You are currently viewing මැන්ඩලෝරියාවේ වතගොත : Origins of Mandalorians.

මැන්ඩලෝරියාවේ වතගොත : Origins of Mandalorians.

ඕන්න ගායිස් අයෙත් ආවා ⁣අපේ ස්ටාර්වෝස් ෆෑන්ල සෙට් එක කැමතිම ටොපික් එකක් ගැන අපේ Road To may the Fourth  Campaign එක ඇතුලෙදි  පොඩ්ඩක් කතා කරන්න 😉 ඔව් ඔව් ආට්වර්ක් එක දකිද්දීම සෙට් එක දන්නව කතා කරන්ඩ යන ටොපික් එක ගැන 😍 

 එහෙනම් කෙලින්ම  අපි බහිමු ටොපික් එකට ..

Mandalorians  ,  එහෙමත් නැත්තම් බෑඩෑස් ආමර් එකක් දාන් අඩෝ වලි නම් වලි සීන් එකෙන් බැහැල මරාගන්ඩම කැමති ⁣මේ සෙට් එකේ Orgin එක සහ History  එක ගැන අද අපි කතා කරමු ❤️

ගායිස් මේ මැන්ඩලෝරියන්ල කියන්නෙ Common  Culture එකක් ,Creed එකක් සහ Code එකක්  අනුගමනය කරපු සෙට් එකක් . මෙයාලා Orginate  වෙලා තියෙන්නෙ ස්ටාර්වෝස් යුනිවර්ස් එකේ අපි කතා කරන ගැලැක්සියෙ  Outer Rim Territories වල තිබුනු  Mandalore කියල ප්ලැනට් එකේ ( මේ ප්ලැනට් එක අයත් උන Sector එක Mandalore Sector එක  විදියටත්  System  එක Mandalore විදියටත් අපි හදුන්වනව )😉 මේ  මැන්ඩෝල සෙට් එකට  Galactic History  එ⁣කේ මාර Important  Role  එකක් තියේ ජෙඩායිල සෙට් එකට උනත් විරුද්ධව වැඩ කරපු ලෙජන්ඩරි වොරියර්ස්ල නිසා 😉 

“The Mandalorians have endured war since before the formation of the Republic.”

―Fenn Rau

අපි මේ කතා කරපු Outer Rim එකේ තිබ්බ මෙයාලගෙ Homeworld  එකෙන් එහෙමත්  නැත්තම්  Planet  Mandalore වලින් එහාට ගැලැක්සියෙ තිබුනු Kelevala , Krownest , Concord Dawn වගේ Worlds වලත් මෙයාල Colonize  වෙලා මැන්ඩලෝරියන්  Species  එක ගැලැක්සිය පුරා විවිධ  Planet වල මෙයාලගේ legacy එක සනිටුහන් කරනව ( අපිට මේකට මැන්ඩලෝරියන්ලගේ crusaders’ expansion එක කියල කියන්න පුලුවන්  මේකදි සමහර ග්‍රහලෝක ආක්‍රමණය කිරීම සිදුවුනා , ඇනිවෙ හිතුවද මේ සෙට් එක දැහෙමෙන් සෙමෙන් ලෙගසි එක සනිටුහන් කරයි කියල : මොන්ගල් ද ඩාලිං 😂👋 ⁣⁣මේ ආක්‍රමණයට සහබාගී උන මැන්ඩෝල ට අපි කියනව Crusaders ල කියල මේකට හේතුව උනේ මේ සෙට් එක Swords තියන්හිටිය නිසා ) 😉 ඒවගේම මේ සෙට් එක තමන්ගෙ legacy එක තියන ගමන්  ගැලැක්සියෙ බොහොමයක් මේ සෙට් එකට බය කරන් හිටියෙහ මොකද මේ සෙට් එකෙගෙ mercenaries සහ bountyhunters ල විදියට තියන් හිටිය Reputation  එක නිසා . මේ සෙට් එක වලියට බරයි කියලත් දන්නවනේ කස්ටිය  😉 ඒ වගේම රිපබ්ලික් එක ගැනත් වැඩිපුර හිතන්නෙ නැතුව තමන්ගෙ වැඩේ තමන්⁣ට ඕනි විදියට කරපු සෙට් එකක් කියලත් කියන්න පුලුවන් . මේ වැඩ නිසාම ජෙඩායිල එක්කත් වලි ඇදෙන්න ගත්ත මොකද ජෙඩායිල ඉන්නෙ ගැලැක්සියෙ සාමය පවත්වා ගෙන යන්නනේ 😉

“I know that these commandos fought in many wars, often against the Jedi.”

―Obi-Wan Kenobi

දැන් අපි කතා කරමු මේ අයගේ ඉතිහාසයේ වැදගත් කාලයක් ගැන , ඒ තමා ජෙඩායිල සහ මැන්ඩොල අතර සිදුවුන යුද්දය 

මේ යුද්දය ඇති වෙන්න හේතුවක් තමා මැන්ඩොල සිදුකරන් ගිය crusaders’ expansion  එකේදි සිදුවන විවිද ක්‍රියා උදාහරණ විදියට ග්‍රහලෝක ආක්‍රමණය වගේ දේවල් කියන්න පුලුවන් . මේ Mandalorian -Jedi යුද්දය සැහෙන කාලයක්  ගිය යුද්දයක් ( genarations -long conflicts  )මෙකෙදි පොඩි පොඩි වලි වගේම දඩ වලි ත් ආයෙ නිකං Cold war එක වගේ තිබුන කාලයනුත් තිබිල තියේ 😉 දැන් මම කිව්වනේ මේ යුද්දය ඇති වෙන්න හේතූන් , මේ නිසා ජෙඩායි ල එනව මෙයාල එක්ක ගහගන්න මුලදි ජෙඩායිලගෙ force  and power  එක නිසා මැන්ඩොල  surprised  වෙනව  මොකද මැන්ඩලෝරියන්ල මේ වගේ අමුතු ස්කිල් තියෙන සෙට් එකක් එක්ක සටන් කරල තිබුන නැති නිසා. මේ නිසා මැන්ඩලෝරියන්ල ජෙඩායිලට විරුද්ධව සටන් කරන්න  මැන්ඩලෝරියන්  Technology  එකේ major Advancements  කරනව   සහ එයාලගේ arsenal  එක සහ කොම්බැට් ස්කිල්ස් යූස් කරල Fighting Style එකක් develop  කරනව ජෙඩායිලට හොද Challenge  එකක් දෙන්න   😉 ⁣මේ Technological  Advancements  වලට අපිට ගන්න පුලුවන්  mandalorian weapons  සහ සුවිශේෂීම දෙයක් වෙන mandalorian armors ( මේ  Crusaders ල මුලදි cloaks and helmets  සහ Swords තමා පාවිච්චි කරල තියෙන්නෙ ) දැන් මම කිව්ව මැන්ඩෝලගේ   අලුත් ⁣Technology Advancements එක්ක ⁣මැන්ඩොලට පුලුවන් වෙනව Reputation  එකක් ගන්න Jedi ලත් පරාජය කරන්න පුලුවන් පිරිසක් විදියට , ⁣මේ ජෙඩායිල සහ මැන්ඩලෝරියන්ල අතර  පොඩි පොඩි conflicts  ඇදිඇදී යනව Clone wars Era එක වෙනකන්  😉 ඒ වගේම කියන්න ඕනි මේ කාලය තුල හැම වෙලාවෙම මේ දෙගොල්ල මරා ගත්තෙ.නෑ 😉 සමහර කාලයන් ආවා නිකං සටන් විරාම සාම කාල වගේ 😉😂 මේකට හොඳම උදාහරණය තමා Mandalorian  force sensitive  youngling කෙනෙක් උනු  Tarre Vizla ජෙඩායි order එකට එකතු වීම. මෙයා තමා Jedi order එකට බැඳුනු පලවෙනි සහ අවසන් Mandalorian ඒ වගේම මෙයා තමා අපි ආදරය කරන  starwars universe  එකේ තියෙන Unique  ම lightsaber  එක වෙන Darksaber එකේ නිර්මාතෘවරයා වෙන්නෙ . Tarre Vizla පසු කාලීනව “Mand’alor” එහෙමත් නැත්තම්  Sole Rulers of Mandalore  වෙනව (මෙතනින් ට්‍රැඩිශන් එකක් එනව ඩාක්සේබර් එක Vield කරන පුද්ගලයා මැන්ඩලෝර් වල Sole Ruler වෙන්න ඕනි කියල ) Terre Vizla  ගෙ මරනයෙන් පසුව  මේ ඩාක් සේබර් එක ජෙඩායිල Recover  කරන් Coruscant වල Jedi Temple එකේ තියනව , ඒත් Old republic  එකේ අන්තිම කාලයේදි මේ ⁣ඩාක් සේබර් එක Terre Vizla ගෙ  Family  එක වෙන  House Vizla  විසින් Jedi temple  එක ආක්‍රමණය කරල මේ ඩාක් සේබර් එක ලබා ගන්නව House Vizla  යටතේ මැන්ඩලෝර් පාලනය කරන්න 😉

⁣දැන් House Vizla  වල සාමාජිකයන් ටික ඩාක් සේබර් එක ලබා ගත්තෙ මැන්ඩලෝර් පාලනය කරන්නනේ , ඒත් මැන්ඩලෝර් වල යුද්දයන්  තවදුරටත් පැවැත් උනා  මැන්ඩලෝරියන්ල , මැන්ඩලෝරියන්ල අතර සහ  ⁣ජෙඩායිල සහ මැන්ඩලෝරියන්ල අතරත් . ⁣මැන්ඩලෝරියන්ල සහ ජෙඩායිල අතර අවසන් යුද්දය නිසා මැන්ඩලෝර් වල Cataclysmic Event එකක් සිදුවෙලා මැන්ඩලෝර් වලට විශාල හානියක් සිදුවෙනව .මේ නිසා මැන්ඩලෝර් වල Surface එකේ ජීවය විශාල වශයෙන් නැති වෙලා lifeless , white desert  එකක් බවට පත් වෙනව 🙂 මේ සිදුවී⁣මෙන් පසුව මැන්ඩලෝරියන් සහ ජෙඩායිල අතර යුද්දය අවසන් වෙනව ඒ වගේම මැන්ඩෝලගේ Expansion  dream  එකටත් තිතක් තියමින් .(ඒත් පොඩි පොඩි සිද්දීන් වෙනව දෙපිරිස අතර නමුත් යුද්දයක් තරමට දෙයක් සිදුවෙන්නෙ නෑ 😉 මතට තිත තිබ්බ වගේ තමා එක රටක 😅)

“Once upon a time, these plains were covered with grass, but I never saw it. This destruction happened before I was born.”

―Sabine Wren 

දැන් කිව්වනේ මැන්ඩලෝර් තනිකරම කාන්තාරේ වගේ උනා කියල , ඒත් මේ මැන්ඩලෝරියන් ල සැලෙනවද ? නෑ හිතවතුනි 😂👋 මේ සෙට් එක mandalore වල surface  එකේ තිබ්බ   unhabitable conditions  වලට Adapt  වෙනව Mandalore Abandon කරන්නේ නැතුව  Sealed Dome cities  නිර්මාණය කරනව මෙයාලගෙ කැපිටල් එක වෙන Sundari ⁣වගේ 😉 සුන්දරී නෙවෙ ගායිස් සන්ඩාරි 😂👋 ඒ වගේම සමහර  Mandalorian Clans  Mandalore Sector  එකේ තිබුනු වෙනත් ග්‍රහලෝකත් තෝරා ගන්නව ජීවත් වෙන්න  ( උදාහරණ විදියට  Clan Wren  Krownest කියන Snow planet  එකත් Protectors  විදියට හදුන්වන සෙට් එක Concord Dawn  කියන උපග්‍රහය මත Base එකක් නිර්මාණය කිරීම  දක්වන්න පුලුවන් )

ඒ වගේම මේ කාලයෙදී New Galactic republic  එක establish  වෙනව ගායිස් , මැන්ඩලෝරියන්ල  මැන්ඩලෝර් සෙක්ටර් ⁣එකේ Isolated  වෙලා ඉන්නව තමන්ගෙ Warrior ways සහ conquest  කිරීමේ ආශාවනුත් තියාගෙනම 😍

“Master Kenobi, Mandalore’s violent past is behind us. All of our warriors were exiled to our moon, Concordia. They died out years ago.”

―Prime Minister Almec

මීළගට එන කාලය තමා මැන්ඩලෝර් වල ටිකක් සාමකාමි කාලයක් එන්න මඟපාදන්නෙ ✌️ high republic කාලය වෙද්දි මැන්ඩලෝරියන්ල සෙට් එක සාපෙක්ශව සැහෙන්න peaceful වෙනව ✌️  peace out homies 😂✌️

 the invasion of naboo ( 32 bby , master Qui-Gon Jinn මිය යන කාලය වගේ වෙද්දි  එහෙමත් නැත්තම්  SW :Phantom menace කාලය ) සිදුවෙලා ටික කාලයට පසුව මැන්ඩලෝරියන් ල අතරේම  ⁣Conflict එකක් සිදුවෙනව . අපි මේක හඳුන්වනවා Mandalorian Civil War එක විදියට .

මේ සිවිල් වෝ එක ඇති වෙන්නෙ හේතුව වෙන්නෙ සාමකාමීමතයක් දරපු New Mandalorians  අතර සහ මැන්ඩලෝර් වල හිටිය අර Warrior type එක සහ ට්‍රැඩිශන්ස් ඒවිදියටම අගය කරපු martial traditionalist  ල අතර වුනු සිද්දීන් .New  mandalorians ලව Lead කරේ අපි දන්න Satine Kryze  විසින් තව මේ සයිඩ් එකට concord dawn වල හිටිය protectors ලත් සහය දක්වනව ( මේ Protectors  ල සෙට් එක ගැලැටික් රිපබ්ලික් එකේ Clone Troopers ල Training වලට දායකත්වය සපයනව), මේ සෙට් එක උත්සාහ කරේ අර වලිබර මැන්ඩලෝරියන් Culture  එකක් වෙනුවට සාමකාමී පිලිවෙත අගය කරන Culture  එකක් නිර්මාණය කරන්න .

මේ නිසා මේ දෙපිරිස අතර ගැටුම් ඇති වුනා . මේ ගැටුම් වලදි ජෙඩායිල  new mandalorian ලගේ සහයට එකතු වෙනව . මේ යුද්දයේ අවසාන ප්‍රතිඵල විදියට  මැන්ඩලෝර් වල නව යුගයක් උදා වෙනව Satine Kryze  මැන්ඩලෝර් වල ආදිපාදවරිය ලෙස පාලනය අතට ගනිමින් . ඒ වගේම  warrior clans ටික Concordia  වලට පිටුවහල් කිරීම සිදුවෙනව . මේ Clan වලින් පිරිසක්  Death Watch කියල පත් වෙලා උත්සාහ කරනව නව රජයට විරුද්ධව විවිදාකරයේ කුමන්ත්‍රණ සිදුකරනව තවත් පිරිසක්  Old mandalorian  කියන නමින් හදුන්වගෙන concordia  වලින් පිට වෙලා ගැලැක්සියෙ වෙනත් Parts වල resettle වෙනව . මේ සෙට් එක Private Mercenaries  ල විදියට වැඩ කරන්න ගන්නව  .

Satine Kryze  නැවත මැන්ඩලෝර්  Rebuilt  කරන්න ගන්නව .මේ යුද්දය නිසා වුනු මරන ප්‍රමාණය සැලකියයුතු අගයක් වුනු නිසා Satine  ප්‍රචණ්ඩත්වය පෙන්න බැරි පුද්ගලයෙක් බවට පත්  වෙනව . ඒ වගේම මැන්ඩලෝර්  සාමවාදී සහ ප්‍රජාතන්ත්‍රවාදී  තැනක් බවට පත් වෙනව මේ නිසා Ruling council  එකක් නිර්මාණය වෙනව ministers ල කිහිපදෙනකුගේ එකතුවෙන් Prime Minister  කෙනෙක් යටතේ පාලනය වෙන .  ⁣Satine Kryze ගේ පාලනය තුල මැන්ඩලෝර්  prospered සහ modern and peaceful society  එකක් තියෙන තැනක් බවට පත් වෙනව 😍 ඒ වගේම මේ රජය පසුව Galactic Republic  එකටත් Join වෙනව 

ඒ වගේම Jango Fett  කියන Mandalorian රිපබ්ලික් එකේ අවසන් කාලය තුල  හිටිය හොදම Bounty Hunter  කියල පිලිගත්ත 😏 ඒ වගේම republic එකේ  අන්තිම කාලයේදිනේ Clone wars ඇති වෙන්නෙ ගායිස් , මේ කාල⁣ය වෙද්දි මැන්ඩලෝර් කියන්නෙ සැහෙන දියුනු උනු සහ සාමකාමි තැනක් . ආහ් තව පොඩි දෙයක් ….Clone wars වලදි මැන්ඩලෝර්  Neutral  විදියට හිටිය සහ අපේ සටීන් මේ කාලයේදි ඇතිවෙන  Council of Neutral Systems වල leader  බවටත් පත් වෙනව . මේ Council  එකට Clone wars වලදි Conflict  එකේදි කිසි පැත්තකට සහය නොදැක්වූ star systems 1500 කින් සමන්විත වුනා ❤️😍✌️

අර අපි කලින් කතා කරපු Death watch  එක මේ සාමකාමී පිලිවෙතට එරෙහිව විවිදාකරයේ කුමන්ත්‍රණයන් සිදුකරන්න ගන්නව 😑 මේ සෙට් එක ඉන්නෙ දැන් Concordia  වලනේ මේකේ Governor  විදියට දැන් ඉන්නෙ Pre Vizla  ( ඩාක්සේබර් එක නිර්මාණය කරපු Terre Vizla ගෙ පරම්පරාවෙ කෙනෙක් මෙයා , මේ ඩෑල් එකත් පැරණි මැන්ඩලෝරියන් Culture එක අගය කරන කෙනෙක්  ) මෙයත් new mandalorians ලට හොරෙන් death watch එකේ  නායකයා බවට පත් වෙනව. මේ death watch  එකේ ඉන්නව සටීන්ගෙ සහෝදරී වෙන Bo-katan Kryze  (මෙයා නායකත්වය දරනව Nite Owls කියන Elite Female Warrior  group  එකට ) මේ සෙට් එක අර new mandalorian  ලට එ⁣රෙහිව මැන්ඩලෝර් වල විවිධ terrorist acts සිදුකරමින් , ඒ වගේම Count Dooku සමග එකතු වෙලා විවිදාකරයේ කුමන්ත්‍රණය කරනව ගායිස් 🙂මේ සෙට් එකගේ උත්සාහය තමා නැවතත් මැන්ඩලෝර් වල අර පැරණි වලිබර , ප්‍රචණ්ඩකාරී පිලිවෙත අගය කරන පිරිසක් ඇති කරන එක 🙂😑 මෙයාල සාමකාමි බව වීක්නස් එකක් විදියට පිලිගන්න පිරිසක් නේ 😑

“Listen, Duchess. Do you hear the people? They cry out for change. Your weak-minded rule of Mandalore is at an end. The resurrection of our warrior past is about to begin!”

―Pre Vizsla, to Satine Kryze

දැන් මේ සෙට් එක Darth Maul  සමඟ එකතු වෙලා  Shadow Collective aka the Syndicate  එක  කියන Criminal Organization නිර්මාණය කරල ඒකට  එකතු වෙනව මැන්ඩලෝර් වල පාලනය අතට ගන්න ක්‍රමයක් හොයාගන්ඩ ( මේ Syndicate  එකේ හිටිය darth maul , Savage Opress ,Mother Talzin Pre vizla  වගේ දඩ විලන් ටයිප් එකේ ඩයලස් ඒ වගේම මේ Shadow Collective aka Syndicate  එක ගැනත් ලඟදිම ලිපියක් ගෙන්න ⁣පොරොන්දු වෙනව මම 😏😉). මේ කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් විදියට death watch  එක සහ darth maul එකතු වෙලා mandalore ආක්‍රමණය කරල සටීන්ව  අත්අඩංගුවට ගන්නව . ආහ් මේ වෙද්දි අපේ ඕබීවන් ඉන්නෙ මැන්ඩලෝර් වල සටීන්ට හෙල්ප් කරන්න ( මොකද ඕබියි  සටීනුයි අතරේ පොඩි හුටපටයක් තිබුන ගායිස්  , ඕබී පැඩවාන් කාලේ සටීන්ට ලව් සීන් එකක් තිබ්බෙ 😂 මේ ගැන මම සටීන් ගැන ලිව්ව ලිපියෙ ⁣Explain කරා ගැල්ස් ඇන්ඩ් බෝයිස්  , ලින්ක් එක දාන්නම් පහලින් මම ඒ ලිපියෙ 😏✌️

 “I’ve loved you from the moment you came to my aid all those years ago.” […]

“Had you said the word, I would have left the Jedi Order.” 🙂🥺)  දැන් Maul ඉන්නෙත් ඩෙත්වොච් එක එක්ක⁣  සෙට් වෙලා කියල කියල කිව්වනේ 

දැන් සටීන්ව අල්ලගෙන මැන්ඩලෝර් වල පාලනය අතට ගන්නවනේ  death watch  එක සහ Maul  ඇතුලු සෙට් එක නමුත් ඩෙත් චොල් එකේ නායකයා වෙන Pre vizla  Maul ට Betray    වෙනව  මේ නිසා Pre vizla ව මරල දානව maul දැන් පොරට ඩාක්සේබර් එකත් අයිති වෙනව සමඟම මැන්ඩලෝර් වල පාලනයට අයිතියත් ලැබෙනව සහ ඩෙත් වොච් එකේත් නායකත්වය ලැබෙනව . මේ එක්කම කලින් ඩෙත් වොච් එක එක්ක හිටිය bo-katan  ඇතුලු පිරිස ඩෙත්වොච් එකෙන් කැඩිල ගිහින් Mandalore Resistance  කියල ගෘප් එකක් හැදෙනව .

ඒ වගේම ගායිස් Darth Maul  ට උවමනාව තියෙ ඕබිගෙන් පලිගන්න පොරට කරපු දේට ( Phantom Menace එකේදී Maul ව දෙකට කපනවනේ 😂 ඒ කාලෙ ඉදන් මේ මැන්ඩලෝර් ආක්‍රමණය කිරීම වෙනකං  පොර නොමැරි මාර කට්ටක් කනව . තනිකරම  Suffering  කිරිල්ලක් තමා naboo invasion  එක සිදුවන කාලයේ සිට මේ දක්වාම )ඕබිටත් ඔනී සටීන්ව බේරගන්න  නමුත් Maul ඕබිගෙන් පලාගන්න කරන දේ තමා ඕබි ආදරය කරපු කෙනෙක්ව මරල දාන එක ඕබි ඉදිරිපිම  💔🥺 . ඔවු ඒ සටීන් ක්‍රයිස් තමා ගායිස් 🙂😑 ⁣ඉන් පසුව ඔබී Escape වෙලා රිටර්න් වෙලා ගැලැටික් රිපබ්ලික් එකට Inform කරනව සිදුවන දේ 🙂 මේ එක්කම සුප්‍රීම් චාන්ස්ලර් ශිව් පැල්පටීන් Aka Darth sidious  විසින් Darth maul  කැප්චර් කරල සිරගත කරනව Stygeon Prime කියන ප්ලැනට් එකේ නමුත් ඩෙත් වොච් එකේ හිටිය mandalorian super Commandos ල සෙට් එක පොරව හිරෙන් පන්නගන්නව . ඒ වගේම මේ එක්කම පොරට මැන්ඩලෝර් වල තිබිබ පාලනයත් බිඳවැටීල යනව . ඒ වගේම Separatist  Attack  එකක් සිදුවෙනව මැන්ඩලෝර් වලට අපි මේක හදුන්වනව  The Siege of Mandalore කියන නමින් .(  just a fact : මේ ඇටෑක් එක එක්කම තමා Clone wars ඉවර වෙලා Emperor  බලයට පත් වෙන්නෙ ගායිස් .මේ ඇටෑක් එක කරන්නෙත් එම්පයර් ගේ ප්ලැන් එකක් විදියට 😉අනිව ස්ටාර්වෝස් ෆෑන්ස්ල එකඟවෙයි මේ කාලෙ හිටිය  දඩම strategist mind එක Sheev Palpetine   කියල පොර කරපු කිසිම දෙයක් හරියට ජෙඩායි  Council  එකටවත් තේරුම් ගන්න බැරිඋනානේ .🙂😑) මේ Siege  එකට පසුව මැන්ඩලෝර් වල පාලකයා විදියට පත් වුනේ Bo-katan Kryze . ඒවගේම මෙයා එම්පරර් ව Follow  කරන්න අකමැති උන නිසා මැන්ඩලෝර් වල පාලනය Clan   Saxon  එකට අයත් වෙනව .

“He’s the Emperor’s Hand, the acting ruler and governor of Mandalore.”

―Tristan Wren, on Gar Saxon

දැන් කතා කරමු Age of the Empire  ( නෑ නෑ ගේම් එක නෙවෙ 😂✌️) තුල මැන්ඩලෝරියන්ල අතර සිදුවුන ප්‍රධාන සිද්දීන් කිහිපයක් ගැන . මැන්ඩලෝර්  Empirial  Occupation  එකට පසුව  Fenn Rau ඇතුලු Protectors  ල සෙට් එක third moon of concord dawn  වල බේස් එකක් නිර්මාණය කරගන්නව . මේ සෙට් එකට එම්පයර් එකෙන් Payments සෙට් වෙනව Mandalore System  එක Protect  කරන එකට .ඒ වගේම මැන්ඩලෝර් මේ වෙද්දි Imperial Viceroy  of Mandalore වෙන Gar Saxon  යටතේ පාලනය සිදුවෙනව . ඒ වගේම මැන්ඩලෝරියන් ල සෙට් එකක් Imperial Military  එකට සෙට් වෙනව Imperial Super Commandos ල විදියට . 2 BBY වලදි මේ Gar Saxon  සහ පොරගෙ Imperial super  Commandos  ල ටික අර  Protectors  ලට ඇටෑක් කරනව . මේකේ ප්‍රතිඵලයක් විදියට  Protectors ලගේ නායකත්වය දරපු Fenn Rau  Rebelion  එකට සෙට් වෙන්න තීරනය කරනව . මීට අවුරුද්දකට පමන පසුව Sabine wren  විසින් ඩාක් සේබර් එක ඩොතමීර් කියන ප්ලැනට් එකේදි අත්පත් කරගන්නව 😍 මෙයා starwars :Rebels  සිරීස් එකේ ඉන්න කෙනා තමා 😍❤️  මේයා ඩාක්සේබර් එක යුස් කරන්න පුරුදු වෙනව Kanan Jarrus කියන jedi ත් එක්ක. (මේ සෙට් එක අපි හදුන්වනව  Phoenix Squadron  කියල ) සබීන් ගෙ training  වලට පස්සෙ මේ  සබීන් , කේනන් , Fenn Rau සහ Jedi Padawan  Ezra Bridger යනව Clan Wren එක හිටිය Krownest  කියන ප්ලැනට් එකට ඒ සබීන්ගේ මව වෙන Ursa Wren ව Rebellion  එකට ජොයින් කරගන්න බලාපොරොත්තුව මත . නමුත් ඇගේ මව කරන්නෙ මේ සෙට් එකේ Jedis ලව සහ ඩාක්සේබර් එක Gar Saxon  ට බාර දෙන එක . නමුත් Gar Saxon  කරන්නෙ Clan wren  එක එම්පරර් එකේ එනෙමිස්ල විදියට නම් කරන එක . මෙතනදි වලියක් යනව clan wren සහ saxon  අතර මෙතනදි saxon try කරනව සබින්ගෙ මව ⁣ඩාක්සේබර් එක යුස් එකල මරන්න බට් සබීන් එස්රාගෙ ලයිට්සේබර් එක අරන් සමත් වෙනව Gar Saxon එක්ක Fight  කරන්න ⁣. මෙතනදි ඇය සමත් වෙනව Saxon  ව පරද්දන්න ගාය්ස් 😍  නමුත් සැක්සන් ට්‍රයි කරනව සබීන්ට Shoot කරන්න නමුත් ursa wren ඔහුව මරා දානව . ඒ වගේම සබීන් ඇගෙ මවත් එක්ක ඉන්න තීරනය කරනව ⁣⁣ඩාක් සේබ්ර් එක නියම අයිතිකාරයෙක්ව හොයන් ලබා දෙන අරමුණින්.

 1BBY වලදි වගේ මැන්ඩලෝර් මතදී Clan Saxon සහ එම්පයර් එකට විරුද්ධව සටන් කරනව Clan Wren එක මේ වේද්දි මේ සෙට් එකට සෙට් වෙනව Lady Bo-katan ඇතුලු Clan Kryze , Clan Vizla ,clan Rook , Clan Elder වගේ ක්ලෑන්ස් . මේ සෙට් එක එම්පයර් එකට විරුද්ධව සටන් කරනව මැන්ඩලෝර් බේර ගන්න  ඒ වගේම ⁣සබීන් ඩාක්සේබර් එක බෝ කටාන්ට බාර දෙන්න ගියත් ඇය ප්‍රතික්ෂේප කරනව මොකට ඇය විස්වාස කරනව ඇගෙ සහෝදරී තරම් තමන් නායකත්වය දරන්න සුදුසු නැතියි කියල 🙂  මේ සෙට් එක කොහොම හරි මැන්ඩලෝර් වල පාලනය අතට ගන්නව . මේ බැට්ල් එකට පසුව බෝ කටාන්ට නැතව ඩාක්සේබර් එක බාර දෙද්දි ඇය බාරගන්නව ඩාක්සේබර් එක 😍 ඒවගේම ඇයට The Vizlas , Rooks , Elders සහ Protectors ල ⁣සහය දක්වන්න තීරණය කල නිසා ඇය මැන්ඩලෝර් වල නව පාලිකාව විදියට පත් වෙනව . නමුත් ඇගේ පාලන කාලය වැඩි කාලයක් තියෙන්නෙ නෑ මොකද Empire විසින්   The  Great Purge  එක ආරම්භ කරනව මැන්ඩලෝර් වලට එ⁣රෙහිව ( the great purge කියන්නෙ ගායිස් එම්පයර් එක මැන්ඩලෝරියන්ලට විරුද්ධව සිදුවන  Event එකක් , මෙකේ ප්‍රතිඵල විදියට එම්පයර් එකෙන් Beskar අයත් කරගත්ත එක, ඩාක් සේබර් එක Moff Gideon  අතට පත් වීම සහ මැන්ඩලෝරියන්ලගෙන් බහුතරයක් මරණයට පත්වෙලා මැන්ඩලෝරියන් ලට රහසේ කටයුතු කරන්න සිදුවන එක කියන්න පුලුවන් ) ඒ වගේම  මේ එම්පයර් ඒරා එකේදි ⁣අපි ආදරය කරපු බොබා ෆෙට් මැන්ඩලෝරියන් ලෙගසි එක රැකගනිමින් Bounty Hunter  කෙනෙක් විදියට කටයුතු කරා . 

 මිට ටික කාලයකට පස්සෙ තමා අපි පට්ටම විදියට ආදරය කරපු Grogu  සහ Din Djarin  ගේ ජර්නිඑක පටන් ගන්නේ 😍 ඒ වෙද්දි මැන්ඩො කෙනෙක් හොයාගන්න එක කලුනික හොයනව වගේ පට්ට අමාරු වැඩක් උනා .

“If I can locate another of my kind, I can chart a path through the network of coverts.”

“You’ve been the only Mando here for years from what I can tell.”

―Din Djarin and Peli Motto

සර්වයිව් වුන අයත් හැගිල  ඉදල තමා සර්වයිව්  උනේ , එහෙමත් කෙනෙක් තමා එලියට බැස්සෙත් 🙂 මේ Grogu and Din Djarin  දෙන්නගේ Journey එක අතරතුර දි අපි දකිනවනේ Nevarro වල එක ට්‍රයිබ් එකක් පොලව යට හැංගිල ඉන්නව කියල . මේ සෙට් එකෙත් බහුතරය Moff Gideon  ප්‍රමුඛ සෙට් එක විසින් මරල දා⁣නවනේ Din Djarin  ට Grogu  එක්ක පැනල යන්ඩ හෙල්ප් කරපු  නිසා .මෙතනින් බේ⁣රෙන්නෙ the Armorer  විතරයි මෙයා පස්සෙ Din Djarin’s clan එක ඇති කරනව පොර නැවත Nevarro  වලට රිටන් උනායින් පසුව ✌️ ඒ වගේම මේ වෙද්දි bo-katan සහ ඇගේ Followers ල දෙදෙනෙක්  Trask වලදි Imperial Shipments  highjack  කරමින් ඉන්⁣න කාලයක් . මෙයාල බලාපොරොත්තු වෙන්නෙ මේ Shipments use කරල නැවත මැන්ඩලෝර්  අයත් කරගන්න සහ ඩාක්සේබර් එකේ location  එකක් දැන ගන්න  . ඒ වගේම මෙතනදී Din Djarin  මෙයාලට හෙල්ප් කරනව පොරට Jedi කෙනෙක් හොයාගන්න  උදව් කරන එකට ප්‍රතිඋපකාර විදියට මේ සෙට් එකට පුලුවන් වෙනව මේතන තිබුනු Cargo Cruiser  එකක් අල්ල ගන්න .නමුත් ⁣මෙයාලට දැනගන් වෙන්නැ Darksaber  එක තියෙන තැනක් 😏

නමුත් පසුව මේ සෙට් එකට හමු වෙනව Moff Gideonගේ Light cruiser එකට ඇතුලු වෙන්න Djarin  ට ඕනි වුනාම ( මෙකට bobba fett , Fennec Shand ,Carasynthia Dune හෙමත් එකතු වෙනව මෙතනදි ග්‍රෝගුව මොෆ් ගිඩියන් ගෙන් බේරාගන්න එක තමා ඕනි උනේ මුලිකව) ග්‍රෝගු කියන්නෙ නිකං Djarin  ගේ පුතා වගේ උනානේ පොරට 😍

“Moff Gideon, you have something I want. You may think you have some idea what you’re in possession of, but you do not. Soon, he will be back with me. He means more to me than you will ever know.”

―Din Djarin 

 මේ සෙට් එකට පුලුවන් වෙනවනේ ගායිස් මේ ලයිට් කෘසර් එක අත්පත් කරගන්න සහ ග්‍රෝගුව බේරාගන්න . එතනදි Djarin  විසින් Gideon  ගෙන් Dark සේබර් එක ලබා ගන්නව බට් ඒක Bo-katan ට දෙන්න ගියත් ⁣ඇය ඒක ලබාගැනීම ප්‍රතික්ෂේප කරනව . මෙතනින් අපි මැන්ඩලෝරියන්ල ගැන දන්න කතාව නවතිනව මොකද තව Story  එක තව Tv series  වලින් කන්ටිනියු වෙන්න තියෙන නිසා 😏 යන්තම් ඇති කියල කස්ටිය හිතනව ඇති 😂මොකද කියවනව කියවනව ඉවරයක් නේනේ මේ ලිපිය 😂✌️ ලියන මමත් මේක හිතුව ලාවට 😂 මොකද Essay  ලියද්දි හරියටම වචන ගානින් තවත්තපු ඩෑල් එකක් නිසා 😂😉 මේ ස්ටොරිය  Book of Bobba Fett වලින් අනිව කන්ටිනියු වෙයි අපි මැන්ඩලෝරියන්  Season Finale එකේදි අපි දකිනව පොර අන්තිමට  Jabba Hutt ගේ Palace එකට ගිහින් Bib Fortuna ව මරල දාල පොර Throne එකේ වාඩිවෙනව ❤️ 😍( පොර ගැනත් ලිපියක් දෙන්නම් මොකද පොර ගැන පොඩියට ලියල බෑ දඩ එකෙන්ම දෙන්න ඕනි නිසා 😍)

හෝව් හෝව් පොඩ්ඩක් ඉන්ඩ මොනාහරි අමතක උනා වගේ දැනේනව 😂😉 ආහ් මට අමතක උනා  මැන්ඩලෝරියන්  Society  එක සහ Culture  එක ගැන පොඩ්ඩක් හරි කතා කරන්ඩ

“We are a people of tradition.”

―Satine Kryze

මේ සෙට් එක ට්‍රැඩිශන්ස් අගය කරා කියල කිව්⁣වනේ ගායිස් මම , මෙයාල Combats  කියන එක මැන්ඩො කල්චර් එකේ Cornerstone  එකක් විදියට තිබුනු දෙයක් , ඒවගේම මෙයාල strong code  of honor  යූස් කරා උදාහරණයක් විදියට  One-on-one combat එකක් බොහොවිට කෙලවර උ⁣නේ එක් අයෙක්ගෙ මරණයෙන් . ඒවගේම මැන්ඩලෝරියන්  Culture  එකේදි Families හැඳින්වුනේ Clan එකක් විදියට , Clan එකක් හො කිහිපයක් එකට එකතු වෙලා Political Faction එකක් හැදෙනව , ඒ Political Faction  එකට කිව්වෙ House  එකක් කියල  , මේ Houses වලින් Most Important Houses ටික  Manda’lor එහෙමත් නැත්නම් මැන්ඩලෝරියන්  අයගෙ Sole Leader ට යටත්ව ලඟින්ම ඉදන් වැඩ කරා. මෙයාලගේ Clan Structure එක පිරමීඩයක් වගේ උනා ( නෑ පිරමීඩ් බිස්නස් නෙවෙ 😑😏) එක පාලකයෙක් ( Manda’lor ) පාලන තන්ත්‍රයේ උඩින්ම මීලගට  පොරට පාලනයට උදව් කරපු Protectors ල මීලගට  Houses  සහ Clans  වලින් මේ පිරමීඩ් එක නිර්මාණය උනා  . සාමාන්‍යයෙන් මැන්ඩලෝරියන් කෙනෙක් උනේ Human කෙනෙක් උනත් මැන්ඩලෝරියන්  Creed එක (mando ල අනුගමනය කරපු ⁣Code එක) පිලිපදින Human කෙනෙක් නොවන අයෙක්ට උනත් මැන්ඩලෝරියන් කෙනෙක් වෙන්න හැකියාවක් තිබුන ( grogu Clan Mudhorn එකේ සමාජිකයෙක් වීම මෙයට Example එකක් 😏)

“Ezra, the armor I wear is five hundred years old. I reforged it to my liking, but the battles, the history, the blood all lives within it. And the same goes for every Mandalorian.”

“This armor is part of our identity. It makes us Mandalorians who we are.”

―Sabine Wren 

දැන් අපි කතා කරමු මෙයාලගේ Gears ගැන . ( this is the tasty part guys😍😏)  මැන්ඩෝ ආමර් එක කියන්නෙ මැන්ඩලෝරියන් කෙනෙක්ට පට්ටම වටින දෙයක් උනා මොකද සමහර ආර්මර්ස් අවුරුදු  බර ගානක් පරන වුනු මහා ලොකු හිස්ට්‍රි එකක් තියෙන දෙයක් උනු නිසා මේ වටිනාකම සෑම මැන්ඩො කෙනක්ටම දැනුන දෙයක් උනා මේ නිසාම .ඒ වගේම මේ ආමර්  Beskar  වලින් නිර්මාණය උනා .මේ ලෝහය පට්ටම Damage Resistant  ⁣වුනා .මේ ආමර් එක නිර්මාණය කරන එකත් Ancient Tradition  එකක් සහ මෙයාලගේ  Culture එකේදි  Vital  Part එකක් උනා .මේ ට්‍රැඩිශන් එක සිදුකරන සුවිශේෂී  පිරිසක් හිටිය  Mandalorian Armorer  නමින් හදුන්වන .මේ සෙට්  එකට තමා පුලුවන් ⁣උනේ බෙස්කාර් වලින් ආමර් සහ තව ගියර්ස් නිර්මාණය කරන්න . තව මෙයාල Rising Phenix  කියල හැදුන්වුන ඇක්⁣ට් එකක් තමා jetpacks  Use කරන එක 😍

මේ ජෙට්පැක්ස් සහ magnetized boots , tactical Displays , armed gauntlets හෙම නිර්මාණය උනේ ජෙඩායිලට එරෙහිව සටන් කරන්න පුලුවන් වෙන්න . මේ සමහර වෙපනරි ජෙඩායිලගේ ඇබ්ලිටීස් Mimic  කරන්න පුලුවන් උනා 😍 එකට උදාහරණ විදියට  Sonic Repulsors  වලට පුලුවන් උනා Objects push කරන්න Force  Push  එකක් වගේ 🔥. තව Westar-35 blaster pistols / z-6 jetpacks (අර මිසයිලස් යවන්න පුලුවන් උන ජෙට්පැක්ස්  🔥)නිර්මාණය කරා . තව මැන්ඩලෝරියන්  Starfighters  like Kom’rk class Fighters හෙමත් මෙයාල නිර්මාණය කරා 😍 තව darksaber  එකත් මැන්ඩලෝරියන් කෙනෙක්ගෙ නිර්මාණයක් නෙ 😏😉

හම්මේ දැන්නම් ඇත්තටම ලිපියෙ අන්තිමට ආවා අපි 😉😂 

එහෙනම් අපි ගැලැක්සියෙ වැඩ දාමු මැන්ඩලෝරියන් ල ගැන Officially  කතා කරල ඉවරයි  😍 

ආහ් ගායිස් මේ ලිපිය ගැන තියෙන අදහස් අපි කතා කරමු කමෙන්ට් සෙක්ශන් එකේදි තව මේ වගේ ලිපි කියවන්න Hypezone Page එක පැත්තටත් Visit එකක් දාලා  Hype Community  එකටත් සෙට් වෙන්න මේ වගේ  ගීකී දේවල් ගැන කතා කරන්න ❤️ ඒ වගේම ස්ටාර්වෝස් වලට කැමති යාලුවොන්ටත් මේ ලිපිය බලන්න ශොයා පාරක් දාන්ඩ අමතක කරන්න එපා ❤️

ඒ වගේම මේ පසුගිය දවස් ටිකේ සහ මැයි 4 වෙනකන්ම  වෙන අපේ Road to May the Fourth  Journey  එක Enjoy  කරනව කියල මම විස්වාස කරනව 😍 ඒ වගේම එන්න තියෙන Event  වලටත් Full Hype එකේ ඉන්න කියල ආරධනා කරන ගමන් May The Force Be With you කියාගෙන මම නවතිනව ❤️

Leave a Reply