You are currently viewing Bridge to terabithia සහ අපි..❤🙏

Bridge to terabithia සහ අපි..❤🙏

කොතනින් පටන්අරන් කොතනින් ඉවරකරන්නද කියල හිතාගන්න බැරි කතාවක් කියන්න යන්නෙ….🙃

මොකද හැගීම් කියන දේවල විස්තර කරන්න අමාරුයිනේ….😇
Bridge to terabithia කියන්නෙත් අමුතුම feeling එකක් වගේ අපිට දැනෙන කතාවක්.
මේක පලවෙනි වතාවට බලද්දි මම තුන වසරෙ නැත්තම් හතර වසරෙ👦…. කාලය ගැන හරි මතකයක් නැතිවුණත් එදා ඒ දැනුන දේ අදටත් ඒ විදිහටම හදවතේ කොහේහෝ තැනක තැන්පත්ව තියනව.
අපි මේ කතාව මොන category යටද දාන්නෙ…….ඇඩ්වෙන්චර්…..ෆැන්ටසි ……ෆැමිලි …..🤔. එහෙම කියනවට වඩා මම කැමතී මේක,
“එක්තරා ගැහැණු ළමයෙක් හා පිරිමි ළමයෙක් ගැන කියවෙන කතාවක් “
වගේ තැනකින් තියන්න. ඒක කතාවට කරන අසාධාරණයක් නෙවෙයි කියල හිතනව…. 😇
අමුතු වයිබ් එකක් තියන ගම්බද location ටිකක් එක්ක ගලාගෙන යන මේකතාවෙ ප්‍රදාන චරිත දෙකක් ඉන්නව…

පිරිමි ළමයගෙ නම Jess .
Jess නිහඩ චරිතයක්..යාලුවො කවුරුත් නැතිව, පැත්තකට වෙලා චිත්‍රයක් ඇදගෙන තමන්ගෙ පාඩුවෙ ඉන්න කෙනෙක්…Jess මුලින් වැඩිය හිනාවෙන්නෙවත් නැතිව ඉන්න කෙනෙක් විදිහට තමා අපි දකින්නෙ…
සමහරවිට එයා, එයාගෙ හැගීම් චිත්‍රයක් හරහා එලියට වෙන්න ට්‍රයි කරනවද දන්නෑ ….🙃 ඒනිසාම වෙන්න ඇති චිත්‍රත් එක්ක මෙයා ගොඩක් සමීප…🖌️
මම මෙතනදි ඒ ගැන වැඩිය ගැඹුරට කතාකරන්න යන්නෑ….
Jess ටිකක් ගුප්ත චරිතයක් විදිහට ඉන්න නිසා ස්තීරව දෙයක් කියන්න අමාරුයි.

මෙහෙම ඉද්දි මෙයාගෙ පන්තියට අලුත් ගෑනු ළමයෙක් එනව 👩‍ …
එයා තමා Leslie ..❤️
Leslieගෙ අම්මයි තාත්තායි දෙන්නම ලේඛකයො …ඒ නිසාම leslieටත් හොද පරිකල්පන හැකියාවක් පිහිටල තියනව…😇
Leslie තමා ඉස්සෙල්ලාම Jess එක්ක කතාකරනෙත්…මිත්‍රත්වයක් ගොඩනගාගන්න ට්‍රයි කරන්නෙත්,
Leslie සමාජශීලි වගේ අපිට හිතුනට…ඒක ප්‍රශ්නකරන්න වෙන තැනක් ෆිල්ම් එකේ අන්තිම හරියෙදි හම්බෙනව…මතක විදිහට Leslieගෙ අම්ම හරි තාත්තා හරි එකතැනකදි කියනව ” Leslieට කලින් හිටපු ඉස්කෝලේත් යාලුවො කවුරුත් හිටියෙනෑ…Leslieට හිටපු එකම යාලුව Jess විතරයි ” කියල….සමහරවිට Leslie එයාට ගැලපෙනම යාලුවෙක්, තමාගෙ අදහස් වලට සමාන අදහස් තියන කෙනෙක් හම්බෙනකල් නිහඩව ඉන්න ඇති….🙃
ඒත් මේ Friendship එක ගොඩනැගුනට පස්සෙ jess වෙනස් උන විදිහට නම්
ඇත්තටම jess ටත් leslie එක්ක කතාකරන්න උවමනාවක් මුලින් ඉදන්ම තිබ්බ වෙන්න පුලුවන් කියලත් හිතෙනව…jess කොහොමත් silent නිසා එයා ඒක එලියට දෙන්නැතිව තියාගන්න ඇති…☺️❤.
(සාමාන්‍යන් ඔයාල ලොකුලයින් කියල හිතන් ඉන්න කෙනෙක් එක්ක පොඩ්ඩක් කතාකරල බලන්න ඒ කෙනා සෑහෙන කාලෙක ඉදන් දන්න අදුරන කෙනෙක් තරම් සමීපවෙයි…)

මේක බලන වෙලාවෙ අපිත් බලන් හිටියෙ කොයි වෙලේද මේ දෙන්න සෙට් වෙන්නෙ කියලනෙ….😄
මෙතන තිබ්බෙ යාලුකමක්ද …
නැත්තම් ඊටත් වඩා එහාට ගියපු දෙයක්ද කියල හරීයටම කියන්න අමාරුයි…මොකද අපි මේක දකින්නෙ jess දකින විදිහක් අපිට මේක දැනෙන්නෙ jessට දැනෙන විදිහට.
Jess එයාගෙ feeling එලියට පෙන්නන් නැතිනිසා….අපිත් මෙතනදි දෙලොවක් අතර තනිවෙනව..😂
සමහරවිට කලින් දෙන්නටම කිසිම යාලුවෙක් හිටපු නැති නිසා මේක මිත්‍රත්වයක්ම වෙන්න ඇති…👦👩‍
නැත්තම් එතනින් එහාට ගියපු දෙයක් වෙන්න ඇති…💑
ඒක තීරණය කරන එක මේ ෆිල්ම් එක බලනකෙනා අනුව වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ.

මේ කතාව ඇතුලෙ ළමයෙකුගේ පරිකල්පනය කොතරම් ප්‍රබලද කියන දේ ලොකුවටම කතාකරනව….
ඒ පරිකල්පනය ඇතුළේ ජීවත් වෙන එක ඒ ළමයට කොයිතරම් බලපානවද…
Jess ව ගන්න උදාහරණයට….
දුප්පත්කමත් එක්ක තමන්ගෙ අක්කල නංගිල සමග ගෙදරට හිරවෙලා ඉන්න jess …ඔක්කොම ප්‍රශ්න අමතක කරල තමන්ම හදාගත්ත රාජධානියක රජකෙනෙක් විදිහට ඉද්දි…👑
ගෙදරට හිර වෙලා ඉද්දි නොතිබුන සතුටක් මේ මනෝලෝකයෙන් හොයාගන්න විදිය හරි අපූරුවට පෙන්නල තියනව….🔥❤️
එක එක්කෙනාට පරිකල්පන හැකියාවන් වෙනස් වුනාට ඔක්කොම නවතින්නෙ..තමන්ගේ ලෝකයේ වීරයා තමන්මයි කියන පොයින්ට් එක ඇතුලෙ…😇🙏

මේ ෆිල්ම් එකේ cinematography ගැන කතාකරනවනම් හොදටම පාවිච්චි කරපු තැනක් තමා Leslie ව අන්තිමට පෙන්න තැන….😭
අර දාරානිපාත වැස්සෙ බලුපැටියවත් තුරුලුකරගෙන දුවගෙන යන විදිහ..😢
අපි ඒ වැස්සෙ එතන ඉන්නව කියල හිතෙන විදිහර ඒ දර්ශන අරන් තියනව.

කතාවෙ අවසානය ගැන මම මොකුත් කියන්නැ…
කියන්නත් බෑ… ඒක බලපු නැති කෙනෙක්ට spoil එකක් වෙනව එක විදිහකට ..
අනිත් අතට ඒක ….😢

මේක බලල ඉවර වුනාම දැනෙන්නෙ නිකන් දුර ගමනක් ගිහින් හුගාක් සතුටු වෙලා ආපහු ගෙදර එද්දි දැනෙන nostalgic feeling එකකකට සමාන දෙයක්…
ඒක feeling එකක් විදිහටම තිබුන දෙන්…🙏😢❤️

වැලන්ටයින් ලග එන නිසා නිකමට මේක ගැනත් ලියන්න හිතුනා…
😇(….පලවෙනි ක්‍රශ් එක ගැන….)😇

ආදරය කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙක අපිත් leslieට ආදරයකලා නේද…..
ක්‍රශ් එක කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙක අපේ ක්‍රශ් එක leslie වුනා නේද…..
හැමදේටම සතුටුදායක අවසානයක් තියෙයි කියල හිතන් හිටපු කාලෙක
අපි සම්පූර්ණයෙන්ම අසරණ වුනා නේද…..

*සතුටත් එකක් දුක්වෙන්නත්…,

*සිනහවත් එක්ක අඩන්නත්…,

*බිදුනු බලාපොරොත්තු එක්ක ඉස්සරහට යන්නත්…,

*එක් සිද්දියක අවසානයක් තවත් සිද්දියක ආරම්භයක් වෙනබවත්…,

*මානසික සතුට තරම් වෙන සතුටක් වෙන නැති බවත්…,
පැහැදිලි කර දුන්,
❤️…Bridge to terabithia…❤
එදා….
හදවතේ තැනක තැන්පත්වුනා.
විස්තර කරන්න බැරි කතාවක් විදිහට,
හැමදාම විදින්න පුලුවන් හැගීමක් විදිහට …❤️😢😇🙏

කාලය යොදාගන්න පුලුවන් උනොත් තවත් මේවගේම කතාවකින් හමුවෙමු.

“Just close your eyes and keep your mind wind open”

Admin – Thumula Yasodana

bridgetoterabithia

Thumula Yasodana

Well, I was born yesterday.

Leave a Reply