“ඇත්තටම ලියනාඩෝ ඩා වින්චි සිතුවම් කරපු අවසන් භෝජන සංග්‍රහයේ ඉන්නේ පුරුෂයන් දහතුන් දෙනෙක් ද?” 🤔
Dan Brown විසින් රචිත The Da Vinci Code කෘතිය කියවපු අයෙක්ට හෝ ෆිල්ම් එක බලපු කෙනෙක්ට මේ ප්‍රශ්නෙට වෙන්න පුළුවන් උත්තරය දන්නවනේ. 😁 ඒක හිතේ තියාගෙනම නොබලපු කෙනෙක්ට කියවපු නැති කෙනෙක්ට මේක ගැන කුතුහලයක් ඇති කරන එක හොඳ දෙයක්. 😊
මේ පොත ගොඩක් පොත් ගුල්ලන්ගේ ප්‍රශංසාවටත් ඒ හා සමානව විවේචනයන්ට වගේම කතාබහට ලක්වෙච්ච පොතක්. ෆිල්ම් එකට එල්ල උනෙත් ඒ විදියම ප්‍රතිචාර. 2003 අවුරුද්දේ ප්‍රකාශයට පත් කරපු The Da Vinci Code පොත ලෙබනනය, ඉන්දියාව, මියන්මාරය, වතිකානුව වගේ රටවල්වල තහනම් උනා වගේම 2006දි ප්‍රදර්ශනය ආරම්භ කරපු ෆිල්ම් එක ලංකාව ඇතුළුව ලෙබනනය, බෙලරුස්, චීනය, ඉන්දියාව හා තවත් රටවල් කිහිපයකම තහනමටත් වාරණයටත් ලක් උනා. ‼
The Da Vinci Code (Novel 2003) The Da Vinci Code (Movie 2006)
මෙච්චර ප්‍රහාර වාරණ වලට ලක්වෙන්න මූලිකම හේතුව වෙන්නේ ලෝක ජනගහනයෙන් 39% ක් නියෝජනය කරන්නා වූ ක්‍රිස්තු දහමේ මූලික පාදමය විවේචනය කිරීම😐 මේක මනඃකල්පිත නිර්මාණයක් උනාට සමහර අවස්ථා වලදි පාඨකයා සම ප්‍රේක්ෂකයා දෙලොවක් අතර අතරමං කරන්න තත්පර කිහිපයක් ප්‍රමාණවත් වෙන්න Dan Brown මාරම ගේමක් දීලා තියෙනවා 🤯 ප්‍රධාන චරිත කිහිපය ඇරුනම අනිත් සියළුම නිර්මාණයන්, පුද්ගලයන්, ස්ථාන ඇතුළු ගොඩක් දේවල් මනඃකල්පිත දේවල් නෙමෙයි. Dan Brown ඉදිරිපත් කරන සමහර තර්ක එක්ක බැලුවම මේක ඇත්තක් නේද කියලා හිතෙන වාර අනන්තයි. එහෙම බලද්දි Dan Brown කියන්නේ සුපිරි ගණයේ නිර්මාණකරුවෙක්. 🤩

Spoiler Free වෙන විදියට කතාව පැත්තට හැරුනොත්; ප්‍රංශයේ ලූවර් කෞතුකාගාර භාරකාරයා වෙච්ච ජැක් සොනියෙර්ට කෞතුකාගාරය වෙඩි ප්‍රහාරයක් එල්ල වෙනවා. උදව්වක් ඉල්ලන්න පුළුවන් තරමේ සිහියක් ඔහුට තිබ්බත් ඔහු කරන්නේ මිනීමරුවා ගැන සාක්ශි සපයන්න වගේ තමන්ගේ මරණ මංචකය සකස් කරගන්න එකයි.
මර්ණය පිළිඹද පරීක්ෂන ආරම්භ කරන ප්‍රංශ පොලිස් සේවයේ සැකය එල්ල වෙන්නේ මේ වෙද්දි සංකේත විද්‍යාව ගැන දේශනයකට ආපු හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්‍ය රොබට් ලැංඩන් වෙත.
ඒ අතරේ සීයා නිසා ඇතිවෙච්ච හිත් අමනාපකමක් නිසා කිසිම සම්බන්දයක් නොපැවැත්වුවත් ජැක් සොනියෙර්ගේ මිනිබිරිය, ප්‍රංශ පොලිස් සේවයේ ගුප්ත ලේඛන දෙපාර්තමේන්තුවෙ වැඩ කරපු සොෆි නිවෙයූ මේ අපරාධය කලේ රොබට් ලැංඩන් නොමෙයි කියන දේ තදින්ම විශ්වාස කල කෙනෙක්. ඒ නිසාම ඇය රොබට්ට මේකෙන් ගැලවෙන්නත්, නියම අපරාදකාරයා හොයා ගන්නත්, සීයගේ මරණ මංචක පණිවිඩ අභිරහස විසඳන්නත් හිතා ගත්තා. ඒත් ඒ හැමදෙයක්ම සොෆීව අරන් ගියේ වෙනම දිශාවකට.
එහෙනම් Dan Brownගේ The Da Vinci Code පොතත් කියවලාම ෆිල්ම් එක බලන්න කියලා මතක් කරන ගමන්ම අවසානයට පොඩි දෙයක් කියලාම නවතින්නම්.
15වන සියවසේදි නිර්මාණය කරපු අවසන් භෝජන සංග්‍රහය සිතුවම කාලයාගේ ඇවෑමෙන් විවිධ ප්‍රතිසංස්කරණ වලටත් ලක්වෙච්ච නිසා වෙන්නස් උනා වෙන්නත් පුළුවන්.. 😉
