You are currently viewing තාරකා යුද්ධයේ කිරුළු නොපලන් වීරවරිය.

තාරකා යුද්ධයේ කිරුළු නොපලන් වීරවරිය.

කවුද මේ අ⁣ශෝකා කියන්නෙ  Starwars  වල Clone wars  Animated Series  එකේ වගේම The Mandalorian  සීරිිස් එකෙත් Starwars : Rebels සීරිස් එකෙත් appear කරපු මේ Jedi  Padawan කෙනා (පසුකාලීනව ඒ කියන්නෙ Clone wars  කාලෙදි මෙයා Jedi Order  එක අතහැර යනව , ඒක⁣ වෙනම කතාවක් 😉)

 අපි අශෝකා ගැන කතා කරොත් මෙයාගෙ පට්ටම ආක් එකක් තියෙ 😍

අසොකා  කියන්නෙ  Togruta Female කෙනෙක්. අශෝකා   උපත ලබන්නෙ Shili   වල  36 BBY ( BBY කියන්නෙ Before the battle of Yavin , බැට්ල් ඔෆ් යාවින් කියන්නෙ පලවෙනි Death Star එක විනාශ කරපු බැට්ල් එක )  Jedi ලා Force sensitive Younglings ලව හොයා ගෙන Jedi Order  එකට බඳවගන්නව කියල දන්නවනේ ඔයාල . ආන්න ඒ විදියට  අශෝකව Jedi Order  එකට Recruit  කරන්නෙ Master Plo Koon විසින් .

 ————————————————————————————

SPOILER ALERT  🤭😉👽

 ඔයා Clone Wars   ඇන්ඩ් Starwars Rebels බලල නැත්තම් ඔයාට ස්පොයිල් වෙයි මේ ටික , So අපරා⁣දෙනෙ බලල ඉන්න Clone wars  And Rebels 😉❤️ Totally Worth It guys ❤️😉😎 

————————————————————————————

 ඊට පස්සෙ අසෝකා  Jedi ල ඇසුරෙ හැදිල වැඩෙන්නෙ  කොරසන්ට්  වල  තියෙන Jedi Temple එකේදි . 

Clone wars ඒරා එකේදි අපේ කොලපාට මිටි ඩෑල් එක ( මාස්ටර් යෝඩා තමා යකුනේ 😒😂) විසින් අසොකව Padawan Learner විදියට  බාර දෙනව  The chosen one  එහෙමත් නැත්තම් ⁣ Anakin Skywalker ට තව දුරටත් Master And Apprentice එහෙමත් නැත්තම් මාස්ටර් අනන්ඩ් පැඩවාන්  විදියට Jedi Arts ගැන  ඉගෙන ගන්න . අපේ අශෝක⁣ master Skywalker  එක්ක එකතු වෙන්නෙ battle of Christophsis වලදි  Anakin මුලදි එච්චරම කැමති නෑ තව කෙනෙක් එක්ක වැඩ කරන්න 😂  මනුස්සය සරලවම Reckless  චරිතයක් නේ 😂👋

ඒකෙදි අසොකා Prove කරනව තමන් ඇනීත් එක්ක වැඩක කරන්න පුලුවන් කියල 😂👋 

මේ දෙන්න අතර මාරම Bond එකක් ඇති වෙන්නෙ 😍 “SkyGuy and Snips ❤️”

 Grand Republic Army එකේ Commander  කෙනෙක් විදියට 501 ලීජන් එකේ ( ඇනී ඇන්ඩ් අශෝකා⁣ගෙ යුනිට් එක  Republic Army  එකේ )

ඉදන් Clone war වල Frontline එකේ මෙහෙයුම් සිදු කරනව 😉

ඒ මෙහෙයුම් වලදි ලොකු දායකත්වයක් සපයනව Republic  එකට 😁

උදාහරණ විදියට  Battle Of Ryloth (මේකෙදි නම්  පොඩ්ඩක් අනා ගන්නව මොකද මේක තමා ටානෝ ගෙ පලවෙනි කමාන්ඩ් එක  වගේම mature  නැ වැඩිය 😉😁 වයසින් වැඩෙද්දි මෙයා පට්ටම චරිතයක් වෙනව starwars  වල ❤️)ආයෙ Second Battle of Geonosis සහ Battle of Mon Cala වගෙ බැට්ල් වල Republic Victory එකට Key factor වෙනව  

ඊවන් Mortis වලදී මැරෙනවත් එක්ක (mortis කියන්නෙ Force  එක පට්ටම පවර්ෆුල් රෙල්ම් එකකට 😉 මේක ගැන කතා ලෙජන්ඩ්ස් තියෙ jedi ල අතර වගේම සිත් ල අත්රත් )  Light side Force Wielder කෙනෙක් එයාව සැක්‍රෆයිස් කරල ටානොට ආයෙත් ලයිෆ් එක දෙනව 😉😍

 ⁣

මේ විදියට War Front  එකේ ඉදන්  සහ war front  එකෙන් පසුපස ඉදන් අසොක එක්පීරියන්ස් ඇන්ඩ් ජෙඩායි කෙනෙක්ට අවශ්‍යම වෙන ස්කිල්ස් හදාගන්නව 

 ඊළඟට අපි  කතා කරමු අසොකාගෙ  වෙපන් චොයිසස් ඇන්ඩ් කොම්බැට් ස්කිල්ස් ගැන ගැන 😉⚔️

මෙයා lightsaber combats  වලට වගේම unarmed Combats වලටත් මාර හැකියාවක් තියෙන කෙනෙක් , Force  එකත් එක්ක හොද connection  එකකුත් තියෙනව 😍🔥 Unarmed Combats වල හැකියාව හොදටම පෙන්නන අවස්තාවක් තමා mandalore වලදි  prime minister Almec ගේ corruption ඇන්ඩ් ඇල්මෙක් ඩචස් සැටීන් ( Duches Satine Cryze  කියන්නෙ Clone war ඒරා ⁣එ⁣කේ මැන්ඩලෝර් පාලනය කරන නායිකාව  , මෙයා සහ අපේ ඕබිවන් කැනොබි එක්ක පොඩි හුටපටයකුත් තියෙ   🙈  ඒ වගේම The Mandalorian  Season 2 වලදි හා රෙබෙල්ස් සීරිස් එාක් ඇපියර් කරපු Bo-Katan Kryze ගෙ සහෝදරී ,මේ දෙන්න ගෙනම Articles දාන්නම් ඉදිරියට 😉😎 ) ට එරෙහිව කරන කුමන්ත්‍රණය expose කරන අවස්තාව 😍🔥

අසොකා padawan  කාලෙ මුලදිම යුස් කරනව green colored  light saber  එකක් 😍 පසු කාලීනව අසොක තිරණය කරනව Jar’Kai (Jar’Kai  කියන්නෙ Combat එකකදි  Lightsabers දෙකක්  use  කරන technique එකකට ,එහෙමත් නැත්තම් සරලවම කිව්වොත් එකට Lightsabers දෙකක් යුස් කරන එකට 😉) technique  එකට යන්න  😍

දැන් තව lightsaber  එකක් හදා ගන්න ඕනි කරන Kyber Crystal (kyber crystals එහෙමත් නැත්නම්  lightsaber crystal , the living crystal  එකක්  අනිව ඕනි වෙනව lightsaber  එකක ක්‍රියාකාරිත්වයට 😉 Cyber Cristal  ගැන විස්තරාත්මක ලිපියක් මන් දාන්නම් නැත්තම් මේක හෙන දිග ලිපියක් වෙනව 😂😁)එකක් හොයා  ගන්න Ilum කියන world එකේ තියෙන crystal Cave එකට යනව .. ඊට පස්සෙ Ahsoka  බිල්ඩ් කර ගන්නව yellow-green shoto lightsaber  එකක් 😍

( Shoto lightsaber  කියන්නෙ සාමාන්‍ය සේබර් එකකට වඩා දිගෙන් අඩු සේබර් එකකට  grand master Yoda හෙම එයාගෙ වෙපන් එක විදියට යූස් කරන්නෙ මේකක් 😍😎)

සාමාන්‍යයෙන් Shoto lightsaber  එකක් යුස් කරන්නෙ Jar’Kai  ටෙක්නීක් එකේදි කියල කිව්වනේ 😉  අසොකා මේ duel -wielding style එකේ කොම්බැට් ස්කිල්ස් ඉගෙන ගන්නව master  Yoda ගෙන් ⚔️

අසොකාගෙ lihgtsaber combats  වල අමතක නොවන අවස්තා කිහිපයක් කිව්වොත් death watch එකේ leader  Pre Vizsla (ඩාක් සේබර් එක තියන් හිටියෙ clone wars වල 😍😉)එක්ක ගිය කොම්බැට් එක,mission to slaver world of Zygerria එපි 2 , 😉 Starwars : Rebels  වලදි වෙන Darth Vader  and Ahsoka  අතර Duel එක 😥 ඩෑම්න් තාම සීන් එක Flash වෙනව මොලෙ ඇතුලෙ 🙈 🔥තව ලිස්ට් එක නම් තියෙ 😂😁

එක්තරා ප්‍රශ්ණයක්  පාදක කරගෙන වුනු පට්ට අන්ලකී සිද්දියකින් අසොකට තමන්ගෙ සේබර්ස් 2කම නැති වෙනව 😥🙁(clone wars බලපු කෙනෙක්ට ඒ scene   එක මාරම විදියට වැදුනු එකක් ⁣⁣වෙනව  . අපිට ජෙඩායිස් ල ගැන තියෙන ප්‍රතිරූපයේ පොඩි වෙනසක්  වෙනව එතනින් 🙂 )

  අයෙ මෙයාට සෙට් වෙන්නෙ blue Colored  sabers  දෙකක් එකක් සාමාන්‍ය සේබර් එක අනිත් එක Shoto lightsaber  එකක් 😍 (මන් ඒ සේබර්ස් දෙක තමා පලවෙනි පොස්ට් එකේ පික් එකට  දැම්මෙ 😂😍)

මේ නිල් සේබර්ස් දෙකත් අසොකා Republic එක බිඳ වැටිල  Galactic  Empire  බිහිඋනාම අතඇරල දානව , මොකද එයාට ඕනි වෙනව එයා මැරැන කියල එම්පයර් එකට පෙන්වන්න 😥 කාලයක් සේබර්ස් නැතුව  කල් ගෙවන අසොකාව මරන්න එන Imperial Inquisitor කෙනෙක් වෙන Sixth brother ගේ Lightsaber  එකෙ kyber crystal එක අරන් අලුත්ම sabers  දෙකක් හදා ගත්ත 😍 මේ සේබර්ස් දෙක White blade  වලින් සමන්විත වුනා 😍❤️ මේ සේබර්ස් දෙක එක්ක තමා mandalorian  වල  සහ Rebels  වල appear වුනේ 😍🙈⚔️

( Inquisitor කෙනෙක් කියන්නෙ darth vedar  යටතේ වැඩ කරන force sensitive dark side agent කෙනෙක් මෙයාල කරපු දේ තමා clone war  එකෙන් පස්සෙ ඉතිරි වෙලා ඉන්න jedi ලව විනාශ කරන එක )

ඒ වගේම මේ White Colored sabers වල විශේෂත්වයක් තියෙනව , ඒ තමයි white colored lightsaber  එකෙන් පෙන්වන්නෙ මේකේ  wielder  Jedi කෙනෙක් Or Sith කෙනෙක් නොවන බව .එහෙමත් නැත්නම් මේකෙ අයිතිකාරය   order  දෙ⁣කටම නැතුව ඉන්නව කියන එක 😉 ( මේක කියන්නෙ Ahsoka White Colored sabers දෙකක් එක්ක මුලින්ම Appear  කරන Starwars Rebels  series  එකේ ක්‍රියේටර් කෙනෙක් වෙන Dave Filoni  , මෙයා Mandalorian  වලත් ක්‍රියෙටර් කෙනෙක් විදියට දායක උනා 😍🙈)

දැන අපි කතා කරා අසොකගෙ කොම්බැට් ස්කිල්ස් ,සහ එයාගෙ ලයිට් සේබර්ස් ගැන ❤😎

මම හිතනව දැනට මේ ඇති කියල මොකද ලිපිය දිග වැඩිවීමට කම්මැලිකම  ඔලුවට ගැසිම අනුලෝමව සමානුපාතික වෙන නිසා 😂🙏

  ඊළගට   කතා කරමු ඇනකින් ස්කයිවෝකර් එහෙමත් නැත්තම්  “ද චෝසන් වන් ” සහ අසොකා ගෙ තිබ්බ බොන්ඩ් එක ගැන 

Prequel ත්‍රිලොජියෙ අපිට පෙන්නනවනේ ඕබි වන් ඇන්ඩ් ඇනී අතර හෙනම බොන්ඩ් එකක් තියෙනව , ඒත් මට සහ ගොඩක් ස්ටාර්වෝස් ෆෑන්ල සෙට් එකට Clone Wars ඇනිමේටඩ්  සීරිස් එක බැලුවම   ලොකුවටම දැනෙන දෙයක් තමා ඒ බොන්ඩ් එකට වඩා ස්නිප්ස් ( Ahsoka ට ඇනී කියන නික් නේම් එක ) ඇන්ඩ් ස්කයිගයි ( අසොකා ඇනීට කියල නික්නේම් එක ) අතර පට්ටම බොන්ඩ් එකක් තියෙනව කියන එක .

⁣සිත් ඇන්ඩ් ජෙඩායි දෙගොල්ලටම පොදු දෙයක් තමා Master and Apprentice  කියන දේ ( ජෙඩායිල අතර ඕක කියන්නෙ  ” Every Jedi Needs a Teacher ”  ජෙඩායි මාස්ටර් එක්ක ජෙඩායි ආර්ට්ස් ඉගෙන ගන්න කෙනා Jedi Padawan Learner කෙනෙක් කියල හදුන්වනව ) ඒ වගේම සිත්ලගෙ තියෙන රූල් එකක් වගේ තමා එක විට ඉන්න පුලුවන් සිත් ⁣ලොර්ඩ් ල දෙන්නෙක් කියන එක : Sith master රි⁣ප්‍රසෙන්ට් කරනව  ෆොස් එකේ ඩාක් සයිඩ් ⁣  එකේ තියන පවර් එක  , ඇප්‍රන්ටීස් සිත් මාස්ටර් යටතේ ඉගෙන ගෙන කවදහරි සිත් මාස්ටර්ගෙ රෝල් එක ෆුෆිල් කරනව  .සමහර විට මාස්ටර්ගේ රෝල්  එකට යන්නෙ මාස්ටර්ට ශොට් එක දීලා  😂🙏 (ඩාත් සිඩියස් එහෙමත් නැත්තම් එම්පරර් පැල්පටීන් ⁣තමන්ගෙ මාස්ටර් වෙන ඩාත් ප්ලෙයිගස් ට ශොට් එක දෙන්නෙ ප්ලෙයිගස් සැප නින්දක ඉදිද්දි 😂) සාමාන්‍යයෙන් සිත් කෙනෙක් රෝග් යන්ඩ තියෙන චාන්ස් එක වැඩි බලය ට තියෙන ආසාව නිසා

 Master and Padawan  සීන් එකතමා  ජෙඩායිලගෙ, පැඩවාන් කියල කිව්වට ඉතින් ස්ටුඩන්ට් තමා 😉 හැබැයි එකම වෙනස එක විටක ජෙඩායිල බොහො පිරිසක් ඉන්න පුලුවනි  , සිත් Order  එක වගේ නැතුව , මන් ඒකට අමුතුවෙන්  පැහැදිලි කරන්ඩ ඕනි නෑ කියල මන් හිතනව . පැඩවාන් කෙනෙක් තමන්ගෙ මාස්ටර් ගෙන් ජෙඩායි ආර්ට්ස් ඇන්ඩ් ස්කිල්ස්  ඉගෙන ගන්නව , ඒ විදියට තමන්ගෙ මාස්ටර් ගේ අඩිපාරේ යමින් තමන්ගෙම කියල ලෙජන්ඩ් එකක් වෙනව ජෙඩායි කෙනෙක් ❤️

දැන් කතා කරා සයිඩ් දෙකේදී පැඩවාන් කෙනෙක් හරි ඇප්‍රෙන්ටීස් කෙනෙක් හරි තමන්ගෙ කතාව ලියන්නෙ කොහොමද කියල . ඊළඟට යමු දෙන්නගෙ බොන්ඩ් එක ගැන කතා කරන්ඩ 😉

ඇනකින් කියන්නෙ ටිකක් තනියම වැඩ කරන්න කැමති  කලබලකාරී යකාට තියා යකාගෙ අම්මට වත් බයනැති සීන් එකේ තනියම ගිහින් යකාගෙ ෆැමිලි එකටම කෙලල එන්න යන  වලියට බර කෙනෙක් 😉😂 ස්නිප්ස්ව ඇනීට බාර කරන්න වුනු මේන් රීසන් එකක් තමා ඇනකින් ගෙ අර කලබලකාරී රෙක්ලස් ගතිය අඩු කරන්නයි පොරට ඕනිවට වඩා  ඇටෑච්මන්ට් තියා ගන්න එක ගැලැපෙන්⁣නේ නෑ කියන එක උගන්වන්න , මොකද අසොකා ටිකක් කලබලකාරී බවින් අඩු කෙනෙක් නිසා  😏. මුලදී ඇනී වැඩිපුර කැමති නැ  අසොකට  මොකද ඇනකින්ගෙ තනියම යන එකට ටිකක් කෙ⁣ලවෙන නිසා 😂👋 

නමුත් අසොකත්  රිසක් ගන්න බය කෙනෙක් නොවන නිසා සහ ඇනිට වඩා අයිඩියලිස්ටික් කෙනෙක් නිසා ⁣මේ දෙන්නගේ මෝටිව්ස් සෙට් වෙනව 😉 බොහො වෙලාවට යම් ප්‍රශ්ණයකට දෙන්නගෙ විසදුම් ටිකක් වෙනස් නිසා දෙන්නම ඒකෙන් ෆන් එකක් ගන්නව කිව්වොත් හරි 😂 (අයෙත් කියනව ක්ලොන් වොර්ස් බලන්නෝ ❤️)

 ” The two act similar on the surface , but often have different motivations for the same problem , with Ahsoka being more idealistic and Anakin more angry , When their motives align well , when they clash , an unstoppable force meets an immovable object  💯 “

ඒ වගේම දෙන්න අතරේ මාරම understanding  එකක් ඇති වෙනව මේ දෙන්න එකට Clone  Wars වලදී වැඩ කිරීම නිසා 💯 මේ නිසාම දෙන්න අතරේ පට්ටම ටීම් වර්ක් එකක් ඇති වෙනව 😉

ඒ වගේස අසොකා ඇනකින්ව හොද ගුරුවරයෙක් කරවනව  , මොකද කිව්වොත් ඇනි හිතන් ඉන්නෙ තමන් හොද ගුරුවරයෙක් නෙවෙ කියල මුලදි, මොකද අනිත් ජෙඩායි මාස්ටර් ල එක්ක බලද්දි ටිකක් කලබලකාරී කම ⁣ආදිය නිසා, මේ නිසා හෙන බොන්ඩ් එකක් ඇති වෙනව 😍

ඇනී තමන්ගෙ පැඩවාන් ඉන්නෙ අවුලක නම් ඒකෙන් බේර ගන්න මාරම උත්සාහයක් දරන්නෙ මේ බොන්ඩ් එක නිසාමයි , මේකට මට පට්ටම රෙෆරන්ස් දෙකක් දුන්නැකි 😉 ඒ තමා දෙවෙනි ජියනොසිස් බැට්ල් එකේදි මාස්ටර්  Luminara Unduli ගෙ පැඩවාන් වෙන බැරීස් ඔෆී (Barriss Offee) එක්ක අසොකා එක්ක  විනාශ වුනු ගොඩනැගිලික සුන්බුන් වල හිර උනාම ඇනී තමන්ගෙ පැඩවාන්ව බේරගන්න උත්සාහ කරනව මාස්ටර් ලුමිනාරා තමන්ගෙ පැඩවාන් මැ⁣රෙන්න අරින සීන් එාක් ඉදිද්දි (අසොකයි බැරිසුයි ඒ බිල්ඩින් එක පුපුරවනව ඒ නිසා තමා එයාල හිර වෙන්නෙ බිල්ඩින් එකේ සුන්බුන්  ඇතුලෙ )ඇනී නිසා පැඩවාන්ල දෙන්නම ජිවත් වෙනව තව දුරටත් .ඒ වගේම එක්තරා අවස්තාවක අසොකා නොකල වරදකට අහුවෙලා ඉදිද්දි එයාව මරන දඩුවමෙන් (අනිත් හැම කෙනෙක්ම පිලිගන්නේ අසොක තමා ඒ වැරද්ද කලේ කියල , ඇනී විතරයි දරුණුවටම විස්වාස කරන්නෙ අසොක ඒ වගේ වැරද්දක් කරන කෙනෙක් නෙවෙයි කියල ) බේරගන්නෙ ඇනී එතන ඇත්ත වැරදිකරයා expose  කරල 💯❤️මේ සීන් එක නිසාම තමා ස්නිප්ස් ජෙඩායි ඕර්ඩර් එක අතැරල යන්නෙ , මේක ස්ටාර් වොස් වල පට්ටම ටර්නිං පොයින්ට් එකක් 😥🙂 මට නම් මාරම විදියට දැනුන මේක  මොකද ජෙඩායි ඕර්ඩර් එකේ තියෙන අඩුපාඩුවක් ලොකුවටම පෙන්නන අවස්තාවක් තමා මේක 😥

මන් ඇතුලුව ගොඩක් ස්ටාර්වෝස් ෆෑන්ස්ල පිලිගන්න දෙයක් තමා  අර විදියට අසොක ඇනීව අතහැරල ගිය එකෙන් ඇනී ඩාක් සයිඩ් එකට යන්න අඩිතාලම  කැපුන කියන එක 😥 ඒ වගේම එකෙන්ම අසොකත් ස්කයි⁣වෝකර් සාගා එකේ ලෙජන්ඩ් එකක් වෙන්න මග පෑදුන කිව්වොත් ඒකත් නිවැරැදියි 😥💯

මේ ඩයලොග් එක දැනුනු නැති ස්ටාර්වෝස් ෆෑන් කෙනෙක් නැතිව ඇති ( ක්ලොන් වොර්ස් බැලුව නම් )

Ani :” Ahsoka, wait! Ahsoka, I need to talk to you. Why are you doing this ? “

 Snips : ” The Council didn’t trust me, so how can I trust myself ? “

Ani : ” What about me? I believed in you. I stood by you  “

Snips : ” I know you believe in me, Anakin, and I’m grateful for that. But this isn’t about you. I can’t stay here any longer, not now. “

Ani : ” The Jedi Order is your life. You can’t just throw it away like this. Ahsoka, you are making a mistake.” 

 Snips : ”  Maybe, but I have to sort this out on my own, without the Council and without you.” 

Ani :”  I understand. More than you realize, I understand wanting to walk away from the Order”  (මෙන්න මෙතනින් තමා ඇනිටත් ජෙඩායි ඕර්ඩර් එක ගැන Doughts තියෙ කියල අපිට දැනෙන්න සලස්වන්නෙ 😥)

Snips : ” I know” 😥

උඩ ඩයලොග් එක උපුටා ගත්තෙ ක්ලොන් වොර්ස් වලින් 😉 මේ වෙලාවෙ ආසොක ජෙඩායි ⁣කෙනෙක්ගෙන් එපිට ලයිෆ්ස්ටයිල් එකක් හොයන් ජෙඩායි ඕ⁣ඩර් එකෙන් යද්දි ඇනකින් ගේ   තමන් ආදරය කරන , තමන්ට මාරම විදියට වටින කෙනෙක් අහිමිවෙයි කියල ඇතිවෙන බය සහ දුක  (‘ Anakin’s fear  of loss ‘ මේක අපිට තෙරුම් ගන්න පැලුවන් Anxiety වගේ තත්වයක් කියල 😉මොකද ස්නිප්ස් කියන්නේ ඇනී මාරම විදියට ආදරයකල කෙනෙක් ⁣අසොකා නිකං ඇනී ට දෙවෙනියට වැඩිපුරම වටින කෙනා කිව්වොත් මම හිතන්නෙ මම නිවැරැදියි , පද්මේ ඇමිඩාලා නැත්තම් සෙනෙටර්  ඇමිඩාලා ඇනීගේ ආදරය වෙනවකියල ඔයාල දන්නවනේ  😉)මේ බය සහ දුක ලීඩ් වෙනව ඇනීට වෙනම පාත් එකකට පා තියන්න ඒ කියන්නෙ ටික ටික ඩාර්ක් සයිඩ් එකට යන්න 

ඊළගට අපි කතා කරමු ජෙඩායි ඕර්ඩර් එක බිඳවැටීමෙන් පස්සෙ අසෝක මුහුණ දුන් අවස්තා කිහිපයක් ගැන 

රිපබ්ලික් එක සහ ජෙඩායි ඕර්ඩර් එක බිඳවැටීමෙන් පස්සෙ අසෝක සැඟවී ජීවත් වෙනව  තබෙස්කා (Thabeska කියන්නෙ Outer rim territory එකේ තිබ්බෙ සුළඟින් හා දූවිලි වලින් බහුල ග්‍රහලොකයක් ) හා රාඩා (Raada කියන්නෙ  ගොඩක් දුෂ්කර චන්ද්‍රයෙක් ගැලැක්සියෙ තිබ්බ ) වල අවුරුද්දක් පමණ කාලයක් අශ්ලා (Ashla) කියන නමින් Mechanic කෙනෙක් විදියට , රාඩා වලට ආව එම්පීරියල් ෆොසස් වලට එරෙහිව පොඩි පොඩි රෙසිස්ටන්ට් ඇක්ට්ස් වල නිරත වෙනව අසොකට ලොකු  මිලිටරි බෑක්ග්‍රවුන්ඩ් එකක් නැ වගේ අනිත් අයට දැනෙන්න සලස්වමින්ම ,මොකද අසොකගෙ අයිඩෙන්ටිටය රහසක් විදියට තියා ගන්න ඕනි නිසා තමන්ගෙ සහ අනෙක් මිනිස්සුන්ගෙ ආරක්ෂාව  සදහා  ඉම්පීරියල් ෆොසස් වල බලය වැඩි වෙන්න වෙන්න මේ චන්ද්‍රයාගෙ ජීවත් වීම අපහසු වෙනව සිටිසන්ස්ලට , මේ නිසා  සෙනෙටර් බේල් ඕර්ගානා (Bail Organa) ගෙ රෙසිස්ටන්ට් ෆොසස් වල උදව්වෙන් මේ චන්ද්‍රයාගෙන් මිනිස්සු ටික Evacuate කරනව ජීවත් වීම අපහසුම විම නිසා ඉන් පස්සෙ සෙනෙටර් ඕර්ගානා ගෙ රෙබෙල් මුව්මන්ට් එකත් එක්ක සෙට් වෙනව මෙයා 😉 ඉන්ටෙලිජන්ට් නෙට්වර්ක් එක මැනේජ් කරන්නෙ අසොකා ෆුල්ක්‍රම් (Fulcrum ) කියන කොඩ් නේම් එකෙන් රෙබෙල් සෙල්ස් කිහිපයකටම ඉන්ටෙල් සපයනව 

Starwars Rebels  සීරීස් එකෙදිත් හේරා සින්ඩූලා ප්‍රමුඛ Spectre රෙබෙල් සෙල් එකටත් ඉන්ටෙල් සපයන්නෙ අසොකා විසින් , තව මේ රෙබෙල් සෙල් එකේ ඉන්නව කේනන් ජේරස් කියල ෆොමර් ජෙඩායි කෙනෙක් ,එස්රා බ්‍රිජර් කියල ජෙඩායි පැඩවාන් කෙනෙක් , සබීන් රෙන් කියන මැන්ඩලෝරියන් කෙල්ලෙක් 😍🤭 සහ ගැරසෙබ් ඔරේලියස් නැත්තම් සෙබ් කියන ලසාට් කෙනක්  (මේ කාලෙ ජෙඩායිල තියා ෆොස් සෙන්සිටිව් යන්ග්ලීන්ග් කෙනෙක් වත් ලේසියෙන් හොයා ගන්න නැති කාලයක් , ඒ වගේම මේ  Spectre රෙබෙල් සෙල් එක ගැනත් කියනනම් ගායිස් 😍)

 ඒ වගේම තව දෙයක් තමා අසොකා විස්වාස කරනව ඇනි ඩාක් සයිඩ් එකට හැරුනට පස්සෙත් (ඩාර්ත් වේඩර් උනාට පස්සෙ) වේඩර් ඇතුලෙ කොනක හරි ඇනකින් කියන මනුස්සය  ජීවත් වෙනව කියල සෝ අසොකා උත්සාහ කරනව අයෙත් ඩාත් වේඩර් ඇනකින් බවට පරිවර්තනය කරගන්න 

 මේ නිසා දරන උත්සාහයකදී මෙයා Malachor  කියන ග්‍රහලොකේ  තියෙන සිත් ටෙම්පල් එකකදී ඩාර්ත් වේඩර් එක්ක යන ඩුවෙල් එකකදී  ටෙම්පල් එකක හිරවෙනව 😉⁣කොහොම හරි අනාගත එස්රා විසින්  අසොකව ⁣ඩාත් වේඩර්ගේ ග්‍රහනයෙන් මුදව ගන්නව “World between Worlds ” කියන කාලය හා අවකාශය සම්බන්ධ කරන මානයේ තියෙන පොර්ටල් එකකින් 😍 මේ පොර්ටල් එකනේ අසොක එයාගෙ නියමිත කාල යට රිටර්න් වෙනව 

ගැලැක්ටික් සිවිල් වොර් අවසන් වුනාට පසුව (4BBY – 5ABY කාලය ඇතුලත මේක සිද්ද වෙන්නෙ සහ මෙකෙන් නිව් රිපබ්ලික් එක බිහිවෙනව කියල විතරක් දැනට මතක තියාගන්න 😉 ආර්ටිකල් එකක් දාන්නම් මේ ගැන මම 😉😎) අසොකා ටානෝ  සබීන් රෙන් එක්ක එකතුවෙලා  මිසින් වුනු එස්රා හොයන් මිශන් එකක් සිදු කරනව (මේ මිශන් එක  ගැන තාම  විස්තරයක් හොයා ගන්න නෑ, ඒත් මේ ගැන මේබී එන්න තියෙන අසොකා සීරිස් එකෙදී දැනගන්න ලැබෙයි කියල බලාපොරොත්තු වෙනව 😍)

පසුව  Corvus කියන ෆොරස්ට් ප්ලැනට් එකේ තියෙන Calodan සිටි එකට යනව ග්‍රැන්ඩ් ඇඩ්මිරල් ට්‍රොව්න් ගැන ඉන්ෆෝ හොයන්( Grand Admiral Thrawn එක්කම තමා එස්රා ත් ඩිසපියර් වෙන්නෙ , මේකත් මන් හිතන්නෙ එස්රාව හොයන් යන මිශන් එකේ පාර්ට් එකක් මේ පාර්ට් එක තියෙන්නෙ මැන්ඩලෝරියන් දෙවනි සීසන් එකේ ගායිස් 😉) ⁣මේ සිටි එකේ ඉන්න මැගිස්ට්‍රෙට් මෝගන් එලිසබෙත් ගෙ පාලනයෙන් කැලොඩන් රෙස්ක්‍යු  කරන්න ඉදිද්දි තමා ඩින් ජාරින් ග්‍රෝගු( එහෙමත් නැත්නම් කස්ටියට බේබී යොඩා 🤭 බේබි යෝඩා නෙවෙ කියල දන්නවනෙ 🤭😉)  එක්ක ප්ලැනට් එකට ගොඩ බහින්නෙ 😉ග්‍රෝගු ජෙඩායි කෙනෙක් ගාව⁣ට අරන් යන ක්වෙස්ට් එකේදී තමා අසොකව ඩින් ජාරින්ව සෙට් වෙන්නෙ 😉 අසොකා ග්‍රෝගුව බාර ගන්න එක රිෆියුස් කරල ඩින් ජාරින් ඇන්ඩ් ග්‍රෝගුව යවනව ටයිතොන් වලට 😉

අසෝකා තමන්ගෙ ලෙජන්ඩ් එක සොයන් යන්න පටන් ගෙන දශක කිහිපයකට පසු ඇගෙ වොයිස් එක ජොයින් වෙනව (ඒ කියන්නෙ සීක්වල් ත්‍රිලොජිය යන ටයිම් ලයින්  වෙද්දි අසොකා එක්කෝ මිය ගිහින් හො ලූක් ස්කයිවෝකර් වගේ ගැලැක්සියෙ කොනකටම ගිහින් කියල , හැබැයි මෙතන ලොකු පොසිබිලිටියක් තියෙ මේ වෙද්දි අසෝකා මිය ගිහින් කියල මොකද අසොකා ඔය වගේ ලෙජන්ඩරි වෝ  එකකට බහින්නෙ නැතිව ඉන්නේ නෑ 😥🙂) එකජෙඩායි ස්පිරිට්ස් වලට ⁣ (සීක්වල් ත්‍රිලොජියෙ )  ෆස්ට් ඕඩර් එකයි රෙසිස්ටන්ට් එකයි අතර තිබ්බ වෝ එකේ ෆයිනල් බැට්ල් එකේදී රේ ව ගයිඩ් කරන්න (මතක ඇතිනෙ කස්ටියට 😍❤️) .මෙතනදි අසෝක රේව ඉන්ස්පයර් කරවනව නැවත් රෙසරැක්ට් උනු ඩාත් සිඩියස්ට එරෙහිව නැගී ඉදල ඩාත් සිඩියස්ව වන්ස් ඇන්ඩ් ෆෝ ඕල් ඩිස්ට්‍රෝයි කරල ඩාක් සයිඩ් එකේ බලය ඉවත් කරන්න   සහ නැවතත් ගැලැක්සියට සාමය සතුට  ගෙන එන්න ❤️

 ” 𝐈𝐧 𝐌𝐲 𝐄𝐱𝐩𝐞𝐫𝐢𝐞𝐧𝐜𝐞, 𝐖𝐡𝐞𝐧 𝐘𝐨𝐮 𝐓𝐡𝐢𝐧𝐤 𝐘𝐨𝐮 𝐔𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝 𝐓𝐡𝐞 𝐅𝐨𝐫𝐜𝐞, 𝐘𝐨𝐮 𝐑𝐞𝐚𝐥𝐢𝐳𝐞 𝐉𝐮𝐬𝐭 𝐇𝐨𝐰 𝐋𝐢𝐭𝐭𝐥𝐞 𝐘𝐨𝐮 𝐊𝐧𝐨𝐰 ”  -𝗔𝗵𝘀𝗼𝗸𝗮 𝗧𝗮𝗻𝗼-

ᴹᵃʸ ᵗʰᵉ ᶠᵒʳᶜᵉ ᵇᵉ ʷⁱᵗʰ ʸᵒᵘ ᵍᵘʸˢ ❤️

Leave a Reply