You are currently viewing 𝘉𝘳𝘪𝘥𝘨𝘦 𝘵𝘰 𝘛𝘦𝘳𝘢𝘣𝘪𝘵𝘩𝘪𝘢 𝘦𝘮𝘰𝘵𝘪𝘰𝘯𝘴

𝘉𝘳𝘪𝘥𝘨𝘦 𝘵𝘰 𝘛𝘦𝘳𝘢𝘣𝘪𝘵𝘩𝘪𝘢 𝘦𝘮𝘰𝘵𝘪𝘰𝘯𝘴

සිනමා නිර්මාණයකට පුලුවන් ඔබව ප්‍රීතියට පත්කරන්නත්😀, ඔබව හඬවන්නත්🥺. නමුත් තවත් චිත්‍රපට ඔබව මනෝ ලෝකයක් තුළින් ඔබේ ඇතුළත හැඟීම් හාරා අවුස්සන්නේ ඔබට සාමාන්‍ය ජීවිතයේ හැඟීම් පවා මොහොතකට අමතක කරවාලමින්.💞 පොඩි ළමයින්ගේ මනස කොච්චර පිරිසිදුද? ලෝකය දකින ඒ ඇස් කොච්චර සුන්දරද?👀

ලෝකයේ ලස්සන දකින මේ සුන්දර ඇස්වලින් කෙතරම් නම් අලංකාර මනරම් දෑ අපි පොඩි කාලේ මවාගෙන ඇත්ද? පුංචි ළමයි මල් වගේලු.🌼😉 ඔව් එයාල කාටවත් කරදර කරන්න ලෑස්ති නෑ. තමන්ගේ මනෝ ලෝකය තුළ සුන්දරත්වය උපරිමයෙන් විඳින්නයි ඔවුන්ට ඕන. මනෝ ප්‍රතිභාවේ උපරිමයට ළඟා වුණු ලෝකයක් තමන් තුළම හදා ගත් පුංචි යාළුවෝ දෙන්නෙක් ගැන තමයි මේ කතා බහ කරන්න ලක ලෑස්ති වෙන්නේ.👀 නෙතට කඳුලක් ගෙනෙන අවසානයක් තියෙන පුංචි කාලේ අපි බොහෝ දෙනෙක් බලලා තියෙන ලස්සන චිත්‍රපටයක් තමයි, Bridge to Terabithia. 💖

එක පාරක් බැලුව නෙතකට තව පාරක් බලන්න නොහැකි වෙන්න තරම් විදියට සමහරෙකුට මේ කතාව දැනෙන්න ඇති.🥺 ඉතින් අපි මේ කතාබහේ කියන්න ලෑස්ති වෙන්නේ ඒ චිත්‍රපටයේ හැඟීම් විලාසයයි. පුංචි ළමයින්ගේ හිතේ මැවෙන ලෝක එකිනෙකට වෙනස්.🌏🕊️ ඒවා හරි ලස්සනයි. අපිත් පොඩි කාලේ ඒ වගේ සිහින ලෝක මවලා ඒ තුල ජීවත් වෙලා තියෙනවා. ඒ තුල බැඳිල ඉඳලා තියෙනවා. ටික ටික ලොකු වෙද්දී ඒ ලෝක වලින් අපිට ඈත් වෙන්න උනත්💔 අදට වුණත් ඒ ලෝකවලට ගිහින් එන්න අපි තාමත් ආසයි. බොහෝමයක් අයකගේ ලස්සනම කාලය තියෙන්නේ පුංචි ළමා විය තුළ. ඒ කාලේ අපිට ප්‍රශ්න නෑ. අපේ ප්‍රධාන අරගලය තමයි, අපේ ඒ සිහින ලෝකය රජ කරවන එක. 👑

ඉතින් මේ කතාවේ කතා නායකයෝ දෙන්න වුනු ජෙස් හා ලෙස්ලි වයස අවුරුදු දොළහක පුංචි ගැටව් දෙන්නෙක්.👫 මේ තමයි ඉතින් අපි දන්න Teenage ඒ කිව්වේ නවයොවුන් අවධියේ මුල්ම පියවර තබන කාලය. තාමත් මොවුන් නව යෞවනයන් නෙමෙයි. අනිත් ළමයින් අතර ජනප්‍රිය නොවුන ගොඩක් වෙලාවට තනියම හිටපු පිරිමි ළමයෙකුට කොහෙන්දෝ ඉදන් අලුතින් ආපු ගැහැනු ළමයෙක් නිසා තමාගේ ජීවිත රටාව හිතුවේ නැති විදියට වෙනසක් සිද්ධ වෙනවා. මේ වෙනස ඉතා හැඟීම්බර විදියට මේ කතාව පුරා දිවයනවා.

“ඔයා දන්නවද අපට මොනවද ඕනෙ කරන්නෙ කියලා?
අපිට තැනක් ඕනේ. ඔයාටයි මටයි විතරක් සීමා වුණු. ඒක කොයි තරම් රහස් තැනක්ද කිව්වොත් මේ ලෝකෙ ඉන්න කිසිම කෙනෙකුට ඒක ගැන දැනගන්නවත් තියන්න හොඳ නෑ. ඒක අපි දෙන්නට විතරක් සීමාවුණු අපේම ම ලෝකයක්. ඒකෙ පාලකයො ඔයයි මමයි.”

මේ මනෝ ලෝකයේ පාලකයෝ වුණ ජෙස් හා ලෙස්ලි වෙන අයව මේ ලෝකෙන් පහ කරලා තියෙනවා.👑🌏 කොටින්ම තම නංගිට පවා මේ ලෝකය තහනම් කලාපයක් වෙනවා.❌ ඒ තරම්ම ඔවුන් මේ ලෝකයට ආදරය කරනවා. ඒ ලෝකය ඔවුන්ගේම පමණයි. ඔවුන් තමයි මේ සුන්දර ටෙරාබිතියාවේ රජු සහ රැජිණ.👸🤴 මේ සුන්දර ලෝකය නිසාම ලං වුණු මේ ළමයි තම සත්‍යය ලෝකයත් වෙනදාට වඩා ජවයකින් ප්‍රීතියෙන් ජයගන්න වෙර දරනවා. මෙයින් ම තේරෙනවා ඔවුන්ගේ මනෝ ලෝකය ඔවුනට කරපු ඒ බලපෑම. ඔවුන් හැමදාම සොයා යන්නේ ඒ මනෝ ලෝකය. වැඩිහිටියන් වුණත්, අපි වුණත් අපේ එදිනෙදා වැඩවලින් හෙම්බත් වෙලා හති වැටුණම මුලින්ම යන්නෙත් මේ වගේ මනෝ ලෝකයකට තමයි.😉 එතන තමයි අර හෙම්බත් වුණු සැබෑ ලෝකයෙන් පැනයාමෙන් අපි ගිහින් නතර වෙන්නෙ.🌼

ඉතින් මේ සුන්දර මනෝ ලෝකය තනන ජෙස් හා ලෙස්ලි හොඳම යහලුවන් බවට පත් වෙලා කාලය ඔස්සෙ ටිකෙන් ටික පාද තබමින් ගමන් කරනවා. ඔවුන් දෙදෙනා අතර හැඟීම්වල පාලම බවට පත් වෙන්නේ මේ ටෙරාබිතියාව.🌉 ටෙරාබිතියාවේ ඩාර්ක් මාස්ට’ ට විරුද්ධව යමින් කරන මනෝ රංගනය තුළ අපිවත් ඔවුන් රඳවා තබාගන්නවා. මේ චිත්‍රපටය තුළ මොනයම් හෝ වෙලාවක වත් ඔවුන් අපිට මේ ලෝකය සිතින් මවා ගත් ලෝකයක් බවට දැනෙන්නට සැලැස්වූයේ නෑ. චිත්‍රපටයේ නම Bridge to Terabithia වුනාට ටෙරාබිතියාවට පාලම වුනේ ලෙස්ලි හා ජෙස් පමණයි. එහෙම කියන්න හේතුව මොකක්ද කියලා මගෙන් කවුරුහරි ප්‍රශ්න කළොත් මට කියන්න තියෙන්නේ, මේ කතාවේ ලෙස්ලි හා ජෙස් හිටියේ නැත්නම් අපි කවුරුත් ටෙරාබිතියාව ගැන දන්නේ නෑ. ඉතින් ටෙරාබිතියාවට පාලම වුනේ ඔවුන් දෙදෙනාම පමණයි.💯

මේ කතා බහේ අපි කතා වෙන්නේ මේ සුන්දර චිත්‍රපටයේ හැඟීම් ප්‍රකාශන නිසා මුලින්ම භය😨 කියන භාවමය ප්‍රකාශය ඔවුන් ලබා දෙන්නේ කොහොමද බලමු. භය ගැන කතා කරද්දී මුළු චිත්‍රපටය පුරාවටම මේ හැඟීම අපෙන් සඟවන්න උත්සාහයක යෙදෙනවා. මෙය ළමා චිත්‍රපටයක් නිසා මෙහි ඒ හැඟීම උලුප්පා පෙන්වන්න යන්නේ නෑ. ඒත් චිත්‍රපටි රසිකයා හෙවත් නරඹන්නා විදියට අපේ හිත් තුළ බය ජනිත කරවපු දර්ශනයන් කිහිපයක් අන්තර්ගත වුණා. මුලින්ම ජෙස් තමන්ගේ තාත්තාගේ යතුරු කැරැල්ල🔑 නැති කරගත් වෙලාවේ ඒ දෙය හැමතැනම සෙවුවත් ඔහුට එය හම්බවෙන්නේ නෑ. පසුව ජෙස්ගේ නැගණිය May Belle මෙය රැගෙන ටෙරාබිතියාවට ගොස් ලෙස්ලි සමඟ එක්ව එය ගසක එල්ලා තිබෙන බව මේ දෙන්නා ජෙස්ට කියනවා.😏 කෙසේ කීවත් අපි වුණත් අපේ දෙමව්පියන් ගේ දෙයක් අපේ අතින් නැති වුණාම හොඳටම බය වෙනවා. ඔවුන් අපිට මොනව කරාවිද කියන බය තමයි එතන එහෙම වුනොත් අපිට ඇති වෙන්නේ. නමුත් මේ සිද්ධියේ දී ඒ භයට වඩා අපේ හිත තුළ සනිටුහන් වෙන්නේ ඒ යතුරු කැරැල්ල ගන්න යනකොට ජෙස් ඒ විශාල ගහෙන් වැටෙන්න යන වෙලාව. ඒ වෙලාවේ එයාව බේරගන්නේ ටෙරාබිතියාවේ යෝධයෙක්. මෙතන අපිට ප්‍රශ්නයක් එළඹෙනවා, ඒ කියන්නේ ටෙරාබිතියාව ඇත්තටම තියෙන දෙයක් ද? හිතේ මායාවක් නෙමෙයිද කියන එක🤷🏻‍♂️. ඒ ප්‍රශ්න තාමත් නොවිසඳුණු අභිරහසක්😜. ඒ වගේම අපේ හිතේ භයක් මේ යතුර ගන්න ඔවුන්ගේ රජවාසලට යන මොහොතෙත් ඇති වෙනවා. මොකද එතනදී ඩාක් මාස්ට’ ගේ සේවකයන් ඔවුන්ගේ පසුපස හඹායන්නේ ඔවුන්ව ඒ ප්‍රදේශයෙන් පළවා හැරීමට. නමුත් කෙසේ හෝ ඔවුන් එයින් ද ගැලවෙනවා.

අපි මේ චිත්‍රපටය බලන්න ගන්නේ කිසිම අදහසක් නැතුව. අපි මෙහි චරිත අඳුරන්නේ ද නෑ. කිසිවක් නොදන්නෙකුට මෙයින් සතුට ලබා දෙන්නේ කොහොමද😀? අපිට සතුටු හැඟීමක් ලැබෙන ජවනිකා ටිකක් ලියන්නම්. මේක කියවන ඔබම තීරණය කරන්න එතනදී ඔබට දැනුණු හැඟීම මොකක්ද කියලා. මුලින්ම ජෙස් හා ලෙස්ලි බස් එකේ එකට ගමන් කරන දර්ශනය සලකන්න. ලෙස්ලි එතනදී වැරදි ආසනයක වාඩි වෙලා තැලීපෙලීමට ලක්වෙන අවස්ථාවකින් නූලෙන් බේරෙනවා.👀 එතැන් සිට ජෙස් හා ලෙස්ලි ගේ යාළු කම පටන් ගන්නවා.👫 මෙතනදී අපිට දැනුණ හැඟීම විස්තර කරන්න බැරි වුණත් ආදරය මිශ්‍ර වුණු සතුටක් අපිට දැනෙනවා.😊 ඒ වගේම කතාව පුරාවට මුලින් ජෙස් හා ලෙස්ලිගේ දුෂ්ටයා වුණු ජැනිස්ට පොඩි ඇස් රතු වෙන විහිලුවක් කරලා ජැනිස්ව අන් අය ඉදිරියට විහිලුවක් වෙද්දී අපි ගොඩක් අයට පොඩි කුරිරු සතුටක් ඇති වෙන්න ඇති. ඔව් එතනදි සතුටු වෙන්න හොඳ නෑ තමයි😂. ඒත් පොඩි කුරිරු සතුටක වැරැද්දක් නෑ නේද?🤭 ඒ වගේම සතුට ගැන කතා වෙද්දී මුළු කතාව පුරාවටම එහි උච්චතම මොහොත පසු වෙලා දුක දරාගෙන ඉන්න මොහොතක අවසානයේ අපේ හිතට පොඩි බලාපොරොත්තු සහගත සතුටක් දීලා කතාව අවසන් වෙනවා.🥺 ඒ තමයි ජෙස් තමන්ගේ සහෝදරිය May Belle ව ටෙරාබිතියාව ට රැගෙන යාම. ජෙස් ඇත්තටම තම නංගි එක්ක තරහ වෙලා😒 ඉඳලා ඇයව යාළු කරගන්න වගේම තම හිස්තැන පුරවගන්න තමාගේ මනෝ ලෝකයට යන්න පාලමක් තනියෙන්ම තනා නිම කරනවා.🌉 මෙතනදී May Belle ව ජෙස් විසින් රැගෙන ගිහින් ටෙරාබිතියාවේ කුමරිය👸 වශයෙන් ටෙරාබිතියානුවන්ට හඳුන්වා දෙනකොට අපේ අර සිතේ සැඟව තිබුණු සතුට කියන දිය පොද ඇදහැලෙන්න ගන්නවා. නමුත් අපි දන්නවා ඒ සතුට අස්සේ සැගවුණ දුකක් වෙලාගෙන ඉන්නවා කියලා. ටෙරාබිතියානුවන්ට ආදේශකයක් හමුවුණත් අපේ හිතට, එයට ආදේශකයක් නැති වෙනවා. 🥺

ඒ වගේම මේ සතුට අස්සේ සැගවුණූ චිත්‍රපටයේ ප්‍රබලම භාවය වුණු දුක එහෙම නැත්නම් කඳුල අපිට දැනුනේ කොහොමද?🥺 මේ කඳුල ගැන කතා වෙද්දී ඒ සමඟ අපිට වරදකාරි හැඟීම වගේ භාවයන් ද ඒ තුළ අන්තර්ගතව තිබෙනවා.😶 චිත්‍රපටය සාමාන්‍ය අයුරින් ගලාගෙන යනකොට අපිට මුලින්ම දුකක් දැනෙන්නේ ජැනිස් ගැන. ඔව්, ඒක අනුකම්පාව පිරුණු දුකක්.😟 තම බලපරාක්‍රම පෙන්නගෙන හිටපු ජැනිස් වැටුණු මානසික ඇදවැටීම ගැන ලෙස්ලි වගේම අපිත් අනුකම්පාව දක්වනවා. ඇයටත් පුංචි දුකක් හිත තුළ ඇතිවෙනවා. ඒ වගේම කතාවේ ශෝඛාන්තයේ උපරිමය ළඟා වෙන්නේ ලෙස්ලි නැති වෙන තැන. ඔව්, මම මේක ලියද්දී වගේම ඔයාල මේක කියවද්දීත් ඒක කියෙව්වේ නැත්නම්, ඒ හැඟීම හාර ඇවිස්සෙන්නේ නෑ නෙද කියල හිතෙන තරමට අපි තවමත් ඒ කතාවට බැඳිලා.🥺 තීරණ. අපි හිතනවා යම් පුංචි තීරණයක් නිසා තමයි ඒ දේ වුණේ කියලා.🤷🏻‍♂️ ඒ තුළ වරදකාරී හැඟීම ගැබ් වෙලා තියෙනවා. ජීවිතයේ තීරණයක් ගන්න ඕන තැනක අපි හොඳට හිතල තමයි අපි තීරණයන් ගන්නේ. ඒත් ඒ තීරණය වැරදි තීරණයක් නම් එහි ප්‍රතිව්පාක නිසා අපේ මුළු ජීවිත කාලය පුරාවටම පසුතැවෙන්නක් නම්, කවදා හරි මම එදා ඒ තීරණය වෙනුවට වෙන දෙයක් කලා නම් කියලා හිතෙනවා නම් කවදාවත් අපි ඒ තීරණ ගනීවිද?🤔….. ඒත් මොනව කරන්නද? දෛවය ඒ සියල්ලම වෙනස් කරනවා. අපි ඒ ගත්තේ හරි හෝ වැරදි තීරණයක් කියල දැනගන්නකොට කාලය ගත වී හමාරයි. මේ වගේම තීරණයක් ජෙස්ටත් චිත්‍රපටයේ අග භාගයේදී ගන්න සිදු වෙනවා. අපි ඒ වෙලාවෙදී ඒ තීරණය ගැන එච්චරටම සිත යොදවන්න යොමු වෙන්නෙ නෑ. නමුත් අපි ඒ ගැන සිත යොදවද්දී කාලය ගතව හමාරයි😟. ජෙස් ඒ තිරණය නොගත්තා නම් තවමත් ලෙස්ලි ජීවත් වනවා යැයි අපිට සිතන්නට පුලුවන්. ඒත් එය නිවැරදිවම අපි කෙසේ කියන්නද? එතැනදී ජෙස් තමන්ටම වැරැද්ද පටවා ගන්නවා. ජෙස් Ms. Edmonds ට කියනවා අපි ඊළඟ පාර යනවිට ලෙස්ලිට කතා කරමු ලෙස.🥺 එයින්ම වැටහෙනවා ජෙස් තමාව වැරදිකරු ලෙස ලේබල් ගසා ගෙන ඇති වග. නමුත් මෙවැනි තීරණ කොතෙක් නම් අපි ලබා ඇත්ද? අපිටත් වැටහෙනවා ජීවිතයේ ආපස්සට හැරිලා බලද්දි කෙතරම් නම් මෙවැනි දේවල් අපිට වෙලා ඇතිද කියලා. චිත්‍රපටය බලන පුංචි සන්ධියේ අපි හිතුවට අපි ජෙස් වගේ මෝඩ තීරණ ගන්නේ නෑ කියලා, දැන් දැන් වැටහෙනවා ජීවිතය එවන් චාරිකාවක් නොවන බව. කෙතරම් හිතල හිතලා අපි තීරණ ගත්තත් ඒ තීරණ ඉතා හොඳ ප්‍රතිඵල ගෙනදෙන්නක් හෝ ජීවිතයම පසු තැවීමකට පත්වෙන්නක් බවට හේතුවක් කරන්නක් බවට පත්වෙන්න පුලුවන්. එය තමයි ජීවිතය. එය අවිනිශ්චිත ගමනක්. ජීවිතයේ අපි ගන්න ඉතා කුඩා තීරණයක් වුණත් ලොකු පෙරලියක් ඇති කරවන්න පුලුවන්. මේ ආකාරයට මුළු චිත්‍රපටයම අපිට Emotional Roller Coaster එකක් බවට පත් වෙනවා. 🥺😟😊😨

ලෙස්ලි හා ජෙස් වැස්සේ තෙමීගෙනම ටෙරාබිතියාවෙන් එළියට ඇවිල්ලා තම තමන්ගේ ගෙවල්වලට යන්න හදද්දී ඒ දෙන්නා එකිනෙකාට අත වනා බලන ඒ බැල්ම ඔවුන් දෙදෙනා එකට හමුවන අවසන් මොහොත කියල ලෙස්ලිවත්, ජෙස්වත් නොදැන ඉන්න ඇති. ඒ අවසන් හමුවීමත් අපිට හැඟීම්වලින් තනිකමක් ඉතුරු කරමින් අවසන් කරනවා. ඒ මොහොත බොහෝ දෙනෙක් නොසිතපු සමුගැනීමක්. ලෝකයේ කිසිම දෙයක් නිශ්චිත නෑ. සියල්ල අවිනිශ්චිත ලෝකයක අපේ සතුට අපේම ෆැන්ටසියක අපි හොයනවා. ෆැන්ටසියෙන් එළියට එන්න. දැන් ඔයාට ජීවත් වෙන්න තියෙනවා.😊

ඉතින් තවත් ලිපියකින් හමුවෙමු
එතෙක් Stay Safe. Stay Hype.❤️✨

Leave a Reply