You are currently viewing ගෝතම් නගරයේ Gargoyle 🦇

ගෝතම් නගරයේ Gargoyle 🦇

අද අපේ දවසක්..
ඔව්.. අද #World_Batman_Day එක…😌

           හිතපන්කො.. Fictional superhero කෙනෙක් වෙනුවෙන් අපි වගේ Geeksලා දිනයක් වෙන් කරගන්නව කියන්නෙ මොන තරම් නම් සතුටු වෙන්න ඕන දෙයක් ද..??😌

       අවුරුදු 80 ට වැඩි කාලයක් පරණ මනංකල්පිත චරිතයක් වටා අපි නොදැකපු.. නොහිතපු මොන තරම් නම් දේවල් ලියවිලා තියෙනව ඇතිද..??🤔

             කතාවට එමු.. අවුරුදු 80 පුරාවට අපි බැට්මෑන් ව කොමික්📖️, චිත්‍රපට📽️ ආදී විවිධ මාධ්‍යයන්ගෙන් දකිනව..

      මේ හැම එකකම අපි දකිනව #Batman ඉන්නෙ ගෝතම් නගරයේ උසම ගොඩනැගිල්ලක තියෙන Gargoyle පිළිරුවක් මත..🌃

අර පොළොන්නරුවෙ තියෙන ශෛලමය සිංහ මූණ වගේ Vibe එකක් තියෙන අමුතු සත්වරූප තියෙන්නෙ…අන්න ඒවා…

                  මේ Gargoyle👹️ පිළිරූ නිර්මාණය කරන්නෙ වැසි ජලය වහලය මත නොරැදී තියෙන්න...නිකම්ම තියෙනවට වඩා පොඩි කැටයම් දැම්මම මිනිස්සු වශයෙන් අපි ආස නිසාම 18 සියවසේ මේක ටිකක් බහුලව භාවිතා වුනා..👈

         🛡️ මාරම ගොතික් කලාවක් නිසා බැට්සිගේ චරිතය එක්කත් ලස්සනට මේක Mix වුනා.. කතෝලික දේවස්ථාන වල මේවා තියෙනව...ඒකෙන් කියවෙන්නෙ ශුද්ධ භූමිය නිතරම අඳුරු බළවේගයන්ගෙ ඇල්ම බැල්මට යටත් වෙන නිසා ඒ නපුරු බළවේගයන්ගෙන් ආරක්ෂා කරන්න Gargoyle සත්වයන් යොදාගෙන ඉන්නව කියන දේ... 😮

         මේකට හොඳම උදාහරණයක් ගන්න පුළුවන් ලංකාවෙ ගොඩක් කාලයකට කලින් නිවාස වල ඉදිරියේ 'ගරා යක්' මුහුණක්👿 සවිකරලා තිබුනා.. ඒකෙන් බලාපොරොත්තු වුනෙත් අර Gargoyle තුළින් බලාපොරොත්තු වුන දේම තමයි...

          මේ දේ බැට්සිට ආදේශ කළොත් අපිට බලාගන්න පුළුවන් බැට්සි ඉන්නෙ #Gargoyle පිළිමය මත.. එතකොට ගෝතම් නගරයේ ආරක්ෂකයා 🛡️ කියන්නෙ බැට්මෑන්..  එහෙනම් බැට්මෑන් කියන්නෙ රියල් Gargoyle ආදේශකයක්... 🦇️

         සම්ප්‍රදායික මිත්‍යා ආරක්ෂක ක්‍රමවේදයක් සැබෑ කරමින් එය අභිබවායමින් සත්‍ය ලෝකයේ කරන ආරක්ෂාව නිරූපණයක් තමයි ඒක..

                 මම තවත් හොඳම දෙයක් මතක් කරන්නම්.. මේ දේ බැට්මෑන් එක්ක සමපාත කරගන්න එක කියවන ඔබේ වැඩක්..🤷

        🇱🇰කෝට්ටේ රාජධානි සමයේ පෘතුගීසීන් පළවාහැරීමෙ කටුයුත්තෙ පෙරමුණේ හිටපු වීරයෙක් තමයි වීදීය බණ්ඩාර කියන්නෙ...⚔️

                වීදීය බණ්ඩාර සතුරු හමුදාවකට පහර දෙන්න කලින් උස් තැනෙක ඉදන් අඳුර වැටෙනකම්🔭 නිරීක්ෂණය කරනවලු.. සතුරාට පහර දෙන්නෙත් උඩකින් එක පාරට බිමට පැනලා ලු.. (අන්තිමට මැරෙන්නෙත් මේ ටෙක්නික් එක සතුරෙක් මෙයාට විරුද්ධව භාවිතා කරලා) 😔

   සාමාන්‍යයෙන් පන්සලක නම් මකර තොරණක,කෝවිලක නම් ගෝපුර කැටයම් මත ඉදන් තමයි ගේමට බහින්නෙ... ගොඩක්ම හිතන්නෙ නැතුව බැටා ට පොඩ්ඩක් සමපාත කරගන්නකො මේ කරුණු..👈

       පෘතුගීසි වාර්ථා වල වීදීය බණ්ඩාරට කියන්නෙ 'තෙබුලියන්ඩ(ර්)' කියල... 😎ඒ අදහස හරියට අර සතෙක් ඉන්නෙ Flying lemur එහෙමත් නැත්නම් Flying squirrel🦦 ඒ සතුන්ට.. මොකද පියාඹන්න බැරි වුනත් පාවෙලා වගේනෙ යන්නෙ.. සිංහලෙන් කියන නම හරියටම දන්නෙ නෑ.. අන්න ඒ සතාට කියන වගේ අර්ථයක් තමයි තියෙන්නෙ...

                  ඒ සතා ක්ෂීරපායි නිසා වවුලාට🦇️ සමානකමක් තියෙනව.. මේ සිදුවීම් බැටා එක්ක බැලුවොත් පොඩි සමානකම් තියෙනවනෙ... 😶

           පොදුවේ ගත්තම සතුරා අනපේක්ෂිත වෙලාවක පහරදීමේ ක්‍රියාවලිය සහ වීරයාගෙ පැමිණීම මතු කරන්න පෘතුගාලය 🇵🇹 එක්ක නිර්මාණය වුන ජනකතා වලට අපේ වීදීය බණ්ඩාර ආදේශකයක් වුනා වෙන්න පුළුවන්.. ඒ විදියට යුරෝපයට ගියපු කතා ඇසුරෙන් පසුකාලීනව බැට්මෑන් නිර්මාණය වෙන්නත් පුළුවන් ...🤷

               මේක අපේ Fanmade theory එකක්.. පිළිගන්න අකමැතිනම් වීදීය බණ්ඩාර චරිතාපදානය කියවන්න🔖.. තව ලංකාවෙ කෝට්ටේ යුගයේ ඉතිහාසය📜 හොඳට කියවලා ඇවිත් සාධාරණ තර්කයකින් අපේ මේ Fanmade තර්කය නැති කරන්නත් ඔයාට පුළුවන්.. 

     World Batman day එක වෙනුවෙන් අපි ඔයාලගෙන් ඉල්ලන්නෙ මේ Fictional සුපිරි වීරයා ගැන තව තවත් කියවන්න. අපෙන් සැඟවුණු ඉතිහාස කතා ගොඩක් මේ බටහිර මනංකල්පිත වීර කතා එක්ක ගොඩනඟන්න හැකියාවක් අපි හැමෝටම හොයාගන්න පුළුවන්...

       මම #KrishanRodrigo 🖋️

#Dc #DcComics #Batman #Gotham #HypeZone #DCEUSL

Leave a Reply