ඔයාලා ඔක්කොම වගේ බලලා ඇතිනේ 2009 ආපු ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කරපු Avatar ෆිල්ම් එක. මෑත කාලයේ හොලිවුඩ් තාක්ෂණයේ හැරවුම් ලක්ෂ්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන් ෆිල්ම් එකක් මේක. නවීන Motion Capturing ක්‍රම, නව CG තාක්ෂණ වගේ දේවල් හොලිවුඩයට හඳුන්වලා දෙන්න මේ ෆිල්ම් එකට හැකිවුණා.
ඇත්තටම මේ ෆිල්ම් එක හදන්න පටන්ගෙන තියෙන්නේ 1994දී. 1997 කැමරන් ගේ Titanic ෆිල්ම් එකෙන් පස්සේ, 1999දි තිරගත කරන්න ප්ලෑන් කරල මේකේ රූගතකිරීම් පටන්ගන්න තමයි හිතාගෙන ඉඳලා තියෙන්නෙ. ඒත් කැමරන් ගේ ඔලුවේ තිබ්බ අදහස් මේ ෆිල්ම් එකට නඟන්න තරම් තාක්ෂණයක් ඒ කාලේ තිබිලා නෑ. ඉතින් අවුරුදු ගානක් කැමරන් ඉවසනවා මේ වෙනුවෙන්. මේකේ ඉන්න පිටසක්වළ ජීවීන්ගේ Na’vi භාෂාව ගොඩනඟන්නේ 2005දි. Screenplay එක හදන්න පටන්ගන්නේ 2006දි.
ඉතින් කොහොම කොහොම හරි 2009 දෙසැම්බර් වල Avatar තිරගත වෙනවා. ලොව පුරාම මේ ෆිල්ම් එක ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබනවා මේකෙ තියන දියුණු දෘශ්‍ය ප්‍රයෝග නිසා. ඒ වගේම Avatar ඇකඩමි සම්මාන 9කට නිර්දේශ වෙනවා. එයින් හොඳම සිනමාරූපණය, හොඳම කලා අධ්‍යක්ෂණය, හොඳම දෘශ්‍ය ප්‍රයෝග කියන ඇකඩමි සම්මාන තුනම දිනනවා. කොහොමහරි අවසානයේ Avatar එදා මෙදා තුර වැඩිම ආදායමක් ලැබූ ෆිල්ම් අතරින් දෙවනි ස්ථානයට පත්වෙන්නේ ඩොලර් බිලියන 3කට අධික අති විශාල ආදායමක් ලබාගෙන.
දැන් අපි ඔයාලට කියන්න හදන්නෙ ගොඩක් සතුටුදායක නිව්ස් එකක් ගැන. ඔන්න ජේම්ස් කැමරන් පෙරේදා ඒකියන්නේ පසුගිය සැප්තැම්බර් 25 වෙනිදා Avatar Sequels වල Shooting පටන්ගෙන. ඔයාලා කලින් දැනගෙන හිටියේ නැත්නම් දැනගන්න, Avatar sequels 1ක් 2ක් නෙවෙයි 4ක්ම හදන්න ප්ලෑන් කරල දැන් ටික කාලයක් වෙනවා.
මේ ඔක්කොටම දැනට estimate කරලා තියන budget එක ඩොලර් බිලියනයකටත් අධිකයි. Avatar 2යි 3යි දැනට එකදිගට ෂූට් කරනවා කියල තමයි දැනගන්න ලැබෙන්නේ. Avatar 2 රිලීස් වෙන්න නියමිත වෙලා තියෙන්නෙ 2020 දෙසැම්බර් වල. තව කාලයක් ඉන්න වෙනවා තමයි හැබැයි. Avatar 3 2021දිත්, Avatar 4 2024දිත්, Avatar 5 2025දිත් රිලීස් වෙනවා කියල තමයි ආරංචි වෙන්නෙ. කලින් ෆිල්ම් එකේ හිටපු Sam Worthington, Zoe Saldana, Sigourney Weaver, සහ Stephen Lang මේ ෆිල්ම්ස් වලත් Star කරාවි කියල හිතනවා. 20th Century Fox ලා තමයි මේ ෆිල්ම් වලත් බෙදාහැරීම් කරන්නෙ.
ඉතින් තාම 2009 ආපු Avatar ෆිල්ම් එක බලපු නැති අය ඉන්නවනම් දැන්ම ඒක බලන්න. බලපු අයටනම් 2020 වෙනකම් ඉවසිල්ලක් නැතිවෙයි.