You are currently viewing Andrei Tarkovsky ආන්ද්‍රේ තර්කොස්කි

Andrei Tarkovsky ආන්ද්‍රේ තර්කොස්කි

නම හරියට pronounce වෙනවද දන්නෙ නෑ. කොහොම හරි මේ නම මෙහෙම හරි ලියල මේ ලිපිය දාන්න හිතුවෙ Tarkovsky  කියන්නෙ ලෝක සිනමාවේ අමරණීය මෙහෙයක් කරපු සුපිරිම ගණයේ අධ්‍යක්ෂකවරයෙක් නිසා. මේ යන්නේ වාණිජමය සිනමාවේ ජනප්‍රිය මාතෘකාවලින් එහාට ගිහින්  තරමක් අතීතයට. හැබැයි හොලිවුඩ්පුරයෙත් නෙවෙයි අපියමු ඇමරිකාවේ Arch Nemesis රුසියාව ලෝක සිනමාවට තිලිණ කරපු අග්‍ර ඵලය හොයාගෙන. ඒ තමයි අර උඩ කිව්ව නම. 

ලෝක සිනමාවේ දක්ෂතම චිත්‍රපට අධක්ෂකවරු අතර මගහැරයා නොහැකි අධක්ෂකවරයෙකු ලෙස Andrei ව අපට හදුනාගන්න පුලුවන්. කොටින්ම යුරෝපීය සිනමාව උඩු යටිකුරු වෙන්න සමත් බලපෑමක් එල්ල කරපු අධ්‍යක්ෂකවරයෙක්. මේ ලිපිය ලියන මමත් Tarkovsky ගේ හැම චිත්‍රපටයක් ම බලපු සිනමාවේදියෙක් නම් නෙවෙයි. හැබැයි Stalker වගේ චිත්‍රපටයක් බැලුවට පස්සෙ ඇත්තටම සිනමාවේ රුසියානු සලකුණක් වෙන මේ මනුස්සයා ගැන නොසොයා ඉන්න බැරිවුණා. ඒ වගේම මේ Mastermind එකේ තවත් Masterpiece Level එකේ නිර්මාණ මොනවද කියලා හොයාගන්නම ඕනි වුණා. ප්‍රතිඵලය වුණේ මේ ලිපියයි.

Stalker චිත්‍රපටය තරමක් මන්දගාමී බවක් දැනෙයි ඔයා බැලුවොත්. මේකෙ පෙන්නන පරිසරය නිකන් Chernobyl එකෙන් පස්සෙ ඒ Area එක වගේ ටිකක්. මාත් හිතුවෙ ඒ වගේ Area එකක් Base කරන් හදපු එකක් කියලා. පස්සෙ දන්නෙ මේක Release වෙන්නෙ 79.ඒ කියන්නෙ Chernobyl Disaster එක වෙන්න අවුරුදු 07කට විතර කලින් !!! චිත්‍රපටයේ එන Post Apocalypse පරිසරය අපි Chernobyl ගැන YT එකේ video එකක් බැලුවොත් පේන දේට බොහොම සමානයි. මම මේ කිව්වෙ Stalker එකේ එකම එක පොඩි දෙයක් විතරයි. Stalker එක සිනමාත්මක අගයෙන් ඉතා ඉහළ චිත්‍රපටයක් වෙන්නෙ ඇයි ඇහුවොත් මම මේ.කිව්ව එක නොකියවෙන තරම්. ඒත් ඒ පුංචිම තැන පවා මාව මවිත කරනවා. එහෙනම් මේ මායාකාරයෙක් වන් අධ්‍යක්ෂකවරය ගැන නොලියා කොහොමද?

Andrei Tarkovsky උපත ලැබුවේ  වැනි දිනක 1932 දී  අප්‍රේල් 04 දිනයේ. මෙයාගෙ පවුල Dagestan වල රදළ පරම්පරාවකින් පැවත එනවා කියලත් කියනවා. කොහොමහරි මෙයාගෙ පාසල් කාලයේ මෙයා එක විදියක Troublemaker කෙනෙක්.Andrei Voznesensky කියන කවියත් මෙයාගෙ classmate කෙනෙක්. කොහොම හරි පසුකාලයේ Tuberculosis රෝගය සඳහා ප්‍රතිකාර කරන රෝහලක මෙයා වැඩකරල තියෙනවා. පසුකාලීනව  මොහුගේ Mirror කියන චිත්‍රපටයට පාදක වෙන්නෙ මොහුගේ ලමාකාලය, පියා පවුලෙන් වෙන්වීම, ලෝක යුද්ධය සමග මුහුණ පෑ අත්දකීම සමග රෝහලේ ගතකළ කාලයයි.

තමන්ගේ අනාගත බිරිඳවත් හමුවන

VGIK කියන Academy එකෙන් සිනමාවට පිවිසෙන්න මොහු සමත් වෙනවා. ඒ තවත් නමගිය අධ්‍යක්ෂකවරු රැසකගේ ගුරුවරයා වෙන mikhail Romm යටතේ. කොහොමහරි 1956 දි අර්නෙස්ට් හෙමිංවේ ගෙ කෙටිකතාවක් පාදක කරගෙන The Killera කියන චිත්‍රපටය ඔහු නිපදවනවා.  58, 59ත් තව කෙටි චිත්‍රපට දෙකක් ඔහු එළියට දානවා.

බිරිඳ වුණ  Irma Raush පමණක් නෙවෙයි New York Film Festival එකේ සම්මානයට පාත්‍රවුණ The Steamroller & The Violin චිත්‍රපටයේ Script එක ලියන්න උදව් වුණ තවත් Famous Russian Filmmaker කෙනෙක් වෙන Andrei Konchalovsky හමුවුණෙත් මේ Academy එකේදිමයි.

පලවෙනි Feature Movie එක වුණ Ivan’s Child එකෙන්ම Venice Film Festival එකේ  golden lion සම්මානය 1962දි දිනාගන්න මොහු සමත්වෙනවා.  එතනින් ඇරඹෙන මොහුගේ සිනමා කාව්‍යයන් එකින් එක දිගහැරෙන්නේ ලෝක සිනමාවේ නව මානයක් යොමුකරවමින්. Stalker, Mirror, Solaris ඉන් ප්‍රධානයි.

අපි ගත්තොත් Suspense Thriller කියන එක සිනමාවට ගෙනාපු අය අතර Hitchkock සිටිනවා. විද්‍යාව ගෙනාපු අය අතර Kubrik ඉන්නවා. ඒ වගේ කාව්‍යමය ආරයක සිනමා ශෛලියක් හඳුනවා දෙන්න පුරෝගාමියෙක් වුණේ Tarkovsky. Poetic Cinema කියන දේ ආරම්භයේ එතරම් ජනප්‍රිය දෙයක් වුණේ නෑ. විශේෂයෙන්ම මොහුගේ චිත්‍රපට තුළ කාලය හා අවකාෂ භාවිතාව සිනමාව තුළ මෙතෙක් නොවූ දෙයක් විදියට අද අපි සැලකුවත් ඒ කාලයේ මේක වොචාරලයන් පතුරු ගහපු දෙයක් වුණා. මොහුගේ සිනමා ශෛලිය ඉතා මන්දගාමී වීම ප්‍රේක්ෂක ආකර්ෂණය අහිමිවීමේ අවදානමකටත් හේතු වුණා. ඒ වගේම Anti Soviet මත සිනමාව හරහා මුදාහරිනවා යන ලේබලය වැදුණ නිසා රුසියානු පාලනාධිකාරියත් මොහුව රිස්සුවේ නැහැ. කොටින්ම මහා සිනමා කරුවා 1986 පැරිස් නුවර දී පෙනහළු පිලිකා රෝගයෙන් මිය යන එක පිටුපසත් KGB ඔත්තු සේවය සිටින බවට සමහරු සැක කරනවා. ඔහුගේ අවසන් චිත්‍රපට දෙක නිර්මාණය වන්නෙත් රුසියාවෙන් පිටත වීම තවත් හේතුවක්.

ලෝක සාහිත්‍යයේ රුසියාවට ටොල්ස්ටෝයි,  ගොගොල්, පුශ්කින් වගේ අය දුන් ස්ථානය හා සම තැනක් සිනමාව තුළත් රුසියාවට ලබාදෙන්න Tarkovsky සමත් වෙනවා. සිනමාවේ විවිධ අභියෝග සාර්ථකව ජයගත් අධ්‍යක්ෂකවරු අතර ඔහු ඉදිරියේම ඉන්නවා. මොහුගේ Masterpiece එක ලෙස සමහරු සලකන Stalker පවා බෙහෙවින් දුෂ්කරතාවන් සහිතව නිර්මාණය කළ චිත්‍රපටයක්. මෙම චිත්‍රපටයේ දී තම අභිමතය පරිදි රූප හසුනොවීම නිසා Tarkovsky ඔහුගේ කැමරා ශිල්පීන් දෙදෙනෙකු ඉවත් කර නැවත වෙනත් කැමරා ශිල්පියෙකු රැගෙන මෙම නිර්මාණය අවසන් කර තිබේ. රූගත කළ සමහර දර්ශණ නැවත රූගත කර තිබේ. ඒ රූගත කිරීම් කල ප්‍රදේශ විකිරණශීලි යයි ඇතැමුන් සැක කෙරෙනවා. රූගත කිරීම් අතර තුර චිත්‍රපට කණ්ඩායමේ කිහිප දෙනෙකුගේ ශරීර වල අසාත්මිකතා ද ඇති වීම මීට හේතුවක්. ඒ වගේම Tarkovsky මෙන්ම  චිත්‍රපට කණ්ඩායමේ සිටි නළු Anatoly Solonitsyn හා Larisa Tarkovskaya   පෙනහළු පිලිකා රෝගයෙන් මිය ගොස් තිබීමත් මීට හේතුවක්.

මොහුගේ සිනමා සමිප්‍රදාය හැදින්විමට Transcendental සිනමාව යන්න භාවිතා කෙරෙනවා. චිත්‍රපට හතක් වගේ ප්‍රමාණයක් තමයි මොහු ලෝකයට තිලිණ කරන්නේ. නමුත් Stanley Kubrich පවා Inspire කරපු Ingmar Beran වගේ නිර්මාණකරුවන්ගෙ නොමද ප්‍රශංසාවට ලක්වෙන අන්දමේ නිර්මාණ ඒ අතර වෙනවා.

වානිජමය සිනමාව තදබල ලෙස  විවෙචනය කරපු මොහු ඒ වෙත ප්‍රේක්ෂකයන් ඇදීයාම ගැනත් අප්‍රසාදය ප්‍රසිද්ධියේ පලකරලා තියෙනවා කිහිපවරක්ම.

ලෝක සිනමාවේ වෙනත් වෙනත් මානයන් එළිපෙහෙළි කරපු මේ සිනමාවේදියා විචාරකයො හඳුන්වන්නේ Stanley Kubrick වැනි නිර්මාණකරුවෙක්ට කවියෙක් ආරූඪ වීමක් වගේ කියලයි.

එහෙනම් ආපහු මේ වගේ ලිපියකින් හමුවෙමු. ඔබට ජය

Thilosha Nipunajith

Thilosha Nipunajith

An Artist | Creator of Revival Webtoon Series Anime Man of Hype Family

Leave a Reply