You are currently viewing ජැක් ස්පැරෝගේ කළු කුමාරි: The story of the Black Pearl

ජැක් ස්පැරෝගේ කළු කුමාරි: The story of the Black Pearl

අපි හැමෝටම මතකයේ රැඳුනු චිත්‍රපට මාලාවක්නේ Pirates Of the Caribbean කියන්නේ.❤ මේ ෆ්‍රැන්චයිස් එකේ හැම ෆිල්ම් එකක්ම වගේ අපේ හිතට වදින්න ලොකුම හේතුව තමා “කැප්ටන්” ජැක් ස්පැරෝ.✌ ඉතිං බෙන් ටෙන්ට ඔම්නිට්‍රික්ස් එක වගේ, කැප්ටන් ඇමරිකාට ශීල්ඩ් එක වගේ, තෝර්ට Mjolnir එක වගේ ජැක්ටත් Iconic දෙයක් තියෙනවා. ඒ වෙන මොකුත් නෙවේ අපේ කැප්ටන්ගේ one and only Black Pearl එක. සාමාන්‍යයෙන් කැප්ටන් කෙනෙක්ට තමන්ගේ නැවාත් එක්ක තියෙන ලොකු bond එක ජැක් සහ බ්ලැක් පර්ල් එක අතරත් නොඅඩුව තියෙනවා. ඉතිං මේ බ්ලැක් පර්ල් එකේ ඉතිහාසය මොකද්ද, කොහොමද බ්ලැක් පර්ල් එක ජැක් අතට පත්වෙන්නේ වගේ දේවල් ගොඩක් මේ ලිපියෙන් අපි කතා කරමු.😍❤

Black Pearl කියන නෞකාව මුලින්ම හැඳින්වෙන්නේ Wicked Wench කියන නමින්.👈 මේ නැව මුහුදු කොල්ල කරුවන් අතට පත්වීමත් එක්ක නැවේ රුවල්, කඳෙ පාට හැමදෙයක්ම අඳුරු කළු පාටට හරවනවා. එතනින් පස්සෙ තමා Wicked Wench නැව Black Pearl නැත්තම් සිංහලෙන් කියනව නම් කළු මුතුව කියන නමට හැරෙන්නේ. ඉතිං සත් මුහුද පුරාම ඉන්න මුහුදු කොල්ලකරුවන් අතරෙත්, සාමාන්‍යය ජනතාව අතරත් හරිම ප්‍රසිද්ධ නැවක් බවට න්ලැක් පර්ල් එක පත් වෙනවා. මේ අත්භූත නැවේ ඉන්න කොල්ලකරුවන්, ජැක් ස්පැරෝගේ පුරාවෘත බවට පත්වූ කටින් කටට යන කතන්දර, බූට්ස්ට්‍රැප් නිසා ඇති වුනූ ශාපය වගේ කරුණු හේතු වෙලා තිබෙනවා. ඉතිං මේ නැවේ කපිතාන්වරු විදිහට හුඟක්ම ජනප්‍රිය දෙන්නා තමා අපේ කැප්ටන් ජැක් ස්පැරෝ සහ කැප්ටන් බාර්බෝසා.👀

කපිතාන්වරුන්ගේ ඉතිහාසය

ඉතිං බ්ලැක් පර්ල් එක Wicked Wench වෙන කාලෙදි මුලින්ම පත් වෙලා හිටපු කැප්ටන්වරයා මෝර්ගන් කියලා තැනැත්තෙක්.✅ ස්පාන්ඥ හමුදාවක් එක්ක ඇති වෙන යුද්ධයකින් ඔහුට අවාසනාවන්ත විදිහට මිය යන්න සිද්ද වෙනවා, ඔහුගෙන් පස්සේ තමා නෞකාවට අණ දීම ජැක්ට ලැබෙන්නේ. කොහොම හරි වහල්ලුන්ගේ නැවක් කොල්ල කන්න යද්දී බ්ලැක් පර්ල් එක කැප්ටන්වරයා එක්කම මුහුදේ ගිලෙනවා. නමුත් ජැක් විසින් අපි හැමොම දන්න මුල් චිත්‍රපට තුනේ ප්‍රධාන සතුරෙක් වුනු ඩේවි ජෝන්ස් නම් භූත කපිතාන්වරයා එක්ක එකඟතාවයක් ඇති කරගෙන බ්ලැක් පර්ල් නෞකාව ගලවාගන්නවා. ඉතිං ඩේවි ජෝන් මුදු පතුලෙන් නැව ගොඩ අරගෙන ජැක්ට අවුරුදු 13 ක කාලයකට නැවේ කපිතාන් පදවිය ලබා දෙනවා. ඒකට ගෙවීමක් විදිහට ජැක්ට අවුරුදු 100 ක්ම ඩේවිගේ නැව වෙන Flying Dutchman නැවේ සේවය කරන්න එකඟ කරගන්නවා. එතනින් පස්සෙ තමා ජැක් Wicked Wench නැව Black Pearl බවට පත් කරන්නේ.💗

කොහොම හරි ජැක්ට කැප්ටන් වෙලා ඉන්න සිද්ද වෙන්නේ අවුරුදු දෙකයි. ශාපලත් නිධානයක් විදිහට සැලකෙන Cortes වස්තූන් සොයායෑමෙදි ඇති වෙන කැරැල්ලකින් ජැක්ව කපිතාන් පදවියෙන් පන්නලා දානවා. ඊට පස්සෙ තමා අළුත් කැප්ටන් විදිහට බාර්බෝසාව පත් කරන්නේ. කිවුවත් වගේ අර ශාපලත් නිධානයේ බලපෑම නැවටම වදිනවා. ඒ ශාපයෙන් නැවේ ඒ මොහොතේ හිටිය හැම සේවකයෙක්ම දැනීම් රහිත, ආහාර ගන්න බැරි දැඩි පිපාසයෙන් යුක්ත භූතයන් වගේ තත්ත්වයකට පත්වෙනවා. අඩුම තරමේ ශාපයෙන් ගැලවෙනකන් ඔවුන්ට මිය යන්නවත් බැහැ. බූට්ස්ට්‍රැප් බිල් ටර්නර් නම් බ්ලැක් පර්ල්හි සේවකයෙක් විසින් නිධානයෙන් කාසියක් හොරකම් කරගන්නවා. 👀

ඊට පස්සේ ඒ කාසිය තමන්ගෙ පුතා විල් ටර්නර්ට ලබාදෙනවා. ඉතිං මේ ශාපයෙන් ගැලවෙන්න නම් අර නිධානයෙන් ගත්තු හැම කොටසක්ම හොරකම් කරපු තැනැත්තගේ ලේ එක්කම නැවත තිබුණු තැනින් ගිහින් දාන්න ඕනේ. ඒත් විල් ටර්නර් ගාව තිබුණු කාසිය හොයාගන්න බැරිවීමෙන් බාර්බෝසාට සම්පූර්ණ වස්තුව නැවත බාර දීලා ශාපයෙන් ගැලවෙන්න බැරුව යනවා. ඉතිං මේ සිදුවීමෙන් වසර 10 කට පස්සෙ තමා Pirates Of The Caribbean පළවෙනි චිත්‍රපටය වෙන Curse Of The Black Pearl හි සිදුවීම් වෙන්නේ. ඒ වසර දහය පුරාම බ්ලැක් පර් නැව භූතයන් විසින් අරක් ගත්තු මිත්‍යාවක් බවට පත්වෙනවා.නමුත් වසර දයකට පස්සේ නැව වගේම එහි සේවකයන් විල් ටර්නර්ගේ උදවු ඇතුව ශාපයෙන් ගලවාගෙන බාර්බෝසාව ඝාතනය කරලා නැවත කැප්ටන් තනතුරට පත් වෙනවා. ඒත් ඩේවි ජෝන්ස් වසර 13 සම්පූර්ණ වුනාම ජැක්ව හොයාගෙන එනවා තමන්ගෙ වන්දිය ලබාගන්න. ඉතිං මතක ඇතිනේ දෙවෙනි චිත්‍රපටයෙදි ඩේවිගේ හදවත එක්ක සෙල්ලම් දාන්න ගිහින් ඩේවිගේ හුරතල් රාක්ෂයා වුනු Kraken නිසා ආයෙත් ජැක් එක්කම නැව මුහුදුබත් වෙනවා. ඉතිං මේ මුහුදුබත් වීමක් එක්ක ඩේවි ජෝන්ස්ගේ මායා ලොකර් එක ඇතුලෙයි බ්ලැක් පර්ල් එක හිරවෙන්නේ. බාර්බෝසාව නැවත මරණයෙන් ගෙන්වලා නැව එතනින් නිදහස් කරගෙන පෙරදිග ඉන්දීය වෙළද සමාගම එක්ක ඇති වුණු ලොකු සටනකට පස්සේ ආයෙත් නැව ජැක්ට ලැබෙනවා. නමුත් ආයෙත් නැව බාර්බෝසා විසින් අත් පත් කරගන්නවා. ඒත් බාර්බෝසාගේ වැඩ හින්ඳා නැව මුහුදු බත් වුණා කියලා කියන්නේ. නමුත් ආයෙත් නැව ජැක් බේරගෙන බාර්බෝසාගේ මරණයෙන් පස්සෙ බ්ලැක් පර්ල් නම් දෛවෝපගත නැවේ කපිතාන් ධුරය නැවත අරගන්න ජැක් සමත් වෙනවා.❤✌

වික්ඩ් වෙන්ච් නැව බ්ලැක් පර්ල් බවට පත් වුනේ කොහොමද?බ්ලැක්ක් පර්ල් නැව මුලදි හඳුන්වන්නේ Wicked Wench නමින්. ඇත්තටම නැව හදපු වර්ෂයක් සඳහන් නැහැ. Wicked Wench නෞකාව සලසාර් නම් ස්පාඥ්ඥ කපිතාන් එක්ක කරන සටනකින් පස්සේ තමා ජැක්ට ලැබෙන්නේ. මේ සටන ගැන කිවුවොත් සලසාර් නම් ස්පාඥ්ඥ කපිතාන්වරයෙක් තමන් තමා සත් මුහුදෙම අධිපති කියලා පෙන්වන්න නෞකා විනාශ කරනවා. මේක වික්ඩ් වෙන්ච් නවත් අහුවෙනවා. සටනේ භාගයක් වෙද්දි කපිතාන් මෝර්ගන් ඇතුලු නැවේ බොහෝ සේවකයින් මිය ගිහින්. මෝර්ගන් අවසන් හුස්ම හෙලන්න කලින් අණ දීමේ තනතුර ජැක්ට ලබාදෙනවා. ඉතිං ජැක් කෑගහලා සලසාර්ට අභියෝග කරනවා තමන්ගෙ නැව අල්ලගත්තොත් තමන් කිසිම සටනක් නැතුව යටත් වෙනවා කියලා. ඇත්තටම ජැක් උත්සහා කරන්නේ Devil’s Triangle පැත්තට සලසාර්ව යවන්න. Devil’s Triangle කියන්නෙත් ශාපලත් මරණීය තැනක්. මේක බර්මියුඩා ත්‍රිකෝණය කියන්නත් පුලුවන්. කොහොම හරි ත්‍රිකෝණයට ආසාන්නව නැව තියෙන වෙලාවක ජැක් විසින් දෛවෝපගත හැරවුමක් ගන්නවා. මේ හැරවුම නිසා වෙන්ච් එක ත්‍රිකෝණයෙන් විරුද්ධ දිශාවට ඇදිලා යන නමුත් සලසාර්ගේ නෞකාව පාලනයෙන් ගිලිහිලා ත්‍රිකෝණය තුළට ඇදිල යනවා. ජැක්ගේ දක්ෂ කමින් නැව සහ ඉතුරු වුණු සේවකයින් බේරාගැනීමට ගෞරවයක් විදිහට තමයි ජැක් නිතරම පැලදගෙන ඉන්න තොප්පිය සේවකයින් විසින් ජැක්ට ලබාදෙන්නේ. ඒ වගේම මිය යන්න කලින් Wicked Wench හි පෙර කපිතාන්වරයා වෙන මෝර්ගන් විසින් ජැක්ට මාලිමාවක් ලබාදෙනවා. මේ මාලිමාව උතුර පෙන්වන මාලිමාවක් නෙවේ. මේ මාලිමාවෙන් පෙන්වන්නේ එය අතැති තැනැත්තාට වඩාත් අවශ්‍යය වන දෙය ලබා ගන්න යන්න ඕන දිශාව.❤

ඔය සිදුවීමෙන් වසර හතකට පස්සේ කට්ලර් බෙකට් කියන පෙරදිග ඉන්දියා වෙලඳ සමාගමේ නිලධාරියා විසින් අරගන්නවා. ජැක්ගේ හැකියාවන් දැකපු බැකට් විසින් ජැක්ට මාර්ලින් කියන වහල් සේවකයින් ප්‍රවාහනය කරන නෞකාවේ කපිතාන් ධුරය ලබා දෙන්න සූදානමින් හිටියේ, ඒත් ජැක් වහල් සේවකයින් ප්‍රවාහනය කරන්න බැහැ කියලා කෙලින්ම කියනවා. ඉතිං ජැක් කපිතාන් කෙනෙක් වෙන්න තරම් වටින පුද්ගලයෙක් කියල දැකපු බෙකට් වික්ඩ් වෙන්ච්හි කපිතාන් ධුරය ජැක්ට ලබාදෙනවා. ඉතිං ජැක් නැවට හුඟක් ආදරයෙන් බැඳෙනවා. ඉතිං ජැක් නැව සලකන්නේ නිදහසේ සංඛේතයක් විදිහට. කාලයත් එක්ක බෙකට් විසින් ජැක්ට කෙර්මා නම් දූපතක් පිහිටලා තියෙන තැන කියන්න කියනවා. මේ කෙර්මා දූපත වස්තුව පිරුණු තැනක් කියලා තමා සඳහන් වෙන්නේ. ඉතිං මේ විරුද්ධ වීමක් එක්ක ජැක්ට බෙකට් විසින් වහලුන් පිරිසක් ප්‍රවාහනය කරන්න අණ කරනවා. ඒකට එකඟ වුනු ජැක් කරන්නේ වහලුන් ටික විස්කවුන්ට් පෙන්වැලෝ වෙත අරන් යනවා වෙනුවට ඔවුන්ව නිදහස් කරලා කෙර්මා දූපතට ගිහින් දාන එක. මේකට හොඳටම තරහා ගිය බෙකට් නැව් සහ මිනිසුන් යවලා වෙන්ච් එක හොයාගෙන ජැක්ව අත් අඩංගුඅවට ගන්නවා. ඊට පස්සේ ජැක්ව මුහුදු කොල්ලකරුවෙක් විදිහට නම් කරනවා.😶

ඒකෙන් සෑහීමකට පත් නොවුනු බෙකට්ට ඕන වෙන්නේ ජැක්ට මතක හිටින පාඩමක් උඟන්වන්න. ඉතිං ජැක්ගේ ඇස් ඉස්සරහම වෙන්ච් එක ගිනි තියනවා. ආරක්ෂකයින්ගෙන් පැනගෙන ගින්න නිවන්න උත්සාහා කරාට ඒකෙන් ඵලක් වෙන්නෙ නෑ. ඉතිං නැව බේරගන්න හදද්දී එක පාරම ජැක්ව හීනයක් වගේ තැනකට යනවා. එතකොට තමා ජැක් දැනගන්නේ ඒ හීනයක් නෙවේ වෙන්ච් එකත් එක්කම ජැක් මිය යමින් ඉන්නෙ කියලා. ඒ මොහොතේ තමා ඩේවි ජෝන්ස් එක්ක එකඟතාවයකට ජැක් එන්නේ. වසර දහතුනක කැප්ටන් පදවියක් එක්කම නැව බේරගන්න එකට හිලවු වෙන්න වසර දහ තුනකට පස්සේ ඩේවි ජෝන්ට යටතේ වසර සීයක් වැඩ කරන එකඟතාවයක් මෙතනදි ඇති වෙනවා. මේ බේරාගැනීමෙන් පස්සෙ අලුත් ආරම්භයක් ගන්න ජැක් වික්ඩ් වෙන්ච්හි බඳේ ඉඳන් රුවල් දක්වා කළු පාටට පත් කරලා “බ්ලැක් පර්ල්” බවට නැව පත් කරනවා.✌

බ්ලැක් පර්ල් එක කොහොමද බෝතලයක් ඇතුලේ හිර වුණේ?

ඔයාලට මතක ඇති හතරවෙනි චිත්‍රපටයෙදි එන සිදු වීම්. තුන්වෙනි චිත්‍රපටය අවසානයේදි බාර්බෝසා ආපහු නැව පැහැරගන්නවා. එතනින් පස්සෙ කොල්ලකෑම් කරගෙන යද්දි එක රාත්‍රියක බ්ලැක් පර්ල් බ්ලැක්බියර්ඩ් නම් කොල්ලකරුවාගේ ප්‍රහාරයට ලක් වෙනවා. සටන පැරදීගෙන එනවා දැකපු බාර්බෝසා නැව ගිල්ලවන්න අණ කරනවා. ඒත් බ්ලැක්බියර්ඩ් තමන්ගේ මායා බලයන් පාවිච්චි කරලා නැවේ ලනු වගේ දේවල් යොදාගෙන නැවේම සේවකයින්ට පහර දෙන්න පටන් ගන්නවා. බාර්බෝසා කියන විදිහට ඒ මොහෝතේ බ්ලැක් පර්ල් එක වැඩ කරේ පන ඇවිත් වගේලු. ඒක වෙන්නේ බ්ලැක්බියර්ඩ්ගේ බලපෑමෙන්. බාර්බෝසා කකුලකුත් නැති කරගෙන පන බේරගන්නවා. බාර්බෝසා හිතන්නේ නැව මුහුදු බත් වෙන්න ඇති කියලයි. ඒත් ඇත්තටම වෙලා තියෙන්නේ මායා බලයන් යොදාගෙන බ්ලැක්බියඩ් නැව බෝතලයක හිර කරපු එකයි. ඊට පස්සේ බ්ලැක්බියර්ඩ් තමන් කොල්ල කාපු අනිත් බෝතල්වල දාපු නැවු එක්කම කැබිනට් එකක බ්ලැක් පර්ල් එකත් තියාගෙන ඉදලා තියෙනවා. පස්සේ මාලිමාවේ උදවුවෙන් ගිබ්ස් නැව බේරගන්නකන්ම තිබිලා තියෙන්නෙ මේ කැබිනට් එක ඇතුලෙයි.නැවේ කතාව එහෙනම් මෙතනින් ඉවරයි. අපි දැන් එහෙනම් බලමු නැව මොන වගේද, නැවට කරන්න පුලුවන් දේවල් මොනවද කියලා.

Design

Black Pearl නෞකාව යාත්‍රා කරන අතරතුර

නැවේ නිර්මාණය ගැන කතා කළොත් වික්ඩ් වෙන්ච් නැත්තම් බ්ලැක් පරල් කියන්නේ ගැලියන් සහ පෙරදිග ඉන්දීය නැවු නිර්මාණවල එකතුවක්. සරලව කිවුවොත් hybrid එකක්. වික්ස් වෙන්ච් වෙලා තියෙන කාලෙදි නැවට තිබිලා තියෙන්නේ රත්තරං පාට සහ සුදු රුවල්. ඉතිං නැවත බේරාගැනීමෙන් පස්සේ කොල්ලකෑම් කටයුතුවලට නැව කළු පාටින්ම හැඩ ගස්වලා තියෙනවා. අනික මේ කළු වර්ණගැන්වීමේ වාසිය තමා රාත්‍රියේ කරන කොල්ලකෑම්වලදී සේවකයින්ට හැංඟිලා ඉන්නත්, වැඩි අවදානයක් නැතුව පහර දෙන්නත් උදවු වෙන එක.

නැවේ දිග අඩි 125 යි.

බ්ලැක් පර්ල් නෞකාවේ වැදගත්ම කාරණාව තමා බ්ලැක් පර්ල් කියන්නේ POTC විශ්වයේ තියෙන වේගවත්ම නෞකාව වීම. මේක ජැක්ගේ කටින් වගේම පෙරදිග ඉන්දීය වෙළඳ සමාගමේ චරිතත් කියනවා අපිට නිතරම ඇහුණා. කැරිබියන් මුහුදේ තියෙන වේගවත්ම නැව බ්ලැක් පර්ල් එක කියලා එහි සේවකයන්ගේ ඉඳන්ම බ්ලැක් පර්ල් කියන්නේ පුරාවෘතයක් කියලා හිතන මිනිස්සුත් විශ්වාස කරන දෙයක්. මෙච්චර වේගවත් වෙන්න ප්‍රධානම හේතුව තමා නැවේ තියෙන විශාල ප්‍රමාණයක කැන්වස් භාවිතා කරලා තිබීම. ඒ වගේම නැවේ ශාපලත් කාලයේදි බාර්බෝසා විසින් විශාල ප්‍රමාණයේ හබල් පවා යොදාගෙන සුළඟින් ලැබෙන වේගයත් ඉක්මවලා යනවා. ගිබ්ස් කියන විදිහට ඩේවි ජෝන්ස් වගේ මුහුද හොල්ලන් ඉන්න මායා කපිතාන්වරු පවා බ්ලැක් පර්ල් එකට බයයිලු. බ්ලැක් පර්ල් එක විතරයි ඩේවි ජෝන්ස්ගේ Flying Dutchman නැව පරාදකරන්න තරම් වේගයෙන් වැඩි.

බ්ලැක් පර්ල් නැවේ ශක්තිමත් බවත් අමතක කරලා බෑ. ෆිල්ම් පුරාවටම අපි දැකපු හැම සටනකින්ම වගේ නැව බේරුණා. ක්‍රැකන් වගේ ඉතා විශාල ප්‍රමාණයේ මුහුදු ජීවින්ට විතරයි පර්ල් එකට හානියක් කරන්න පුලුවන් වුනේ. ඒ වගේම ශරුණු කුණාටු වලටත්, විශාල රල පහරවල්වලටත්, වෙඩි ප්‍රහාරවලටත් නැව ඔරොත්තු දෙනවා.

නැවේ කූබ ගස් නිර්මාණය කුඹ තුනකින් යුක්ත වෙනවා. ඒ තුන තමා fore, mizzen සහ main.

නැවේ ප්‍රධාන සහ පහළ තට්ටු හැම එකකම වගේ කාල තුවක්කු සවි කරල තිබෙනවා. උඩ තට්ටුවේ 14 ක් සහ පහළ තට්ටුවේ 18 බැගින් සම්පූර්ණ කාල තුවක්කු ගාණ 32 යි. නැවෙහි ඉදිරිපස සහ පසු පස තුවක්කු නොතිබීම එක් අවාසියක්ද වෙනවා. නමුත් මේ තුවක්කු නැවකට දැඩි හානි ඇති කරන්න තරම් ශක්තියෙන් ප්‍රමාණවත්.කපිතාන්ගේ කාමරය තියෙන්නෙ පසු පසින්. මේ කාරමරය සේවක කාමරවලට වඩා සුව පහසු බවින් වැඩියි. සේවකයින්ගේ කාමර තියෙන්නෙ නැවේ මැද හරියේ.

නැවේ යටම හරියෙ තමා ගබඩා කාමර තිබෙන්නේ. මේවගේ තමා ආහාර, රම්, උණ්ඩ, වෙඩි බෙහෙත්, සාමාන්‍යය තුවක්කු එහෙම ගබඩා කරලා තියෙන්නේ.

නැවේ හදිස්සියට ගන්න අවශ්‍යය අමතර බෝට්ටුත් අන්තර්ගත වෙනවා.

බ්ලැක් පර්ල් ගැන වෙනත් කරුණු කිහිපයක්:

• චිත්‍රපට මාලාව රූගත කරන්න එක එක බ්ලැක් පර්ල් නෞකා කිහිපයක්ම යොදාගෙන තියෙනවා.

• බ්ලැක් පර්ල් නැව විතරයි චිත්‍රපට පහේම දකින්න ලැබෙන එකම නැව.

• Wicked Wench නම අරගෙන තියෙන්නේ Disneyland එකේ ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගන්න නිර්මාණය කරපු නැවකින්.

එහෙනම් මේක තමා අපි හැමෝම දන්න බ්ලැක් පර්ල් නැවේ කතාව. ඉතිං ඊළඟට එන්න තියෙන POTC ෆිල්ම්වලත් බ්ලැක් පර්ල් එක දැකගැන්න ලැබෙයි කියලා හිතනවා. ඉතිං ඔයාලගෙ ආසම Pirates of the Caribbean නැව මොකද්ද? පහලින් comment කරගෙන යන්න. එහෙනම් අලුත්ම ලිපියකින් ආපහු මුනගැහෙමු.

තව මේ වගේ ලස්සන ලිපි කියවනන් අපේ Hype Zone page එකටත් සෙට් වෙන්න

ඒ වගේම geek දේවල් ගැන කතා කරන්න දන්න දේවල් share කරගන්න අපේ HYPE Community සෙට් වෙන්න

කියවන්න විතරක් නෙමෙයි video බලන්නත් පුලුවන් , ඒකට අපේ Hype Zone Youtube channel එකට සෙට් වෙන්න https://youtube.com/c/HypeZone

අහ් ඒ වගේම අපෙ අලුත්ම වැඩේ තමයි hypezone exclusive discord chanel එක ,එක්ට සෙට් වෙන්න buy me a coffee member කෙනෙක් වෙන්න.

ඔයාලට අනිත් අයට හම්බෙන්නේ නැති exclusive දේවල් ගොඩක් මෙකන් හම්බෙනවා.

එහෙනම් මේ link එකෙන් buy me a coffee එකට සෙට් වෙන්න https://www.buymeacoffee.com/hypelk

Admin – සචින්ත බෙනට් 😎

Leave a Reply