වේගයක සැගවුණූ ආදරය “Song to the Siren”🎧🎶🎹🎼
Zack Snyder’s Justice League උණුසුම ටික ටික අඩුවී යන කාලයක නැවතත් Snyder cut එකේ තිබ්බ තමන් කැමතිම Soundtrack එකක් ගැන කතා නොකර අමතක කරන්නේ කොහොමද? පැය 4ක් දිග movie එකක ලස්සන soundtrack එකක් තියෙද්දි ඒක කොහොමවත් අමතක වෙන්න විදියක් නෑ.🌚
මේ නිර්මාණය Snyder cut එක වෙනුවෙන්ම නැවත ප්‍රතිනිර්මාණය වුනු ඉතාම සියුම් සංවේදන දනවන්න පුලුවන් සංගීතමය ආශ්චර්යයක්. මේ soundtrack එක මුලින්ම නිර්මාණය කරන්නේ 1968 දී Tim Buckley හා Larry Beckett විසින්. සාම්ප්‍රදායික හංගේරියානු ජන ගි ශානරයෙන් සංගීතවත් වුණු මෙම ගීතය “The Monkees” Sitcom series👀 එකේ අවසාන episode එකටත් දායකත්වය ලබා දෙනවා. Tim Buckley 1975 දී මෙලොවින් සමුගත්තට පස්සේ විවිධ සංගීතවේදීන් විසින් මේ soundtrack එකට තමාගේ versions ඉදිරිපත් කරනු ලැබුවා.
Grammy සම්මාන සඳහාද නිර්දේශ වුණු සංගීත නිෂ්පාදකයෙක් වුණු Tom Holkenborg එහෙම නැත්නම් Junkie XL🎷 විසින් remastered කරල Rose Bettsගේ හඬින් රසවත් වෙලා තමයි අපිට මේ මියුරු සංගීතය Snyder Cut එකේදී රසවිඳින්න හමුවෙන්නේ.
මතකයට නැගෙන්නේ නැත්නම් ආපහු මතක් වෙන්නත් එක්ක මේ ලිපිය කියවන ගමන් ඒකටත් සවන් දෙන්න පුලුවන් නම් තවත් හොඳයි.🎶 මේ නිර්මාණය තමයි Rose Betts ගේ “Song To The Siren”.🎧
👉🏻https://youtu.be/JQZ5_3s4ltU
මේ soundtrack එක සඳහා අපිට ලස්සන වටපිටාවක් චිත්‍රපටය තුළ නිර්මාණය වෙනවා. Zack Snyder’s Justice League චිත්‍රපටයේ Part 3 එහෙම නැත්නම් Beloved Mother, Beloved Son කොටස පටන් ගන්නේ Central city එක තුල Barry Allen රැකියාවක් සොයාගෙන dog shop එකකට යන අවස්ථාවකින්.🐶 මේ වෙද්දී නගරය දෙසටත් truck එකක් ගමන් කරනවා. ඒ සිදධිය අපේ හිතේ යටපත් කරලා dog shop එක ඇතුලට යද්දිම Barryට එයින් එලියට එන අපි කවුරුත් දන්න Iris West ව මුණගැහෙනවා. අපිටත් දැනෙනවා ඔවුන් දෙදෙනාගේ සිතුවිලි, Love at first sight😍 නැත්නම් දුටු විගස ආලයක් හටගැනීම ඔවුන් දෙදෙනා තුලම හටගන්න ආකාරයක් අපිට පෙන්වන්න උත්සාහ දරනවා. ඒත් සමඟ Barry, shop එකේ අයිතිකරු හා කතා කරන්න යද්දී Iris තමන්ගේ මෝටර් රථය පණ ගන්වලා ඉදිරියට යනවා. ඉතින් ඒ දිහාම බලන් ඉන්න Barry, shop එකේ වීදුරු තුළින් බලන් ඉන්නවා, කලින් නගරයට ඇතුල් වුණු ට්‍රක්රථ රියදුරා අපරික්ෂාරීව රථය ධාවනය කරලා Iris ගේ රථයේ ගැටෙන අයුරු. මෙහෙම දර්ශනයේ උච්චතම අවස්ථාව දක්වා සිඳුවීම් පෙළ සකස් වෙද්දී ක්ෂණික නිහඬතාවයකින් අපිට ඇසෙන්න සලස්වනවා මේ මියුරු soundtrack එක. මේ සංගීත නිර්මාණයේ වටිනම දේ විදියට මට දැනෙන්නේ පද රචනයට අදාලව ලස්සනට රූප රාමු පෙල ගලපලා තියෙන විදිය.🎶
iris ව වාහනයෙන් එලියට විසිවනවත් එක්කම Barry shop එකේ වීදුරුව ඇඟිලි තුඩෙන් බිඳගෙන එලියට එනවා. මෙතනදි barry ට නැව් රහිත මුහුදක දිගු ගමනකින් එන බෝට්ටුවක සිටින විඩාපත් වූ පුද්ගලයකුට සිනහවක් කැන්දන දූපතක් වෙනවා iris ව. මෙතනදි අපිට ලස්සන දර්ශනයක් පෙන්වනවා barry, iris ගේ කොන්ඩය තුළින් එයාගේ ඇස්වල ලස්සන දකින.👀🙈 මම ඒ සිද්ධියට ගොඩක් කැමති එතනදි play වෙන පදය නිසා.
” ‘Til your singing eyes and fingers
Drew me loving to your isle “
Barry, Iris ගේ ඇස්වලින් දකින සුන්දරත්වය දකින්න අපිවත් පොළඹවා ගන්නවා. Barry and Iris ගෙ ආදර අන්දරය අපි කොච්චරවත් දන්නවා, දැකලා තියෙනවා ( comics, tv series🤐 ) ඒත් අපි මේ නවමු අත්දැකීමට ආස කරනවා. ඒත් එක්කම barry සුපුරුදු barry ම වෙලා එතන තිබ්බ cart එකෙන් විසිවෙන සොසේජ් එකක් සාක්කුවට දාගන්නවා. ඔව්. ඔව් අර ලස්සන දර්ශනයෙම තමයි. 😂
“Now my foolish boat is leaning
Broken lovelorn on your rocks
Here I am, here I am
Waiting to hold you”
Flash ව වෙනස්ම විදියකට අපිට දැනුනු අවස්ථාවක් වෙනවා මේ දර්ශන පෙලම. අපි කවදාවත් නොදැකපු විදියට ලස්සනට මේ soundtrack එකත් එක්ක අපිට Barry Allen ව Zack Snyder හඳුන්වා දෙනවා. මේ music වලින් ලබා දෙන හැඟීම්බරම අවස්ථාවක් තමා චිත්‍රපටය පුරාම තිබ්බ. Flash ගේ අපි දකින first impression එකම ඉතාමත් ලස්සනට, හදවතට දැනෙන්න තිබුණේ මේ music නිසා.🎼❤️
මට හිතෙනවා මෙතන Zack එයාට කරගන්න බැරි වුන දෙයක් ගැන හැඟීම්බර පියෙක් විදියට කතා කරන්න උත්සාහ දරනවා වගේද කියලා.💔 Flash ව අපි zack විදියටත්, Iris ව Zack ගේ දුව Autumn විදියටත් music වලින් පෙන්වන්න දරනවා. ඔහුගේ දියණියව බේරා ගැනීමේ තිබූ දැඩි ආශාව Flash iris ව මෘදුව අල්ලාගෙන ඉන්න විදිය Zack තමාගේ දියණිය වෙනුවෙන් ආදරය ප්‍රකාශ කිරීමක්දෝ හැඟෙන තරමට සුන්දරම දර්ශනයක් විදියට නිමවා තියෙනවා.❤️🥺 ආපහු අපි Flash දිහා කලින් බලපු විදියට නොබලන්න හිතෙන තරමට මේ දර්ශනය තුළින් හදවතට කාවැදී කතාව ඉදිරියට මග පාදනවා. කතාව පුරාවටම Flash කියන්නේ key character එකක් බවට පත් වෙනවා කියල Snyder cut එක බලපු අපි හැමෝම දැක්කා Flash කොච්චර වැදගත් වුනාද කියලා.
Snyder Cut එක තුළින් ලැබුණු සෞන්දර්යාත්මක ආශ්වාදය අපිට ඉස්සරහටත් ගන්න ලැබේවි කියන හිතේ කොනක තියෙන බලාපොරොත්තුවෙන් snyderverse එක ඉදිරියටත් continue වේවි කියල අපි හැමෝම හිතනවා. ඉතින් කියන්න තියෙන්නේ #RestoreTheSnyderVerse කියලා තමයි. තවත් මේ වගේ සංගීතමය කියවීමකින් නැවත හමුවෙමු.