You are currently viewing මොනාද මේ Kyber Crystals  කියන්නෙ? : History Of Kyber Crystals.

මොනාද මේ Kyber Crystals කියන්නෙ? : History Of Kyber Crystals.

ගායිස් ⁣අර ජෙඩායිල , සිත්ලා වනන ලේසර් කඩුව වගේ ගැජට් එක ට ඕනි වෙන පොඩි මැණික් කැටයක් වගේ එක මොකක්ද කියල දන්නවද , කොහොමද මේව හොයා ගන්නෙ , කොහෙද මේ මැණිකක් වගේ බාන්ඩෙ තියෙන්නේ , මොකක්ද මේකෙන් වෙන්නෙ කියල කතා කරමුද 💯

“We know little about kyber crystals because the Jedi Order worked to keep knowledge of the secret. But to put it simply, they focus energy and amplify its intensity. That once made them ideal for use in Jedi lightsabers; now it makes them ideal for use in laser weapons.” -Jan Dodonna

කයිබර් ක්‍රිස්ටල් එහෙමත් නැත්තම් කයිබර් එකක් , ලයිට්සේබර් ක්‍රිස්ටල් , ලිවින්ග් ක්‍රිස්ටල් කියල හැඳින්වෙන මේ මැනික් කැටයක් වගේ ගල් කෑල්ලට ancient times වල කියල තියෙන්නෙ Kaiburr Cristal කියන නමින් 😉

කයිබර් ක්‍රිස්ටල් එකක් කියන්නෙ පට්ට රෙයා බට් ගැලැක්සිය පුරාම ⁣සොයා ගන්න තියෙන ක්‍රිස්ටල් වර්ගයක් සහ ,ෆොස් එකත් එක්ක ඩීප් කනෙක්ෂන් එකක් (ෆොස් එකට අනුගත වෙලා ) තියෙන ක්‍රිස්ටල් වර්ගයක් මේක ජෙඩායිස් ල වගේම සිත් ලත් තමන්නෙ ලයිට්සේබර් එක කන්ස්ට්‍රක්ට් කරන්න යූස් කරනව .කයිබර් එකක් ලිවින්ග් බීන්ග් එක්ක සහ තවත් කයිබර් ක්‍රිස්ටල් අතර නන්-වරබලි කොමියුනිකේට් කරනව කියල පිලිගන්නව

මේක නිර්මාණය වෙලා තියෙන්නෙ organic and inorganic matter දෙකම එකතු වෙලා ඒ වගේම කයිබර්ස් දඩ ස්ටාර් එකක කෝර් එකක තියෙන පට්ට ටෙම්පරේචස් වලට සහ ප්රේශර් වල⁣ට බඳුන් උනත් ස්ටේබල් වෙනව , එහෙම බලද්දි කයිබර් ෆයර් එකටත් දඩ මිටියකින් ගැහුවත් හානියක් වෙන්නෙ නෑ 😉 කයිබර් එකක් ⁣රෙස්පොන්ඩ් කරන්නෙ ජීවයක් තියෙන දේකට විතරයි .අපි හිතමුකෝ කවුරු හරි මේක අතේ තියන් අත මිටමොලවන් ඉන්නව කියල , එතකොට ක්‍රිස්ටල් එක warm උනත් ටෙම්ප් එකේ වෙනසක් වෙන්නේ නෑ .

කයිබර්ස් වර්ධනය වෙනව කියල දන්නවද 🤭?

මේව වර්ධනව වෙන්නෙ ඕර්ගනයිස්ඩ් විදියට මේවාගෙ Prismatic Structure එකට කාලයත් සමඟ පොඩි පොඩි කැබැල්ල බැඟින් එකතු වෙලා තමා වර්ධනය නැත්තම් වැඩීම සිදු වෙන්නෙ 😮කයිබර්ස් වලට පැහැදිලි කරන්න බැරි ලයිෆ්ස්පෑන් එකක් තියෙ කියල තමා කියන්නේ ⁣ගායිස් 😉 කයිබර්ස් නියපොත්තක සයිස් එකේ ඉදන් ජයිගෑන්ටික් සයිස් එකකට වෙන්කන්ම ⁣තියෙන්න පුලුවන් . කයිබර් එකක ප්‍රමානය අදාල වෙන්නෙ නැ ෆෝස් එකට .වැරදි ආකාරයට ලේසර් එනර්ජිය ක්‍රිස්ටල් එකකට පම්ප් කරොත් ක්‍රිස්ටල් එකේ ස්ට්‍රක්චර් එක වීක් වෙන්න පුලුවන් ,living cell එකකට රේඩියෙෂන් එක මගින් ⁣සෛලයේ විවිදාකරයේ වෙනස්කම් කරනව වගේ

කයිබර් ක්‍රිස්ටල් අවර්ණයි ඒත් ෆෝස් එකට සෙන්සිටිව් කෙනෙක් කයිබර් ක්‍රිස්ටල් එකට බොන්ඩ් උනාම ඒ කෙනාගෙ ස්වභාවය අනුව කලර් එක වෙනස් වෙනව (⁣සේබර්ස් වල කලර්ස් ගැන ලිපියක් තියෙ පේජ් එකේ )

කයිබර් එකකින් එනර්ජිය යුනීක් මැනර් එකක් විදියට එක පොයින්ට් එකකට Concentrate කරනව ෆොස් එක resonate (අනුනාදය ) කරන ගමන් ඒ වගේම ඒ එනර්ජිය ඇම්ප්ලිෆයි කරනව කයිබර් එකකින් 😉මේ Concentrate කරන ලක්ෂණය නිසාතමා සේබ්ර්ස් වලට හෙම කයිබර් යූස් කරන්නෙ , සේබර් එකෙන් ක්‍රියේට් කරන ප්ලාස්මා බීම් එක කයිබර් එක හරහා ගිහින් එක පොයින්ට් එකකට ෆොකස් වෙලා ඇම්ප්ලිෆයි වෙනව , ඒ නිසා තමා සේබර් එක ඩෙඩ්ලි වෙපන් එකක් වෙන්නෙ 😉 මේ ක්‍රියාවලිය හරියට අපි පොඩිකාලෙ අත්කා⁣චයක් යූස් කරල කොල කෑල්ලක් පත්තු කරා වගේ වැඩක් 😉🤭

True kyber හමුවෙන්නෙ pure kyberite වල තියෙන veins වල විතරයි , (kyberite කියන්නෙ ⁣කයිබර් ක්‍රිස්ටල් වැඩෙන්න ඕනි බේස් මිනරල් එකක් 😉)බැරිවෙලාවත් ක්‍රිස්ටල් එකක Impurities තිබ්බොත් ඒක False Kyber එකක් විදියට තමා හඳුන්වන්නෙ . කයිබර්ස් ග්‍රෝ වෙනව ලාවා ටියුබ්ස් වල , කේව්ස් වල ,කයිබරයිට්ස් වේයින්ස් (kyberite veins ) වල තියෙන ⁣දුර්වල සෝන්ස් වල (fault zones )

Starwars universe එකේ කයිබර්ස් හමුවන තැන් ⁣ගැන කතා කරොත් Ilum වල තියෙන crystal cave ⁣එකේ (මෙතනට තමා ට්‍රැඩිශනලි ජෙඩායි යන්ග්ලීන්ග් කෙනෙක් තමන්ට කයිබර් එකක් හොයා ගන්න යන්නෙ , ඇත්තටම මෙතනදි වෙන්නෙ ජෙඩායි යන්ග්ලීන්ග් කෙනෙක් තමන්ගෙ ක්‍රිස්ටල් එක හොයාගන්න එක නෙවෙ , ක්‍රිස්ටල් එක විසින් ජෙඩායි කෙනෙක් තොරාගන්න එක 😉)

ඒ වගේම Adega System , Christophsis , Dantooine, Ilum , Jedha , Lothal , Tatooine ,Utapau වගේ ප්ලැනට්ස් වලින් කයිබර්ස් හොයා ගන්න පුලුවන්

කයිබර්ස් වල යූසේජ් ගැන කතා කරොත් ලයිට්සේබර් එකකට පවර් සෝස් එක විදියට , සුපර් වෙපන්ස් එහෙමත් නැත්නම් මෙගා වෙපන්ස් වලට (Death stars මේකට හොදම උදාහරණයක් , ඩෙත් ස්ටාර් එකෙත් කයිබර්ස්

යූස් කරා එනර්ජිය ෆොක්ස් කරල ඇම්ප්ලිෆයි කරන්න 😉)ඒ වගේම communication ඩිවයිසස් වලටත් 😉

“Long ago in forgotten times, when the Sith and Jedi fought for control of the galaxy, weapons there were, of unimaginable power. Always at their heart, a kyber crystal was.”

―Yoda

කට්ටිය මේක කියවලා රසවින්දනම් අනිත් කට්ටියත් දැන ගන්න share පාරක් දාන්න ❤️

තව මේ වගේ ලස්සන ලිපි කියවන්න hypezone page එකත් එක්ක සෙට් වෙන්න එ වගේම කට්ටිය එක්ක අදහස් ඔයාලගේ අදහස් බෙදා ගන්න hypezone community එකටත් සෙට් වෙන්න❤️
May the Force Be with you guys ❤️!

This Post Has One Comment

  1. Ayuru Jeewana

    WHERE I CAN FIND A MOVIE RELATED TO THIS ARTICLE ?????

Leave a Reply