You are currently viewing Assassin’s Creed Origins

Assassin’s Creed Origins

Assasins’ Creed කියන්නේ world එකේ scale එක වගේ ම narrative එක ගැන හැමවෙලේම පැහැදිලි, සුපිරි දැක්මක් තිබ්බ Ubisoftලගේ flagship game franchise එකක්. අපේ කාලයටත් ගැලපෙන විදියට වගේම ඓතිහාසික සිදුවීම් වඩාත් නිවැරදිව ප්ලේයර්ගේ Playground එකට ගේන එක ලේසි පහසු කාර්‍යයක් නෙමේ. හැබැයි මේ කර්තව්‍යය Assasins’ Creed ටීම් එක දශකයකට අධික කාලයක් තිස්සේ අපිව ඩිසපොයින්ට් කරන්නේ නැතුව සුපිරියටම කරගෙන ආවා. ගේම් එකේ විශුවල්ස් විතරක් නෙවේ ස්ටෝරිලයින් එක මැනේජ් කරගන්න කරන්න ඕන රීසර්ච් ගැන හිතුවමම ඔලුව අවුල් වෙනෝ. 😱🙏

ඒවගේම Micheal Fassbenderගේ ලීඩ් ඇක්ට් එකත් එක්ක 2016 දි රිලීස් උන Assasins’ Creed ෆිල්ම් එක AC Film Franchise එකක ආරම්භය සනිටුහන් කරා. 😍

ඉතිං කෝමහරි franchise එකේ 10වන සංවත්සරය සමරමින් මේකේ ඊලග ඉන්ස්ටෝල්මන්ට් එක එහෙමත් නැත්තම් Assasins’ Creed Origins ලබන මාසේ 27 වෙනිදාට (Oct 27th) රිලීස් වෙන්න නියමිතයි. ගේම් එකේ සිදුවීම් සිද්ධවෙන්නේ පුරාණ ඊජිප්තුවේ. ප්ලේයර්ට ප්ලේ කරන්න තියෙන්නේ Bayek නැමැත් Medjay වරයෙකුගේ චරිතය. මේ ගේම් එකේදි Assains ලා සහ Templars ලගේ මුල් roots සහ ඔවුන් අතර ගැටුම මූලිකවම ආරම්භ වන හැටි බලාගන්න පුලුවන් කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඒ වගේම විශේයෙන් සදහන් කරන්න ඕන කලිං ගේම්ස් වල වගේ Origins එකෙදි ගොඩක් උස් කුලුණු බලාගන්න බැරි වේවි ඒ නිසා eagle vision එක වගේම leap of faith නුත් නැතිවෙන්න පුලුවන් ඒ වෙනුවට eagle vision එක ඇත්තම eagle කෙනෙක්ගෙන් replace වේවි (GOT වල warg වෙනෝ වගේ). ඒ වගේම ඒකාලේ හිටපු Predatorsලව හීලෑ කරගන්නත් origins වලදි අපිට පුලුවන් වෙයි. (සමහරවිට ඉතිං පිරමීඩ නගින්නත් පුලුවන් වෙයි) 😀🔥

ඒ වගේම Origins එකට Ubisoft ලා announce කරා තවත් Game mode එකක්. 2018 දි Free update එකක් විදියට රිලීස් කරන්න නියමිත මේ Mode එකේ නම Discovery Mode. Combat සහ Objectives වලින් තොර මේ mode එක තියෙන්නේ තනිකරම පුරාණ ඊජීප්තුව Discover කරන්න. Alexandria, Memphis, Nile delta, Giza Plateau, Faiyum oasis,The Great Sand Seas වගේ ලොකේශන්ස් ගොඩක් explore කරන්න මේ Discovery mode එකෙන් පුලුවන්. Player ට ඊජීප්තුව ගැන හොද අවබෝධයක් ලබාදීම තමයි මේකේ අරමුණ. ඒවගේම Mummification process එක, ගිසා වල පිරමීඩ, cleopatrage ජීවිතය වගේ ගොඩක් දේවල් Origins එකේදී බලාගන්න පුලුවන් වෙයි ඒ වගේම සිනෙමැටික් ට්‍රේලර් එකට අනුව රෝමන් අධිරාජ්‍යය සහ ඊජිප්තුව අතර තිබුනු සම්බන්ධතාත් යම්තාක් දුරකට ගේම් එක ඇතුලෙදි ප්ලේ වේවි. ඒවගේම මේවා ඊජීප්තු ඉතිහාසය පිලිබද මහාචාර්‍යවරුන් ගෙත් ගත් තොරතුර්. ඉතින් මේවා ඓතිහාසික වශයෙන් සෑහෙන්න නිවැරදි දේවල් වෙයි. 😍❤️

දැං තියෙන අලුත්ම ටෙක්නොලොජිත් එක්ක වගේම එක දිගටම ග්‍රැෆික් ඩිපාර්ට්මන්ට් එකෙන් පෙන්නපු සුපිරි බවත් එක්ක Origins වල ග්‍රැෆික්ස් ගැනනම් කතා කරන්න දෙයක් නැතිවෙයි. Company එක හැම අවුරුද්දෙම ගේම් එක රිලීස් කරන Cycle එක නවත්තලා origins වලට අවුරුදු දෙකක්ම කැපකලා. ඉතිං කලිං ගේමස් වලදි ඇති උන glitches,bugs වගේ දේවල් නැති කරගෙන release උනොත් මුලු franchise එකෙන්ම සුපිරිම ගේම් origins වෙයි. 😍🙏

Fansla සෑහෙන්න ඉහල බලාපොරුත්තු තියාගෙන ඉන්නේ මේක ගැන. පට්ටෙටම Hype වෙලා! Origins එකට ඒ බලාපොරුත්තු වලට සාධාරණයක් ඉටු කරන්න පුලුවන් වෙයි කියලා අපි හිතමු.ඉතිං Origins ගැන ඔයාලා මොකද හිතන්නේ? එ වගේම AC film franchise එක කොයි අතට යාවිද? Origins එකේ discovery mode එක ගැන ඔයාලගේ අදහස මොක්ද්ද? මේ සේරම අපි කතා කරමු පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ශන් එකේ 😀

ගේම් එකේ ට්‍රේලර්ස් නොබලපු අයට,

Assasins Creed Origins – Cinematic Trailer
👇👇👇
https://youtu.be/kGq7ZCth7QY

Assasins Creed Origins – Gameplay Trailer
👇👇👇
https://youtu.be/YX0fd4q0baQ

Leave a Reply