Mass Audience එක Target කරගෙන වාණිජමය සිනමාව වැළඳගෙන ඉන්න අධ්‍යක්ෂකවරු වර්තමානයේ සෑහෙන්න සුලබ දෙයක්. සිනමාවේ පැවැත්ම වෙනුවෙන් වෙනස්ම දේවල් කරන අධ්‍යක්ෂකවරු වගේම මෙවැනි වාණිජමය වටිනාකමක් සහිත නිර්මාණ සිදුකරන නිර්මාණකරුවනුත් අත්‍යාවශ්‍යම වෙනවා. මක් නිසාද යත් අනෙක් සෑම ක්ශේත්‍රයක් වගේම සිනමාවේ පවා පැවැත්ම මුදල මත තීරණය විය හැකි නිසා. නමුත් දුකට කාරණය නම් වර්තමානයේ ලංකාවේ තරුණ පරම්පරාව මේ වගේ Mass Audience එක අරමුණු කරගෙන නිර්මාණ සිදුකරන නිර්මාණකරුවන්ගෙ නිර්මාණ පවා අතිශයෝක්තියට ලක්කිරීමයි. කොටින්ම වර්තමානයේ බහුලව Masterpiece යන වචනය හිතට අල්ලන ඕනෑම නිර්මාණයක් හඳුනවාලීමට නොපැකිලිව භාවිත වීම කණගාටුවට කරුණක්. බොහෝ නිර්මාණ වටා නිසි රසවින්දනයක් නැති රසිකයන් ඒකරාශීවීම නිසා සිදුවන Fan Base Toxic වීම අද Nolan, Snyder, Scorsese වැනි අධ්‍යක්ෂකවරුන් දක්වා පැතිර තිබීම කණගාටුවට කරුණක්. නමුත් සිනමාවේ නුදුටු ඉසව් කරා ඔබව යොමු කරවමින් අපි මේ සූදානම් වෙන්නේ ලෝක සිනමාවේ අද දකින නව්‍යකරණයන් ඒවා හුදෙක් හිතළුවක් වෙන්නට තිබුණු කාලසමයක ඒවා යතාර්ථයක් බවට පත්කරපු ඉන්ද්‍රජාලික නිර්මාණකරුවෙක් පිළිබඳවයි. ඔහු ලෝක සිනමාවේ ස්කැන්ඩිනේවියානු මායාකරුවා Ingmar Bergman.Dinindu Ekanayaka සහෝදරයාගේ ලිපියක් කියවල තමයි මේ ගැන ලියන්නට හිතුණේ. ඒ නිසා ඒ සහෝදරයාටත් මගේ ස්තූතිය.
ලෝක සිනමාව යන විෂය සැලකිල්ලට ගැනීමේදී පළමු කතානාද චිත්‍රපටය වූ, 1927 වසරේ තිරගත වූ The Jazz Singer චිත්‍රපටය බිහිවීම ලොව පුරා විශිෂ්ට සිනමා අධ්‍යක්ෂකවරුන් රාශියකගේ උප්පත්ති කතාවට අත්පොත් තබනවා. හොලිවුඩ් පුරවරය විතරක් නෙවෙයි යුරෝපය ද එවැනි විශිෂ්ටතමයින් රාශියක් ලොවට දායාද කළ මහාද්වීපයක්. නමුත් අවාසනාවට යුරෝපීය සිනමාව ගැන හොලිවුඩ් ගැන තරම් කතිකාවතක් ඇතිවෙන්නේ නැහැ අප අතර. ඉතින් යුරෝපයේ ස්කැන්ඩිනේවියාවට අයත් ස්වීඩනය ලෝක සාහිත්‍යයට ඉතා විශාල මෙහෙයක් සිදුකළ රටක්. අදටත් ලෝකයේ ජීවත් වෙම්න සුදුසුම රටවල් අතර ප්‍රමුඛ රටක්. ලෝක සිනමාවටත් ස්වීඩනයෙන් මහඟු දායාද කිහිපයක්ම ලැබුණා. ඒ අතරින් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ Ingmar Bergman හිමිවන්නේ ප්‍රමුඛතම ස්ථානයක්. ගෙවීහිය සියවසෙහි බිහිවූ ලොව විශිෂ්ටතම සිනමාකරුවන් කිහිපදෙනා අතර ඉදිරි ස්ථානයක ඔහුගේ නාමය ඉහළින්ම වැජඹෙනවා. කලින් ලිපියක අපි කතාකරපු හිච්කොක් මෙන්නම බර්ග්මානුත් ඔහුටම ආවේණික වූ ශෛලියකින් නිර්මාණ එළිදැක්වූ නිර්මාණකරුවෙක්. බර්ග්මාන් අධ්‍යක්ෂණය කළ, ලෝ පතල සිනමා කෘතීන් කිහිපයක්ම වෙනවා.
අපේ කතානායකයා උපත ලැබුවේ 1918 වසරේ ජූලි මස 14 වන දින ස්වීඩනයේ උප්සාලාහි දී යි. ආගමික නැඹුරුවක් තිබූ ඉතා තද විනයක් සිය නිවස තුළ පවත්වාගෙන ගිය පියෙකුට දාව තමයි ඔහු ඉපදුණේ. මේ හේතුව නිසා කුඩා Bergman හැදී වැඩීමට සිදුවූයේ ඉතා දැඩි නීති රීති සහිත වූ පරිසරයක මානසික පීඩනයකට යටත්වයි. කුඩාකල සිටම මොහු Motion Pictures වලට ඉතා දැඩි ලැදියාවක් දැක්වූවා. එකල ලොවට කතානාද සිනමාව හඳුන්වා දී තිබුණේ නැහැ. ලත් අවසරයෙන් නිහඬ චිත්‍රපට නැරඹීම ඔහු විනෝදාංශයක් කරගත්තා. අවුරුදු හයක් වන විට එම චිත්‍රපටවල තමන් දකින් දේ පොත්වල ඇඳ, විවා පෙරළමින් තමන්ගේම කෙටි ‘චිත්‍රපට’ නිපදවීමට ඔහු යොමුවුණා. පසුකාලීනව චිත්‍රපට සංස්කරණය කිරීමේ දී කපා ඉවත දමන ලද සේයාපට කොටස් එකතු කරගත් ඔහු ඒවා කපා කොටා තමන්ගේම කියා චිත්‍රපට කැබලි තනන්නට උත්සුක වුණා. තමන් ජීවත් වූ ඒකාකාරී පරිසරයෙන් මිදීම සඳහා ඔහු විසින් සිදුකළ මේ ව්‍යායාමයන් අවසානයේ ඔහුගේ ප්‍රියතම විනෝදාංශය බවට පත් වුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ අවධානය Puppets නැත්නම් රූකඩ ශිල්පය දෙසට ද යොමු වූ අතර, නව යොවුන් වියේදීම සිය ප්‍රථම වේදිකා නිර්මාණය ද සිදුකරනවා.
මූලික.අධ්‍යාපනයෙන් අනතුරුව 1937 වසරේ දී ස්ටොක්හෝම් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන Bergman ඉතා ඉක්මණින්ම ඔහු අධ්‍යක්ෂකවරයෙකු ලෙස එහි නමක් දිනාගැනීමට සමත්වන අතර ශිෂ්‍ය වේදිකා නාට්‍ය කණ්ඩායමේ ක්‍රියාශීලී සමාජිකයෙකු බවට පත්වෙනවා. 1942 වසරේ දී විලියම් ශේක්ස්පියර්ගේ ‘මැක්බෙත්’ නාට්‍යය ප්‍රතිනිර්මාණය කිරීමේ මහඟු අවස්ථාව ඔහුට හිමිවන අතර විශිෂ්ට ලෙස එය සිදුකිරීමත් සමග ඔහු Spotlight එක තමාවෙතට යොමුකරවා ගන්නවා.. ප්‍රතිඵලයක් ලෙස ඔහු ස්වීඩන Royal Opera Director ලෙස තෝරා පත්කර ගැණුනා. මේ කාලය තුළ දී තමන් සිනමා අධ්‍යක්ෂකවරයෙකු ද විය යුතු යැයි ඉටාගත් බර්ග්මාන් ඉදිරි වසර කිහිපය තුළ වේදිකාවේත්, රිදී තිරයේත් පෙළහර පෑවා.
1945 වසරේදී බර්ග්මාන් සිය ප්‍රථම සිනමා නිර්මාණය සිදුකළා. Crisis නම් වූ මෙය අසතුටුදායක ආදර සම්බන්ධයක් අවසානයේ සිදුවන සියදිවි නසාගැනීමක් ගැන පැවසෙන චිත්‍රපටයක්. මෙයට හොඳ නරක ප්‍රතිචාර දෙකම ලැබුණු අතර ඉන් පසු වසර දහයක පමණ කාලයක් ඔහු විසින් අධ්‍යක්ෂණය කළ සිනමා කෘතීන් සියල්ලටම පාහේ ලැබුණේ මධ්‍යස්ථ ප්‍රතිචාර යි. කෙසේ නමුත් 1956 වසරේ බර්ග්මාන් විසින් අධ්‍යක්ෂණය කොට තිරගත වන්නට යෙදුණු The Seventh Seal චිත්‍රපටයට ඉතා හොඳ ප්‍රතිචාර ලැබුණා. සත්‍ය සොයායන නයිට්වරයෙකු වටා ගොඩනැගුණු කුතුහලයෙන් පිරි කතාවක් සහිත මෙම සිනමා නිර්මාණයත් සමග වසර දහයකට පසු තම සිනමා ජීවීතය උඩුයටිකුරු කළ නිර්මාණයක් ලෙස මෙය එළිදැක්වීමට සමත් වූවා.
සිය සිනමා නිර්මාණ තුළ ඉතා විශිෂ්ට ලෙස සංකේත යොදාගත් පුරෝගාමී යුරෝපීය අධ්‍යක්ෂකවරයෙක් ලෙස මොහු ප්‍රකට වෙනවා. ඔහු අතින් 1957 නිමවුණ Wild Strawberries , 1959 The Machine හා ද 1960 Virgin Spring යන සිනමා නිර්මාණ එයට මනා සාක්ශි සපයනවා.
සිනමාකරුවෙකු වශයෙන් උපරිමයට පැමිණි සමයේ දී ජීවිතය ගැන වෙනම. දර්ශනයක් සහිත Through a Glass Darkly (1961), Winter Light (1962) හා The Silence (1963) නම් සිනමා නිර්මාණ ත්‍රිත්වයක් නිපදවීම සිදුකළා. මේ ත්‍රිත්වය ත් ඔහුව තව තවත් ලෝ පතළ සිනමාකරුවෙකු බවට පත් කරන්නට සමත් වුණා.
1960 දශකයේ මැද භාගයේ දී බර්ග්මාන්ට Liv Ulman නම් නෝවීජියානු ජාතික තරුණ නිළියක මුණගැසෙනවා. ඇයගේ දක්ෂතාවලට මෙන්ම පෞරුෂයට ද බර්ග්මාන්ගේ හිත ඇදී යන අතට 1966 වසරේ ඇය යොදාගෙන Persona නම් අති සාර්ථක නිර්මාණයක් කරනවා. මින් පසු ඔහුගේ නිර්මාණ බොහොමයකට ඔහු විසින් Ulmam යොදාගත් අතර මේ දෙදෙනා අතර සංකීර්ණ පෙම් සබඳතාවක් ද ගොඩනැගුණේ Bergman විවාහකයෙකුව සිටිය දීම යි.වෘත්තීය ජීවිතය සාර්ථකත්වය කරා ළඟාවුවත් පෞද්ගලික ජීවිතයේ හැලහැප්පීම් වලට නොමදව භාජනය වූ සිනමාකරුවන් අතර මොහුත් ඉදිරියෙන්නම සිටිනවා. කෙසේ හෝ Bergmamට දාව Ulmanට දියණියක ද ලැබෙනවා. ඉන් පසු ඔහු 1968 වසරේ දී අද්භූත තේමාවක නිර්මාණයක් වෙම Hour of the Wolf නම් තවත් සාර්ථක නිර්මාණයක් කරනවා.
50 60 මෙන් නෙවෙයි 1970 දශකය Bergmanට එතරම් සුභවාදී වුණේ නැහැ. ආදායම් බදු ප්‍රශ්න කිහිපයක් නිසා ඔහුට ස්වීඩනයෙන් පිටව විසීමට සිදු වූ අතර ඒ කාලයේ දී ඔහු කළ සිනමා නිර්මාණ අතර Cries & Whispers (1971) හා Autumn Sonata (1978) වෙනවා.
1982 වසරේ දී ඔහු කරපු Fannie & Alexander නම් සිනමා නිර්මාණයේ ගැබ්ව තිබුණේ ඔහුගේම ජීවිත කතාව යි. මෙය ඔහුගේ අවසාන සිනමා නිර්මාණය ලෙස සනිටුහන් වී තිබෙනවා. කෙසේ නමුත් එයිනුත් පසුව කාලයක් රූපවාහිනිය හා වේදිකාව සමග රැඳී සිටි ඔහු එහිදී ද සාර්ථක නිර්මාණ කිහිපයක්ම කරනවා. 2001 වසරේදී Bergman සිය ජීවිත කතාව අළලා Faithless නම් තිර පිටපතක් රචනා කළ අතර එය අධ්‍යක්ෂණය කළේ Liv Ulman විසිනුයි. එය ලොව පුරා කතාබහට ලක් වුණා.
2003 වසරේ දී සිනමා අධ්‍යක්ෂණයෙන් Bergman සමුගත්තා. අනතුරුව ස්වීඩනයේ පිටිසර පෙදෙසක පිහිටි දූපතක් සිය වාස භවන ලෙස තෝරාගත්තා. 2007 වසර වන තුරු එහි රැඳී සිටි ඔහු එම වසරේ ජූලි මස 30 වනදා නින්දේ දීම මෙලොව හැර ගොස් තිබුණා.
Bergmam ලෝක සිනමාව නව මාවතකට හැරවූ බව සිනමා විචාරකයින් පවසනවා. විශෙෂයෙන් ඔහුගේ සිනමාකරණයේ හා තිර පිටපත් අන්තර්ගතයේ ඇති අද්භූතභාවය ඔහුටම ආවේණික ශෛලියක් වුණා. අදටත් සිනමා පාසල්වල ඉන්ග්මාර් බර්ග්මාන් ගේ නිර්මාණ අධ්‍යයන කටයුතු සඳහා යොදා ගැනෙනවා.
David Lynch වැනි අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා ශෛලියට ප්‍රබල බලපෑමක් කළ නිර්මාණ රැසක් පිටුපස සිටි මහමොළකරු Bergman වෙනවා. දශක ගණනාවක් පුරාවට සිනමාවේ Updates සමඟ Update වුණ සීමිත නිර්මාණකරුවන් අතරට සිනමාවේ ස්වර්ණමය යුගයෙන් තිළිණ වුණ චරිතයක් ලෙස මොහුව හැඳින්වීමට පුළුවන්
Thilosha Nipunajith