You are currently viewing Darth Vader

Darth Vader

නම ඇහෙනකොටත් බය හිතෙනවා නේද😅, අපි විතරක් නෙමේ Fat far away Galaxy එකේ Darth Vader කව්ද කොයිවගේද කියල දන්න කවුරුත් එහෙම තමා😌. Films වල දැකපු Darth Vader කොයිවගේ දරුණු කෙනෙක්ද කියලා ඔයාල දන්නවනේ. ඒත් Obi-Wan Kenobi එක්ක Mustafar වල සටනින් පැරදුණු තැන ඉඳන් මන්දාකිනියම භයටපත් කරපු Darth Vader ගෙ කතාව කොයිවගේද කියලා දැන ගන්න කැමතිද එහෙනම් ඒ ගැනකතා කරන්න තියෙන හොඳම දවස Star Wars Day එකෙ නෙමේ නම් වෙන මොකද්ද 😌

ඔයාලට මතක ඇති Revenge of the Sith එකේ අන්තිමට Emperor Palpatine Vader ට කියනවා Padme ඔහු අතින් මැරනා කියලා. අපි එතන ඉඳන් කාතාව පටන් ගමු. Padme ගෙ මරණයෙන් ආවේගයට පත් වෙච්ච Vader ඒ තරහව පිට කරන්න හදන්නේ Palpatine ගෙන්. Vader ඔහුගෙ iconic ම move එක වෙන Force choke එක පාවිච්චි කරන්න හැදුවත් Palpatine ට කිසිම හානියක් වෙන් නැහැ. ඒ Palpatine ගෙ බලය ලඟටවත් මේ තරුණ Darth Vader ට එන්න බැරි නිසා. අවසානයේ පරාජය පිලිගන්න Vader ට සිද්ධ වෙන්නෙ Palpatine ගෙ Force lightning එකේ සම්පූර්ණ බලයට මුහුණ දෙන්න. Palpatine මේක භාවිතා කලේ ඉදිරියට ඔහුට විරුද්ධව නැගී සිටින්න Vader ට බලයක් නෑ කියන එක පෙන්වන්නයි. (ඔයාලට තේරෙන්වනෙ ඇයි Luke අන්තිමට Vader ගෙ හිත වෙනස්කරන කම් ඔහුට Emperor ට විරුද්ධ වෙන්න බැරි උනේ ඇයි කියන එක). Palpatine මේ වෙලාවෙ Vader ට අභියෝග කරන්නේ ඔහුගේ බලයට විරුද්ධව Vader ගෙ lightsaber එකත් අරන් සටන් කරන්න කියලා. නමුත් Vaderගෙ Lightsaber එක Obi-Wan එක්ක වුන සටනෙන් නැතිවුනා කියලා දැන ගන්න Palpatine Vader ට ඔහුගෙ Dark Side එක ගැන පලවෙනි පාඩම විදියට කියලා දෙන්නෙ Sith ලගෙ Red Lightsaber එක ගැන. Vader මෙතනදි තේරුම් ගන්නවා තමන්ට අලුත් Lightsaber එකක් නිකන්ම ලබා ගන්න බැරි බවත් ඒකට සටන් කරන්න වෙන බවත්. Emperor ගෙ ඉගැන්වීමට අනුව Red Lightsaber එකක් Jedi කෙනෙක්ගෙ Lightsaber එකකින් වෙනස් වෙන්නෙ Lightsaber එකේ Kyber Crystal එකෙන්. Sith කෙනෙක් තමන්ගෙ වේදනාව සහ තරහව වගේ හැඟීම් Kyber Crystal එකට මුසු කරලා තමායි Red Lightsaber එකක් ලබා ගන්නේ. Emperor Palpatine තමන්ගෙ ශිෂ්‍යයාට ලබා දෙන මුල්ම අභියෝගය අලුත් Lightsaber එකක් ලබා ගන්න එක. ඒ ඉතුරුවෙලා ඉන්න Jedi කෙනෙකුගෙ Lightsaber එකේ Kyber Crystal එක ලබා ගැනීමෙන්.
Vader ගෙ පලවෙනි mission එක වුනේ මේ Jedi ඉන්න ග්‍රහලෝකෙ හොයා ගන්න එක. Vader Mid Rim එකේ තියෙන Jedi Outpost එකකට යන්නෙ මේ ගැන වැඩි විස්තර හොයාගන්න. ඒ වෙනකොටත් Clone troopers ල මේ outpost එක යටකරගෙන හිටියෙ. මේ නිසා Vader මේ Outpost එකට ගියේ ගොඩ බැසීමේ අවසර කේතයකුත් අරගෙන. ඒත් Vader කලේ සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්. කේතය භාවිතා නොකර කෙලින්ම Outpost එකට ගොඩබාන්න උත්සහ කරපු එක. Outpost එකේ ඉන්න Clone troopers ල කිසිම අදහසක් තිබුනේ නැහැ Vader කව්ද කියන එක ගැන. ඔවුන් හිතුවෙ මේ පලිගන්න එන Jedi කෙනෙක් කියලයි. ඒ නිසා Clone troopers ල කලේ Vader ට විරුද්ධව සටන් කරන්න පටන් ගත්ත එකයි. Vader මේ අවස්තාව පාවිච්චි කලේ ඔහුගේ අලුත් බලයන් අත්හදා
බලන්න. Clone troopers ල සියල්ලම කිසි තැකීමක් නොකර මරාදමපු Vader ඔහු ආපු රාජකාරිය පටන් ගත්තා. ඔයාලට තේරෙනවානෙ දැන් අපි කලින් දැනන් හිටපු Ani නෙමේ මේ ඉන්නෙ තනිකරම monster කෙනෙක් කියලා.
Vader ගෙ අදහස උනේ Barash vow එක ගත්ත Jedi කෙනෙක් හොයාගන්න එකයි.මොකද Order 66 එකෙන් Jedi එක්කො මැරිල.නැතිනම් හැංගිලා. ඒ්ත් Barash taker ල කිසිම වෙලාවක Jedi කවුන්සිලයේ සටන් වලට මැදිහත් නොවෙන නිසා ඒවගේ කෙනෙක් හොඳම ඉලක්කයක් කියල Vader තේරුම් ගත්ත. Barash Vow එක මොකද්ද කියල දන් නැත්තම් මන් ඒ ගැනත් කියන්නම්. Barash oath එක ගත්ත Jedi ල කවදාවත් Jedi order එකෙ වැඩවලට සහභාගි වෙන් නෑ. ඔවුන් යම් කිසි අරමුණක් සඳහා කැපවී වැඩකරනවා. Vader ට ඔහු හොයපු ආකාරයේ Jedi කෙනෙක් හම්බෙනවා. ඔහුගේ නම Kirak Infil’a.
Vader Kirak Infil’a හොයාගෙන යන්නෙ සටන්කරලා Kyber Crystal එක ලබා ගන්න. නමුත් Kirak Infil’a කියන්නෙ සාමාන්‍ය Jedi කෙනෙක් නෙමේ. හොඳින් සටන් ක්‍රම හදාපු කෙනෙක්. ඔහුට තමන්ගෙ සහෝදර Jedi ල ට සිද්ධ වුන දේ දැනුනත් Barash vow එක නිසා මේකට මැදිහත් නොවී හිටියා. නමුත් Vader ගෙ පැමිණි ම නිසා මේ සියල්ල වෙනස් වෙනවා. තමන් ඉදිරියට ඇවිත් ඉන්නේ මේ සියලු විනාශ යන්ට වග කිවයුතු කෙනා බව දැන ගත්ත Kirak Infil’a Vader සමග සටනට එලඹෙනවා. මේ සටනෙන් දරුණු විදියට පරාජය උන Vader Kirak Infil’a විසින් ප්‍රපාතයකට ඇද දමනවා. Vader මැරුණු බව සිතූ Kirak Infil’a ඊලඟට කරන්නේ මේ Sith lord ගෙ මාස්ටර් හොයාගෙන යන එක.
නගරයේ හිටපු mechanic ගෙ උදව්වෙන් තමන්ගේ පරණ යානය අලුත්වැඩියා කරන්න
Kirak Infil’a පටන් ගත්තෙ අනිත් Sith lord හොයාගෙන යන අරමුණෙන්. ඒත් සිද්ධ වුනේ ඔහු හිතුවෙ වත් නැති දෙයක්. ඒ තමන් පරාජය කලා යැයි සිතූ Sith Lord නැවත පැමිණීමයි. Darth Vader මෙතනදි Kirak Infil’a ව පරාජය කලේ නගරය හා එහි සිටි අහිංසක නගරවාසීන්වත් විනාශ කරමින්.
අවසානයේ green kyber crystal එකත් අරගෙන Vader palpatine ගේ උපදෙස් අනුව Muztafar වලින්ට ගියේ Kyber Crystal එක Corrupt කරන අදහසින්. ඒ Red lightsaber එකක් හදාගන්න. තමන්ගේ අරමුණ සාර්ථක කර ගත්ත Vader Emperor ඉදිරියට ඇවිත් Red Lightsaber එක ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ගායිස් Vader දැන් සම්පූර්ණයෙන්ම Sith කෙනෙක් බවට පත් වෙලා ඉවරයි. අනුකම්පා විරහිත දරුණු යකාශයාගෙ ආගමනය මේවිදියට සටහන් වුනා.

මෙතනින් පස්සෙ Darth Vader ගෙ ලොකුම Mission එක උනේ ඉතිරි වෙලා ඉන්න සියලුම Jedi විනාශ කිරීම. Emperor ගෙ ඉල්ලීමට අනුව Inquisitors ලව Vader විශේෂයෙන්ම පුහුණු කලේ Jedi ලව විනාශ කරන්න. මොවුන්ගෙ ප්‍රධානම ඉල්ක්කයක් වුනේ මාස්ටර් Jocasta. Jocasta කියන්නෙ කව්ද කියල ඔයාලට අමතක්ද, ඒතමා Prequel trilogy එකේදි ඔයාලා දකින Jedi temple එකේ පුස්තකාලායාධිපති😌. Jocasta ගෙ ජීවිතේ අරමුණ වෙලා තිබුනේ Force sensitive ලමයින්ගෙ විස්තර හොයාගෙන නැවතත් රහසේ Jedi ඉගැන්වීම් කරන්න. මේ නිසා තමා ඇය නැවතත් Jedi Temple එකට එන්නේ. Jocasta තමන්ගෙ ඉලක්කය සම්පූර්ණ කරගත්තත් Vader අතින් මිය මියයන්නෙ සියලුම විස්තර Vader අතට පත් කරමින්. නමුත් මෙතනදි තොරතුරු Emperor අතට ලබාදීම වෙනුවට Vader කරන්නෙ ඒවා විනාශ කිරීම. ඒ Emperor ට මේ තොරතුරු ලැබී Vader ගෙ තැනට අභියෝගයක් එල්ලවෙයි කියන බයට.
මේ වගේම Jedi හන්ට් එකකදි තමා Kirak Infil’a ගෙන් ලබාගත්ත Lightsaber එක විනාශ වෙන්නෙ. ඒ Bounty Hunters ලගෙන් එල්ල වුන ප්‍රහාරයකින්. Vader මේ Bounty Hunters ල පස්සෙ පන්නගෙන ගිහින් අල්ලා ගෙන දැන ගන්නවා මේ ප්‍රහාරය oder කරලා තියෙන්නෙ Senate සභාවෙ ඉහලින්ම කියලා. නැවතත් තනා විසින්ම Lightsaber එක හදාගෙන Emperor හමුවීමට යන්නෙ මේ පිලිබද දැන ගන්න. එතනදි Vader ට දැන ගන්න ලැබෙන්නේ Emperor Jocasta හා Vader අතර සිදු වූ සටන ගැන නොසටුටත් ඔහු Kirak Infil’a ගෙ Lightsaber එක ම භාවිතා කිරීම ගැන නොසටුටින් සිටි බවත්. නමුත් Vader මැරීමට Emperor ට අවශ්‍ය වුනානම් Vader අනිවාර්යයෙන්ම මිය යන බවත්ය. අවසානයේ Mediate කරමින් Vader සොයාගන්නවා තමන්ගේ ඝාතනය සැලසුම් කරුවන්. ඔවුන් හිස් ආවරණය යොදාගෙන සිටිනිසා අනන්‍යතාව හොයා ගන්න බැරිවෙනවා. මේ නිසා Vader Emperor ට යෝජනාවක් ගෙන එනවා.ඒ තමයි Vader කව්ද කියන එක සියලු දෙනාට දැන්විය යුතුබව. මේ නිසා හමුදාවේ ඉහලම නිලධාරීන් රැස්කරපු Emperor සියලුම දෙනාට දැනුම් දෙනවා Vader ගෙන් එන අණ ඔහුගෙන් එන අණක් හා සමානයි කියලා. මේ වෙලාවෙ ඉදිරියට ආපු Vader තමාව ඝාතනය කරන්න සැලස්මක් තිබෙන බවත් එය කවදාවත් හරි නොයන බවත් පැවසුවා. අවසානයේ අහඹු ලෙස තෝරාගත් නිලධාරීන් 5 දෙනෙක් ඉදිරියට ගෙන හැම දෙනාම ඉදිරියේ Force Choke එකෙන් මරා දැම්මේ හැමෝටම කල අනතුරු ඇඟවීමක් විදියටයි.

මේ විදියට පටන් ගත්තු දරුණු පාලනය වසර ගනනාවක් ඉදිරියට ගෙන ගියේ මන්දාකිනියම බියට පත් කරමින්. Darth Vader කියන නම ඇහුවත් බයවෙන අකාරයට. නමුත් මේ Darth Vader නම් දරුණු රාක්ශයා වසර ගනනාවක් Jedi කෙනෙක් විදියට ජීවිත දහස් ගනනක් බේරාගත් Anakin Skywalker නම් ශ්‍රේෂ්ට Jedi Knight වරයාම බව දැනගෙන සිටියේ බොහොම ස්වල්ප දෙනායි.
මම අද ඔයාලට මේ කිව්වේ Vader ගෙ දරුණු පාලනය ගැන බොහොම පොඩ්ඩක් විතරයි. ඔයාල මේගැන තවත් උනන්දු නම් අතිරේක දේවල් කියවන්න කියල මන් ඉල්ලා සිටිනවා.

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ HypeZone youtube channel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffe member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා .එහෙනම් මේ link එකෙන් buy me a coffe එක්ට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

එහෙනම් Happy Star Wars Day එකකට ඔයාලට සුබපැතන ගමන් මම යනවා.ආයෙත් මේ වගේ පොස්ට් එකකින් හම්බෙනකම්

May the Force Be With You❤️

Leave a Reply