Anime බලන්න හිතාගෙන ඉන්න එක එක වැරදි මත හින්දා Hesitate වෙන අයටත් එක්ක තමයි මේ පෝස්ට් එක.හැබැයි ඊටත් වඩා Anime ගැන පැහැදිලි තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. Anime Hesitation Cure එක ඊළඟ ලිපියෙන් ගේන්නම්. මේක දිගයි.
හැබැයි Anime ගැන A-Z නැතත් Almost A-Z පැහැදිලි කිරීමක් දෙන්න මම Try කරා. ඒක පේජ් එකේ ඇති අනිවා චෙක් කරලා බලන්න..
මේ පෝස්ට් එක විශේෂයෙන්ම ලියන්නේ ඇනිමේ වලට අලුත් අය සහ Anime බලලත් ඒ ගැන ලොකු Idea එකක් නැති අයට.
මම නොදන්න ගොඩක් ඒව ගැනත් මට මේ ලිපිය නිසාම හොයල බලන්න අවස්ථාවක් ලැබුණා. ඒ කරුණු කිහිපයක් තමා මම මේකෙන් ගෙන එන්නේ. මං හිතනවා මේකෙන් ඔයාලට ආපු සමහර ප්‍රශ්න වලටත් ඔයාලගෙ ඔය Hesitate වෙන ගතියක් තියෙනවානම් ඒකටත් යම්තාක් දුරකට හරි Cure එකක් වෙයි කියලා.
මොනවද මේ Anime ?
සරලවම කිව්වොත් Anime කියන්නේ Animation (සජීවිකරණ) කියන වචනයේ කෙටි යෙදුමක්. Animation කියන වචනයට Japan වලට ආපු වචනෙ කියලත් මේක සමහරු අර්ථදක්වනවා. ඒක මම හරියටම දන්නෙ නෑ. හැබැයි අදහස් කරන්න්ව් ඒ වගේ දෙයක්. මොකද Japanese අයගෙ English Accent, Pronouncing එහෙම තියෙන්නෙ වෙනම තලයක. ඒකගැන හිතුවම ඒ කතාව වැරැද්දක් නැතුව ඇති කියල හිතෙනවා. සරලවම මෙන්න මේකයි Anime කියන්නෙ. දැන් ඔය DC Marvel වගේ Japanese Culture එකේ එන Comic Style එකක් තමයි Manga කියන්නේ. මේක ඇවිල්ල Japanese Comics. Japanese Reading Order එක, Drawing Styles ඔක්කොම පදනම් කරගෙන ඇතිවෙච්ච Comics කියමු.
Manga එකක් ගත්තම කියවන පැත්ත පවා වෙනස් වෙනවා. අන්න ඒකයි. මේ Manga ඇසුරෙන් කරන සජීවීකරණ නිර්මාණ තමයි Anime කියන්නේ. මේක Animation වල Short Form එක වුණාට එහෙම හඳුන්වන්නෙ නැතිතරම්. මොකද දැන් ලෝකයම පිළිඅරන් තියෙන්නෙ Animation එකක් සහ Anime එකක් අතර සෑහෙන වෙනස්කම් තියෙනවා කියන එක. සරලවම Anime කියන්නෙ වෙනම Culture එකක්. වෙනම සංස්කෘතියක්.
Animation ෆිල්ම්, සීරිස් නම් හැමෝම මීට කලින් බලලා ඇති. හරි අපි බලපු සූර පප්පා, ටිං ටිං, ගිරිපුර ඇත්තෝ ගෙඉඳන් තොටවත්ත මහත්තයාගෙ ගලිවරයන්ගේ සුවිසැරිය ඒ වගේම සිරසෙ ගිය Batman Animated Series, Batman 2004, X-Men වගේ Superhero Comics ඇසුරෙන් නිර්මාණ වෙච්ච ඒවා එහෙම මතක ඇතිනේ. ඔය අතර මතකද Alice ස්කෝලෙ කියල එකක් තව ජාතික රූපවාහිනී ගියා ජපන් රටෙන් ආ තෑග්ග කියල Japanese Embassy එකෙන් හම්බවෙච්ව Anime Series වගයක් හඬකවලා. Japanese සම්ප්‍රදායට හදපු කාටූන් කියල ගියේ මේවා. අන්න ඒ අනිතිමට කිව්ව දෙක තමයි මගේ 1st Anime Experience එක. ඒ කාලෙ දන්නෙත් නෑ Anime කියල. පස්සෙ දැනුම් තේරුම් වයසට ආවම තමයිදන්නෙ යකෝ අර Anime නේද කියල.
මම මේ උදාහරණයක් ගත්තෙ අර කාටූන් ටිකයි Anime කිව්ව ටිකයි ඔයාට මතකනම් පැහැදිලි වෙනස්කම් ටිකක් පේනවා නේද? Animated Series එකකයි Anime Series එකකයි සෑහෙන වෙනස්කම් ටිකක් තියෙනවා නේද? අන්න ඒකයි කියන්න උත්සහ කළේ. Anime සහ Animated Series කියන්නෙ දෙකක්. Animation එකක්වූ පමණින් අපිට ඇනිමේ කියන වචනය පාවිච්චි කරන්න බෑ කියල තේරෙනවා නේද. ?
හරි මම ආපහු Topic එකට එන්නම්. මොකක්ද මේ Anime? ප්‍රධාන වශයෙන්ම Anime කියලා හඳුන්වන්නේ ජපන් ඇනිමේෂන් චිත්‍රපට හා කතාමාලා කියල කියන්නම් මම. මේවා ගොඩක් වෙලාවට Manga Adaptations. නමුත් පසුකාලීනව ඒකෙන් පිට පැනල කෙලින්ම TV Show එක Release වෙන අවස්ථා ඕනි තරම් වුණා. ඒ නිසා Manga Adaptations විදියටම තව දුරටත් Anime හඳුන්වන්න බෑ. ඒ වගේම South Korean Comic සම්ප්‍රදාය වන Manhwa, Web Toons සහ වෙනත් Web Comics පාදක කරගෙන නිර්මාණය වෙච්ච බොහෝ නිර්මාණත් Anime Studios වලින් Anime විදියට Produce කරනවා. ඒ නිසා Japanese සජීවීකරණ නිර්මාණ කියල Anime හඳුන්වන එක ගොඩක් උචිතයි. ඔන්න ඒක හරි.
Anime වල විශේශත්වය මොකක්ද ඔච්චර?
ජපන් ඇනිමේෂන් අනිත් හැම රටකම ඇනිමේෂන් වලට වඩා වෙනස් වගේම ආවේණිකයි. Voice Acting, Cinematography, Animation Style එක Frames, Color Pallets, Music වගේ ගොඩක් දේවල් නිසා මේක විශේෂ වෙනවා. වෙනස් වෙනවා. අනෙක් රටවල ඇනිමේෂන් වල දැකිය නොහැකි අන්දමේ සුවිශේෂී චරිත නිර්මාණයන් අපිට ඇනිමේ වල දකින්න පුලුවන්. ඒ වගේම මේ චරිතවල හැඟීම් නිරූපණය පවා අනෙකුත් ඇනිමේෂන් වලට වඩා හාත්පසින්ම වෙනස්.
ඇනිමෙ එකක් බැලුවොත් ඔයාලට තේරුම්ගන්න පුලුවන් වෙයි මං එහෙම කියන්නේ ඇයි කියලා. කලින් කිව්ව වගේ බහුතරයක් ඇනිමේ නිර්මාණය වෙන්නේ Manga හා Light Novels ආශ්‍රයෙන්. මේ චිත්‍රකතා පවා සාමාණ්‍යයෙන් ඇමරිකානු කොමික් වලට වඩා හාත්පසින්ම වෙනස්. මං හිතන විදියට ඇනිමේ ලොව පුරාම ජනප්‍රිය වෙන්න හේතුවුනෙත් මේ වෙනස තමයි. මේවා Comic වලට වෙනස් වෙන්න හේතුවක් තමයි ගොඩක්ම Comic කියන දේ මුල් කාලයේ Solo Artist ල විසින් වුණාට පස්සෙ Inking, Coloring, Sketching වගේ එක එක Sections වලට ප්‍රවීණ අය සෙට් වෙලා කරන ලොකු Project එකක් වෙනවා. මේක ගැන Sachi අයියා Hype Community එකේ දාපු ලිපියක් ඇති කියවන්න. ලොකු Idea එකක් ඒවි.
නමුත් Manga ගොඩක් වෙලාවට Solo Artist කෙනෙක්ගෙ වැඩක්. අර කිව්ව ඔක්කොම තනි කෙනෙක් තමයි කරන්නේ. ඒ නිසා වෙනම Vibe එකක් Manga එකෙන් එකට පස්සෙ ඒ නිසා Anime එකෙන් එකට මේ Unique ගතිය එනවා. Iseyama, Oda, Kishimoto ඔය වගේ නම කිව්ව පමණින් Art Style එක ඔලුවට එන Artist ල එතනින් එහාට WIT, White Fox, Mappa වගේ නම අහපු ගමන් Animation Style එකක් එන Studios එහෙම බිහිවෙන්නෙ හේතුවත් අන්න ඒකයි. Anime ටිකක් සෙට් වුණාම මම කියන දේ ඔයාට තේරුම් යයි.
Anime Culture එකක් දක්වා විකාශය වීම.
1907 දී ඉතා සරල ඇනිමේෂන් භාවිත කරමින් නිර්මාණය වූ ඇනිමේ ක්ෂේත්‍රය අද වන විට ගොඩක් දියුණු මට්ටමකට පත්වෙලා තියනවා. ඊටපස්සේ Dragon Ball,Naruto වගේ සීරිස් ජපානේ විතරක් නෙවේ මුලු ලෝකේම අවධානය දිනාගන්න සමත්වෙනවා. Notable Anime Works ගොඩක්ම මේ අතර Release වෙනවා 80 දශකය අග වගේ. 80-90 කාලය තමයි Anime වල Golden Age එක කියල සලකන්නෙ. Bererk, Slam Sunk, DB, Neon Genesis, Cowboy Bebop ඒ අතරින් කිහිපයක් විතරයි.
මේ නිසා යුරෝපීය ඇමරිකානු රටවල පවා Anime fans ලා ප්‍රමාණය වැඩිවෙන්න ගන්නවා. කොටින්ම DB බලපු නැති American කෙනෙක් හොයාගන්නත් අමාරුයි. USA වල Highschool, College University Basketball Teams වල කාලයක් Slam Dunk එක Study Material එකක් වෙලා තිබුණා. Cowboy Bebop ගැන කතා කරන්න ඕනි නෑනේ. ඒ වගේම චිත්‍රපට ගත්තම Akira, Grave of The Fireflies, Perfect Blue වගේ චිත්‍රපට Western Culture එක අතික්‍රමණය කරා කිව්වොත් හරි.
උදා-: ඇමරිකන් ඩොලර් මිලියන 9ක වියදමකින් 1988 දී නිර්මාණය වෙච්ච Akira චිත්‍රපටය ලොව පුරා තිරගත වීමෙන් පසුව ඩොලර් මිලියන 80 ක ආදායමක් හිමි කරගන්නවා. මේ Akira චිත්‍රපටය මෙතෙක් බිහිවූ හොදම විද්‍යා ප්‍රබන්ධ ඇනිමේෂන් චිත්‍රපටයක් ලෙසත් සැලකෙනවා.
ඒ වගේම ඉන් පස්සේ එළිදැක්වුන Spirited Away Anime චිත්‍රපටිය 2003 දී ඔස්කාර් සම්මානයක් දිනාගන්නත් සමත් වෙනවා. එතැන් පටන් ඇනිමේ චිත්‍රපට හා සීරිස් විවිධ සම්මාන උත්සවවලදී නිර්දේශයන්ට ලක්වෙනවා වගේම සම්මාන දිනා ගන්නත් සමත්වෙනවා.
Grave of Fireflies කියන්න වචන නැති තරම්.ඒ තරම් සුපිරියක්. යුද්ධය කියන දේ ඔලුවට ඇණයක් ගහල වගේ කිඳාබස්සපු වැඩක්.
පස්සෙ මෑතකදී ආපු Your Name මාරම Visual Storytelling එක්ක යන පට්ටම ලස්සන Romance Story එකක්. Spirited Away පවා ආදායම් අතින් මේක Pass කරන්න හැකියාව ලැබුණා.
ජපානය තුල ඉතාම ජනප්‍රිය වුනු Anime වලට ඉංග්‍රීසි භාෂාවෙන් හඬකැවීම ආරම්භ වීමත් එක්ක යුරෝපය හා ඇමරිකාව තුල තරුණ තරුණියන් Anime කෙරහෙි තව තවත් ඇදී ඒමට පටන්ගන්නවා.
ඒ වගේම ජපානය තුළ Otaku කියන උප සංස්කෘතියත් මේ නිසාම නිර්මාණය වෙනවා. ඒ වගේම ජපානයෙන් පිට ජපන් සංස්කෘතියට ඉතා ලැදි Weeb Community එකක් ඇතිවෙන්නත් Anime ප්‍රධානතම හේතුවක්. ඇනිමේ හා මන්ගා වලට ඉතා කැමති ඒ වගේම ඒවා ගැන මාර විදියට දන්න අයව තමයි Otaku කියලා හදුන්වන්නේ. අපිනම් නෙවෙයි ඕං.
Anime vs Animation
ඔන්න ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ. මොකක්ද මේ දෙකේ වෙනස. මොකක්ද හොඳ?
එකක් කියන්න ඕනි කාටවත් කියන්න බෑ Anime සුපිරි Animated Series එහෙම නෑ කියල. දෙකම ඒ Style දෙකෙන් එක සමානව සුවිශේෂ දේවල්. Anime සුවිශේෂී වෙන්න හේතු තමයි මේ කියන්නෙ. ඒ නිසා වරදවා ගන්න එපා Animated Series Downgrade කරනවා කියල එහෙම.
Anime ගත්තම ගොඩක්ම Asian Culture එක Japanese Culture එක තමයි Inspire කරන්නෙ.ඒ වගේම Greek Egyptian Mythologies එහෙමත් ගොඩක් Use වෙනවා. ගොඩක්ම Japanese Language Terms Use වෙන්නෙ. කතාව කොහේ වුණත් මොන Timeline එකේ වුණත් ඒකනම් වෙනස් වෙන්නෙ නෑ. ඒක එක වෙනස්කමක්. Animated Series ගත්තම එහෙම එකක් නෑ සාමාන්‍ය Pop Culture එක වගේම තව එක එක Cultures Touch වෙනවා. නමුත් Animated Series එකක ඒ අදාළ Culture එකට දෙනවට වඩා ලොකු අවධානයක් Anime වල Japanese Culture එක මතුකරන්න එයාල දෙනවා. ඒක එක විශේෂත්වයක්.
Visual Effects, Cinematography
මේක ගත්තම නම් Anime ඉස්සරහින් ඉන්නවා. මම මේක කියන්නෙ සෑහෙන Videos එහෙම බලල මට ආපු Idea එකක්. මෑත කාලයේ ආපු හොඳම Animated Series වෙන Avatar The Last Airbender, Castlevania එකේ එහෙම Animators ල Openly Admit කරපු දෙයක් තමයි එයාලගෙ Cinematic Effects ඒ වගේම Action Figures වලට එහෙම Anime Base කර ගත්ත කියන එක.
එයාල ඒක කොච්චර හොඳට කරාද කියනවානම්. Castlevania Animator ඒක කියන Video එකකුත් තියෙනවා බලන්න.ඔය සීරිස් දෙකම Anime Category එකටත් දානවා සමහරු. මාරම Beautiful Cinematography තියෙනවා Anime වල. උදාහරණයක් විදියට ගන්න ළඟදි ආපු ජනප්‍රියම Anime Movie එකක් වෙන Your Name.
ඒක බලල පොඩ්ඩක් Real Life ඒ Places එක්ක Compare කරපු Videos Images තියෙනවා Search කරල බලන්න. සමහර තැන් තියෙනවා නිකන් Image එක අතඇරියනම් හිතෙන්නෙ ඇත්ත place එක කියලා ඒ තරම් Perfect. මේක Japanese Animators ල වගේම Drawing Artists ලගෙ Unique දෙයක්. මේ නිසාම Animated Series හදන Companies එහෙමත් ගොඩක් Japanese Animators ලව Hire කරනවා. Real Life Place එකක් සම්බන්ධ Animated Series එහෙම හදනවානම් එයාලව කාලයක් ඒ පැතිවල යවල ඒගැන Idea එකක් දෙනවා. ඒ නිසා Anime වල මේ Cinematography පැත්ත නම් Next Level.
බොරුනම් බලන්න MoS එකේ Zodd vs Superman Fight එකට එහෙම Zack Snyder එහෙම කෙලින්ම.Inspire කරගෙන තියෙන්නෙ Birdy The Mighty සහ DBZ. පොඩ්ඩක් හොයල බලන්න. තව මොන කතාද ඉතින්. මේක මම කලින් ලිපියෙත් කිව්වා. Paprika එහෙම බලන්නකෝ මම කියන දේ තේරෙවි.
ඊළඟට Action Sequences. Anime වල Action නම් Next Level. Hollywood Stunts Directors ල එහෙමත් එයාලගෙ Stunts Create කරද්දි මේවා Base කරගන්නවා. ඊටත් වඩා මේ ළඟදි උඩට ආපු දෙයක් කියන්නම්. UFC Undefeated Middleweight Champion කෙනෙක් වෙන Israel Adesanya Matches වලදි පවා Anime Pauses දානවා. පොර Die Hard Anime Fan කෙනෙක්. කොටින්ම Anderson Silva එක්ක Promoting එකේ Rock Lee Stance එකක් දානවත් එක්ක. ඒ Match එකෙත් එහෙමයි. මේවගෙ Action UFC Fighters ලත් Appreciate කරනවානම් තවත් උදාහරණ මොකටද?
Dubbing, Voice Actors
මේක තවත් Special දෙයක්. සාමන්‍යයෙන් Animated Series වල Rick n Morty වල ඒ චරිත දෙකේ තමයි මම මෑත කාලයේ දැක්ක හොඳම Voice Acting තිබුණේ. ඒ ඇරෙන්න ගොඩක් Harley Quinn එකේ Original Voice එක මෑත කාලයේ Voice කරපු Penny ගෙ Role එක කරපු Actress ගෙ Voice එක Batman Joker ගත්තම Kevin Konroy සහ Mark Hamil. මේ වගේ Iconic Voices ගොඩක් තියෙනවා Replace කරන්න බැරි. ඒත් මෑත කාලයේ මම දැක්ක දෙයක් තමයි ගොඩක් American Animated Series වල එහෙම ජනප්‍රිය Celebrities ල Use කරන වැඩි ප්‍රවණතාවක් තියෙනවා. ඒවගෙන් Role වලට හානියක් වෙලානම් නෑ ඒත් Anime ගත්තම 75% කටත් වඩා වැඩියෙන් Voice කරන්නෙ Professional Voice Actors ල. Emotional ගතිය මාරම විදියට අපිට දැනෙන්න දෙන්නෙ Anime වල තමයි. ඒකෙ කතා දෙකක් නෑ. හැමවෙලාවෙම Anime බලනවානම් Sub බලන්න. English Dub නම් බලන්න එපා කිය්න්නෙ නෑ මම. ඒත් Naruto Classic Series එක ඇරෙන්න Dubbing Recommend කරන්නෙ නෑ මමනම් කිසිම Anime එකකට. ඕනිනම් One Piece එකේ Dub vs Sub Clips එහෙම තියෙනවා. බලන්නකෝ මම කියන එක තේරෙවි.
Music
Animated Series ගත්තමත් සෑහෙන්න Icomic Music තියෙනවා. TMNT, X Men, Batman 92 Series එකේ එහෙම Themes ටිකම ඇති. Score එකටත් වඩා Opening Themes කිව්වොත් හරි. ඒත් Anime වල Score එක ගත්තම Next Level Production එකක්. කොටින්ම Anime වල Seasonwise Closing Opening Themes තියෙනවා. ඒවට English Versions එනවා. ලක්ෂ ගණන් Cover Versions එනවා. වෙනම Soundtrack එලියට දාන්න Events තියෙනවා. මාරම ලොකු Project එකක් Score එක සම්බන්ධයෙන් Anime වල තියෙනවා. AoT වල Main Theme එක Sing කරන Linked Horizon ලගෙ Video එකක් තියෙනවා බලන්න වෙලාවක. කොටින්ම Bollywood, Kollywood Movies වල වගේම Audio Track Release කරන Events පවා වෙනවා Anime වලත්. Next Level Project එකක්. සෑහෙන්න Japanese Musical Artist ල එක රැයෙන් ගොඩ ගිහින් තියෙනවා Anime නිසා.
Anime Genres
ඉස්සෙල්ලම Genres කියල මෙහෙම තදට බලන්න එපා. සාමන්‍යයෙන් Beginner කෙනෙක්ට හොඳ Shounen Action ඒව තමයි. ගොඩක්ම මිනිස්සු අතර ජනප්‍රිය ඒවත් Shounen ඒවා තමයි. මොකක්ද මේ Shounen? හරි අපි බලමු Anime බෙදෙන Genres කිහිපයක්.
හැබැයි මේක ටිකක් එකපාර කෙටියෙන් පැහැදිලි කිරීමක් දෙන්න අමාරු වෙන තැනක්. මොක්ද Movies වල වගේම මේකෙත් Sub Categories ගොඩක් තියෙනවා. මාත් මේකෙ උත්තරය ගලපගත්තෙ Fb එකේ අපේම සහෝදරයෙක් දාපු Post එකකින්. එයා පළකරපු Post එකකින් ලබාගත්ත තොරතුරු ටිකක් කොටසක් මම පහළ පළකරන්නම්.
Action, Adventure, Comedy, Drama, Slice of Life, Fantasy, Supernatural,
Horror, Sci-Fi, Mystery, Psychological, Romance, Adult, Music, Sports
ඔය උඩ තියෙන්නෙ ප්‍රධාන Genres තමයි. ඔයාගෙ Taste එක අනුව පොඩ්ඩක් Search කරල හොඳ එකක් බලන්න පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි ෆිල්ම් එකක් TV Show එකක් බලනකොට කරනවා වගේ තමයි.
මීට අමතරව Sub-Genres කීපයකුත් තියනවා
School-: පාසල් ළමයි Focus කරන එයාලව Based කරන් පෙන්නන Anime
Historical-: ඓතිහාසික සිදුවීම් තියන ඇනිමේ
Cyberpunk-: දියුණු තාක්ෂණය හා සම්බන්ධ විද්‍යා ප්‍රබන්ධ
Ecchi-: සැර අඩු Adult Content තියන Anime
Harem-: එක කොල්ලෙක්ට කෙල්ලෝ ගොඩක් සෙට් වෙන ඒවා තියන ඇනිමේ
Mecha-: රොබෝලා හා විවිධ මැෂින් තියන Sci-Fi වලට තමයි මේ නම කියන්නේ
Shoujo-: අවු 10-18 වයස් සීමාවේ ගෑණු ළමයින්ට වඩාත් සුදුසු ඇනිමේ
Josei-: අවු 18-30 වයස් සීමාවේ ගෑණු අයට වඩාත් සුදුසු ඇනිමේ
Seinen-: අවු 18-30 වයස් සීමාවේ පිරිමි අයට වඩාත් සුදුසු ඇනිමේ
Shounen-: අවු 12-18 වයස් සීමාවේ පිරිමි ළමුන්ට වඩාත් සුදුසු ඇනිමේ
Shounen ai/ Shoujo ai-: සමලිංගික ආදරය, සමලිංගිකත්වය Imply වෙන Anime
Isekai-: වෙන ලෝකෙකට වෙන Dimension එකකට යන සීන් තියන ඒවා
Hentai-:
Thanks Dinith
Anime Giants
ජපානයේ Anime Industry එකේ ඇනිමේ නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙළේ ආයතන කීපයක්ම තියනවා. Madhouse, A-1 Pictures, Kyoto, Wit Studio හා Studio Pierrot වැනි ස්ටූඩියෝ එවයින් ප්‍රධාන තැනක් ගන්නවා. මේ ස්ටූඩියෝ වලින් තමයි Naruto, One Punch Man, Death Note හා SAO වැනි ගොඩක් ප්‍රසිද්ධ වුනු ඇනිමේ රාශියක්ම නිර්මාණය කළේ.
Anime Download කරගන්නෙ කොහොමද?
Anidl, kissanime, Gogoanime, Animepahe, Horrible Subs වගේ වෙබ්සයිට් කීපයක්ම තියනවා ඔයාලට ඇනිමේ ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. ඒ වගේම Myanimelist වගේ වෙබ්සයිට් වලින් ඇනිමේ ගැන විස්තර දැනගන්නත් පුලුවන්.
Phone එකෙන් බලන අයට Telegram Channel එහෙමත් සෑහෙන්න තියෙනවා. එහෙම අයට Anime Crunch Channel එක Highly Recommended.
Recommendations for Anime Movies
Akira (Sci-Fi)
Grave of Fireflies (History/War)
Spirited Away (Adventure/ Supernatural)
Perfect Blue (Psychological/ Horror)
Princess Mononoke (Action/ Adventure/ Fantasy)
The Girl Who Leapt Thorough Time (Romance/ Sci-Fi/ Adventure)
A Silent Voice (Slice Of Life/ School)
5 Centimeters Per Second (Romance/ Slice of Life)
Kimi no Na wa (Romance/ Supernatural)
The Garden of Words (Romance/ Slice of Life)
Hotarubi no Mori e (Supernatural/ Romance)
I Want to Eat Your Pancreas (Romance/ Slice of Life)
මීට අමතරව Gintama, Naruto, One Piece, MHA Franchises වලට අදාළ Movies සෙට් එක. Code Geass Movie එක එහෙම බලන්න පුළුවන් ඒ Series බලල. Season Recap Movies එහෙමත් තියෙනවා ගොඩක් සීරිස් වලට. ඒවත් මම Recommend කරන්නෙ නෑ. දිග වැඩි කියලහිතෙන හදිස්සිකාර අයට Try කරන්න පුලුවන්.
ඔතනින් ගොඩකටම සිංහල සබ් දීලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට බලලා තේරුම්ගන්න පහසුවෙයි. Anime ගැන තව මොනව හරි ප්‍රශ්න තියේනම් හරි බලන්න හොඳ Anime එකකට යෝජනා ඕනනම් හරි පහළින් කමෙන්ට් එකක් දාන්නකෝ…
ඔන්න එහෙනම් අද කතාව තව දික් ගස්සන්නෙ නැතුව මෙතනින් නවත්තමු… ඇනිමේ බලන්න ඉන්න කෙනෙක්ට එන්න තියෙන ප්‍රශ්න..සහ බලන අයට කරන්න තිබුන පුංචි පැහැදිලි කිරීම් කිහිපයක් තමා අපි මේ අද කරේ..
ඉදිරියෙදි හොඳ ඇනිමේ සීරිස් ටිකක් ගැන කතා කරන්නම් අනිවා.. මොනවා ගැනද ? කමෙන්ට් කරගෙනම යන්..
මේ වගේ තව ලිපි ඔයාලාට ඕනෙ නම්..කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්නෙහෙම එපා හරිද..
ආයෙ ලිපියකින් හම්බෙනකන්..එහෙනම් ඔබට ජය…
Manga eka kiyawala anime eka baluwoth anime eka spoil wennathd?