ් කරන්න තරම් නිර්භීත,ඕනෙනම් පරාද කරන්න උනත් හැකියාවක් තියෙන කෙනෙක්…🙏

කින්ග් කෙනෙක් විදියට ගත්තාම මේ යුනිවර්ස් එකේ ඉන්න ගොඩ්සිලා තරම්ම සුපිරි කින්ග් කෙනෙක්..🙂

සහ මොන්ස්ටර්වර්ස් එකේ අපිට දෙන මූලික පණිවිඩය තමයි..මේ ලෝකය අයිති මිනිස්සුන්ට විතරක් නෙවේ කියන එක..මිනිස්සු වුනත් නේචර් එකේ ඒ ඕඩර් එකට බලපෑම් කරන එක කිසි සේත්ම ඇක්සෙප්ට් කරන්න බෑ..🙂 මිනිස්සු කියන සත්තු ජාතිය මොන තරම් දියුණු වුනත් ඒ පරිසරයට කරන බලපෑම ඉදිරියේ කොන්ග් වගේ ටයිටන්ලා..ගොඩ්සිලා වගේ ටයිටන්ලා පෘථිවියේ ආරක්ෂාවට බැඳිලා ඉන්නෙ නේචර් එකෙන්මයි..🙂 …ම්ම් ගොඩ්සිලා ව පිලිගන්නෙත් ස්වභාවදහමෙන්ම පෘතිවියේ ආරක්ශාවට නිර්මාණය කරපු කෙනෙක් නේ..🙂 නමුත් එක අතකට කොන්ග් කියන්නෙ ටිකක් වෙනස් කෙනෙක්..ස්වභාවදහමේ ඒ ගැටුම් ඉදිරියේ සවයිව් වෙන කොන්ග් තමන්ගෙම තීරණය මත තමා ස්කල් අයිලන්ඩ් එක ඇතුලු ආරක්ශා කර යුත්තන්ව ආරක්ශා කරන්නෙ..🤔

අඩෝ නෝ..සත්තු ? 😂 පෘථිවිය ආරක්ශා කරන්න..මොන රිටාඩඩ් කතාවක්ද අයිසේ..😂 සමහරු ඔහොම හිතයි…😂 මිනිස්සු කියන රාමුවෙන් එලියට ඇවිත් එක පද්ධතියක් විදියට ගත්තාම අපි එක සංරචකයක් විතරයි..🙂 ටෝහෝ ඇතුලු මොන්ස්ටර්වර්ස් එකෙන් ව්‍යංග්‍යර්ථයෙන් ම කියන්නෙ මෙන්න මේ මිනිස්සුන්ගෙ ඉම්පැක්‍ට් එක නිසාම ඇති වෙන්ද් ව්‍යසනයන්ට එරෙහිව මිනිස්සුන්ට අමතරව සටනට එන කට්ටිය ගැන..🙂

ටයිටන්ස්ලා හැමෝම හොඳ අය නෙවේ…නමුත් ඒ අයත් ලෝකයේ පාට් එකක්..මිනිස්සු වගේම..ඒ නිසා මිනිස්සු කොහොම කරත් ඒ නැචුරල් ඕඩර් එකට රෙස්පෙක්ට් කරන්න වෙනවා..(මොන්ස්ටර්වර්ස් එකේ)

අපිට මෙතනදි කතා කරන්නම ඕනෙ දේ කොන්ග් ගෙ ඔරිජින් එක ගැන..නමුත් හැමෝම කතා ලරන ගොඩ්සිලා සහ කොන්ග් ගෙ සටන ගැන අද මෙතන අපි කතා කරන්න යන්නෙ නෑ..මොකද ඒක අපි පස්සෙ කතා කරමු ගොඩ්සිලා ඇතුලු අනිත් අයගෙ ඔරිජින් ගැනත් කතා කරලා..🙂 හැබැයි..එක සටහනක් තියන්න ඕනෙ..🙏

“කොන්ග් කියන්නෙ ගෝරිල්ලෙක්..නිකන්ම නිකන් ගෝරිල්ලෙක්..ඌට කොහෙද බුද්ධිය ..ඌ ඉන්ටෙලිජන්ට් නෑ..ඌ නිකන් සතෙක් වගේ ගහගන්නෙ..එච්චරයි “..🤔⚡

කොන්ග් ව කිසි සේත්ම අවතක්සේරු කරන්න එපා..🙏 ගොඩ්සිලා සහ ගොඩ්සිලා ෆෑන්ස්ලත් මේ වෙලාවෙ කරන ලොකුම දේ ඒක..ගොඩ්සිලා කියන්නෙ මාරම ආක්‍රමණශීලි ටයිටන් කෙනෙක්..මෙන්න මේ ඇග්‍රෙසිව්නස් එක නිසාම මුල සිටම ගොඩ්සිලා කොන්ග් ව අවතක්සෙරු කරනවා..🙂 කොන්ග් කියන්නෙ සර්වටිවර් කෙනෙක්..🙏

බුද්ධිය..එහෙමනැතිනම් intelligence කියන දේ විවිධ ආකාරයට අපිට විස්තර කරන්න පුලුවන්..සාමාන්‍ය විස්තරය තමා ඉන්ටෙලිජන්ස් කියන්නෙ තොරතුරු සහ දත්ත එකලස් කරන්න තියෙන හැකියාව..හඳුනාගැනීමේ හැකියාව වගේම ඒවා විවිධ අවස්තාවන්හි ඇප්ලයි කරන්න තියෙන හැකියාව..🙏

කොන්ග් ට හායි ගොඩ්සිලා..යු ශුඩ් හෑව් ගෝන් ෆො දා හෙඩ් කියලා කෑ ගහලා කතා කරන්න බෑ..😂 ගොඩ්සිලා ඇටමික් බ්‍රෙත් එක යූස් කරාට බුවාට නියුක්ලියර් සයන්ස් ගැන මාස්ටර්ස් එකක් නෑ..😂 හැබැයි දෙන්නාම තමන්ගෙ වටේ තියෙන දේවල් ඇනලයිස් කරලා තමන්ගෙ සවයිවල් එකට ඒ දේවල් යූස් කරනවා..🙂 සාපේක්ශව ඒකට අපි ඉන්ටෙලිජන්ඩ් කියලා කියනවා..🙏 තමන්ගෙ පරිසරය ගැන තියෙන මනා අවබෝධය තියෙන්නෙ ගොඩ්සිලා ට විතරක් නෙවේ තියෙන්නෙ..කොන්ග් ටත් තියෙනවා..🙂

කොන්ග් ට ජීවිතයේ වුන දේවල් එක්ක..ඔහු නොනැසී සිටින්නෙ අන්න ඒ ඔහු සතුව ඇති තොරතුරු එකලස් කරලා ඒවා තමන්ගෙ ජීවිතයේ විවිධ අවස්‍තාවන්ට ඇප්ලයි කරන්න පුලුවන් කම නිසාමයි..🙏 කොන්ග් වෙපන්ස් හදන්නෙ නෑ ? ඌ අහුවෙන එකෙන් ගහනවා..😂 ඒක ඕනෙම සතෙක් කරනවා..😂

නෑ..මිනිස් පරිණාමයෙදි පවා වානරයන් ගස් වලින් බැහැලා පොලොවෙ පයගහලා ජීවත් වෙන කාලයෙදි ඔවුන්ට සිදු වුනා තමන්ගෙ අලුත් පරිසරයට අනුව හැඩගැහෙන්න…මෙහිදි තමා තමන්ට ඕනෙ ආරක්ෂාව සපයාගන්න ඕනෙ නිසාම විවිධ ආයුධ නිපදවන්න ගන්නවා..🙂 ඒ වගේම ආයුධයක් විදියට නිර්ණය කරගත්තෙ නැතත් වටේ තියන දේවල් තමන්ට ඕනෙ අවස්ථාවන්ට යූස් කරන්නෙ කොහොමද කියලා තේරුම් ගන්න හැකියාව තියුනා..🙂 ට්‍රයල් ඇන්ඩ් එරර්ස් ගොඩක් තිබුනා තමා..හැබැයි..මේක නිසා ඔවුන් විවිධ තොරතුරු ටික ටික ග්‍රහණය කරගත්තා..මම මේ විද්‍යාත්මක මට්ටමට නෙවේ කියන්නෙ…ඒ නිසා සයන්ටිෆික් ඇකියුරසි එක නම් අඩු වෙයි…😂

කොහොම නමුත් කොන්ග් කියන්නෙත් අන්න අර ගස් වලින් බිමට බැහැපු අපේම මුතුන් මිත්තන් තමන්ගේ යූස් එකට වටේ තියෙන එක එක දේවල් යූස් කරනවා වගේම තොරතුරු තමන්ගෙ වාසියට යොදාගන්න කෙනෙක්..🙂 සෝ ඩයල් එක ඉන්ටෙලිජන්ට් නෑ කියනවනම්…ඔයා ඔයාගෙම ආදි මුතුන් මිත්තන්ටම තමා කියන්නෙ ඉන්ටෙලිජන්ට් නෑ කියලා..😂

පොඩි කාලෙ ඉඳන් ස්කල් ක්‍රෝලර්ස්ලා..ඇල්ෆාලා ඔය හැම හාදයෙක් එක්කම සටන් කරලා නොනැසී ඉන්නවා වගෙම..තමන්ගෙ අයිලන්ඩ් එකේ හැම අස්සක් මුල්ලකම ඒ පද්ධතිය තුල දකින්න තියෙන හැම තැනකම ඩීටේල්ස් හඳුනගන්න හැකියාව…ඒකට ඇඩප්ට් වෙන්න..ඒ කියන්නෙ අනුගත වෙන්න තියෙන හැකියාව කොන්ග් ට තියෙනවා..🙂 ඒ අතින් කොන්ග් සටන් කරන්නෙ තමන් ගෙ බැටල් ෆීල්ඩ් එකේ තියෙන ඔක්කොම වගේ දේවල් තමන්ගෙ පැත්තට අනුගත කරගනිමින්..(ඇඩප්ට් ඕ පෙරිශ්..🙂)

කොන්ග් ඉන්ටෙලිජන්ට් වෙන්න ප්‍රධානම හේතුවක් මේක..ඒ වගේම බොඩි ෆිසිකලිටි එක..බ්‍රේන් එක ගන වගේ සමහර කරුණු කතා කරන්න පුලුවන්..ඒත් මූලිකම කරුණ මම් උඩින් කියපු ඔය කොන්ග් කියන්නෙ නිකන්ම නිකන් වදුරෙක් කියලා හිතන එක නම් බොරු කතාවක්..😂🙏

එක අතකින් තමන්ගෙ විදියට කොන්ග් බුද්ධිමත් වගේම ඔහුට සාපේක්ශව තවත් විදියකට ගොඩ්සිලා මාස්ටර් කෙනෙක්..😂🙏 හැබැයි ගොඩ්සිලාගෙ දුර්වල කමක් ලස්සනට එක්ස්ප්ලොයිට් කරලා ගොඩ්සිලාට හම්බානෙක නෙලන්න පුලුවන් ඩයල් එක්ක් ඉන්නවනම් ඒ ඉතින් මේ කොන්ග් ම තමයි..🙂

ඔහු හැදිලා තියෙන ෆිසිකල් සහ මෙන්ටල් ස්ටේටස් එක නිසාම ගොඩ්සිලා දෙයක් කරන්න කලින් ඒක හඳුන ගන්න එක..ගොඩ්සිලාගෙ දුර්වල කම් වෙන..ලයිට්නින්ග් ස්ට්‍රයික්ස්..කරන්ට් එක වගේ දේවල් ලොකු බැටල් එකක් මැදදි කොන්ග්ට අනිත් අපෝනන්ට්ස්ලාට වඩ් හොඳට හඳුනගන්න පුලුවන්..🙏

ඒ වගේම කොන්ග් සටන් කරන්නෙ මනුස්සයෙක් වගේ මෙන්ටැලිටි එකකින් වගේම ගොඩ්සිලා ගොඩක් වෙලාවට ඔහුගේ තියෙන arsenal එක තමන්ගෙ වටේ තියෙන පරිසරයට අනුකූලව යොදාගන්නවා..හරියටම ස්ට්‍රැටජීස් වලින් ප්‍රතිවිරුද්ධ දෙන්නෙක්..ඒ නිසා මේ බැටල් එක ලෙජන්ඩරි වේවි..(මේ කතාවෙ බැටල් එකකට එහා ගියපු දෙයක් තියෙනවා.ඒක ශුවර්..🙂 )

මේක තමයි කොන්ග් ගේ ඔරිජින් එක..මේ ගැන වැඩිදුර විස්තර දැනගන්න ඔයාට පුලුවන් Kong:Birth of skull island කියන කොමික් සීරිස් එක කියවන්න.ඒකෙ තිබුන කරුණු බොහොමයක් කියෙව්වයින් පස්සෙ කොන්ග් කියන්නෙ මොනතරම් සුපිරි චරිතයක්ද කියලා තේරෙයි..🌎🙏

ඊලගට අපි හැරෙමු අපේ මොන්ස්ටර්ස්ලාගෙ රජු ගාවට, ඇල්ෆා ප්‍රෙඩේටර් දිහාවට.
ඒ තමයි ටයිටනස් ගොජිරා නැත්තන් ගොඩ්සිලා..🙂

ඇයි එයා Titans ලාගෙ රජු විදියට හඳුන්වන්නෙ ? 🙂

මෙයා හීරෝ කෙනෙක්ද ? විලන් කෙනෙක්ද ? 🤔

ඔය කියන තරම් බලවත් පොරක්ද බුවා ? 🙏❤

ඇයි මෙයාගෙ වටා පෘථිවියේ සමබරතාව රැඳිලා තියෙන්නෙ ?🤔

කියනවා වගේ God ලෙවල් සතෙක්ද මේ ? 🙏

හ්ම්..ප්‍රශ්න ගොඩයි…ඒ හැම දේම නිරාකරණය කරගමු හෙමීට ?..දැන් ඉතින් අද රෑ ට්‍රේලරෙත් එක්ක එන හයිප් එක නිසා මේ ගැන ගොඩක් දේවල් හොයන්න පෙළඹේවි…කිව්ව වගේ..කොමික් ටික එහෙම කියවලා සැදී පැහැදී ඉමු..🙂

මේ මොන්ස්ටර්වර්ස් එක කියන්නෙ එක එක ෆැන්ඩම් ගොන්නක් අතරින් වෙනස්ම එකක්..අන්න ඒ නිසා අපිට මේ ගැන හොයන්න නම් ගොඩක් දේවල් තියෙනවා..🤔

1950 ගනන් වල ෆිල්ම් වලින් පටන් ගත්ත ෆිල්ම් වල ඉඳන්..ලෙජන්ඩරි යුනිවර්ස් එක අලුතෙන් පටන් අරගෙන දැන් යන මේ කතා මාලාවන්ගෙ එන ලෝකය ගැන අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා..❤

ඉතින් මොන්ස්ටර් වර්ස් එක ගැන තව ලිපි ලියන්න ඕනෙ ..මොකද මොකුත් හොයන්නෙ නැතුව ඔහේ කියවගන්නවට වඩා මේ යුනිවර්ස් එක ගැන හොයන්න ලස්සන කරුණු ටිකක් තියෙනවා..🙂 හෙමීට අදිමු අපි..🙏

Leave a Reply