You are currently viewing Batmobile: බැට්මෑන්ගේ සුපිරි කාර් එක

Batmobile: බැට්මෑන්ගේ සුපිරි කාර් එක

බැට්මෑන් කියන්නේ අපි හැමෝම ආදරය කරන වීරයෙක්.❤ ඉතිං බැට්මෑන්ට අනිත් හුඟක් වීරයින්ට වගේ සුපිරිබලයක් නැති වුණාට බැට්මෑන් කියන්නේ එතෙක් මෙතෙක් බිහි වුණු හොඳම සුපිරි වීරයින්ගෙන් අංක එක බවට හුඟක් තැන්වල සඳහන් වෙනවා.😍

ඉතිං සුපිරි බලයන් නැති මේ සුපර්හීරෝට හුඟක් උදවු වෙන්නේ ඉහළ තාක්ෂණයක් භාවිතයෙන් නිර්මාණය කරපු ගැජට්ස් සහ වාහන. ඉතිං මේවා ගැන කතා කරද්දි අමතක කරන්නම බැරි දෙයක් තමා බැට්මොබයිල් එක කියන්නේ.❤

අකුණක වේගයෙන් දුවන්න බැරි වුණාට බැට්මෑන්ට හැමතිස්සෙම වෙලාවට අපරාධයක් වෙන තැනකට යන්න හැකියාව සපයපු දේවල් කිහිපයක් බැට්මෑන් ළඟ තිබෙනවා. ඒවා අතරින් කොමික් ඉතිහාසය දිහා බැලුවම පරණම දේ තමා බැට්මෑන්ගේ කාර් එක. මේ කාර් එකට විශේෂ නමක් තියෙනවා. ඒ නම තමා බැට්මොබයිල්. බැට්මෑන් ෆිල්ම්, ටීවි සීරිස්, ඇනිමේෂන් සීරීස් හැම එකකම වගේ අපිට බැට්මොබයිල් එක දැකගන්න පුලුවන්. ඒකෙන්ම ඔප්පු වෙනවා ඩාර්ක් නයිට්ට බැට්මොබයිල් එක නැතුවම බැරි අංගයක් කියලා. බැට්මොබයිල් එක පළමු වතාවට ප්‍රේක්ෂකයා අතරට අරගෙන එන්නේ 1939 මැයි 27 රිලීස් වුණු Detective Comics #27 කොමික් එකෙන්. මේ කොමික් එකේදි කාර් එකක් කියලා තමා බැට්මොබයිල් එක හඳුන්වන්නේ.

එතෙක් මෙතෙක් අඳිනු ලැබූ ප්‍රථම බැට්මොබයිල් එක

බැට්මොබයිල් එකත් නිර්මාණය කරන්නේ බැට්මෑන් නිර්මාණයටත් හේතු වුණු බිල් ෆින්ගර් සහ බොබ් කේන් දෙපල.❤ ඉතිං බැට්මෑන්ගේ කාර් එකට කියනවා වෙනුවට “බැට්මොබයිල්” කියන විශේෂ නම මේ කාර් එකට ලැබෙන්නේ Detective Comics #48 කොමික් එකෙන්. පෙනුම ගත්තම මුල් කාලයේදී සාමාන්‍ය කාර් එකක පෙනුමකින් යුක්ත වෙලා තියෙනවා. පසු කාලීනව තමා බැට්මෑන්ගේ “බැට්” කියන කොටස සංඛේතවත් වෙන විදිහට නිර්මාණකරුවන් විසින් බැට්මොබයිල් එක design කරනු ලබන්නේ. බැට්මොබයිල් එක තමා ඉස්සෙල්ලම බැට්මෑන් කොමික් එකකදි බැට්මෑන්ට ලැබෙන වාහනය. බැට්මොබයිල් එක පාදක කරගෙන පසු කාලවලදී බැට්සයිකල්, බැට්බෝට් සහ රොබින්ගේ රෙඩ්බර්ඩ් වගේ තවත් වාහන කිහිපයක්ම කොමික්වලට එනවා.

බැට්මොබයිල් එක ප්‍රේක්ෂකයින් අතර ඉතාමත් ආදරයට සහ ප්‍රසිද්දියට පත් වෙන නිසා 1966 නිර්මාණය වෙන බැට්මෑන් ලයිව් ඇක්ෂන් ටීවි සීරීස් එකටත් බැට්මොබයිල් එක භාවිත කරනවා. හුඟක් කට්ටියට එන ප්‍රශ්නයක් තමා බැට්මෑන්ට එක බැට්මොබයිල් එකක්ද තියෙන්නෙ කියන එක.

Batman Hush කොමික් රන් එකේදි බැට්කේව් එක ඇතුලෙ බැට්මොබයිල් කිහිපයක්ම තියෙනවා පෙන්වනවා. මීට අමතරව Batman: The Animated Series එකේදිත් බැට්මෑන්ට එක බැට්මොබයිල් එක්කට වඩා තියෙන බව දැනගන්න පුලුවන්.

බැට්මොබයිල් එකේ පෙනුම ගැන කතා කලොත් මේ වාහනයත් බැය්මෑන්ව සංඛේතවත් වෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. ඇත්තටම කිවුවොත් එක එක කොමික්වලදි, ඇනිමේෂන්වලදී වගේම ලයිව්- ඇක්ෂන්වලට එද්දි බැට්මොබයිල් එකේ ඩිසයින් එක වෙනස් වෙනවා. ඒත් ඒ හැම එකක්ම “බැට්” කියන කොටස දැනෙන විදිහට නිර්මාණය කරලා තියෙන්නේ. බැට්මොබයිල් එකේ බැට්මෑන්ට වගේම රොබින්ටත් ප්‍රයෝජනවත් වෙන දේවල් ගොඩක් තිබෙනවා. ඒවා මොනවද කිවුවොත්,

  • CCTV කැමරා
  • පොලීසියට සම්බන්ඳ වූ ශ්‍රවන යන්ත්‍ර
  • දිශාව හොයාගන්න උපකරණ
  • අමතර බැට්මෑන් සහ රොබින් ඇඳුම්
  • ගෑස්වලට සහ ජලය ඔරොත්තු දෙන මුහුණු ආවරන
  • රේඩාර්
  • Travelling crime-lab (හෝඩුවාවන් වලින් අපරාධකරුවන් හොයාගන්න අවශ්‍ය සියලුම දේ සහිතයි)
  • ප්‍රථමාදාර කට්ටලය
  • ගිණි නිවන උපකරණ
  • ඇස්බෙස්ටෝස්වලින් නිර්මාණය කරපු ඇඳුම්
  • මයික්‍රොෆෝන්
  • ශබ්ද ප්‍රභේදක උපකරණ
  • ඉතා ශක්තිමත් ටයර්
  • නැමිය හැකි ආසන
  • කෘතිම බුද්ධියකින් ක්‍රියා කරන ස්වයං ධාවන හැකියාව ☑ තුවක්කු
  • වෙඩි නොවදින වීදුරු වගේ හුඟක් දේවල් දක්වන්න පුලුවන්. ඒ වගේම බැට්මොබයිල් එක හුඟක් ශක්තිමත්. ගින්නට, ජලයට, උණ්ඩවලට, අධික තාපයට ඔරොත්තු දෙන විදිහට සකසලා තියෙන්නේ. මේ වගේ කරුණු නිසා ඇතුලෙ ඉන්න අයට වෙන්න පුලුවන් හානිය හුඟක් අඩුයි. අනික බැට්මොබයිල් එකට හොරකන් කරන එක හරි බලෙන් ඇතුලු වෙන එක හරි කරන්න බැරි දෙයක්. ඒ වගේම හදිසි අවස්තාවක පුපුරවා හැරීමේ හැකියාවත් තිබෙනවා. වාහනයටම සවි කරපු තුවක්කු නිසා සතුරු ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර දීමේ හැකියාවත් ලැබෙනවා.

The Dark Knight ෆිල්ම් එකේ දකින්න ලැබුනු විදිහට බැට්මොබයිල් එකටම සවි කරපු බැට්සයිකල් එකකුත් තිබෙනවා. හදිසි අවස්තාවල පලා යන්න මේ කාරණාව හුඟක් උපකාරී වෙනවා. ❤ DCEU එකේ බැට්මොබයිල් එකට ක්‍රිප්ටොනයිට් වායු (සුපර්මෑන් වගේ ක්‍රිප්ටෝනියන්ලට එරෙහිව පාවිච්චි කරන්න), ක්‍රිප්ටොනයිට් තැවරූ බඳක් එහෙමත් ඇතුලත් වෙනවා.

DC Extended Universe එකෙහි බැට්මොබයිල් එක
  • DCEU බැට්මොබයිල් එක
  • දිඟින් 6.1 m
  • පලලින් 3.7 m
  • උසින් 1.2 m කින් යුක්ත වෙනවා. ඒ වගේම ඉදිරි පස සහ පසු පස රෝද සඳහා පිලිවෙලින් 400/55-225 සහ 700/55-225 ට්‍රැක්ටර් ටයර් භාවිත කර ඇති බවයි සඳන් වෙන්නේ.

වේගය ගත්තම එක එක කතාවලදි මේ කාරණාව වෙනස් වෙනවා. ඒ නිසා මං ඒ ඒ කතාවලදි වේගය දැක්වෙන විදිහ මේ විදිහට දක්වන්නම්.

  • Batman Returns (1989): 330 mph
  • Batman Forever: 330 mph
  • Batman and Robin: 350 mph
  • The Dark Knight Trilogy: 160 mph
  • DCEU : 205 mph

බැට්මොබයිල් එක ගැන වැඩිය ප්‍රසිද්ධ නැති කරුණු ටිකකුත් කියලම ලිපිය අවසන් කරන්නම්.

  • පළමු බැට්මොබයිල් එක රතු පාටයි. මේක බොහෝ දුරට සාමාන්‍ය කාර් එකක පෙනුමට සමානයි.
  • ඇඩම් වෙස්ට් රංගනයෙන් දායක වුනු බැට්මෑන් ටීවි සීරීස් එකට යොදාගෙන තියෙන්නේ පරණ අත ඇරලා දාපු ෆෝර්ඩ් කාර් එකක්.
  • ඇඩම් වෙස්ට්ගේ බැට්මොබයිල් එක 2013 දි ඩොලර් මිලියන 4.2 ක වෙන්දේසියකින් විකුණලා තිබෙනවා.
  • බැට්මොබයිල් එකේ repair කටයුතු කරන්න කාර්මිකශිල්පියෙක් ඉන්නවා. ඔහු නමින් හැරොල්ඩ් ඕල්නට්.
  • බැට්මොබයිල් එක රෝද සවි කරපු සුපිරි පරිගනයකට සහ ලැබ් එකකට සමානයි. මෙහෙම කියන්න ලොකුම හේතුව තමා බැට්මෑන්ට හෝඩුවාවන් පස්සෙ හඹායන්න අවශ්‍යය සියලුම පරිගනක අවශ්‍යතාවන් සහ උපකරන බැට්මොබයිල් එක තුළ අන්තර්ගත වෙනවා.

එහෙනම් බැට්මොබයිල් එකේ කතාව මේ විදිහට අවසන් වෙනවා. ආයෙත් ඉක්මණින්ම හමුවෙමු…!

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න අපේ Hype zone page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න.

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන්, ඒකට අපේ Hype Zone youtube channel එකට සෙට් වෙන්න.
https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපේ අලුත්ම වැඩේ තමයි Hype Zone exclusive discord channel එක, ඒකට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න. ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මේකෙන් හම්බෙනවා. එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න. https://www.buymeacoffee.com/hypelk

෴෴ සුබ දවසක්…! ෴෴

This Post Has One Comment

  1. Pasindu de silva

    නියමයි. Keep it up ❤😍

Leave a Reply