You are currently viewing ලූක්ගෙ ලමා කාලය :Boyhood of luke skywalker

ලූක්ගෙ ලමා කාලය :Boyhood of luke skywalker

ගායිස් මොකෝ වෙන්නෙ මේ දවස්වල ගෙවල් වලට වෙලා පරිස්සමින් කාලෙ ගත කරනව ඇතිනේ 😏, ඉතින් මම අද ආවා සෑහෙන කාලෙකට පස්සෙ ලිපියක් අරන් 😎😏 එහෙනම් කෙලින්ම බහිමු කතාවට. 

අද අපි කතාකරමු ස්ටාර්වෝස් යුනිවර්ස් එකේ දඩම චරිතයකගේ ⁣ළමා කාලය පිලිබඳව  , මෙයා තමන්ගෙ තාත්ත වගේම Jedi කෙනෙක් උනා වගේම ස්ටාර්වෝස් යුනිවර්ස් එකට දඩම සේවයක් දුන්න තාත්ත වගේම 😏 ඔව් ඕව් අද කතා කරන්නෙ Luke Skywalker  කියන ලෙජන්ඩරි චරිතෙ ලමා කාලය ගැන තමා 💯😍

ලූක් කියන්නෙ ඇනකින් ස්කයිවෝකර් සහ පඩ්මේ අමිඩාලා  ට දාව ඉපදුනු ටිවින්ස්ල දෙන්නගෙන් කෙනෙක් නේ  , ඉතින් අපි දන්නව ස්කයිවෝකර් බ්ල්ඩ්  ෆොර්ස් එකට  මාර Connection  එකක් තියේ කියල  , ඒ කතාව ඇත්කත් කරවමින් ලූක්ට සහ එයාගෙ නිවුන් සහෝදරි ටවන ලෙයා ට මේ ෆෝස් සෙන්සිටිවිටි එක උපතින්ම ලැබෙනව 💯 අපේ මේ නිවුන්වු දෙන්න ඉපදෙන්නෙ 19 BBY(Galactic Empire එක ඇතිකරල දවස් 2කට පස්සෙ ) වලදී  Polis Massa කියන Astroid Field එකේදී , මේ දෙන්න උපත ලබනවත් එක්කම පඩ්මේ අමිඩාලා මිය යනව සහ ඇනකින්  ඩාක් සයිඩ් එකට යනව ඩාත් වේඩර් කියන නමින් 🙂, ඉතින් සිත්ලගෙන් මේ ලමයි දෙන්න ආරක්ෂා කරන්න ඕනි නිසා ට්වින්ස්ල දෙන්න එකිනෙකාගෙන් වෙන කරල සඟවනව , මේකෙදී ලෙයා Alderaan වල  ඉන්න Senator Bail Organa විසින් ඇතිදැඩි කරගන්න අතරේ ලූක් ව යවනව Tatooine වල ඉන්න ලූක්ගෙ බාප්ප වෙන  Uncle Owen සහ එයාගෙ බිරිඳ එක්ක ඇතිදැඩි වෙන්න , ඒ වගේම මේ එක්කම අපෙ ලෙජන්ඩරි ජෙඩායි Knight  Obi-wan Tatooine  වලදී ලූක්ව සේෆ්ව තියා ගන්න කටයුතු කරනව .

ලූක් තමන්ගෙ බාප්පත් එක්ක එයාගෙ Moisture Farm එකේ වැඩපල කරමින් Grow වෙනව ( Moisture Farm  කියන්නෙ Dry Air වල තිබුනු Moisture  එක භාවිත කරල ජලය හැදුව ස්ථානයක්  , ටැටුයීන් වගේ උනුසුම් සහ කාන්තාර ලෝක වල මේ Moisture Farm  කියන දේ Vital Activity  එකක් උනා ගායිස් 💯✌️) ඒ වගේම බාප්ප කැමති වෙන්නෙ නෑ මෙයා ජෙඩායි කෙනෙක් විදියට තමන්ගෙ පාත් එකේ යනවට මොකද තාත්ත ගැලැක්සියම බය කරපු දරුනූ පුද්ගලයෙක් බවට පත් වුන නිසා , මේ හේතුව නිසා ලූක්ට කියන්නෙ ලූක්ගෙ තාත්ත Clone wars era එකේදී Galactic Republic Army  එකේ Space Freighter  එකක Navigator  කෙනෙක් විදියට වවැඩ කරා කියල . Luke ගෙ Step mother උනු Beru විසින් ලූක්ට stories  කියලදීලා තියෙනව . ඒ වගේම ⁣අපෙ Ben Kenobi  නැත්තම් අපි ආදරේ කරන ඕබිවාන් ලුක්ව ආරක්ෂා කරන්න කටයුතු කරනව ❤ 

දැන් අපි ලූක්ගෙ පොඩි කාලෙ ගතවුනු විදිය පොඩ්ඩක් කතා කරමු ❤️  

>>Jubba Hutt ගෙ තග්ස්ල පරාද කිරිම.

Luke ට අවුරුදු  8 ක් වගේ වෙද්දි (11 BBY ) දි වගේ  ටැටුයීන් වල ඇති වෙනව දැඩි නියඟයක් අපි මේකට කියනව The Great Drought  එක කියල , ⁣මේ කාලයේදි Jubba the Hut ගේ හෙන්චය්යෝ සෙට් එක Moisture Farmers ලගෙන් අසාදාරණ විදියට Water tax එකක් එකතු කරනව , මේනිසා farmers ලට වෙන ඩැමේජ් එක නිසා අපේ ලූක් කොලුවා මේ හෙන්චය්යෝ සෙට් එකට එරෙහිව නැගීහිටල  රාත්‍රියේදි නැවත ජලය හොරෙන් ලබා ගන්න කටයුතු කරනව , කෙනොබීට මේ වැඩේ සෙන්ස් වෙලා ලූක්ට  identity  එක හෙලිදරව් වෙන්න තියෙන රිස්ක් එක නැති කරන්න අර හෙන්චය්යෝ සෙට් එකගෙ Vehicles වල ලයිට්ස් බ්ලෝව් කරල දානව ෆොස් එක බාවිතයෙන් ❤ මෙතනදි ලූක් අර තග්ස්ල සේට් එක පරාද කරල දානව , නමුත් එක ඩෑල් එකක් ලුක්ව තල්ලු කරල දානව මේ නිසා ලූක්ට සිගිය නැති වෙනව ගායිස් , එතකොට කෙනෝබි බැහල තග්ස්ල ⁣සෙට් එකට ශොට් එක ⁣දීල ලූක්ව උස්සන් ඇවිත් ගෙදර තියල යනව ,උදේ  නැගිටින ලූක් දන්නෑ කවුද තමන්ව බේරාගෙන ගෙදරට ගෙනත් දැම්මෙ කියලවත් 😂 .

>>Uncle Owen ව Black Krrsantan කියල Bountyhunter ගෙන් බේරා ගැනිම 

 Great Drought  එකට අවුරුද්දකට වගේ පස්සෙ කාලයේදී ලුක් Biggs Darklighter ඇතුලු යාලුවෝ සෙට් එකත් එක්ක කාලය ගත කරා . ලූක් තමන්ගෙ T-16 skyhopper (speeders කියල අපි කියන්නෙ ඒවායින් ජාතියක් තමා T-16 කියන්නෙ ගායිස් 😉)  එක අරන් Beggers Canyon එක පැත්තෙ යනව පොඩි රවුමක් දාන්ඩ , පොර වැඩ දාන්ඩ ගිහින් ස්පීඩර් එක ක්‍රෑශ් කරගන්නව 😂 (නිකං ඉන්ඩ බෑනේ වැඩ පෙන්නන්ඩ යනව 😉😂) මේ නිසා Owen ( luke ගෙ stepfather ) තීරණය කරනව ලූක්ව Ground කරන්න , ඊට පස්සෙ ලූක් ට්‍රයි කරනව ඩැමේජ් එකට ගෙවන්න    anchorhead වල තිබුනු race එකකට සහභාගී වෙලා . ඒත් Owen ලොක්ක කැමති වෙන්නෙ නෑ මේකට 😂. මේක දැනගත්ත අපේ කෙනොබි Jawas ලව්ව Skyhopper  පාර්ට්ස් ලූක්ට ලැබෙන්න සලස්වනව , ඒත් Owen ලොක්ක කරන්නෙ කෙනොබිව හම්බෙලා ඒ පාර්ට්ස් ටිකත් දීලා සද්දයක් දාලා එනව තමන්ගෙ ෆැමිලි එකට ඇණයක් නොවී පාඩුවෙ ඉන්න කියල 😂. ලූක්ව ග්‍රවුන්ඩ් කරල ටික කාලෙකට පස්සෙ ලූක්ව ශේප් කරගන්න සහ දෙන්නගෙ රිලේශන්ශ්ප් එක රිබිල්ඩ් කරන්න Owen උදව් කරනව Skyhopper එක  Fix කරන්න . නමුත් මේක කරන්න කලින් පොරව Wookiee Bountyhunter කෙනෙක් වෙන Black Krrsantan  විසින් පැහැරගෙන ගිහින් ටෝචර් කරනව 🙂. මේ වෙද්දි අපේ ලූක් ගෙදරින් පැනල යන ගමන් තමා ඉන්නෙ 😂( පලවෙනි වතාවට නෙවෙ 😂✌️) ඒත් පොරට sense වෙනව මොකක් හරි අවුලක් වෙලා කියල , ඒ නිසා පොර නැවත යනව ගෙදරට. ගෙදරට ගියාට පස්සෙ පොර දකිනව ඩ්‍රොයිඩ්ස්ල විනාශවෙලා හෙම තියෙනව , පොර තමන්ගෙ stepmother වෙන aunt Beru ගෙන් වුනු දේ දැනගෙන පොර owen ව බේරගන්න යන්න හිතද්දි Aunt Beru ලූක්⁣ට අනකරනව ගෙදර Maintenance bay එකට වෙලා සැගවෙලා ඉන්න කියල , එ⁣⁣හිදී ලුක් දකිනව skyhopper  එක තියෙනව , ඔහු කරන්නෙ ඒක Fix කරල දාලා Bountyhunter ව හොයන් යන එක , ලූක් Bountyhunter  ගාවට යද්දි ඕබිවාන්  black Krrsantan  එක්ක සටන් කරනව 😂 මේ ⁣වලිය අතරේදි Owen  Cliff එකකින් පහලට ⁣වැටෙනව ගායිස් …. 

පොර බිමට වැටෙන්න කලින් ලූක් කොලුව ස්කයිහොපර් එකේන් ගිහින් පොරව අල්ලගෙන පැනල යනව මේ අතරෙදි ඕබී Krrsantan ව පරාද කරනව . මේ සිද්දියෙන් පස්⁣සෙ ලූක්ට ආයෙත් ස්කයිහොපර් එක යූස් කරන්න අවසර හම්බෙනව . තාත්ත වගේම තමා පුතත් ❤💯

මෙහෙම කාලය ගත වෙද්දි ලූක් තමන්ගෙ තාත්ත වගේම Adventures පස්සෙ යන තරුණ කාලයක් ගතකරනව . ඒ වගේම පොරට හෙන ආසාවක් ඇති වෙනව ටැටුයීන් වලින් පිටවෙලා යන්න .ඇඩ්වෙන්චර්ස් පස්සෙ යද්දි පොරට පොඩි පොඩි භයානක සිද්දීන් වලටත් මුහු⁣න දෙන්න වෙනව 😂 එහෙමයි කියල පොර සැලුනේ නඍ ගායිස් ආයෙ ආයෙ ඇඩ්වෙන්චර්ස් පස්සෙ යන Desire එක ලූක්ගෙ ලේවලම තිබුනනේ 😂✌️. මෙහෙම පොර හැදීවැඩෙද්දි එක දවසක් යනව පොර කැනියොන් එකක් තරනය කරන්න , ඒත් ලූක් කැනියොන් එක Climb කරද්දි පොර අල්ලන් ඉන්න ගලක් බුරැල් වෙලා ලූක්ව වැටෙනව කේව් එකකට , ඒකේ ⁣ඉන්න Womp Rats ල සහ Krayt Dragon ( අපි මැන්ඩලෝරියන් සීරිස් එකේදි දකින්නDin Djarin සහ Cobb Vanth එකතු වෙලා mos Pelgo වලදි මරල දාන දඩ සතා 😏✌️ )කෙනෙක් ගෙන් ලූක් පණ බේරාගන්න සමත් වෙනව . 

>>> ලූක්ට ඕබිවාන් ව පලවෙනි හමුවීම .

ලූක්ට අවුරුදු 12 ක් වගේ වෙද්දි ලූක් සහ Windy කියන යාලුව එක්ක  Dewbacksපිටේ නැගල  (Tatooine වල  හිටිය සත්තු ජාතියක් , ටැටුයීන් වල අය ඩෙවව්බැක්ස් ල හීලෑ කරන් අශ්වයන් ගේ පිටේ නැගල යනව වගේ මුන් පිටේ නැගල එහෙ මෙහෙ ගියා ✌️) Moisture Farms වලින් සෑහෙන්නම  ඈතට ඩෙසර්ට් එකේ රවුමක් දාන්න ගිය වෙලාවක දෙන්නට අකරතැබ්බයක් වෙනව , ඒ තමා දෙන්න සෑන්ඩ්ස්ටෝර්ම් එකකට අහුවෙලා දෙන්නම Unconscious වෙනව ✌️ , ලූක් නැවත නැගිටිද්දි ඒ ආසන්නයේ ඉන්නව Krayt Dragon  කෙනෙක් , මේ වෙලාවෙදි අපේ ඕබි   ඇවිත් ලූක් සහ යාලුවව බේරා ගන්නව , මෙතනදි තමා ලූක්ට අපෙ කෙනොබිව Adoption  එකෙන් පස්සෙ පලවෙනි වතාවට හමු වෙන්නෙ . මෙතනදි ලූක් කෙනොබීගෙන් අහනව කවුද ඔයා කියල ✌️ කෙනොබි මෙතනදි කියන්නෙ තමන්ගෙ නම බෙන් කෙනෝබි සහ තමන් ලූක්ගෙ තාත්තගෙ  පරණ යාලුවෙක් කියල. ඊට පස්සේ ලූක්ව ගෙදරට ඇරලවනව කෙනොබි විසින් ❤💯

මෙහෙම කාලය ගත වෙද්දි ලූක්ගෙ යාලුවො සෙට් එකෙන් බහුතරයක්ම ටැටුයීන් වලින් යනව එයාල⁣ගෙ Dreams Follow  කරන්න , ලූක් මේ කාලය වෙද්දි දැඩි කලකිරිමකින් තමා ඉන්නෙ මොකද  Uncle Owen  ලූක්ට ටැටුයීන් වලින් යන්න  අවස්තාව දෙන්නෙ නැති නිසා . ඇත්තටම  Owen ලොක්කට ඕනි උනේ ලූක් තමන්ගෙ තාත්තගෙ අඩිපාර් යන එක වලක්වන්න  .

 2 BBY වලදී  ⁣වගේ කාලයේදි ලූක් තමන්ගෙ  බාප්පගේ Moisture Farm  එකේ වැඩ කර කර ඉදිද්දි  Aunt Beru කතා කරනව පොරට ගෙදරට එන්න කියල . මෙහෙම ගෙදර ඉද්දි ලූක් දකිනව අපේ කෙනොබි  Dewback  කෙනෙක්ගෙ පිටේ නැගල යනව . මේ වෙලාවෙදි කෙනොබි  අවසන් වතාවට Darh Maul ව පරද්දල  Maul ව පරලෝසැපත් කරල තමා ඉන්නෙ 😂 💯 ( Maul ගෙ අවසන් මොහොතේදි Maul අහනව  “Choosen One ” ව Guard කරනව නේද කියල .ගායිස් අපේ  කෙනොබි ලොක්ක  එතකොට පිලිගන්නව ඒක එහෙම තමා මේ ටැටුයීන් වල ඉන්න පොඩි එක කවදාහරි ගැලැක්සියට පට්ටම සේවයක් කරන , සාමය සතුට ආයෙත් ගැලැක්සිය පුරාවටම තහවුරු කරන ඩයල් එකක් වෙනව කියල .❤

“Tell me…is it the Chosen One?”

“He is.”

“He will avenge us.”

―Maul and Obi-Wan Kenobi’s final conversation, referencing Luke Skywalker 

>> ටැටුයීන් අතෑරල යාම 

 අපි දැන් කලින් කතා කරේ ලූක් ගෙ කතාවෙ මුවීස් සෙට් එකෙන් එහාට කොමික්ස් වල / නවල්ස් වල තියෙන ඒත් මූවි වලට යූස් නොවුනු Phase  එක ගැනනේ . අපි දන්නව ලූක් ටැටුයීන් අතෑරල ඕබිවාන් එක්ක ලූක්ගෙ ලයිෆ් එකේ අලුත්ම පරිච්ඡේදයක් ගත කරන්න යනෝ කියල . 😉 ඒ වගේම මේකට හේතුවක් වෙන්නෙ 0 BBY වලදි ලුක්ගෙ බාප්ප වෙන Owen  විසින්  ලෙජන්ඩරි  Astromech Droid කෙනෙක් වෙන R2D2 වයි , ඇනකින් නිර්මාණය කරපු ගෝල්ඩ් කලර්  Protocol Droid වෙන C-3PO වයි මිලට ගනිපු එක 😉 එතනින් එහාට ලූක් ගෙ ලයිෆ් එක වෙනම පැත්තකට යනව සහ ලූක්ට පුලුවන් වෙනව තමන්ගෙ තාත්තගෙ අඩි පාරෙ ගිහින් තාත්ත වගේ ඩාක් සයිඩ් එකට ඇදිල නොගියහින් ගැලැක්සියට මාරම සේවයක් කරන්න ❤💯 

ලූක් අලුත් පරිච්ඡේදයකට පා තියනව  එක්කම තමන්ගෙ ලමා කා⁣ලයත් අවසන් වෙනව ❤😉 ලූක් අලුත් පරිච්ඡේදයකට යනව එක්කම අපිත් මේ ලිපිය මෙතනින් ඉවර කරමු 😉❤🤣 එහෙනම් ගායිස් තව ලිපියකින් ආයෙම සෙට් වෙමු ❤

තව මේ වගේ එක එක Franchises ගැන  ලිපි කියවන්න අපේ Hype Zone  page එකටත් සෙට් වෙන්න.

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්න ,සෙට් වෙන්න අපේ hypezone youtube chanel එකට https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ  අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න .ඔයාලට අනිත් අයය හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකෙන් සෙට් වෙනවා 😉 .එහෙනම් මේ link එකෙන් buy me a coffee  එකට සෙට් වෙන්න❤ https://www.buymeacoffee.com/hypelk

ඒ වගේම Stay Safe… Stay Hype ..

Leave a Reply