You are currently viewing සුන්දරත්වයේ නිරුවත | 𝘼𝙢𝙚𝙧𝙞𝙘𝙖𝙣 𝙗𝙚𝙖𝙪𝙩𝙮

සුන්දරත්වයේ නිරුවත | 𝘼𝙢𝙚𝙧𝙞𝙘𝙖𝙣 𝙗𝙚𝙖𝙪𝙩𝙮

ඇමෙරිකානු සුන්දරත්වය නැත්නම් American beauty කියන්නේ ඒ රටට පමණක් සීමා වුණු කතාවක් නෙමෙයි.✌🏻 1999 දී සහශ්‍රයක් අවසානයේ තිරගත වුණු black comedy ශානරයට අයත් Sam Mendes නම් අධ්‍යක්ෂවරයාගේ කුළුදුල් නිර්මාණය වුණු මේ චිත්‍රපටය ඇකඩමි සම්මාන උලෙළේ වසරේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන 5ක්🏆 දිනාගනිමින් වටිනා පණිවිඩයක් සමාජයට ඉතිරි කරපු කලා නිර්මාණයක්. මේක නරඹන සමහරෙකු අතරේ ඔබටත් සිතෙන්න පුලුවන් මේ මොකක්ද මේ? මෙහෙම වෙන්න පුලුවන්ද? දැන්නම් මෙහෙම වෙන්නෙ නෑ වගේ දේවල්.🤷🏻‍♂️

ඇත්තටම චිත්‍රපටය අවසානයේ මොහොතක් අරගෙන සිතලා බලන්න ලෙස්ට’ අන්තිමට කියන දේ පිළිබඳව. මුලින්ම කියන්න ඕන මේ චිත්‍රපටය හැමෝගෙම cup of tea එක නොවෙන්න පුලුවන්. ඒත් මෙය කෙදිනක හෝ ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක්.❤️

American Beauty සිනමා කෘතිය පුරාවටම අපි දකිනවා චරිත එක එක්කෙනාගෙ රාමුවක් පුරාවට කොටු වෙලා ඉන්නවා. ඒ හැම දෙනාගෙම කොටු වීම සංකේතාත්මකව ලස්සනට පෙන්වනවා.✨ ඔවුන් වෛර කරන රැකියාවක, අනිත් පුද්ගලයන් තුළ හරි නැත්නම් තවත් සමහර වෙලාවට තමන්ගේ සැබෑ ස්වරූපය තුළම ඔවුන් සිර වෙලා ඉන්නවා. මේ චිත්‍රපටය පුරාවට ඔවුන්ගේ සිර වීම පෙන්වන්න අධ්‍යක්ෂ Sam Mendes හා Cinematographer Conrad Hall විසින් මෘදුව චරිත නිර්මාණය කරන්න උත්සාහ දරනවා. වැටවල් පසුපස, ජනෙල් වීදුරුවට මුවාවෙන්, පරිගණකය තුළින් දකින ලෙස්ට’ගේ මුහුණේ පරාවර්තනයෙන් ආදී බොහෝ දේවල් තුළින් මේ චරිතවල සිරවීම පෙන්වනවා. මුළු චිත්‍රපටයම විශුවල් ස්ටෝරිටෙලින් භාවිතා කරනවා ඔවුන්ගේ ආඛ්‍යානය තීව්‍ර කරන්න.🔥

ෆිල්ම එක පුරාවටම ප්‍රධාන කතාවට අතිරේකව තනි තනි කතා ඔවුන්ගේ කෝණවලින් සිදු කෙරෙනවා.👀 දර්ශනයන් මාරුවෙනවාත් සමඟම වැදගත් වශයෙන් තේමාවන් ඉදිරියට ගලා ගෙන යනවා. American beauty සිනමා නිර්මාණය තවත් සුවිශේෂ වෙන්න හේතුවක් තමයි ෆිල්ම් එක පුරාවට ජීවත් වෙන චරිත සමුහය තුළටම අවධානය දීම. මේ සෑම චරිතයකට ඔවුන්ටම අනන්‍ය වුණු සිහිනයක් තියෙනවා. ඒ සිහිනය එකිනෙකා අතර ඝට්ටනයට ද මුල් වෙනවා. ඒ අයගේ නිදහසට මුල් වෙනවා. ආදරයක් නොමැති විවාහයක් තුළ, සමාජය තුළ, ඔවුන්ට වීමට කැමති දෙය තුළ, දෙමාපියන්ගෙන් ආදී විවිධ ආකාරයෙන් ඔවුන් ඔවුනගේ නිදහස සොයනවා. මේ ලිපිය කියවන ඔබ වුණත් මොන චරිතය පිළිබඳව අවධානය දුන්නත් ඔවුන්ගේ Beauty එහෙම නැත්නම් ලස්සන කියන දේ ගැන වෙනම මත දරනවා.💫 ඒ නිසාම චිත්‍රපටයට විවිධ අර්ථයන් ලබා දෙන්න පුලුවන්.

ෆිල්ම් එක පුරාවටම අපිට විවිධ චරිතවල තොරතුරු ලබාදෙනවා ඔවුන්ගේ නිදහස සොයා යන ගමනේ. ඒත් අපි චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙන ලෙස්ට’ ගැන අවධානය යොමු කලොත් ඔහු මුලදී තමන් තුළම සිර වෙලා ඉන්නේ. වෛර කරන රැකියාවක් තුළ, එකිනෙකා අතර ආදරයක් නැති ෆැමිලි එකක් තුළ විවිධ අයුරින් ඔහු සිර වෙලා ඉන්නවා. පවුලේ අය අතර තියෙන සම්බන්ධතාවය තුළම කැළඹීමක් චිත්‍රපටයේ cinematography තුළින් පෙන්නුම් කෙරෙනවා. අපිට මේ පවුල එකට ඉන්න අවස්ථා දකින්න හමබ්වෙන්නෙ බොහොම කලාතුරකින්. චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා මේ පවුලේ සාමාජිකයන් වෙන වෙනම රාමු තුළින් පෙන්නුම් කරමින් ඔවුනගේ එකිනෙකා තුළින් හුදකලාව සිටීම නිරූපණය කරනවා. අපි මේ පවුලේ සියල්ලන් එකට ඉන්න අවස්ථා විදියට දකින්නේ එක්කෝ ඡායාරූපයක් තුළ ඔවුන්ගේ හොඳ අතීත කාලයක පමණයි. ඒ වගේම අපි ඔවුන්ව බලෙන් එකට එක්කර තබන රාත්‍රී Dinner table එක තුළ හෝ පාසල/රැකියාව වෙත යන වාහනය තුළ එකට දකිනවා. මේ තුළ අපිට පෙනෙනවා ලෙස්ට’ හා කැරොලින් ඔවුනොවුන් වෙත බලෙන් ළඟා වෙන්න උත්සාහ දරනවා. මෙයින් කියන්නේ අතීතය ලස්සන වුනේ ඒ කාලය සරල හෝ සියල්ලම වැඩ කරන කාලයක් නිසා වූ නෙවෙයි. ඒ ඔවුන් සියලු දෙනා එක්ව කාලය ගත කරපු නිසා, ඔවුනගේ දේවල් එකට කල නිසා. ඔවුන් එකිනෙකාගේ ජීවිතයේ කොටසක් වුණු නිසා. දැන් ඔවුන්ට එකිනෙකා කෙරෙහි වෙලාව වෙන්කිරීමට ආශාවක් හෝ ආදරයක් නෑ. ඒත් ඔවුන්ට සියල්ල එක්ව ඉන්න විට සතුටින් ඉන්නත් ඕන. ඒත් මේ දෙකම එකවර ලබාගන්න අපහසුයි.🙃

ලෙස්ට’ තමාව නිදහස් කරගන්න පටන්ගන්නා විට එය Cinematography තුළින් මනාව පිළිඹිබු කරන්න සමත් වෙනවා. මුලින්ම ඔබ ලෙස්ට’ ව දැක්කේ පුළුල් දර්ශනයන මඟින්. ඔහුව රාමුව තුළට focus වෙලා හිටියේ. ඒත් ලෙස්ට’ කෙරෙහි අපිට අවධානය යොමු වුනේ බොහොම අඩුවෙන්. ඒ සඳහා ලෙස්ට’ ව ඉහල කෝණවලින් රාමුවට එක් කර තිබෙනවා. ඒ තුළින් ඔහුගේ දුර්වල ස්වාභාවය පෙන්නුම් කරවන්න උත්සාහ දරනවා. ලෙස්ට’ ඉන්න හැම දර්ශනයක් තුළින්ම මේ දුර්වල ස්වභාවය ප්‍රේක්ෂකයා වන අපිට පෙන්වන්න සමත් වෙනවා. ඒත් ෆිල්ම් එක ඉදිරියට ගලා ගෙන යාමත් එක්ක මෙය ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙන්න ගන්නවා. ලෙස්ට’ ව Close up හා lower angle වලින් රූපරාමු ගත කරනවා. මේ සමඟම ඔහු කැරලි ගහනවා. ඒ සමඟ ලෙස්ට’ ප්‍රබලව නැගී සිටින්න උත්සාහ කරනවා. ඔහු රැකියාවෙන් ඉවත් වෙනවා. ඒ වගේම ද්‍රව්‍ය පිළිබඳව ඇති අවධානයෙන් වැළකී ඒ අවධානය මිනිස්සු වෙත යොමු වෙනවා. ලෙස්ට’ තමන් ගැනම සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම කලාව ඇගයීමට පටන් ගන්නවා. ඒත්….

ඒ සියල්ලම හුදු ව්‍යාජ දෙයක් විතරයි. ඇත්තටම ඔහුගේ රටාව වෙනස් වුනාද?😕

ඔහු ආයතනික රැකියාවෙන් ඉවත් වෙලා ආහාර සැපයුම් ජාලයක රැකියාවට යොමු වෙනවා. ඒත් එක්කම ඔහු මුලින්ම කරන්නේ තමන් ආසම කාරය මිලට ගැනීම. රැකියාවෙන් ඉවත් වීමත් එක්කම පවුල පිළිබඳව තියෙන අවධානය සම්පූර්ණයෙන්ම මඟ හැරෙනවා. තමන් තනියෙන් මුළු කාලය ගරාජය තුළ ගත කරනවා. පවුල දකින එකම මොහොත වෙන්නේ රාත්‍රී ආහාරය ලබා ගන්න විට විතරයි. ඔහුගේ කලාව පිළිබඳ ඇගයීමට එකම හේතුව වෙන්නේ මත්ද්‍රව්‍ය භාවිතයම විතරයි. ඔහු කලාව අගය කිරීම යනු මතුපිටින් තිබෙන්නක් පමණයි. මේ සියල්ලම අවසාන වෙන්නෙ ඇන්ජෙලා නම් තමන්ගේ දුවගේ වයසේම පසුවන තරුණියක් කෙරෙහි විකෘති ආශාව ඇතිවීමෙන්.🙄 ලෙස්ට’ ඇත්තටම ඇයට ආකර්ෂණය වෙන්නේ ඇනජෙලා තුළ ඇති නිදහස් ආත්මය නිසාවෙනුයි. ඇන්ජෙලා තරුණයි, නිදහස්, ඒ වගේම ඇයට කැමති දෙයක් ඇයට කරන්න පුලුවන්. ඒ දෙයම තමයි කතා නායකයා වුණු ලෙස්ට’ ට අවශ්‍ය වෙන්නෙත්. මේ තුළ සැබෑ ආදරයක් නෑ. 💔

ඇත්තටම මුළු චිත්‍රපටය පුරාවටම ඔහු ඇන්ජෙලාව හමුවෙන්නේ අවස්ථා තුනකදී පමණයි. එය ලෙස්ට’ ට ඔහු පිළිබඳ අවබෝධය ලබා ගන්න එක්තරා අවස්ථාවක් පමණයි. ලෙස්ට’ තවමත් ඔහුව සොයන චාරිකාවක යෙදෙනවා මිසක තමන්ව තවමත් වටහා ගෙන නෑ.

මේ සියල්ල යොමු වෙන්නේ එක්තරා මොහොතකටයි. ඒ තමයි චිත්‍රපටයේ උච්චතම අවස්ථාව. සියල්ලම අවසානයේ යොමු වෙන්නේ ලෙස්ට’ තමන් පිළිබඳව අවබෝධය ලබා ගන්න මොහොතටයි. ඔහුට ඇත්තටම අවශ්‍ය මොකක්ද? මොනවද ඔහු මෙච්චර කල් කලේ?

ලෙස්ට’ තමන්ගේ විවාහය කඩාකප්පල් කරගන්නවා. ඔහුගේ දුවගෙන් ඈත් වෙනවා. ඒ වගේම ඔහුගේ ජීවිතය මඟහරිනවා.

මෙය චිත්‍රපටයේ සියලුම දෙනාට පොදුයි. ඔවුන් තමන්ගේ ප්‍රශ්න වලින් පියවරක් පසුපසට ගෙන ජීවිතය පිළිබඳව දකින්න සූදානම් වෙනවා. ඔවුන් දකිනවා සියල්ලන්ම ඉන්නේ සතුටින් නෙමෙයි කියන දෙය. ඒ වගේම ඔවුන් ඔවුනගේ ප්‍රශ්නවලට පිළිතුරු සොයන්නේ නෑ. ඔවුන් එයින් පලා යනවා පමණයි.
මේ හේතුවෙන් ඔවුන්ගේ ප්‍රශ්න හා ගැටලු තවත් වියවුල් වෙනවා.

American beauty කියන්නේ නරක මිනිස්සු පිළිබඳ කතාවක් නෙමෙයි. මේ ඔබේ මගේ කතාව වෙන්න පුලුවන්. සාමාන්‍ය ජීවිතයක අපිට දැනුණු අපේම කතාවක්. ඒත් අපි මොවුන් වගේ ප්‍රශ්නවලින් පැන නොයා ඉදිරියට ගමන් කරන්න ඕන. ඔවුන් ඔබට නරක පුද්ගලයන් වුවත්, මොවුන් අන්‍යයන් කෙරෙහි අවධානය යොමු නොකළත් මේ සියල්ල තුළම ලස්සනක් සැඟව තිබෙනවා.

සැබෑ සුන්දරත්වය සහ සැබෑ නිදහස ලැබෙන්නේ ජීවිතයේ සෑම අංශයක්ම ඔබට පාලනය කළ නොහැකි බව පිළිගැනීමෙන් පමණයි. ඔබ කෙතරම් උත්සාහ කලත් ඔබට පාලනය කළ නොහැකි දේවල් බොහොමයක් ඔබේ අතේ තියෙනවා. මේ පිළිබඳව ෆිල්ම් එක පුරාවටම සංකේතාත්මකව ඔබට තැන් කිහිපයකම පෙන්වනවා.

ජීවිතයට අන්තයන් තියෙනවා. සමහර දේවල් යහපත් වෙන්න පුලුවන් ඒ වගේම අනෙක් ඒවා භයානක වෙන්න පුලුවන්. සතුට සොයා ගැනීමේ රහස තියෙන්නේ යහපත් දේ පිළිබඳව අවධානය යොමු කිරීම තුළයි. මේ සියල්ල කිරීමට ඔබ කළ යුත්තේ, ඔබ දෙස සමීපව බැලීම පමණයි.

“I guess I could be pretty pissed off about what happened to me, but it’s hard to stay mad when there’s so much beauty in the world. Sometimes I feel like I’m seeing it all at once and it’s too much. My heart fills up like a balloon that’s about to burst. And then I remember to relax, and stop trying to hold on to it. And then it flows through me like rain and I can’t feel anything but gratitude for every single moment of my stupid little life. You have no idea what I’m talking about I’m sure, but don’t worry, you will someday.”

Lester Burnham

ඔබටත් ජීවිතය කවදා හෝ වැටෙහේවි. ඒත් එය සොයගන්න විට පරක්කු වෙන්න එපා. ලෙස්ට’ ට වුණු දේ ඔබට වෙන්න ඉඩ තබන්නත් එපා. ජීවිතය විඳින්න. ඔබ වටේ ඉන්න මිනිස්සු ඒත් සමඟ අමතක කරන්න එපා. ඒ මොකද ඔබට කවදා හෝ ඉතුරු වෙන්නේ ඔවුන් සමඟ ගත කරපු සුන්දර මතක ටික විතරයි.💖

එහෙනම් තවත් මෙවන් කියවීමකින් මුණගැසෙමු.
එතෙක් Stay safe. Stay hype. ❤️✨

Leave a Reply