ඔයා ෆිල්ම් බලන කෙනෙක්ද ? එහෙනම් මෙයා ගැන කියවන්නම ඕනෙ ඔයා..
Sir Alfred Hitchcock හෙවත් Master of Suspense.
කට්ටියක් මේ Topic එක දැක්කම “Hell Yeah Hype Zone. Now We’re Talking !!!” කියල හිතයි. තවත් කට්ටියක් Master of Suspense වෙන්න තරම් කවුද යකෝ මේ Dial එක කියල හිතයි. ඉතින් ඔය දෙගොල්ලොම වෙනුවෙන් සිනමාවේ ස්වර්ණමය යුගයන් වෙත ඔයාලව ගෙනියන Classics ගැන කතාබහේ අද මාතෘකාව තමයි ඔහු.
විවිධ Movie Genres තියෙනවා. එක එක ආකාරයේ නිර්මාණ විවිධත්වයකින් යුක්තව බිහිවෙනවාත් එක්කම මේ Genres තවත් බිහිවෙන්න පටන් ගන්නවා. ඉතින් අපි යමු ඈතම ඈත අතීතයට මේ කියන්නෙ 1930-40 අතර කාලයට විතර. හොලිවුඩ් සිනමාව පවා මහත් අභියෝග ජයගනිමින් ටිකෙන් ටික ලෝකය අතික්‍රමණය කරන්න පටන් ගන්න කාලයක අපේ කතානායකයාත් කරලියට එනවා.

Suspense Thriller ගණයේ චිත්‍රපට හැදීම තමන්ගේ දෛවය කරගත්තු Alfred Joseph Hitchcock ලෝකේ එලිය දකින්නේ 1899 අගෝස්තු 13 වෙනිදා ලන්ඩනයේදී. මොහු සිනමාව උපතින් කරපින්නාගෙන ආපු කෙනෙක් නම් නෙදවෙයි. ඔහු ඉංජිනේරුවෙක් වෙන්න සිහින මවපු, ඒ සඳහා ඉගෙනීම් කටයිතු කරගෙන සිටි මුල් කාලයක් තිබුණ කෙනෙක්.
පසුව හිච්කොක් ගේ ඒ හීනෙට බාධාවෙන්නේ ඔහුට වයස 15දී ඔහුගේ පියා මියයාමත් සමගයි. ඒ නිසා Henley telegraph and Cable Company යේ තාක්ෂණ ලිපිකරුවෙකු ලෙස රැකියාවක් සොයාගන්න ඔහුට සිදුවෙනවා. ඉන්පසු රැකියාවේ ටිකෙන් ටික ඉහලට ගිහින් එම ආයතනයේ සඟරාවේ සංස්කාරක බවටත් පත්වෙනවා. ලැබෙන විවේක කාලයන්වල කෙටිකථා වගේ දේවල් ලියන්න ඔහු යොමුවෙනවා. ඔහුගේ හැකියාව දකින ආයතන ප්‍රධානියා හිච්කොක් ව ‘ප්‍රචාරණ අංශය’ ට යොමු කරනවා. මේක හිච්කොක් ට නිදහසේ හිතන්න, ප්‍රචාරණය සඳහා චිත්‍ර ආදිය හරහා ඒ තමන්ගේ අදහස් ක්‍රියාත්මක කරන්නත් ඉඩ ලැබෙනවා. ඔහුගේ නිර්මාණශීලිත්වය Polish කරගන්නට ඔපදමාගැනීමට මෙය ඔහුට මහත් රුකුළක් වෙනවා. ඔහු පසුකලෙකදී කියපු විදියට ඒ තමයි ඔහුගේ සිනමාවට තියපු පළමු පියවර.. ඔහු චිත්‍රපට, විශේෂයෙන්ම ඇමරිකානු සිනමාව නරඹන්න කැමැත්තක් දක්වපු කෙනෙක්. ඔහු වඩාත්ම කැමති උනේ Charles Chaplin සහ Buster Keaton ගේ චිත්‍රපටවලටයි. අදටත් සිනමාවේ මහා යුග පුරුශයම් දෙපළක් ඔවුන්.
ඉතින් 1919දී සිනමාවට පිවිසෙන හිච්කොක් ගේ පළවෙනි සිනමා නිර්මාණය වෙන්නේ The Pleasure Garden (1925). නමුත් එය ඔහු අපේක්ෂා කළ තරම් සාර්ථක වෙන්නේ නෑ. ඊටපස්සේ ඔහු අතින් නිපදවෙන The Lodger: A Story of the London Fog (1927) චිත්‍රපටය thriller ගණයේ සිනමාවට නව මුහුණුවරක් එකතුකරනවා. Romance, Comedy වගේ Genres වල චිත්‍රපට ගොඩම් ජනප්‍රිය වුවත් Thriller චිත්‍රපට සඳහා නවකයෙක් විදියට යොමුවීමත් ගොඩක් අභියෝගාත්මක දෙයක් වුණා ඔහුට. ඉතින් පසුව ඔහුගේ Blackmail (1929) සලරුව තමයි බ්‍රිතාන්‍ය සිනමා ඉතිහාසයේ ප්‍රථම කතානාද චිත්‍රපටය වෙන්නේ. ඊටපස්සේ එළඹෙන 30 දශකයේදී නිපදවුණු ඔහුගේ The 39 Steps (1935) සහ The Lady Vanishes (1938) යන චිත්‍රපට බ්‍රිතාන්‍ය සිනමාවේ 20 වැනි සියවසේ හැදුනු හොඳම සලරූ දෙකක් විදියට පිළිගැනෙනවා. Black n White කියල අහක දාන්නෙ නැතුව මමත් ආරාධනා කරනවා මේ සිනමාපට දෙක නරඹන්න. Fincher, Nolan, Lynch වගේ අයට කලින් Twists එක්ක සෙල්ලම් දාපු කෙනෙක් තමයි හිච්කොක් කියන්නෙ. ඒක තේරුම් ගන්න ඔහුගේ මේ මුල්කාලයේ නිර්මාණ බලන එකත් ප්‍රමාණවත්.
හිච්කොක් මුල් කාලයේ චිත්‍රපට නිපදවුවේ නාට්‍ය පාදක කරගෙන, Romance, Musical සහ Thriller Genre Target කරගෙන. නමුත් ඔහු අනෙක් තේමාවන්ගෙන් බැහැරව දිගටම Thriller චිත්‍රපට නිපදවීම කරා යොමුවෙන්නේ The Man Who Knew Too Much (1934) චිත්‍රපටයත් එක්කයි.
1939 දී හොලිවුඩය දෙසට යොමුවෙන අපේ වීරයා ඊටපස්සේ සාර්ථක සිනමා නිර්මාණ රැසක්ම බිහිකරන්න සමත් වෙනවා. ඒ අතර Rebecca (1940), Shadow of a Doubt (1943), The Paradine Case (1947), Spellbound (1945), Notorious (1946), Rope (1948) සහ Strangers On a Train (1951) ප්‍රධානයි. මේ කිව්ව චිත්‍රපට ටික අනිවාර්යයෙන්ම බලන්න. සිනමාව කියන්නෙ අපි දැන් දකින දෙයම නෙවෙයි කියන එක ඔයාට හිතන්න පොළඹවයි අනිවාර්යයෙන්ම. හිච්කොක් මේවත් සමගම නමගිය අධ්‍යක්ෂකවරයෙක් ලෙස තමන්ගෙ නම සනිටුහන් කරගන්නවා. Audition වලට එවකට නමගිය නළු නිළියන් අතර ආරවුල් ඇතිවෙන තරම් වැදගත්කමක් ඔහුට ලැබෙනවා. The Spellbound චිත්‍රපටය ගත්තම ඒකෙ දර්ශන කීපයක් සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී සැල්වදෝර් ඩාලි විසින් චිත්‍රණය කරන එකම හිච්කොක් කියන්නෙ තවදුරටත් එසේ මෙසේ සින්මා අධ්‍යක්ෂකවරයෙක් නෙවෙයි කියන එක හැමෝටම පෙන්නල දීපු අවස්ථාවක්.
නමුත් හිච්කොක් ගේ සිනමාව සාර්ථකත්වය අතින් උපරිම මට්ටමට ළඟාවෙන්නේ 1954-1964 අතර කාලයේදීයි. මේ අවුරුදු 10 තුළ අමතක කරන්න බැරි චිත්‍රපට කීපයක් ඔහු එළිදක්වනවා. මේ නම් නම් චිත්‍රපට නොබැලුවත් ඔයාල එක පාරක් හරි අහල ඇති. Dial M for Murder (1954), Rear Window (1954), To Catch a Thief (1955), The Wrong Man (1956), Vertigo (1958), North by Northwest (1959), ඒ අතර වෙනවා. ඔහුගේ වඩාත්ම ප්‍රසිද්ධ වූ නිර්මා කියල කියන්න පුළුවන් Psycho (1960), The Birds (1963) සහ Marnie (1964) තිරගත වෙන්නෙත් ඒ කාලයේදීමයි. මේ කාලය තමයි ඔහුගේ Career එකේ Peak Point එක.
Vertigo (1958). මේක තමයි ගොඩදෙනෙක්ට අනුව මොහුගේ සංකීර්ණතම චිත්‍රපටය. උඩින් ආදරය පසුබිම් කරගත් Crime Story එකක් රැගෙන යන කතන්දරයට යටින් යන, කාන්තාවකගේ ඇතුළාන්තයේ එයා ආශා කරන කෙනා බවට පරිවර්තනය වීම, එයාගෙ ආශාවන් සහ මරණය සම්බන්ධව ඔහුගේ දැක්ම අන් කවර චිත්‍රපටයටත් වඩා Vertigo හිදී දකින්න පුළුවන්. මේකෙ වර්ණ, කැමරා කෝණ ආදියම බැලුවම මේකෙ ගැඹුරු සංකීර්ණ බව තේරුම්ගන්න පුළුවන්. මේ Vertigo චිත්‍රපටය වාණිජමය වශයෙන් අසාර්ථක වෙන්නේ නිකුත්වූ සමයට වඩා චිත්‍රපටය ඉතා ඉහල මට්ටමක තිබීම නිසා බවයි විචාරක මතය. 2012 දී පැවැත්වූ Critics Poll for The Greatest Film of All Time හිදී ලෝකයේ හොඳම චිත්‍රපටය බවට පත්වෙන්නේ මේ Vertigo චිත්‍රපටයයි. අද වනතුරුත් විචාරකයන්ට අනුව ලෝකයේ බිහිවූ හොඳම චිත්‍රපටය ලෙස සැලකෙන්නේ Alfred Hitchcock ගේ Vertigo (1958) චිත්‍රපටයයි.
වයස්ගත හිච්කොක් ගේ සෞඛ්‍යයේ පිරිහෙනවාත් එක්ක ඔහුගේ චිත්‍රපටවල ගුණාත්මක භාවයද ක්‍රමයෙන් අඩුවෙනවාවත් ද කියන ප්‍රශ්නය ඒ චිත්‍රපට බැලුවොත් අපිට නැගෙනවා. පසුව චිත්‍රපට කීපයකට මිශ්‍ර ප්‍රතිචාර ලැබීමෙන් පසු ඔහු ඊළඟට නිපදවන Frenzy (1972) චිත්‍රපටයෙදී ඔහු ප්‍රථම වතාවට Nudity කියන Concept එකට ඔහුගේ චිත්‍රපටයක ඉඩ දෙනවා. ඔහුගේ අවසන් චිත්‍රපටය වෙන්නේ Family Plot (1976) චිත්‍රපටයයි. 1980 වසරේදී මියයාමට මාස කිහිපයකට පෙර ඔහු නයිට් නාමයකින්ද පිදුම් ලබනවා.
ජනතාව චිත්‍රපට බලපු විදිය සම්පූර්ණයෙන්ම වෙනස්කළ මනුෂ්‍යයෙක් විදියට Alfred Hitchcock ව අවිවාදයෙන්ම හැඳින්වෙනවා. ඔහුගේ ෆිල්ම් බොහොමයක Twist Endings අඩංගු Thrilling Plot දකින්න ලැබුනේ Crime Mystery ගතිය ඒතේමා එක්ක විතරක්ම නෙවෙයි. ඒ තේමා එක්කම Romance, Psychology, Drama පැතිත් සමබරව එකතුවීමෙන්. ඒ කාලයේ හැටියට සාධනීය මට්ටමේ සටන් ජවනිකා පවා ඇතැම් චිත්‍රපට වල ඔහු ගේනවා. අද අපි දකින සිනමාව ගොඩනගන්න, අද අපි අදහන Hype වෙලා ඉන්න ගොඩක් අධ්‍යක්ෂකවරුන්ගේ සිනමා ශෛලීන්වල ප්‍රගමනයට Influencer කෙනෙක් වුණේ හිච්කොක් මහත්මයා තමයි.
ටිකෙක් ටික ඉස්සරහට තල්ලුවෙමින් පැවති සිනමාවට වැරෙන් තල්ලුවක් එහෙමත් නැත්නම් ලොකු Push එකක් දීපු කෙනෙක් තමයි මොහු. හිච්කොක්ගෙ නිර්මාණ බිහිනොවන්නට අපි අද දකින සිනමාව අපිට දකින්න තව දශකයක් දෙකක් බලන් ඉන්න වෙන්න තිබුණා.
One of the Most Influential Directors of All Time කියල හඳුන්වන Sir Alfred Hitchcock ගේ වාණිජමය වශයෙන් සාර්ථකම චිත්‍රපටය වෙන්නේ Psycho (1960) චිත්‍රපටය. සිනමාශාලා වලට පැමිණි ප්‍රේක්ෂකයන්ගෙන් එහි අවසානය ස්පොයිල් නොකරන ලෙස ඉල්ලීම් කරනු ලැබුවා. මේ චිත්‍රපටය නැරඹුවාට පසුව අපි අද අතිශයින් ප්‍රියකරන චිත්‍රපට ගොඩකට මේක Inspire වෙලා තියෙනවා නේද කියන එක ඔයාලට තේරේවි. අදටත් රසිකයන් අතර අතිශය ජනප්‍රියම හොරර් චිත්‍රපටයක් වන Psycho චිත්‍රපටය Slasher ගණයේ හොරර් චිත්‍රපටවල ආරම්භයට මුල් වූ චිත්‍රපටයක් ලෙසත් සැලකෙනවා. Slasher කියන Genre එකේ පුරෝගාමියෙකු වෙන මේ චිත්‍රපටය බිහිනොවන්නට අද අපි දකින Slasher Movies කොච්චර ප්‍රමාණයක් නැතිවෙන්න නැත්නම් පහුවෙන්න තිබුණාදකියල පොඩ්ඩක් හිතන්න. අමතක කරන්න එපා මේ කියන්නෙ 60 දශකය ගැන.
Hitchcock සම්බන්ධ තවත් වැදගත් කරුණක් නම් ඔහු තමන්ගේ චිත්‍රපටවල කැමරාව පිටුපසම ඉන්නේ නැතුව සුළු වේලාවකට කැමරාව ඉදිරියටත් යාමයි. Cameo Concept එක ඉස්සෙල්ලම ජනප්‍රිය කරලියට ගෙනාවෙත් මොහු කියන්න පුළුවන්. අදනම් අපි මේක දකිනවා Marvel කොමික් ෆිල්ම්වලදී Stan Lee ගෙන් නැත්නම් ජනප්‍රිය චරිත පාදක කරගෙන කරන Biography Movies වල. ඔහු ඔහුගේ චිත්‍රපට 37ක Cameos වලට පෙනීසිට තියෙනවා.
හිච්කොක් වරක් පැවසුවේ ඔහුව බියට පත්කරන දේවලින් ගැලවීමට ඇති එකම ක්‍රමය ඒවා ගැන චිත්‍රපට සෑදීම කියලයි. සිතාමතා හෝ යටිසිත විසින් ඔහුගේ සමහර ෆිල්ම්වල ඔහුගේ බිය, පැකිලීම් විතරක් නෙමෙයි, ලිංගිකත්වය පිළිබඳ ආශාවන් Fantasies පවා සියුම්ව අඩංගු කර තිබෙනු පසු කාලයේදී දකින්නට ලැබුනා. Virtigo හොඳ උදාහරණයක්. ඊට අමතරව The Birds වගේ චිත්‍රපට වල සංකේතානුරූපීව දේවල් පෙන්නන එකත් ඒ කාලයේ හැටියට හිච්කොක් සෑහෙන්න ඉදිරියෙන් ඉන්න බව පෙන්නපු නිර්මාණයක්. මේක රූගත කරන අතරතුර නළු නිළියන්ගෙ මුහුණු වලට කුරුල්ලන් දමල ගහපු බවත් කියවෙනවා. ඒ චිත්‍රපටයට අදාළ සමහර දර්ශන වල Expressions ඒ ආකාරයටම ගන්න. අධ්‍යක්ෂකවරයෙක් ලෙස ටිකක් අමාරුකාරයෙක් විදියට හිච්කොක් හැඳින්වීමටත් මේක හේතුවක්. මාලන් බ්‍රැන්ඩෝ වගේ Method Actors ල ඒ කාලයේ කරලියේ නොසිටීමත් ඒකටහේතුවක් වෙන්න පුළුවන්.
Spielberg, Nolan, Scorsese, Lynch, Fincher වගේ වර්තමානයේ අතිශය ජනප්‍රිය සහ හොඳම අධ්‍යක්ෂකවරුන්ගේ Biggest Influencer කෙනෙක් විදියට හිච්කොක් හඳුන්වන්න පුලුවන්. Shutter Island, Hugo, TDK, Girl With a Dragon Tatoo, Fight Club, Schindler’s List, Mullholand Drive, Momento වගේ චිත්‍රපට වලදී මේක මොවුන් හෙළිකරල තියෙනවා. කොටින්ම සිනමා ශබ්දකෝෂයට Hichckockian කියල වචනයක් පවා ඇවිල්ල තියෙන්නෙ ඒ නිසා. හිච්කොක්ගෙ Style එකට යන චිත්‍රපට අධ්‍යක්ෂකවරු හඳුන්වන්නෙ මේ.යෙදුම මුලට යොදලායි. ඔයත් අද මම උඩ සඳහන් කරපු චිත්‍රපට බැලුවොත් ඔයාල මේ වෙනකන් Hichckockian Movies කීයක් බලල තියෙනවා ද කියන එක ඔයාටම තේරුම්යාවි.
මේ ලිපිය ලියද්දී ප්‍රවීන් අයියාගෙ වගේම Roar Media එකේ සමහර ලිපිත් උදව් කරගත්තා. එයාලටත් මගේ ස්තූතිය.
ඉතින් ලිපිය රසවත් නම් අනිත් අයටත් බලන්න Share කරන්න අමතක කරන්න එපා.. ලිපිය ගැන ඔයාට හිතෙන අදහස් අපිට comment එකකින් කියන්න..
ෆිල්ම්ස් ගැන..සීරිස් ගැන ..එක එක ෆැන්ඩම්ස් ගැන කතා කරන හැමෝම සෙට් වෙන තැනක්.. @hype community එක..
සෙට් වෙන්නකෝ..
එහෙනම් Until Next Time
Admin – තිලෝෂ නිපුනජිත්