ඔවුන් රාත්‍රිය පුරාම මෙසේ ගමන්කලේය. ඔවුන්ගේ හිසට ඉහලින් ඇති ඝන වන අවරණය පසාරු කරමින් කහපැහැ සූර්යයා ලෝකය යන්තමට වනය තුලට ඇදීඑන්නට විය.
තවත් ඉදිරියට ගමන්කරන විට ඔවුන්ට ගලින් තැනුණු බිත්තියක් ඉදිරිපිට පඩිපෙළක් වැනි ඉදිකිරීමක් දැකගන්නට හැකිවිය. එය ස්වාභාවිකව ගොඩනැගුණු ආකෘතියක් ලෙස පෙනෙන්නට තිබුනද ඉහලට නැගිය හැකිආකාරයට පිහිටාතිබූ නිසා හොබිට්වරුන් දෙදෙනා එය තරනය කිරීමට පටන්ගත්තේය. එහි ඉහලට නැගුණු පසු ඔවුන්ට තමන් වනාන්තරයේ කොපමන දුරක් පැමින ඇද්ද යන්න පිලිබඳ දල අවබෝධයක් ලබාගත හැකිවිය. ඉහලින් හමා ගිය සුළගේ සිසිලස විදිමින් සිටි හොබිට්වරුන් වරුන් දෙදෙනාට හදිසියේම අනපේක්ෂිත සිදුවීමකට මුහුණදෙන්නට සිදුවිය.
හොබිට්වරුන් දෙදෙනා තමාට හැකිතරම් වේගයෙන් අදුරු වූත් අප්‍රිය වූත් වනාන්තරයේ බටහිර කදු බෑවුම් හරහා තවතවත් ඇතුළට පියනගන්නට විය. ඕක්ස්වරු ගැන ඔවුන්ගේ බිය කෙමෙන් පහවගිය අතර ඔවුන්ගේ ගමනද මන්දගාමීවිය. අවට වාතයේ තුනී බවක් හා අල්ප බවක් ඔවුන්ට දැනෙන්නට විය. මගදී හමුවූ දිය පහරින් පිපාසය සංසිදවාගත් හොබිට්වරුන් දෙදෙනා අදුරු වනාන්තරයේ තව තවත් ඇතුලට ගමන්කරන්නට විය.
ඔවුන්ට පිටුපසින් ගොරෝසු කටහඬක් පැනනැඟුණු අතර පිටුපසින් පැමිණි කටහඬ කුමක්දැයි දැනගැනීමට හැරීබැලූ හොබිට්වරුන් දෙදෙනා දුටුවේ අවම අඩි දාහතරක්වත් උස, ඉතා ශක්තිමත් මිනිසෙක්ද ට්‍රොල් යෝදයෙක්ද යන්න හරියටම කිවනොහැකි සත්වයෙකි.
විශාල පාද වල ඇගිලි හත බැගින් තිබූඅතර මුහුණ අළු රැවුලකින් වැසී තිබුණි. ඊට ඉහලින් තිබූ ඇස්වලින් හෙළාතිබූ බැල්මෙන් ඔවුන්ගේ සිරුරු විනිවිඳ යන හැගීමක් ජනිතවිය. හොබිට්වරුන් දෙදෙනාගෙන් පිපින් ප්‍රථමයෙන් කටහඩ අවදි කලේය.
” ඔබ කවුද ? “.
ගැඹුරු කටහඬ නැවතවරක් පැනනැඟුණි.
” මම එන්ට් (Ent) කෙනෙක්… සමහරුන්ට අනුව මගේ නම ෆැන්ගොර්න් (Fangorn) එහෙමන් නැත්නම් ගස්ගොපල්ලෙක් (Treebeard) කියන නමත් භාවිතාකරනව. නමුදු මාගේ සත්‍ය නාමය මම ඔබලාට ප්‍රකාශ නොකරමි. මොකද…මගේ නමත් කාලයත් සමග වර්ධනය වෙනවා. හරියට කතාන්දරයක් වගේ.
[ …So my name is like a story. Real names tell you the story of the things they belong to in my language, in the old Entish as you might say…]
ඉන්පසු තරුණ හොබිට්වරුන් දෙදෙනා සහ ෆැන්ගොර්න් අතර වර්තමානයේ සිදුවන සිදුවීම්,සරුමාන් සහ ඕක්ස්වරුන්,ගැන්ඩල්ෆ් ගැන සංවාදයක් ඇතිවුණි.
සංවාදයෙන් පසු ෆැන්ගොර්න් විසින් මෙරී සහ පිපින්ව ඔහුගේ නිවසට රැගෙන යාමටත් ඔවුන්ට සංග්‍රහ කිරීමටත් ඉදිරිපත්වුණි. ගමන අතර තුර ගස්ගොපල්ලන්ගේ ඉතිහාසය පිලිබඳ වැදගත් කරුණු කිහිපයක් හොබිට්වරුන් දෙදෙනාට දැනගත හැකිවිය. වනාන්තරයේ ඇති ඉපැරණි විශාල වෘක්ෂයන් දිගු නින්දකට හිමිකම් කියන ගස්ගොපල්ලන් බවත්, බෝහෝ කලකට ඉහත ගස්ගොපල්ලන්ගේ බිරින්දෑවරුන් ඔවුන්ගෙන් වෙන්වූ බවත් මේනිසා වනාන්තරයේ තරුණ ගස්ගොපල්ලන් නොමැති බවත් ඔවුන්ට දැනගන්නට ලැබුණි.
ෆැන්ගොර්න්ගේ නිවසේ මද විවේකයක්ගත් හොබිට්වරුන් දෙදෙනා නැවත ගස්ගොපල්ලා සමග සංවාදය ආරම්භ කලේය. ෆැන්ගොර්න් පැවසූවෙ ඔහු යුද්ධ ගැන එතරම් සැලකිලිමත් නොවන බවයි. ඔහු යුද්ධයේදී කිසිම පාර්ශ්වයක් නොගන්නා බවද ප්‍රකාශ කලේය. ඔහුගේ තර්කය වූයේ කිසිවෙකු සම්පූර්ණයෙන්ම ඔහුගේ පැත්ත නොගන්නා නිසා ඔහුද කාගේවත් පැත්තක් නොගන්නා බවයි. කෙසේ වෙතත් ගස්ගොපල්ලන් අන් අයට වඩා එල්ෆ්වරුන් හට කරුණාවන්ත වන බව පැවසීය. (එයට ප්‍රධානම හේතුව ගස්ගොපල්ලන්ට කතාකිරීමට ඉගැන්වුයේ එල්ෆ්වරුන් නිසාය).
මේරී සහ පිපින් සරුමාන් සහ ඕක්ස්වරුන් පිලිබඳ කල විස්තරයට පසු ෆැන්ගොර්න් විසින් අන්ධකාරය සහ නපුර එක්ව ලෝකයට සිදුකිරීමට යන ව්‍යසනය පිලිබඳ නැවතසිතා බැලීමට තීරනය කලේය.
” මේදිනවල නිතරම අයිසෙන්ගාර්ඩ වලින් ඉහලට දුමාරයක් නැගෙනවා….
ඒ ගස් බොහෝමයක් මගේ මිතුරන් වී සිටියා….
මා කුඩාකල සිටම අදුරන….
මම මෙතෙක් නිහඩව සිටියා….
නමුත් එය දැන් නැවැත්වීය යුතුයි.”
ගස්ගොපල්ලා හුන් තැනින් නැගීසිටියේය. ඔහුගේ දෑස් තුලින් කොළපැහැයට හුරු ගිණිපුළිගු මතුවෙන්නාක් සේ පෙණුණි.
“මම එය නවත්වන්නම් !”
ඔබලාත් මා සමග ආ යුතුයි, ඔබලාටත් මට උදවු කිරීමට හැකිවෙනු ඇත. එය ඔබේ යහළුවන්ට උදවුවක් වෙනු ඇත. මේ මොහොතේ අපේ ගමන එකට බැදී තිබෙනවා… අයිසෙන්ගාර්ඩ් දක්වා.
“අපි ඔබ සමග පැමිණෙන්නම්… අපි ඔබට උදවු කරන්නම්”
මෙරී සහ පිපින් ෆැන්ගොර්න්ගේ අදහසට එකගවිය.
සවස්යාමයේ ෆැන්ගොර්න් තම නිවසේ වැතිර ඉදිරිය පිලිබද සැලසුම් කරනු හොබිට්වරුන් දෙදෙනාට දැකගත හැකිවිය. ඔහු අත්ලේ ඇගිලි ගනන් කරමින් ඉතිරිව ඇති ගස්ගොපල්ලන්ගේ නම් මතකයට නගා ගැනීමේ උත්සාහයක නිරතවෙමින් ඇති බව පෙනෙන්නටවිය. කිහිපවරක් ඔහු සුසුම්ලෑවේය. අන්ධකාරයට පෙර වනාන්තරයේ සැරිසැරූ ගස්ගොපල්ලන්ගෙන් ඉතිරිව ඇත්තේ බොහොම සුලු පිරිසක් බව ඔහුට අවබෝධවී තිබුණි.
රාත්‍රිය උදා වූ අතර හොබිට්වරුන් දෙදෙනාද නින්දටවැටුණි. පසුදින ඔවුන් ඉතිරිව ඇති ගස්ගොපල්ලන්ගේ රැස්වීමක් සදහා සහභාගිවිය. ඒ සදහා ඉතිරි ගස්ගොපල්ලන්ගෙන් සාදාරණ සංඛ්‍යාවක් සහභාගිවී සිටියහ.
සියලු සාකච්ඡා අවසානයේ ගස්ගොපල්ලන් අයිසෙන්ගාර්ඩ බලා තම සටන මෙහෙයවීමට එකගවී තිබුණි.
මෙරී සහ ඔවුන්ට හිතවත් ෆැන්ගොර්න් අතර සටන පිලිබඳ කතාබහක් ඇතිවිය.
“ඔබ ඇත්තටම හිතනවාද අයිසෙන්ගාර්ඩ් වල දොරටු බිදදැමීය හැකිවෙතැයි කියා…? “
මෙරී ඇසීය.
“අපි කොච්චර ශක්තිමත්ද… සමහර විට ඔබ ට්‍රොල්ස් යෝදයන් ගැන අසා ඇති.. අපි ඔවුන්ටත් වඩා ශක්තිමත්… අපිව කපා නොදැමුවහොත් හෝ ගින්නෙන් විනාශ නොකලහොත් අපිට අයිසෙන්ගාර්ඩ් කැබලි වලට වෙන්කර එය බිද දැමීම මහදෙයක් නෙවෙයි.”
ගස්ගොපල්ලා පිළිතුරු දුණි.
“නමුත් සරුමාන් ඔබලාව නවත්වන්න උත්සාහ කරාවී.”
මෙරී නැවත ප්‍රශ්න කලේය.
” ඔවු මට එය අමතක නෑ….
නමුත් ඔබට පේනවා බෝහෝ ගස්ගොපල්ලන් තරුණයි මට වඩා….
ඔවුන්ගේ මනසේ එකම එක දෙයයි දැන් තියෙන්නෙ….
ඒ අයිසෙන්ගාර්ඩ් බිදදැමීම….
ඇත්තටම මේ ගමන ප්‍රමාණවත්…..
අපිව විනාශයට යන තරම් ම ප්‍රමාණවත්…..
සමහරවිට මෙය ගස්ගොපල්ලන් එකට පියනගන අවසාන පාගමන වේවි……
නමුත් අප කිසිවක් නොකර ගෙදර සිටියත් අපේ විනාශය අපව සොයා පැමිණේවි…..
ඉක්මනින් හෝ පසුව…
කෙසේ වෙතත් අපට මියයාමට පෙර අනෙක් මිනිසුන්ට උදවුකිරීමට ලැබුණා….
එය වටීවි ගීතයක් ලියවීමට තරම්….
ගස්ගොපල්ලන්ගේ අවසන් පා ගමන ගැන….”
ඔහු සුසුම්ලමින් පැවසීය.
ගස්ගොපල්ලන් ඉදිරියට ඇවිද ගියේය. බටහිරින් පිහිටි කදු මුදුන් තරනය කරමින් ඔවුන් යුද්ධයට පියමැන්නේය. රාත්‍රිය උදාවිය. එය නිහඩ රාත්‍රියක් විය. ඔවුන් කදු මුදුනේ සිට පහළට දෑස් යොමුකලේය. අදුරු පතල… කදු බෑවුමේ කෙලවර සරුමාන්ගේ නිම්නය පිහිටාතිබුණි.
“අයිසෙන්ගාර්ඩ් වලට ඉහලින් රාත්‍රිය උදාවෙලා”
ගස්ගොපල්ලා පැවසීය.
Admin – Thumula yasodhana