You are currently viewing ජෙඩයිවරුන්ගෙ නීතිය : Jedi Code.

ජෙඩයිවරුන්ගෙ නීතිය : Jedi Code.

ගායිස් ඕන්න අද තමා  Road to may the Forth Journey  එකේ දෙවෙනි දවස ඉතින් කොහොමද කස්ටියටම ✌️ මේ Journey  එකේදි අපි අද කතාකරන්න යන්නෙ ස්⁣ටාර්වොර්ස් වල අපි දකින ස්පෙ⁣ශල් සෙට් එකක් වෙන ජෙඩායිවරුන්ගෙ  තියෙන වැදගත්ම දෙයක් වෙන Jedi Code එක ගැන . මම හිතනව ගොඩක්  Starwars ෆෑන්ස්ල උඩින්පල්ලෙන්හරි දන්නව ඇති කියල  මේ ගැන. ඉතින් ඔයා මේක ගෙන දන්නව උනත් නැතිඋනත් cannon වලදි අපි දකින ⁣Jedi Code එක ගැන කතා කරන්ඩ මම අද බලාපොරොත්තු වෙනව . එහෙනම් ගායිස් අපි  ready  වෙන්න අපි දැන් පටාාාන් ගමු 😉💯

මුලින්ම අපි ජෙඩායි කෝඩ් එක ගැනගමු 💯❤️

There is no emotion, there is peace.

There is no ignorance, there is knowledge.

There is no passion, there is serenity.

There is no chaos, there is harmony.

There is no death, there is the Force ❤️😍

“හැගීමක් නැත , සාමය ඇත 

නොදැනුවත්කමක් නැත , දැනුම ඇත

ගආශාවන් නැත , සන්සුන් බව ඇත 

අවුල් වියවුල් නැත , සමගිය ඇත 

මරණයක් නැත , ෆොර්ස් එක ඇත ” ❤️💯

ගායිස් මේ උඩ තියෙන පොඩියට  තියෙන හෑල්ල වගේ එක තමා Jedi Code එක කියල අපි කියන්නෙ 😍 ( ජෙඩායිල සමහර අවස්තාවන් වල  මේක මන්ත්‍රයක් වගේ යුස් කරනව තමන්ට ෆොස් එකට Concentrate  කරන්න ඕනි උනොත් වගේ : 💯)

(ඒ වගෙම් මේකේ Alternative version  එකකුත් තිබුන ජෙඩායි යන්ග්ලීන්ග්ලව Initiate  Trials වලදි යූස් කරපු . ඒකත් මම දාන්නම් 💯

“Emotion, yet peace.

Ignorance, yet knowledge.

Passion, yet serenity.

Chaos, yet harmony.

Death, yet the Force ” 

ඔයාලට තෙරෙනවනේ එකම Code එකමයි කියල මේක 😏✌️)

දැන් අපි Jedi Code එකේ ඉතිහාසය ගැන පොඩියට කතා කරමු 💯😍

ජෙඩායි කෝඩ් එක ගැන  පැහැදිලි විස්තරයක් මුලින්ම  ඉදිරිපත් වෙන්නෙ 1999 දි Release වුනු  Starwars : Episode 1  කියල අපි හඳුන්වන The Phantom Menace  මූවී එකේදි . නමුත් මේ Jedi Code  කන්සෙප්ට් එක ගැන ලාවට ඉදිරිපත් වෙනව 1980 දි ආව Starwars Episode 5  The Empire Strikes Back මූවි එක තුලින්  ( ඒ වගේම කියන්න ඕනි මේ වර්ශන් දෙක ගැනම first Full Appearance එක ගන්නෙ 1987 ආව Starwars : the Role Playing Game එකේදි ),  නමුත් Empire strikes back  වලදි  Jedi Code එකක් ගැන නෙවෙ කතා කරන්නෙ Jedi Oath එකක් පිලිබඳව . මෙතනදි ලූක් ජෙඩායි ඕත් එක ගන්නව තමන්ගෙ යාලුවො ටික බේරගන්න Cloud City (Lando Calarissan Mayor විදියට හිටියෙ 😏😉)වලට ට්‍රැවල් කරන්න කලින්.

“I, Luke Skywalker, do swear on my honor, and on the faith of the brotherhood of knights, to use the Force only for good, denying, turning always from the Dark Side; to dedicate my life to the cause of freedom, and justice. If I should fail of this vow, my life shall be forfeit, here and hereafter.”

―Luke Skywalker

Clone war ඒරා එකේදි Grand army of republic  වල හිටිය Wilhuff Tarkin වගේ  සමහර අය විස්වාස කරා ජෙඩායි කෝඩ් එක නිසා ජෙඩායිලට මේ යුද්දයේදි කලහැකි උපරිමය කරන්න බැරි උනා කියල . මොකද ජෙඩායිල අම්බානෙක  Aggressive පිරිසක් නොවුනු නිසා . ඒවගේම ජෙඩායි කවුන්සිලය ඇනීට බාරදෙනවනේ චාන්ස්ලර් ට එරෙහිව Spy කරන්න .බට් ⁣මෙතනදි ඇනීට දැනෙනව 

34 ABY කාලයෙදී  Ahch -To ( ලුක් අර ගැලැක්සියෙ කොනකටම ගිහින් ඉන්න ප්ලැනට් එක ) මතදි ⁣Rey ට ඇහෙනව Jedi Code එකේ Soft Chant එකක් අර Tree Library  එකේ තියෙන Orginal Jedi Text වලින් නිකුත් වෙනව ❤😍 ඇය ඒනිසා ඇය මේ ලයිබ්‍රියට ඇතුල් වෙලා Orginal Jedi Texts හොයා ගන්නව , ඊට පස්සෙ තමා Jedi Master  Luke Skywalker  ගෙන් ජෙඩායි ඉතිහාසය ගැන විස්තර ඉගෙනගන්න පටන් ගන්නෙ . මේ එක්ක  මේ ජෙඩායි Code එක ගැන තවදුරටත් විස්තරයක් අපිට හොයා ගන්න බැරිවෙනව 🙂 අපිට සමහර විට ඉදිරි කාලයක එන Movie  එකක හෝ සීරිස් එකකදි අපිට දැනගන්න පුලුවන් වෙයි මේ ගැන තවත් රසවත් විස්තර 😍💯

දැන් අපි යමු මොකක්ද මේ කියන Jedi code එකේ තියෙන විශේෂත්වය සහ අන්තර්ගතය ගැන කතා කරන්න . 

Jedi Code එක කියන්නෙ ගායිස්  Jedi Order එකේ Behavior  එක පාලනය කරන්නතිබුනු නීති පද්ධතිය. මේ කෝඩ් එකෙන් ජෙඩායිවරුන්ට   ඉගැන්නුවා අනෙක් Life Forms වලට එරෙහිව තරහව ක්‍රෝධය වගේ ෆීලිනිග්ස් යුස් නොකර ඉන්න. මේ කෝඩ් එකෙන්  ජෙඩායිලට තමන්ගෙ Fear එක Resist කරන්න සහ Dark side of the Force  වලට යන එක වලක්වා ගන්න උදව්වක් උනා 😍

ඒ වගේම මේ නීති පද්ධතිය තුලින්  එක Jedi Master හෝ Jedi Knight  කෙනෙක්ට  එක් වරකට එක් jedi Padawan  කෙනෙකුට වඩා ගන්න එක තහනම් කරල තිබුන. ඒ වගේම Jedi කෙනෙකුට  Attachments  ඇති කරගන්න එකත්  තරනම් දෙයක් උනා . අපේ කොට මිටි ඩෑල් එක ( Grand Master Yoda ✌️) දැඩිව පිලිගත්ත දෙයක් තමා  Emotional Detachment  මගින් ජෙඩායිලට

ඩාක් සයිඩ් එකට පාත්ස් වෙන  Jealousy , Greed , Fear of loss වගේ හැඟීම් වලට   Face කරන්න තියෙන අවස්තාවන්  නැති වෙනව කියන එක ⚠️️💯

ඒ වගේම අසොකා ටානෝ වගේ අයත් Attachment is Dangerous  කියල තමා පිලිගත්තෙ ( මේ නිසා තමා ග්‍රෝගුව බාර නොගත්තෙ මොකද ග්‍රෝගු සහ Djarin  අතර තිබුනු බොන්ඩ් එක නිසා ) . ඒ වගේම කෝඩ් එක මඟින් නිරායුද කෙනෙක් මරන එක සහ පලිගැනීම තරයේම ප්‍රතික්ෂේප කරා .⚠️ඒ වගේම මෙයාල All Lifeforms Are Precious  කියල තමා පිලිගත්තෙ.

“Attachment is forbidden. Possession is forbidden.”

―Anakin Skywalker, to Padmé Amidala

දැන් මෙතනින් එහාට මම කියන්න යන්නෙ කෝඩ් එකේ වැදගත්ම දෙයක් .

ඒ තමා ජෙඩායි කෝඩ් එක තුලින් ජෙඩායිලට  රොමෑන්ටික් ෆීලිනිග්ස් , ෆැමිලියක සිටිම තහනම් කරේ නෑ , ඒ වගේම Jedi ල Marry කිරීම ⁣හෝ අලුත් ෆැමිලියක් Start කිරිම සිදුකරේ නෑ .ඒ කියන්නෙ ලව් කරාට අවුලක් නෑ ඒත් ඕනිවට වඩා බැඳෙන්න එපා කියල සරලවම කිව්ව එක .Attachment තිබීම මඟින් ජීවිතේ  තියෙන මරනය සමාන්‍ය දෙයක් කියල එක ; අතහැරල දාන්න බැරිවීම ( inability of let go) වගේ සමහර  Fundamental දේවල් Accept  කරන්න අමාරු වෙනව කියල හැම කෙනාම යම් තරමකට හරි තේරුම් ගත යුතු දෙයක් නේ . මේ වගේ දෙවල් වලින්  ජෙඩායිවරයෙකුගේ  හිතේ ඇති වන fear of loss , Jealousy සහ Attachments  වලින් ඇතිවෙන greedy ස්වභාවය නිසා එයාව Dark side path එකට වැටෙන නිසා නමා Jedi Code එකේදී Attachments  තහනම් කරල තිබුනෙ.ඒ නිසා ඇටෑච්මන්ට් වලින් මිදිලා තමන්ගෙ වගේම අනිත් අයගේ ජීවිත ඇතුලු සියලුම  ලයිෆ් ෆෝර්ම්ස් වලට කිසිදු තෝරාගැනීමකින් තොරව Attachments අතෑරල දාලා ( තෝරාගත්තම ඇටැච්මන්ට් එන්න හැකියාව තියෙන නිසා ) ආදරය කරන්න , ගරු කරන්න ජෙඩායිලට  ජෙඩායි කෝඩ් එකෙන් කියල දීම සිදු කෙරුනා ❤️

ඒ වගේම මම කිව්වනේ ඩාක්සයිඩ් එකට යන එක වලක්වා ගන්නත් ජෙඩි කෝඩ් එක හෙල්ප් වෙනන කියල ජෙඩායි වරයෙක්ට . අපි ඒක ගැන  කතා කරල මේ ලිපිය අවසන් කරමු 💯

“Part of me you are, yes. But power over me you have not. Through patience and training, it is I who control you.”

―Yoda, to the shadow of his soul 

අපිට වගේම ජෙඩායිලටත් තමන්ගෙ Soul එකේ යම් හරි ඩාක්සයිඩ් එකක් තියෙනවනේ ගායිස් . ජෙඩායිලට  කෝඩ් එකෙන් උගන්වන්නවා තමන්ගෙ ඩාක් සයිඩ් එක දැනගෙන ඩාක්සයිඩ් එක  තමන් විසින්ම පාලනය කරන්න , ඩාක්සයිඩ් එකට තමන්ව පාලනය කරන්න ඉඩනොදී 💯🔥

Fear of loss , anger , jealousy , greed , hate , aggression  වගේ ඩාක්සයිඩ් එකට අයත් ⁣වෙන දෙවල්  ඉවසීම  සහ පුහුණු වීම මඟින් ජෙඩායි කෙනෙක් තමන්ගෙ සිතේදි පාලනය කරන්න කියල ජෙඩායි කෝඩ් එක මඟින් ප්‍රකාශය උනා .ඒ වගේම  Jedi ලට තමන්ගෙ Instincts  අනුව වැඩ කරන්නත් කෝඩ් එක මඟින් දිරිමත් කිරීම සිදුවුනා 💯 ඒ Instincts  යුස් කරද්දි  ඔවුන්ට තමන්ගෙ  emotions ගැන සැලකිලිමත් වෙන්න වුනා මොකද සමහර  emotions වලින් ඔවුන්ගෙ Judgments Cloud  වෙන්න හැකියාව තිබුන නිසා⚠️️, ඒ නිසා Jedi ලට සිදු උනා සන්සුන්  , Quiet  මයින්ඩ් එකක් තියාගන්න : මෙයින් එයාලට පුලුවන් උනා  Dark Side එක වෙනුවට Light side එකේ ඉන්න 💯⚠️️

ඔන්න ගායිස් මම පොරොන්දු උන විදියටම ඩාක් සයිඩ් එක Control  කරන විදිය ගැන ජෙඩායි කෝඩ් එකේදිකතා කරන විදිය ගැන ලියල මේ ලිපිය අවසන් කරනව 😉

ආයෙ පොඩ්ඩක් මතක් කරන්න ඕනි මේ දවස් ටිකේ ඔයා Starwars  Fan කෙනෙක් නම් අනිව Hypezone  එකත් එක්ක අප්ඩේට් එකේ ඉන්න , තාම කසකාරයෝ විතරයි ආවෙ පෙරහැරේ තව පට්ට දේවල් එන්න තියෙනව මේ එන දවස් ටිකේදි ⚠️️ 😉💯 So Hype එකේ ඉන්න . ඒ වගේම ලිපිය එන්ජෝයි කරා නම් ලයික් එකක් දාලා Jedi කෝඩ් එක ගැන ඔයා දන්න දේවල් තියෙ නම් කමෙන්ට් එකක් දාලා ඒ දන්න දේ බෙදාගදාගන්න . ශෙයා පාරකුත් දාන්න තව starwars  ෆෑන්ලටත් මේ ගැන දැනගන්න ❤️ පේජ් එකටත් සෙට් වෙන්න  මේ වගේ ලිපි කියවන ගමන් Hype Community එකටත් සෙට්  වෙන්න මේ වගේ ගීකි දේවල් ගැන  කිසිම අවුලක් නැතුව කතාබහ කරන්න ❤️💯

එහෙනම් ගායිස්  May the Force Be with you  කියාගෙනම මම කැපුනා …තවත් ලිපියකින් අපි සෙට් වෙමු එහෙනම් ❤

Leave a Reply