You are currently viewing කොලපාට Tatooine 🙄???

කොලපාට Tatooine 🙄???

Star Wars ෆෑන් කෙනෙකුට Tatooine කියන්නේ ආගන්තුක තැනක් නෙමේනෙ😊. Star Wars journey එකේ අපිට හම්බෙන මුල්ම ග්‍රහලෝකෙ තමා Tatooine. ඒ විතරක්ද Star Wars Universe එකේ වැදගත්ම චරිත දෙකක ආරම්භයත් Tatooine😅. Star Wars A New Hope එකේ ඉඳන් අලුතින්ම ආපු Mandalorian සීරීස් එක වෙනකම් ගොඩක් තැන්වල අපිට Tatooine දකින්න පුලුවන්. ඒ හැම වෙලාවකම වෙනස් නොවී දකින්න පුලුවන් ලොකුම සාධකය තමා Tatooine කියන්නෙ ලෝකෙ පුරාවට පැතිරුණු කාන්තාරයකින් වැසුනු ග්‍රහලොවක් කියන එක🏜️. ඒත් Tatooine හැමදාමත් මේවගේ වැලිවලින් පිරුණු (I hAtE sAnD🥴) ශුෂ්ක ග්‍රහලෝකයක් වෙලාද තිබුනේ 🤔. ඒකට උත්තරේ නෑ කිව්වොත් පිලිගන්නවාද 😲

ඔව් Tatooine කියන්නේ අවුරුදු දහස් ගානකට කලින් Naboo වගේම වතුරෙන් පිරුනු කොලම කොල පාටින් වැහුණු ග්‍රහලෝකයක් 🌍. අපි එහෙනම් ඒ අතීතය ගැන වගෙම Tatooine දැන් තියෙන තත්වෙට පත් වුනේ කොහොමද කියන එක ගැන කතා කරමු.

Tatooine වල අතීතය ගැන කතා කරන කොට අපිට Canon වගේම Legend Sources බාවිතා කරන්න පුලුවන්. Tatooine වල විශාල මුහුදු තිබ්බ බවට ලැබෙන මුල්ම සාධකය තමයි Jawasලගෙ ජනස්‍රැති. ඒවට අනුව නම් Dune Sea විදියට හඳුන්වන විශාල කාන්තාර පෙදෙස අතීතයේ විශාල මුහුදු විදියටයි හඳුන්වලා තියෙන්නේ. ඒ වගේම Dawn of The Jedi කියන කොමික් එකෙත් අපිට Tatooine ගැන සඳහන් වෙනවා බලාගන්න පුලුවන්. ඒකට අනුව නම් Tatooine කියන්නේ කහපාට ද්විත්ව තරුවක් වටා යන නිල්පාට මුහුදු 🌊 වලින් සහ සුදු පාට වලාකුළු ☁ වලින් පිරුනු, කොලපාටින් වැසුණු ගොඩබිම් වලින් 🌳 සමන්විත සුන්දර ග්‍රහලෝකයක්.

මේ Dawn of the Jedi කොමික් එකෙන් පැහැදිලි කරන්නේ වසර 20000කටත් (20000BBY) එහා තිබුනු Tatooine ගැනයි. එහෙනම් මේ වගේ ග්‍රහලොවක් , අපි දකින කාන්තාරවලින් වැහුණු ග්‍රහලෝකයක් බවට පත්වෙන්න මොනවද වුනේ. කෙටියෙන්ම කියනව නම් “යුද්ධය”. මේ යුද්ධය ගැන කතා කරන්න කලින් අපි බලමු වසර 20000ක් තරම් කාලයේ Tatooine වල හිටියෙ කව්ද කියලා. මේ කාලය වෙනකොට Tatooine වල වාසය කරපු ජීවීන් හැඳින්වුණේ Kumumgah විදියට. මේ Kumumgah වරු බොහොම සාමකාමීව තමන්ගේ civilization එක ක්‍රමයෙන් ගොඩනගමින් අභ්‍යාවකාශ ගමනා ගමනය Develop කරමින් අවට ග්‍රහලෝකද Colonize කරමින් ජීවත් වුණා. නමුත් මොවුන්ගේ අවාසනාවන්ත කාලය ආවේ Rakata Infinite Empire එකේ ආගමනයත් සමගයි.Infinite Empire සහ Rakata කියන්නේ වෙනම කතා කරන්න ඕනෙ දෙයක්. කෙටියෙන් ම කියනවා නම් Rakata වරු Force එකේ Dark Side එක තමන්ගේ වාසියට භාවිතා කරපු දරුණු ජීව කොට්ටාශයක්. මොවුන්ගෙ අරමුණ තමා ලෝක යටත් කරගෙන ඒවගෙ ජීවත් වෙන අය වහල් කමට ගනිමින් තමන්ගෙ Empiror එක පැතිරීම.( ඒවගේම කියන්න ඕනෙ මේ කාලෙ වෙනකොට අපි දන්න Jedi Order වගේ දේවල් තවම බිහි වෙලා නෑ)

Rakata වරුන් Tatooine යටත් කරගත්තත් Kumumgah වරු ඔවුන්ට විරුද්ධව සටන් කිරීම අතහැරියේ නෑ. මේ අතරවාරයේ Rakata වරුන් අතර අමුතු ආකාරයේ වයිරසයක් පැතිර යනවා. මේ නිසා Rakata වරුන්ට Force එකත් එක්ක තිබුනු සබඳතාවය ටිකෙන් ටික නැති වීගෙන යන්න පටන් ගන්නවා.මේ නිසා දුර්වල වුන Rakata වරුන් Tatooine වලින් එලවා දමන්න Kumumgah වරු සමත් වෙනවා. මේ වයිරස් එකට හේතුව වුනේ Kumumgah වරු කියලා තමා Rakata ල විශ්වාස කරන්නේ. මේ නිසා පලිගැනීමක් විදියට Tatooine මතුපිට ජීවීන්ට ජීවත් වෙන්න අමාරුවෙන විදියට විනාශ කරලා දාන්න Rakata වරු ක්‍රියාකරනවා. මේ සිද්ධියෙන් පස්සෙ තමා Tatooine අපි දකින කාන්තාරය ලෝකයක් බවට පත්වෙන්නෙ.

ඒ වගේම තමා ජනස්‍රැති වලට අනුව Jawas සහ Tusken Raiders ල පැවතගෙන එන්නේ මේ මුල් කාලීන Kumumgah වරුන් ගෙන්ලු 🤷🏻‍♂️

මම කලින් කිව්වා වගේ මේ ගොඩක් දේවල් Star Wars Legends වලට අයිති දේවල්. ඒ හින්දා ඉස්සරහදී මේ දේවල් Canon එකට අනුව වෙනස් වෙන්න පුලුවන්. තවත් පෝස්ට් එකකින් හම්බෙනකම්

May the Force be with You ❤️

This Post Has One Comment

  1. Thank you for your sharing. I am worried that I lack creative ideas. It is your article that makes me full of hope. Thank you. But, I have a question, can you help me?

Leave a Reply